..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 1, 2010

෴ කුරුළු ජෝඩුවක් තරහ වෙලා෴


කුරුල්ලා : මොකද චූටි මැණිකේ මූණ හැටි..........



කිරිල්ලි: ඇයි මගේ මූණට මක් වෙලාද...... මම දන්නව දැන් ඉතින් ඔයාට මගේ මුණ ඉස්සර වගේ හැඩ නැහැ කියල....


කුරුල්ලා : මොනාද චුටි මැණික... මම කීවෙ එහෙම දෙයක් නෙමෙයි... හිනාවක් නැතිව මුණ පොඩ්ඩ මැලවිලා නිසයි 


කිරිල්ලි: හිනා වෙන්නෙ කොහොමද... ඉඳල ඉදල ගෙදර ඇවිත් දවස් දෙකයි හිටියෙ හෙට ආයෙත් යනව... මම කොහොමද තනියම මේ කුඩුවට වෙලා ඉන්නේ...


කුරුල්ලා : ඉතින් චූටි මැණිකේ.... මම එහෙ ගිහින් සතුටින් ඉන්නවද... අපි දෙන්නගේ හොඳට නෙ මේ ඔක්කම දේවල් කරන්නෙ...


කිරිල්ලි: සතුට තියෙන්නෙ සල්ලි වලද මහත්තයෝ.........


කුරුල්ලා : සතුට තියෙන්නෙ සල්ලි වලම නෙමෙයි තමයි... ඒත් ඔයාටම නේද සල්ලි ගොඩක් ඕන වුනේ....


කිරිල්ලි: ඇත්ත..... මාත් හිතුවෙ සල්ලි තමයි හැමදේම කියල... ඒත් දැන් මට තේරෙනව..... ඔයා ළඟ නැතිව මට සල්ලි වලින් වැඩක් නැහැ මහත්තයෝ
මහත්තයෝ..... දෙයක් කියන්න තරහ ගන්න එපා..... මේක පුංචි ඉල්ලීමක් කියල හිතන්න.....මේ පාර ඔයා යන්න එපා... අපි මෙහෙම ජීවත් වෙමු... එහෙම බැරි නම් මාවත් එක්කරන් යන්න... මම කළින් හිතුවෙ මේ රට තමයි මගේ සැනසීම කියල... ඒත් දැන් මට තේරෙනව සැනසීම තියෙන්නේ ආදරේ කරන හිත ලඟ කියල...




කුරුල්ලා : ඒක නෙ චූටි මැණික ... එදා ඉදල මම කියන්නෙ... දැනුත් පරක්කු වැඩි නැහැ රත්තරන්...මමත් නොකිවට හිටියෙ හරිම හිතේ දුකින්..... කොයි වෙලේ ඉගිල්ලිලා එන්නද කියලයි .... කොහේ ගියත් අපි දෙන්නම එකට... එතකොට තමයි අපේ ලෝකෙ ලස්සන වෙන්නෙ.....


(හැමදාම උදේට උදේට ඇහෙන පුංචි කුරුල්ලන් දෙන්නගේ දෙබස් ගීය ටික දවසක ඉදල ඇ‍හෙන්නෙ නැහැ... මොකද කියල බැලින්නම්... ගේ ඉස්සරහ තිබ්බ කුරුළු කූ‍ඩුවෙ හිටිය ජෝඩුව... කොහෙ ගිහන්ද නැහැ...... ඒකයි මෙහෙම ලීවෙ.... මෙය සොඳුරු සිතගෙ ජීවිතයෙන් බිඳක් නොවන බව කරුණාවෙන් සලකන්න.)


කුරුළු ගීය නැතිව තැවෙන 
මම
෴වත්෴

17 ප්‍රතිචාර:

isimbuwa said...

හානේ හරි ලස්සන දෙබස් ටික. ඇත්තටම කියවගෙන යද්දි මට හිතුනෙ අක්කගෙ ජීවිතේට සම්බන්ධ කතාවක් කියල. ඒත් එහෙම නෙමෙයි කියල අන්තිමට දැනගත්ත අක්කගෙ සටහනින්ම.

හසියා said...

ලස්සනයි අක්කියෝ.....ලස්සනට ලියලා තියෙනවා වෙනදා වගේම.....

nimanthi said...

ඉසිඹුව වගේ තමා මාත් හිතුවේ.
හ්ම්ම්ම්ම්...
හරි ලස්සනයි. ලස්සනට ලියලා තියනවා. කොහෙද දන්නේ නැහැ ගියේ කුරුලු ජෝඩුව නේද..??

indi said...

හරි සෝක්...

roylyfernando said...

[Q]මෙය සොඳුරු සිතගෙ ජීවිතයෙන් බිඳක් නොවන බව කරුණාවෙන් සලකන්න.[/Q]

හාකො. :)

තිස්ස දොඩන්ගොඩ said...

වනන්තරේ වෙනසක් නෑ...
පෙම් සිතුවිලි ඇඳේ... පෙම් සිතුවිලි ඇඳේ...
හිත ගිය තැන ආදර රස මාලිගාව මැවේ....

හසිත ජයසූරිය said...

අක්කෙ දෙබස් නම් මරු.. මේක ඔයාගෙ කතාවක් නෙමේනෙ ;)ආ නෑලුනෙ නේද

ගල්මල්-Coral said...

ලස්සනයි දෙබස.

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

ඔය කුරුල්ලා කියන වචන සෙට් එකනම් මට හොදට අහලා පුරුදුයි වගේ :D

Ansh Lucky Sri Jay said...

අන්තිම වෙනකම්ම මම අක්කාගේ කතාවක් කියලා හිතාගෙන කියෙව්වේ. හරිම ලස්සනයි ලියලා තියෙන විදිහ.
:)

ධනංජය said...

පුලුල් දැක්මක් තියෙනවා...දිගටම ලියන්න..
:)

wath said...

@ isimbuwa
හ්ම්... මගේ නෙමෙයි මගේ වගේ තමයි ඉතින්....

@ හසියා
හසි පැටියෝ... මේ රොබින් හුඩ්ද?

@ nimanthi
කොහේ ගිහින් ද මන්ද... දැන් ලස්සන සින්දුත් නැහැ...

wath said...

@ indi
හරිම ෂෝයි... හිහ් තැන්කූ

@ roylyfernando
හාකො කීවට මම දන්නව .....

@ තිස්ස දොඩන්ගොඩ
හිහ් . මේදවස් වල තිස්ස අයිය වෙනමම ලෝකෙක නේද....

wath said...

@ හසිත ජයසූරිය
නෑලු නෑලු... මගේ නෙමෙයි ලු... මගේ වගෙයි ලු

@ ගල්මල්-Coral
තැන්කූ අයියෙ

@ Confiuzd ප්‍රෝග්‍රැමර්
කිරිල්ලිගෙන් වෙන්නැ...

@ Ansh Lucky Sri Jay
මගේ නෙමෙයි ලු... මගේ වගෙයි ලු

@ ධනංජය
හ්ම් හ්ම....

හසියා said...

හිහී හිහී...රොබින් හුඩ් වගේම තමා....හැබැයි ගහගන්න බෑ......

Dangamalla said...

හරිම ලස්සනයි අක්කියෝ..

Kandulu Binduwa said...

හිතට දෑනෙන විදියට ලියලා තියෙන්නේ..හරිම ලස්සනයි අක්කියෝ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...