..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, June 19, 2010

෴ පසුම්බිය (03) ෴

 පසුම්බිය 01 බලන්න 


 පසුම්බිය 02 බලන්න


අද දින නිවාඩු ගෙන නිවසෙට වී සිටින්නේ මගේ දැඩි නොකැමැත්ත මත වුනත් ,වදක භාර්යාවගේ දැඩි ඉල්ලීම පරිදි ඇගේ වුවමනාවටය. ඇගේ විදේශ ගතව සිටි යෙහෙලියක් ඈ බැලීමට නිවසෙට පැමිණීම එයට හේතුවයි... මා ඒ අවස්ථාවේ නිවසේ සිටිය යුතුම වූයේ , යෙහෙළයගේ සැමියාද පැමිණෙන බැවිනි.....

පැය ගෙවී යන්නේ පෞද්ගලික බසයක් ගමනාන්තයට ලගා වන්නා මෙන් ඉතා සෙමිනි.......

අවසානයේ ඇගේ යෙහෙලියත් යෙහෙලියගේ සැමියාත් සැපැත් වූයේ මා සිතට ගිනිවද්දමිනි..


මේ මුහුණ ... කෙදිනකවත් අමතක නොවන මේ මුහුණ... සැමදා මා සොයමින් සිටි  මා වෛර කරමින් සිටි ඒ පිරිමි මුහුණ. අහඹුවක් නම් විය නොහැක... සියුම් වෙනස්කම් ඇතත් මා නෙත රැවටිය නොහැක මේ ඔහු නොවේද..... මගේ ආදරය බිලිගත් මා ජීවිතයම නිරයට ඇද දැමීමට සමත් වූ ඒ මුහුණ......

එහෙත් ඔහුගේ බිරිද වී සිටින්නේ මා පෙම් කළ ඇය නොවේ.... කාන්තාරයක ගිනිමද්දහනේ පිපාසවෙන් තනිවූ මඟියෙකු මෙන් මා ගත දැවෙන්නට විය.... 

"සුපුන් .. ,ඩාලින්, මේ දිනුෂිගේ හස්බන්ඩ් මිස්ට දහනායක.........." මගේ බිරිඳ තව මොන මොනවදෝ දොඩවන අතර ,ඔහු මා අතට අත පායි.

"මේ මූණ .. මේ මූණ... මේ මූණ මම දන්නව......." ගොතයක් ලෙසින් ,උන විකාරයෙන් පෙළෙන ලෙඩකු ලෙසින් මගේ මුවින් පිට විය.....

"අපෝ,ඔය මූණ නිසා මගේ යාළුවෙක්ගෙ එපෙයාර් එකත් බ්රේක් වුනා ...." ඒ හඩ ඔහුගේ බිරිඳ ගෙනි....

"ඒ කොහොමද දිනූ.... "ඒ මගේ බිරිඳයි..........

"මේකනේ ප්‍රියන්වදා .. ඒ දවස් වල  මගෙයි මෙයාගෙයි එපෙයාර් එක ගෙදරට ආරංචි වෙලා අයියලා මා පස්සෙමයි වුන්නේ.... හෑන්ඩ් බෑග් එක පවා ගෙදරින් චෙක් කරා ඒ කාලේ... ඉතින් මම මෙයාගේ පොටෝ එකක් තිබිල ..මගේ හොඳම යාලුවගේ පර්ස් පොකටි එකේ තමයි දාලා තිබ්බෙ පරිස්සමට.... "

"ඉතින් දවසක් .............."

ඇගේ කතාවේ ඉතිරිය ඇයට වඩා හොඳින් මම දනිමි.......

ඇගේ බිය පත් දෑස මා දෑස ඉදිරියේ දැනිදු මැවී පෙනෙයි............ 

අහෝ .. ඇගේ දෑස .... ඇගේ දෑස මේ සියල්ලටම වගකිව යුතු නොවේද.....


