..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, June 7, 2010

෴ අතරමඟ෴


වහින වැස්සට තෙමෙන්න
දෑත් විදහා නටන්න 
දැවෙන මා සිත නිවන්න
ඉතින් මා මඟ බලාන


තෙමී නුඹ ලෙඩ නොවන්න
එනතුරා නුඹ දකින්න
නඟේ පොඩ්ඩක් සිටින්න
මාත් එක්කල තෙමෙන්න


නෙතු අයා මඟ බලාන
ඉතින් බෝ කල් ගියා ද
 නාවොතින් මා බලන්න
 නෙතු පියන් මඟෙ වසන්න


අතීතෙන් මා මුදාන
සොඳුරු බිමකට ගෙනාව
 පාලමෙන් ගොඩ බලන්න
නුඹයි මා සිත පුරාම


එගොඩ වන්නත් සිතයි මං
 මෙගොඩ වන්නත් සිතයි මං
දෙගොඩ සිත රැදි නිසා මං
ගඟේ පතුලත සිඹින්නම්


තවමත් පාලම උඩ මඟ බලාන සිටින  
මම
෴වත්෴

10 comments:

  1. කවියනම් මැක්සා අක්කි :)

    ඒක නෙමේ ඔයා තාමත් මග බලන් ද ඉන්නෙ????.........ඇයි එයා තාම ආවෙ නැද්ද අනේ :(

    ReplyDelete
  2. ඇස් දල්වා
    කට දල්වා
    අක් පයින්
    නැඟී සිටිමින්
    බලා සිටින්නේ ද ?

    ReplyDelete
  3. අක්කේ ඔය කවිය මම කිව්වා නම් කියන්න මෙහෙම වෙන්න ඇති කියලා හිතුනා.

    වහින වැස්සට තෙමෙන්නෙමි
    දෑස් විදහා නටන්නෙමි
    දැවෙන මා සිත නිවාලන්නට
    එන තුරා මග බලන්නෙමි

    පාලමේ සිට පොදේ තෙමි තෙමි
    මග බැලුවෙ ඔබ එන තුරා
    මග බැලූ සතුටෙන්ම ඇත
    අද මගේ සිත පිරවිලා

    බලන්නට කිසි කෙනෙකු නැති විට
    මග බලන්නට පමණවත්
    සතුට දුන්නේ ඔබය හැමදින
    සිටිමි හැමදින මඟ බලා
    කුමට ගං පතුළත සිඹිමි මම
    සිටිමි හැමදින මඟ බලා

    ReplyDelete
  4. එගොඩ සිටන් එනතුරු පියඹා ගමට..
    මෙගොඩ ගොඩෙ සිටිනා මාතර කෙල්ල..
    දෙගිඩියාව තවමත් රජයන සිතට..
    දීපං තල්ලුවක් යන්නට එගොඩහට..

    ReplyDelete
  5. කුරුලු කුඩුවක් තනන්න..
    නන්ගී ගියා පිටගමකට....

    ඇය එනතුරු මග බලන්න
    ලගදීඑවි නුබ බලන්න

    දෙන්න එක්ක මහ පින්නේ
    අයේත් වැස්සට තෙමෙන්න..

    ගගේ ඉන්න සාරි ගප්පි...
    පිනන හැටි බලන්න....

    ඇය එනකොට නුබ බලන්න....
    ඔබ ලොකු අම්මා කෙනෙක් ඔන්න....

    ReplyDelete
  6. නුඹත් එක්කල තෙමෙන්න
    මමත් මෙහෙ මඟ බලාන
    මාස් වැස්සට කලින්න
    පාලමෙන් ගොඩ බසින්න

    අතීතයේ මෙන් හඬන්න
    වර්තමානයේ තැවෙන්න
    පලක් නැහ, ළත නොවන්න
    අනාගතයට එබෙන්න

    නෙතේ කදුළැලි පිසින්න
    හිතේ සෝ දුක් නිවන්න
    පාලමෙන් ගොඩ බසින්න
    හිතේ පතුලම සිඹින්න

    ReplyDelete
  7. @ හසිත ජයසූරිය
    එයා තැම ආවෙත් නැහැ. ආවෙ නැත්තෙත් නැහැ. ඒකනෙ මේ ප්‍රශ්ණෙ.

    @ Hasitha
    හිහ් ... කීව විදිහට කොකෙක් තමයි මැවෙන්නේ...
    ඇස් දල්වා
    කට දල්වා
    අක් පයින්
    නැඟී සිටිමින්
    බලා සිටින්නේ ද ?

    මම කෙකියක් නොවෙමි ...

    ReplyDelete
  8. @ leks' world
    ඈත්ත මල්ලියෝ....
    අනික ගඟේ කිඹුලත් ඉන්නව. කිඹුල කනව ඉවසතැහැකිලු ..කොහිල කටු ඈනෙන එකලු ඉවසන්න බැරි.. හිහ්..

    ReplyDelete
  9. @ මාරයාගේ හෝරාව
    මම හිතුව "දීපන් තල්ලුවක් " කීවම ගඟට කියල .. හිහ්

    @ ඉලංදාරියා
    අපොයි .. නංගි දැන් අපේ නෙමෙයි..

    @ විහඟ ගීතය
    කවියට කවිය .. හැබෑම ලස්සනයි..

    ReplyDelete
  10. අප්පෝ නැහැ මම අක්කට කොකා කිය්ලා ව්‍යංගයෙන් කිව්වේ නැහැ.

    අපේ සා.පෙ සාහිත්‍ය පොතේ තිබ්බ නාලාගිරි දමනය පාඩමේ මිනිස්සු බුදුහාමුදුරුවෝ වඩින කම් බලන් හිටියා කියන්නේ ඔය විදිහට :)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...