..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, June 11, 2010

෴ තනි මඟ ෴

 

සත්කුළු පවුරට එතෙරින් 
සුවඳ ගලා ආ රහසින්
ළං වෙනු බැහැ නුඹ සමඟින්
ආදර ලොව මා දවමින්


වසන්ත කාලය මොහොතයි
දරන්න බැරි දුක උරැමයි
සිතන්නෙ නුඹ ගැන පමණයි
හඬන්න කඳුලැලි සිඳිලයි


හිත මගෙ දැන් හරි වෙහෙසයි
නුඹ ගැන හරි අවිවේකයි
හමුවෙන සිහිනය බොඳවෙයි
සමුගමු කාලය නිම වෙයි

තනි මඟ තනි කම ගාවා
හිත මගෙ යළි නවතීවා
නුඹ ඉටු දෙවි වී සැමදා
 මා සිත ළඟ නවතීවා
 
තනි මඟ යන 
මම
෴වත්෴

6 comments:

  1. අක්කෙ මොකද අපිත් එක්කලා කතා බහක් නැත්තෙ.. ඇයි එ.. මොකද මෙ ටිකෙ.. කො යහලුවො ටික..

    කවිය ගැන නම් මම මුකුත් කියන්නෙ නැහැ.. මාත් එක්ක කතා කරනකම්..

    ReplyDelete
  2. ලස්සනයි ගොඩාක්

    ReplyDelete
  3. වසන්තය ගෙවෙනා
    හේමන්තයේ ‍රැදෙනා
    තනිව හිත දැවෙනා
    කරුණ දැන දැන නුඹත් හඬනා

    සත්කුළුත් පෙරලා
    සුසුම් කඳු ගොඩ වීලා
    කඳුළැලි සිදීලා
    දැස් වෙහෙසයි බලා හිදිලා

    ReplyDelete
  4. ලස්සනයි අක්කෙ හැමදාම වගේ ගොඩක්ම ලස්සන කවි පන්තියක්

    ReplyDelete
  5. ලස්සන කවි ගොඩක් තියෙනවා කියවන්න... බලමු.. බලමු...

    ReplyDelete
  6. මගේ යහළුවෝ සියලු දෙනාටම ස්තූතියි ...

    @ මින්දද
    @ Hasitha ජයසූරිය
    @ විහඟ ගීතය
    @ Lahiru Udayanga
    @ රවා

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...