..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, June 1, 2010

෴ නුඹෙ වත මඩල මා වෙනුවෙන් එලි වේවා෴


 
හමන සුළ‍‍ගෙ උණුසුම ගත දවනවද
හිරුගෙ එළිය සිත නුඹගේ තවනවද
වැලි බිම නුඹගේ දෙපතුල් රතු කරනවද
මා සිහිවී කඳුලැල් නෙතු සලනවද
 
දුරකින් ඉන්නේ මා සැපතින් තබන්නද
නොනිදා ඉන්න නෙත් වල මා පෙනෙන්නෙද
රාජකාරි තුල සිරවී සිටින්නෙද
නැතිනම් මගෙන් වරදක් හෙම වුනාවද

නුඹේ සිතත් හුන්නස්ගිරි කන්ඳ වගේ
මගේ සිතත් මඩ සිටවු ඉන්න වගේ
ජාති ජාති පින් කෙරුවත් කුමන පලේ
නිමක් නොමැති දුක හිත තුල සිරව ඇතේ

සුළගට මුසුව එන සුවඳින් සැනසේවා
හිරු එළියේ රස්නය සිහිලැල් වේවා
දෙපතුල් නුඹේ මගෙ සෙනෙහෙන් සේදේවා
නුඹෙ
වත මඩල මා වෙනුවෙන් එලි වේවා

දොම්නස් මනසින් සිටින 
මම
෴වත්෴

14 comments:

  1. ලස්සනයි ... එත් ඉතින් කියලා තියෙන්නේ දුකක් ගැන ....

    ReplyDelete
  2. ජිවිතෙ හැමදාමත් දුක් විඳපු මනුස්සයෙක් එයා දන්න දුක ගැන කතා කරනවා.. එයා මිට කලින් අපිට කියලා තියනවා මට ලියවෙන්නෙ දුක ගැන විතරයි කියලා.. ඉතින් වැපා අපි මෙ අක්කාගෙ දුක අහන්න ඔනා.. මොකද මගෙ අක්කා කවදාවත් මට එයාගෙ දුකක් කියන්නෙ නැහැ.. මම එක වෙන අක්කා කෙනෙක්ගෙන් අහගෙන මගෙ අක්කට උදව්කරන්න ඔනා හින්දා... සමහර විට මෙ දුක කියන්නෙ මගෙ අක්කා වෙන්නත් බැරි නැහැ...

    ReplyDelete
  3. හ්ම්, මොකෝ මේ එක පාරටම දුක් සංකල්පනාවන් පහළ වෙලා?

    ReplyDelete
  4. ආදරය කරද්දි සිතට දැනෙන දේවල් ඔයා ලස්සනට..එක දිගට පොස්ට් කරනවා..එවා කියවන කොට මම අතිතයට යනවා..

    ReplyDelete
  5. "කුරුළු ජෝඩුවක් තරහ වෙලා" පෝස්ට් එකයි මේ පොස්ට් එකයි අතරෙ පොඩි පොඩි සමානකම් පේනව මට නම්. කොහොම උනත් පෝස්ට් දෙකම ලස්සනයි අක්කෙ.

    ReplyDelete
  6. @ වැප්
    ම්ම් .. දුක තමයි...

    @ රවා
    රවා... ඉගෙන ගන්න ගියත් අක්කව මතකයි නේද.

    @ Ansh Lucky Sri Jay
    දුක සැප නිති පෙරලේ කියල තියෙනව නෙ නංගා..

    @ Yasela Sumanasinghe
    අතීතය ලස්සනයි .. නේද යසේල.. ඒ මතකයන් හැමදාම සුන්දරයි...

    @ isimbuwa
    තැන්කූ මල්ලියා... ඇත්තටම ඒ පෝස්ට් දෙක සමානයි කියල මටත් හිතුන තමයි..

    ReplyDelete
  7. දුකෙන් සිටීමත් එක්තරා සතුටක් තමයි. කවි ටික දැක්කම මට මතක් උනේ යශෝදරාව.

    ReplyDelete
  8. @ උන්නැහේ (පිලේ පැදුර)
    සත්තකින්ම දුක වෙලාවකට සතුටක් තමයි෴

    ReplyDelete
  9. අනේ අක්කෙ මට කියන්න දෙයක් නෑ අනේ

    කවියනම් ඕන් වෙනද වගේම ලස්සනයි :)

    ReplyDelete
  10. අවසාන කොටස නම් යසෝදරාවතේ කවියක් වගේ
    ම් ම් ම්
    මොනවා කියනන්ද කියලා හිතා ගනන් බෑ වත් . . .

    ReplyDelete
  11. මට අක්ක මෙහෙම හිත හිතා ඉන්නව ඇති කියලා හිතුනා.

    ගව්වෙන් ගවුව දිව මාළිග තැනෙනු නැති
    අව්වේ තිබෙන රැස් මාලා අඩුව නැති
    සසල නිසල මා සිත ගව් දුරක ඇති
    දිවිඇති තුරා නොසැලී ඔබ ළඟම ඇති

    පැතු පමණින් ගිනි රස්නය අඩුවේද
    දෙපා පැකිලෙනා දිවි ගිම් නැතිවේද
    එගිනි නිවන එක ඔසුවක් නොතිබේද
    පෙම පමණයි එය ඔබ ළඟ ඇති නේද

    කොහොම උනත් එච්චරම ලස්සනම නැහැ කියලා හිතුනා.

    තව එකක් මුල් පද දෙක ගැන යශෝධරාවත ලියපු කවියා බුද්ධිමය දේපළ පනත යටතේ මට නඩු පවරන එකක් නැහැ කියල හිතුනා.හිහ්! මට ඒක මතක් උනේ දුකා අයියගේ කමෙන්ට් දැකලා.මොකද වත් අක්කාගේ කවියේ ඒකට පොඩි සමානත්වයක් තියෙනවා කියලා මටත් හිතුනු නිසා තමයි මාත් එහෙම පටන් ගත්තේ!

    ReplyDelete
  12. හපෝයි මට මගේම කමෙන්ට් එක කියෙව්වට පස්සෙයි මතක් උනේ. මම ලස්සන නැහැ කිව්වේ මගේ කවිය හොඳේ! අක්ක ගේ කවි කවදත් ලස්සනයි!

    ReplyDelete
  13. @ හසිත ජයසූරිය
    කියන්න දෙයක් නැහැ කිය කිය මොනා හරි ලියල යනවනෙ ඔයා හසී මල්ලියෝ... ස්තූතියි...

    @ දුකා
    ඈයත් ගැහැණියක් .. මමත් ගැහැණියක් ඒ නිසා වෙන්න ඈති කවි ඒ වගේ වුනේ.......

    @ leks' world
    මල්ලි.. කිරකරවිලා ඈඹරිලා යන්න ඔයා ඔයාගේ බ්ලොග් එකේ ලිපි ලියනව... මට ඒවට කොමෙන්ට් කරන්න විදිහක් හිතා ගන්න බැහැ... මොකද මට තේරෙන්නෙ නැහැ ගලපගන්න.
    ඒත් ඔයා මගේ බ්ලොග් එකේ ලස්සනට කිවි ලියනව . හැබෑට මේ දෙන්නෙක් ද?

    ReplyDelete
  14. @ වත් අක්ක:
    Anonymous said;
    අනේ මන්දා. එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...