..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, June 4, 2010

෴ දෙස් දෙන සිත෴



තිස්සෙම කඳුළින් බර වුන දෙනුවන් 
මගෙයි මගෙයි නුඹ පවසනවා
උණුසුමු හැඟුමෙන් පොපියන දෙකොපුල්
මගේම උණුසුම අයදිනවා
හීන් සැරේ සැලෙනා තොල් පෙති නුඹෙ
මගේම හාදුව අයදිනවා
අයදින කිසිවක් දෙන්නේ කොහොමද
මගේම සිත මට දෙස් දෙනවා

දෙස් දෙන සිතේ හිමිකාරි
මම
෴වත්෴

10 comments:

  1. නෙතු කඳුලැලි පුරවාවි
    ඒ අක්කගේ වෙන්න එපා
    ගත උණුසුම අයදීවී
    නිති ඒ පස දුවනු එපා

    හද උණුසුම අයදීවී
    එය නොතකා ඉන්න එපා
    වැලි කතරක තැවෙන සිතට
    තව තැවුලක් දෙවනු එපා

    ReplyDelete
  2. කුදුලැල් පිසින්නට මම මැණිකේ දුව එනවා
    අතමිට සරු කරන් නුඹ ලග මම සැනසෙනවා
    නාඩා ඉන්න නුඹ ආදරේ මගෙ සිත පාරනවා
    සිහිනෙන් ඇවිත් නුඹ තුරුලේ සැතපෙනවා

    යන්නට ඔනි මුත් කෙලසද අතහැර යන්නේ
    නුඹගේ සුවද සැමදා මට සිහි වෙන්නේ
    නෙතු අග ඉදන් කදුලැලි මට වද දෙන්නේ
    මං හරි ආදරෙයි නුඹ එය නැතුවද දන්නේ

    (මේ කවියට අනිත් පාර්ෂවය විසින් දුන් පිළිතුරක් ලෙස කරුනාවෙන් සලකන්න....:D :D )අපෝ මේ බොලොග් කෙරුවාවෙ හරිම කේන්තිකාරයො ඉන්නෙ ඒනිසා තමයි සද්ද වහල ඉන්නෙ
    මේ පොස්ට් එක දැක්කම කටපියන් ඉන්න බැරි උනානෙ මම මක්කොරන්නද

    ලස්සන නිර්මානයත්.. හරිම අගෙයි....

    ReplyDelete
  3. ලස්සන නිර්මානයක්.

    ReplyDelete
  4. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  5. සඳ තරු ඉල්ලා හැඬු පොඩි කාලේ
    වගේම නොවේදැයි සිහිවෙනවා.
    නොලැබෙන බව දන්නා මුත් කිරි පැණි
    රන්තැටියකටම ඉල්ලනවා
    ගන්නත් බැරි බව දෙන්නත් බැරි බව
    නළවන අයටම වැටහෙනවා
    දෙන්නෙත් නැති මුත්, ගන්නේත් නැති මුත්
    අනේ මමත් ඔහේ නැළවෙනවා

    ReplyDelete
  6. @ leks' world
    ගුටියක් ඕනද හැබෑටම....

    @ Ansh Lucky Sri Jay
    Thanks

    @ Pasan
    පසන්... ඔයා ලස්සනට කවි ලියනව නේ... නිකම් ඉන්න එකේ සොරි සොරි ඉඩ තියෙන වෙලාවක ලියන්න කවි....

    @මැණික්(සුළඟ
    තැන්කූ

    @විහඟ ගීතය
    ලත වෙන්න එපා.. හිමි නම් ලගටත් අහිමි නම් දුරටත් යාවි
    ජීවිතේ ඒහෙම තමයි...

    ReplyDelete
  7. ලස්සනයි!!

    හිමි අහිමි...
    අහිමි හිමි...

    ReplyDelete
  8. හරිම ලස්සනයි

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...