..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, June 9, 2010

෴ හැර ගිය නුඹ ෴

ඇ සුරතෙ දැවටිලා
මුව මදහස නංවාලා
සිටිය මාව විසිකරල
ඇයි ගියෙ ඇය පිටු පාලා

සුවඳ නැතේ අඩු වීලා
නැවුම් බවත් තව රැදිලා
නටුවෙන් මා මුදවාලා
මහමඟ උරුමය දීලා

පෙම එහෙමයි මිනිස් ලොවේ
තනිකම දෙයි මටත් මලේ
නුඹ සුවඳයි මගේ හදේ
එන්න යන්න ගෙදර මගේ

දමා ගිය රෝස මල
මම
෴වත්෴ 

8 ප්‍රතිචාර:

හසිත ජයසූරිය said...

අක්කෙ මට තේරෙන විදියටනම් මේකෙ ලියල තියෙන්නෙ පෙම්වතාව අත හැර ගිය පෙම්වතියක් ගැන නේද?

Pasan said...

දුක හිතුනම නුඹ ගාවම
කවි ලිය ලිය ලග හිටියට
පිය මං කර නුඹ ගියාම
කදුල විතරමයි දෙනෙතට

පුංචි මලේ නුඹ කියන්න
ආලය දුක බෙදා ගන්න
නුඹෙ හිතවත් තියාගන්න
අවසර නැතිවද පතන්න

රෝස මලක මල් පෙත්තක
ඇය උනාම සුමුදු සුවය
යන්නට විය මා අතහැර
යමුද මලේ අපේ ගෙදර

Bunny ! said...

කවද්ද අනේ ඔයා මෙ ඇඩිල්ල නවත්තන්නෙ ? ම්ම්ම් හැබැයි ඔයාගෙ ඇඩිල්ලා නැවතිච්ච දාට මම දන්නවා මේ බ්ලොග් එකත් කැලැ වදිනවා :- )

චමිල said...

ආදරය ඉව කරමින්
ගිලිහීගිය රෝස මල සොයාගෙන ඇවිදින්

(මේක පින්තුරේ දැකල ලිව්ව එකක් නේද? )

leks' world said...

පින්තූරය දැකලා කියන්නට හිතුනු කතාවක් වගේ කියලා මට හිතුනා.කවිය නම් ලස්සනයි.මත හිතුනා මල මෙහෙම කිය කිය ඉන්නවා ඇති කියලා.

සුරතෙ දැවටී සිටියත්
දසන් මද හස පෑවත්
ඉන් කෙළෙස දැන ගම්
කළ බව මට සුපෙම්

අඩු නොකර සුවඳත්
පෑවෙම් නැවුම් මිහිරත්
දැන ගතිමි යළි මම්
පරව යයි මේ කළ පෙම්

විහඟ ගීතය said...

හුදකලා වූ සිහිනයේ
ශේෂ වී ගිය ප්‍රේමයේ
අතින් ගිලිහී සිතින් බොඳ වුන
රතු රෝස මල් කැකුළියේ..

හිතේ නිරතුරු සැතපුනා
වතේ මදහස මතුවුනා
නෙතේ කඳුලට ඉඩදෙමින් අද
කොනක තනිවම වැළපෙනා

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ප්‍රේමය නම් කියන්නේ විරහව නැතිව අර්ථ ගන්වන් බැරි සංකල්පයක්

ඉලංදාරියා said...

ප්‍රෙමය නම් කිමැයි කියා....
මම ද තවම හදුනා ගෙන නොමැත...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...