..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, June 5, 2010

෴ ප්‍රේමයේ නිරුවත෴

෴මෙය කියවන ඔබට පිස්සු නොසැ දේවා  ෴

-එදා-

මුවා කළ සළුතිර
මුදා හල මොහොතක
ආදරේ උණුහුම කියා දුන් යුගයක
 
 නුඹ කීව
"ඔයා නැතිව මට පිස්සු හැ​දෙයි"

+++++++++++++++++++++++++++++

-අද-

මගෙන් මිදුනේ නුඹ
ඔහු දෑතේ සිරවුන
ආදරේ උණුසුම දැනේදෝ වැඩිපුර

*මම අහනව

"නුඹට පිස්සු ද ? "
------------------------------------------------------------------------ 

දැනුම් දීමයි ----- මෙහි *මම යනු පුරුෂයෙකි ෴෴
-------------------------------------------------------------------------

තවම පිස්සු නොසෑදුන  
මම
෴වත්෴
 මෙහි මම යනු මමය ... (෴වත්෴)
කවියේ සිටින ඇය මම (වත්) නොවේ
ඇය වෙනත් ඇයකි

24 ප්‍රතිචාර:

ජීවිතේමල් said...

අයියෝ ... මේක කියවල මට හොල්මන් වගේ.. වත් අක්කේ පොඩි පැහැදිලි කිරීමක් ලියනවද .... ?? ප.ලි. එකක් ලියනු මැන....


nice idea,,,,

Yasela Sumanasinghe said...

කරකවලා අත හැරියා වගෙයි..

හා පැටික්කි (MS) said...

මං හිතන්නේ මට තේරුනා.....
හැබැයි පුංචි අපැහැදිළි තැන් කීපයකුත් තියනව.....

poorna weerarathna said...

සොයුරිය කවියේ සිටින "මම" ත් කවියේ නැති "මම"ත් හැර වෙන "මම" ලා සිටිත්ද?

පබලු said...

මම හිතන්නේ ආදරේ කරන දවස් (එදා) වල මෙහි එන ආදර වන්තිය තමයි කියන්නේ ඔය නැතුව මට පිස්සු හැදෙයි කියලා..
එතකොට මේ අද අර ආදරවන්තයා අහනවා ඔයා වෙන කාට හරි ආදරේද කියලා.(පරම පිවිතුරු ආදරවන්තියගෙන් අහන්න ඕන ප්‍රස්නයක්ද ආ) ඉතින් අර ආදරවන්ති කියනවා නුබට පිස්සුද කියලා ..

ආ එහෙමත් නෙවෙයි වගේ අවසාන ටිකේ තියෙන්නේ " මම අහනව කියල" අනේ මටත් දැන් පිස්සු වගේ.. :-0 :-o

වත් ගේ කවි කියවා පිස්සු හදාගත් මම
පබලු..

leks' world said...

@ පූර්ණ :
ඇයි වත්....(මම වත් අක්කට වත් කියල නැවැත්තුවේ අර ප්‍රශ්නයේ පිළිවෙළ තියාගන්න හොඳේ! )
@ වත් අක්කා
:මොකෝ මේ එක පාරටම "මම" ව මාරුකරන්න හිතුනේ?
කවිය නම් තේරුනා. ඒඋනාට කට්ටිය ගොඩක් දුරට අනාගෙන නාගෙන වගේ පේන්නේ.(මාත් එහෙමද දන්නේ නැහැ.)

දුහුලැලි සළු පට
මුදා හැරිය විට
දැනුනේ හිතකට
ප්‍රේමය නම්

කියමි ඔහුට මම
රැවටුනි සොයුර ඔබ
සොයුරිය ඔබද
නොව ඒ ප්‍රේමය
රාගයම මිස

වැප් said...

පැහැදිලි කීරිම

ඕන් ඒ දවස් වල කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිටියා ...
මේ දෙන්නා අදරයෙන් හිටියා ... හරිද?

ඒ කාලෙදි පෙම්වතා කියනවා .... කෙල්ල නැති උ‍නොත් පිස්සු හැදෙයි කියලා
[ පෙම්වතියගේ රැසපුව නොදැක්කොත් :D ]

ඊය පසසේ මොකක් හරි එකකට දෙන්න විරසක වෙනවා ... තේරුණාද?