පසුම්බියෙන් ඉවතට විසිවුන 
මම
෴වත්෴

ප:ලි:- කතාව ඉවරාරාරාරාරායියි (බනින්න එපෝ... දන්න විදිහට ලීවෙමි)

26 comments:

  1. හාෆොයි වත් අක්කේ...! කතාවනම් එළ මැක්සා...ශෝට් film එකක් කරන්න මේක දෙනවද මට ? :-D

    අන්තිම ටික ටිකක් අපහැදිලි සවරූපයක් ගන්නවා වගේ...ඒ මොකද කියලා නම් දන්නැ

    අනේ ඔයාගේ කවී අහ අහ හිටි මට දැන්නම් නිකන්
    වැලී කාන්තාරෙක ඉදලා ඉදලා උදුපියලිය තියෙන ශේම භූමියක් දැක්කා ගානයි....! :-D

    ReplyDelete
  2. බනින්න...??? බනින්න නෙමෙයි තියෙන්නෙ..... හොඳවයින් දෙකක් කියන්න.... (එළම කිරි) :D

    කතාව නම් උපරිමයි අක්කෙ. Bunny කිව්ව වගේ චිත්‍රපටියක් වගේ මැවිල පේනව.. නියමයි නියමයි තව කතා ලියන්න... :)

    ReplyDelete
  3. මම හිතුවා හරි. වැරදීම උනේ සුපුන්ට...අපරාදේ

    ReplyDelete
  4. මෙහෙම දෙවල් වෙනවා හදිස්සි උනහම...

    වත් අක්කා...නියමෙටම කතාව ලියලා තියනවා...අක්කේ ලියමුද?,,,,තව කතා...හොද අක්කී වගේ......

    ReplyDelete
  5. හපොයි වෙච්චි දෙයක්.... පනින්නට පෙර සිතා බලන්න කියන්න ඕකනේ...

    ReplyDelete
  6. wow.mind blowing.keep it up.

    ReplyDelete
  7. මළා...... දැන් මොකද කරන්නේ ? ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ කියන්නේ ඕක නිසා තමා.....

    ReplyDelete
  8. අනේ අපොයි පව් කෙල්ල !!

    ReplyDelete
  9. මේකත් ඔබේ කවි තම්ම රසවින්ද. ඒත් ලස්සනට ගලාගෙන ඇවිත් එකපාරටම දඩස් ගාල අතඇරපු එක තමයි ටිකක් නොගැලපෙන්නෙ. හැබැයි කතෘ පිරිමියෙක් නොවුනනං කට්ටිය තව වටේ යන්නත් තිබ්බ, "වත්" ගෙමද කියල.

    ReplyDelete
  10. හෆෝයි දෙයියනේ....
    ඇහැට කදුළුත් ආවද මන්ද...අක්කියා ලියපු කතාවේ තරම තමයි...ඇත්ත සිද්ධියක් වගේ තාමත් හිතට වද දෙනවා ඇයි එහෙමවුනේ කියල...

    තව කතාවක් ලියන්නකෝ.......

    ReplyDelete
  11. @ Bunny !
    ආහ් හා පැටියෝ... අවසානය හොද නැතෙයි... ඔහොම තමා කෙටි කතා නෙව..

    කැරට් එපා වෙලාද ...

    ආහ් ඒකනෙමෙයි .. අපේ ඔපිස් එකටත් ඔයාගේ යාළුවො දෙන්නෙක් එක්කරන් ආවා...

    අනේ හරිම ස්වීට් ...දෙන දෙයක් කාලා කණ් දෙකත් දික් කර ගෙන යස අපූරුවට ඉන්නව..

    ReplyDelete
  12. @ කොඩී
    දිරි ගැන්වීමට ස්තූතියි... මම මගේ හොඳම යාළුවට තමයි ඉස්සෙල්ලම මේ කතාව ලියල පෙන්නුවේ.. ඔයා හොඳයි කිව නිසයි පබ්ලිෂ් කරේ..

    යාළුවෙක් කවදාවත් බොරු කියන්නෙ නැහැ කියල ඔප්පු වුනා....

