..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, June 6, 2010

෴ සුන්දර මලීනා ෴


මොණර පිලේ දිස්නය රැඳි කෙස් කළඹයි
උකුළ නුඹේ ඇස් දෙක මගෙ මත් කරවයි
ගැහෙන පපුව මගෙ හදවත ගොළු කරවයි
මා කළඹන නුඹ සැමඟේ අ රැජිනයි

රූපය නුඹේ සැමදා මම රස විඳිමි
එනමුදු එයට එපිටින් ඇති ලොව දකිමි
 දිගු නෙතු වල දිලිසෙන කඳුලැල් දකිමි
පපුවට යටින් දුක පිරි හදවත දකිමි

ප්‍රියයා නුඹේ මිය ගිය කළ වුනි හදිය
මම දන්නවා ලෝකය ඇත නෙත් නැතිව
නුඹේ හැඩ සිරුර පමණයි රස දුන ලොවට
නුඹෙ යහ ගුණය දුක හඳුනන්නේ නැහැ සබඳ


නොහැකි වුවත් ළං වී සිත හදන්නට
සිටිනව සෑම විටකම නුඹ ළඟ රැදි මම
ප්‍රියයා නුඹේ මුණ ගැසෙනා තුරු නුඹට
මියෙනා තුරුම මතකෙයෙ ඉනු මා අසල

 "Buona fortuna, Signora Malena" 

රොනාටෝ වෙනුවෙන් සටහන තැබූ  
මම
෴වත්෴
"Of all the girls who asked me to remember them, the only one I remembered is the one who did not ask."
ස්තූතිය : බයිස්කෝප් එක නැරඹීමට අවස්ථාව සලසා දුන් ඔහුට....

13 ප්‍රතිචාර:

චමිදේවා said...

හ්ම්ම්ම්...
ෆිල්ම් එක බලලා වගේ...

සුළඟ said...

"ප්‍රියයා නුඹේ මිය ගිය කළ වුනි හදිය" ඒක නම් මටත් සමීපයි වත්. ලස්සනයි කවිය.
මැණික්(සුළඟ)

පබලු said...

ලස්සනයි!!! :D :D :D

Pasan said...

මොනර පිලක දිස්නයයි
සුලලිත නුඹ සුන්දරයි
ගමබ බිමන මනහරයි
සිත රැවටුනෙ නුඹටමයි

රූපය සිත මත් කලා
ආලය සිතෙ ඈති උනා
අපි දෙන්නම එක් උනා
නුඹ රහසෙම හැර ගියා

පුන් සද පරදයි ලස්සන
කෙහෙලැලි සුලගට පැද්දෙන
මන්මත් කරවන දෙනුවන
රැවටුනි නුඹහට ලස්සන

හසිත ජයසූරිය said...

මාත් මේ දවස් වල පලවෙනි කවියෙ තියෙනව වගේ එක්කෙනෙක්ව හොයනවා....බලන්නකො අක්කෙ තාම හම්බුන්නෑ :( (මන් කොච්චර පව්ද?)

කවි ටික හරිම ලස්සනයි අක්කි....ඇත්තටම ශොයි ගොඩක්ම

අනුරාධ said...

අපෝ.... ඕක බලන්න හෙන ලැජ්ජ හිතෙන ෆිල්ම් එකක්නේ. මන්නම් ඇස් දෙක වහගෙනමයි ෆිල්ම් එක බැලුවේ.

චමිල said...

නියමයි අක්කේ නියමයි......!!! ඔයා ෆිල්ම් එක නියමෙටම රසවිඳලා තියනව කියල මේ කවියෙන් දැනෙනව......මමත් හරිම ආසවෙන් බලපු හරිම සුන්දර, හදවතටම දැනෙන ෆිල්ම් එකක් මේක. කවි පන්තියම ලස්සනයි ඒත් මේකෙ දෙවනි කවියට මම ගොඩක්ම ආසයි...

"දිගු නෙතු වල දිලිසෙන කඳුලැල් දකිමි
පපුවට යටින් දුක පිරි හදවත දකිමි"

කොඩී said...

"Of all the girls who asked me to remember them, the only one I remembered is the one who did not ask."

මේක නම් හොඳට මතකයි :)

මාතරේ said...

මරු ෆිල්ම් එක! මාත් මේ ලඟදි බැලුව!!!

Nuthana Manawaya said...

මේ පේලියේ මාත් හිටියා......මට මතකයි ඉදිරියෙන්ම......

Nuthana Manawaya said...

මේ පේලියේ මාත් හිටියා......මට මතකයි ඉදිරියෙන්ම......

Shanthi Chandrasekera said...

film eka baladdi minisun hithana vidiha lassanata rupa ramuwata aran thibunada kiya hithuna hindi sinamawe geethyath ewani sankalpanawakda?

Anonymous said...

"Of all the girls who asked me to remember them, the only one I remembered is the one who did not ask Malena "

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...