කොල්ලා කොහොම හරි වෙන කෙල්ලෙක්ගේ උණුසුම ලබනවා

ඒ පාර කෙල්ල අහනවා උබට ‍පිස්සුද කොල්ලෝ කියලා?

Anonymous said...

මට වැටහුන හැටියට නම් මේ කවියෙ පලවෙනි කොටසත් දෙවෙනි කොටසත් දෙකම කියන්නෙ පිරිමියෙක්.......

අර්ථය මට වැටහුන විදිහට......

ඔහුට ප්‍රේමය වූ මුත් ඇයට රාගය වූ හැඟීමෙන් මුසපත්ව ඇය කියනවා "ඔයා නැතිව මට පිස්සු හැ​දෙයි"


පසුව ඇය වෙනත් පුරුශයෙක්ගේ පහස ලබන හැටි දුටු ඔහු අහනවා "නුඹට පිස්සු ද ? "

මම හරිද වැරදිද වත් ?

හසිත ජයසූරිය said...

අනේ මන්ද මේ අක්ක දාන පින්තූර හින්ද අපි අසරණ වෙනවා...අනේ මං පව් අප්පා

leks' world said...

ආහ්! අක්කේ ඔතන "මම" මම නෙවෙයි නම් මම කවියෙ කිව්ව "ඔබ"ත් ඔබ නොවන බව කරුණාවෙන් සළකන්න.

wath said...
This comment has been removed by the author.
wath said...

@ All
Any කියපු දේ තමයි මම අදහස් කරේ. නමුත් මම ලියන දේවල් ගොඩක් දෙනා කියවන්නේ මගේ ජීවිත අත්දැකීම් කියල හිතලයි... ඒ නිසයි මම කීවේ මේක කියන්නේ පුරුෂයෙක් කියල හිතන්න කියල. ඊට පස්සෙ ඔයාල හිතාවි එහෙනම් මේකෙ ඉන්න කෙල්ල තමයි වත් කියල. එහෙම හිතෙන එක නතර කරන්න තමයි මම ලීවේ ඒ මම නෙමෙයි කියල....

තැන්තූ Any

මට වැටහුන හැටියට නම් මේ කවියෙ පලවෙනි කොටසත් දෙවෙනි කොටසත් දෙකම කියන්නෙ පිරිමියෙක්.......

අර්ථය මට වැටහුන විදිහට......

ඔහුට ප්‍රේමය වූ මුත් ඇයට රාගය වූ හැඟීමෙන් මුසපත්ව ඇය කියනවා "ඔයා නැතිව මට පිස්සු හැ​දෙයි"


පසුව ඇය වෙනත් පුරුශයෙක්ගේ පහස ලබන හැටි දුටු ඔහු අහනවා "නුඹට පිස්සු ද ? "

මම හරිද වැරදිද වත් ?
ඔයා හරි .....

Ansh Lucky Sri Jay said...

අප්පා...., මාර අදහසක්නේ මේක.

sampath said...

එයා කියයි දවසක මට දැන් පිස්සු කියල මට මෙහෙම වුනේ ඇයි කියලා අහයි

Hasitha said...

මටත් තේරුණෝ. එක පාරටම තේරෙන්නේ නැතිවෙන්න තමා කවි ලියන්න ඕනේ. එතකොටනේ කල්පනා කරලා බලන්නේ :)

දුකා said...

මටත් පිස්සු හැදුනා කියෙව්වට පස්සේ හොඳ වෙලාවට ඇනෝ පොටක් පාද ගත්තා . . වත් ඒක පැහැදිලි කලා . . නැතිනම් ඉතිං ඔක්කෝටම බඩුම තමයි (කිව්වේ ඔක්කෝටම පිස්සු හැදෙයි . . )

හසියා said...

පළවෙනි පාර කියෙව්වාම නම් අවුට් ඔෆ් මයින්ඩ් තමා.....
දෙවෙනි පාර නම් ටිකක් තේරුණා....
තුන්වෙනි පාර නම් හොදටම තේරුණා....