    @ දිල්
    දිල් නඝා මුල ඉදලම දැරුව මතය හරි.. ගැහැණු ඉව තමයි...ඒත් මට හිතුන මගේ කතා‍වේ අවසානය කොහොමද මේ දිල් දන්නෙ කියල... ස්තූතියි දිල්....

    @ ඉලංදාරියා
    ම්ම්ම්... ලියමු ලියමු... මම ලියන්නෙ නම් ඉතින් අනුන්ගෙ කතා තමයි... මට ඇහෙන අනිත් අයගේ ස්ටෝරි...

    @ හසී
    ආහ්.. හසී පැමිළි එකේ බඩපිස්සි.. පිස්සි කීවට තරහ වෙන්න එපා හොදේ...ස්තූතියි හසී පැටියෝ...

    @ milan
    මනස්තැල්මද සිංහල වචනෙ...තැන්කූ මිලාන්...

    ReplyDelete
  13. @ Hasitha
    මොනා කරන්නද හසිත. දැන් විදවන තරම ඇතිනෙ.. මිනිස්සු මෙහෙම කොයිතරම් නම් හිතින් විදවනවද...

    ජීවිතේ විදින්නේ කීදෙනාද...

    ස්තූතියි හසිත සහෝ....

    @ හිඟන්නා
    හ්ම්... ලබා උපන් හැටි තමයි... ස්තූතියි හිඟා..

    ReplyDelete
  14. @ ඉන්දික උපශාන්ත
    ඔයා හරි. මමත් මේ කතාව පිරිමි පාර්ශවයෙන්ම පටන් ගත්තේ ඒ ගැන හිතල තමයි. නැතිනම් අනේ අපේ වත් අක්ක පවු කියල කට්ටිය හිතාවි.

    මගේ පර්ස් එකේ ඉඩ තියෙන්නේ සල්ලි වලට විතරයි.

    සල්ලි වලට වඩා වටින දේවල් තියෙන්නේ මගේ හිතේ...

    ReplyDelete
  15. @ ෴ හසියා ෴
    හසි පැටියෝ.... මේ කතාවක් විතරනේ හසියෝ..
    තව ලියන්න බලමු.. ස්තූතියි..

    ReplyDelete
  16. කවුද හලෝ කිවේ හොද නෑ කියලා ? :-D පික්සූනේ... නෑ මම කිවෙ අන්තිම හරිය මගේ කුඩා හා මොලේට වැටහුන්නැ කියලා :D


    අනේ අර හා පැටියෙක් මටත් දෙන්ටකෝ :-D

    ReplyDelete
  17. ශා........... කතාව මාරම ලස්සනයි අක්කෙ. තව එකක් ලියන්නකො.

    ReplyDelete
  18. අහ් වත් අක්කියාස්.......එළට ලියලතීනව නොවෑ එළ එළ මම උඩින් කියවගෙන එනකොට වලියක් යන්න ඇති කියලා.... හික්ස්. අනෙ පවු අර අසරණී....... :(

    ReplyDelete
  19. ඒකත් එහෙනම් එහෙමයි උනේ ඈ.

    ReplyDelete
  20. හප්පුස්සියේ! පට්ට කතාව!

    ReplyDelete
  21. මම ගෙදරත් බඩපිස්සි තමා.. මම තරහා නෑ අක්කි..

    ReplyDelete
  22. ලස්සනට ලියනවා,, මන් බ්ලොග් එකක් පටන් ගන්න කලින් ඉදලම අක්කාගෙ බ්ලොග් එක කියොලා තියෙනවා,, ශොක්,,
    දිගටම ලියන්න,

    ReplyDelete
  23. අවබෝදය අනවබෝදය අතර හිද
    තව බොහො විපත් නම් සිදුවිය හැකි නොවෙද
    ගිය දේ ගියාමයි දැන් ළතවී කිමද
    මට නම් දුකයි ඇය ගැන දැන් ඈ කොහිද ?

    ReplyDelete
  24. හොඳ වැඩේ..අර කෙල්ලට කරපු වැඩේට..! කතාව නම් ලස්සනයි අක්කේ..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...