..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 8, 2010

෴ බරු දරණුව෴

මගේ දුක විදවන
කඳුළු ලුණු රස හඳුනන
සෝ සුසුම් නිති උසුලන
රැය පුරාටම තුරුලු වී ගෙන

මගේ සිහිනය දැක දැක
මගේ රහසුත් රැකගෙන
 මගේ තනිකම උසුලන
නුඹේ උණුසුම මටම වෙන් කළ

දවසෙ වැඩ කිඩ නිමවා
 සිරුර ජලයෙන් දෝවා
 නුඹ ළඟට මම ආවා
 ඉතින් සැතපෙමු කඳුළ ගාවා

 
 මගේ තනියට හැමදාම මෙය මගේ ළඟ
 බරු දරණුව* සමඟ
මම
෴වත්෴
 බරු දරණුව* - Pillow හෙවත් කොට්ටය .... (හිහ් ...)

13 ප්‍රතිචාර:

sampathjt said...

සොඳුරු සිතුවිල්ලක්...ලස්සනයි...
ආ...කොට්ටයට බරු දරණුව කියලා කියන බව මං මීට කලින් දැනන් හිටියෙනම් නෑ..ස්තූතියි..!!!
ජයවේවා!!!

චමිදේවා said...

කවුද අප්පා කොට්ටෙට අර නම තියපු එකා....

freedom said...

රහස මම දනිමි. ensitip නේද? හැබැයි ඔතන බරු දරණුව pillow එකට හරි ගියාට අපි ඉහ තියන කොට්ටෙට හරි යන්නෑ මං දන්න විදියට. අපිත් කොට්ටයක් වගේ හැම කඳුළක්ම උරාගෙන පිටට නොපෙනෙන්න ඉන්නව නේද එක වෙලාවකට? ඒත් ඉතිං කොට්ටෙ අව්වට නොදැම්මොත් පුස් කනවා, ගඳ ගහනව එක විකාරයයි නොවැ. අපිත් ඉඳ හිටල හරි ඉර එළිය දකිමු නේ?

දිල් said...

බරු දරණුව.......හික්ස්...මරු නම

Ravin Caldera said...

ලස්සන අදහස! තනියට මටත් ඉන්නේ මගේ කොට්ට දෙක. ඇත්තට ම හරිම ලස්සන අදහස!

wath said...

@ sampathjt
මම දන්නෙත් නැහැ . "මධුර" වලින් තමයි සොයා ගත්තෙ. ඒත් මටත් විශ්වාස නැහැ මේ නම හරිද කියල....

wath said...

@ චමිදේවා
අනේ මන්ද චමියෝ... මධුර එකේ තමයි තිබ්බේ. Pillow කිවට ඒ අපි නිදියන පිලෝ නෙමෙයි ද දන්නෙ නැහැ...

wath said...

@ freedom
හ්ම් හ්ම් මටත් එහෙම හිතුන. ඒත් කොට්ටය කියල හෙඩින් එක දැම්මනම් කවියෙ කිසිම ගතියක් නැති වෙනව... මට ඕන කළේ කවියෙ අන්තිමට ඒ මොකක්ද කියල හැගෙන්නයි...
වචනෙ වැරදි නම් ලොකු වැරුද්දක් වෙනව නේද?

wath said...

@ දිල්
නම හරිද දන්නෙ නැහැ....

@ Ravin Caldera
අපි දෙන්නම එක වගේ තනිකඩ නිසා .. පිලෝ කියන්නෙ අපේ හැමදේම දුක සුසුම හඳුනන කෙනා තමයි අයියේ...

Bunny ! said...

බරු දරණුව = බර දරණය වෙන්න බැරිද ?

Bunny ! said...

වත් අක්කටනම් හොදටම පිස්සු ඈ :-D

ඉලංදාරියා said...

සිහින පෙනුනම මහා‍රැ....
තනිකමෙන් හිත වෙලුනා..
දුක හිතට වැඩිවු දා...
කදුලු බරු දරුව මත ‍රැදුනා...

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

වචනය හරි කවියත් අපූරුයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...