අපි ඉතිං ටියුබ් ලයිට් නේ.....
ලසස්න නිර්මාණයක් අක්කී....ආදරය කියා රාගයට මුළාවුනු අපේ කොල්ලන්ට කෙල්ලන්ට දෙගොල්ලන්ටම වැදගත් ලිපියක්.....දිගටම ලියන්න.....

ඉලංදාරියා said...

හුග දවස්කට පස්සේ මේ පැත්තේ අවේ.....

අනේ අපිව්ගේ අහින්සක කොල්ලන්ට වෙනදේවල්....අපරදේ...

මම "ඒ පුරුශයා නොවෙමි" වෙනත් අයෙකි...නමුත්...මටත් ...උනේ ඔකමතමයි,,,,,

පිසු හැදීගෙන එන මම ඉලන්දාරියා

Anonymous said...

නිර්මාණයක් දිහා නිර්මාණකරුවගෙ පුද්ගලිකත්වය බද්ධ කරන් බලන එක මේ බ්ලොග් අවකාශෙ සැරිසරන හුඟ දෙනෙක්ට පුරුද්දකට ගිහින්...... ඕනෙම නිර්මාණයක් දිහා බලන්නෙ නිර්මාණයක් රසවිඳින්න හිතන් නෙවෙයි..... නිර්මාණකාරයගෙ ජීවිතේ මොකක් හරි ඕපදූපයක් හොයන අදහසින්.... සමාවෙන්න වචන සැර වැඩී වගේනම්....... ඒත් මම කියන්නෙ මම හුඟක් බ්ලොග් බලද්දි දැක්ක දේ.....

වත්ගෙ නිර්මාණය දිහා වත් කියල තියෙන විදිහට එයාව බැහැර කරල මුල ඉඳන් කියෙවුවනම් මේ නිර්මාණය අමුතු එකපාරට තේරුම් ගන්න බැරි නිර්මාණයක් නෙවෙයි..... කෙටියෙන් ලොකු කතාවක් කියපු හොඳ නිර්මාණයක්...


නිර්මාණයට මුල් තැන දෙන්න... ඕපදූප මානසිකත්වයෙන් බැහැර වෙන්න.....


මේකට වගකියන්න ඕනෙ තමන්ගේ පුද්ගලිකත්වය ලෝකයක් ඉස්සරහ නිරුවත් කරල අනුකම්පාව හොයන බ්ලොග්කරුවන්...... ඉතින් නිර්මාණයක් කරන කෙනෙක් දිහා වුනත් හුඟ දෙනෙක් බලන්නෙ ඒක ඒ කෙනාගෙ පුද්ගලික අත්දැකීමක් හැටියට හිතලා...ඉතින් වරදිනවා.....


කොයි බ්ලොග් එකේද 'මේ ඔයාගෙ අත්දැකීමක්ද? / මේක ඔයාගෙ පුද්ගලික අත්දැකීමක් නෙවෙයිද? ' වගේ එක කමෙන්ට් එකක්වත් නැත්තෙ........ ?

wath said...

@ Anonymous
ඔයා කවුරු වුනත් කීව කතාව නම් සහතික ඇත්ත.

ඒත් වරද මගේමයි. මොකද මාත් ගොඩක් වෙලාවට මම ගැනත් මා වටේ සිටින්නන් ගැනත් තමයි ලියන්නේ...

ඉතින් ඉන් බැහැර වෙලා ලීවත් කියවන අය හිතන්නේ මේ මගේම කතාව කියල...

එයාට යන දොස් වලින් බාගයකටත් වඩා මටත් අයිති. ම්න් පස්සෙ නම් මම මගේ දේවල් දුක් අදෝනාවල් ලියන්නේ නැහැ

මම පාඩමක් ඉගෙන ගත්තෙමි.

ඔබට ස්තූතියි....

මාරයාගේ හෝරාව said...

ආ ඉගෙන ගත්තද... ලොකු දෙයක්..

Anonymous said...
This comment has been removed by a blog administrator.
චමිල said...

ඔන්න කාලෙකට පස්සෙ ආවෙ..... මේක නන් ප්‍රෙහෙලිකාවක් අක්කේ. ‍යාන්තන් අන්තිමටම තේරුනා. පිස්සු නොහැදී බේරුනේ අනූනවයෙන් ;)

iresha said...

Can you tell me what is the system sit like that? That is very artistic.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...