..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, June 10, 2010

෴ අතැඹුලක් ෴


ලෝකය අතැඹුලක් ලෙසේ
නුඹ මා මුණ ගැහුණෙ එසේ
යහළු මිතුරු සැම සතොසේ
එහි ජීවත් වෙන්නෙ මෙසේ

දුක සැප නිති බෙදා ගනී
හැකි විටකදි පිහිට වෙතී
වයර් දිගේ ඇවිත් නිතී
ලෝකය මගෙ නුඹය සකී

යහළු මිතුරු වෙසින් රිසි
තිරිසන් ඇත්තෝද වෙති
උගුල් වලට හවුල් නොවී
ගමන සොඳුරු වේවි නිතී

 පිදුම : මගේ සියළුම සයිබර් මිතුරු මිතුරියනට සහ මා ආදර ඔහුට 

විශ්ව ගම්මානයේ තවත් එක් මානවිකාවක් වන 
මම
෴වත්෴

6 ප්‍රතිචාර:

Hasitha ජයසූරිය said...

මටත් අක්කෙ ගොඩක්ම යාලුවො ඉන්නෙ මේ සයිබර් අවකාශෙ...උස මහත කැත ලස්සන මේ මොනවත් නැතුව හැමෝම තමන්ගෙ ජීවිතය අනිත් අයත් එක්ක බෙදාගන්නවා..... e ජීවිතේට මම නම් හරිම ආදරෙයි

චමිදේවා said...

හසිත මල්ලි කිව්වා හරියටම හරි...
ඒවගේම වත් අක්කා කියනවා වගේ
"යහළු මිතුරු වෙසින් රිසි
තිරිසන් ඇත්තෝද වෙති"
එහෙම අයත් ඇති....
හැබැයි මටනම් මුණගැහිලා නෑ තවම..

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

භාග වේලාවට හුගක් සංවේදි හොද අය මේ ඇසුරේදි මුණගැහෙනවා එහෙම ගත්තම හරිම නිදහස් අවකාශයක්

පබලු said...

හසිත ඔයා කිව්වේ ඔයාගේ E ජීවිතේ ගැනද මගේ E ජීවිතේ ගැනද කියල හිතෙනවා.

ස්තුතියි වත්

ඉලංදාරියා said...

හිරු හැන්ගුනත් අහසේ ...
තරු හැන්ගුනත් අහසේ
හිත බැදුන මිතුරු කමින් යදමේ
නිවෙයි වෙනසක් මහ මේරුවසේ.....

ස්තුතියි වත් අක්කී.....

හසියා said...

මටත් වැඩිපුරම යාළුවෝ ඉන්නේ මේ සයිබර් අවකාශයේ තමා.....
අර හසිත කීව දේටනම් මමත් එකගයි.....සැබෑ ලෝකයේදී ගොඩක් වෙලාවට මිනිසුන්ව මනින්නේ පිටින්....නමුත් සයිබර් අවකාශය තුල කතා බහ කීරීමෙන් හදුනාගන්නා විට ඔවුන්ගේ පිට ඔපෙන් මැනීමට නොහැකි බැවින් (අවංකව කතා බහ කලේනම්) බොහොවිට ඔවුන්ගේ සිතුවිලී පිළිබදව යම් අවබෝධයක් ගන්න හැකියි කියල තමයි මමත් විශ්වාස කරන්නේ.....නමුත් චමිදේව අයියා කීව වගේ ඇත්ත කියන අයත් අඩුයි.....
කොකටත් අතේ දුරින් අශ්‍රය ඇගට ගුණයි...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...