..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, June 19, 2010

෴ පසුම්බිය (02) ෴

 පසුම්බිය (01) මෙතනින් බලන්න.......


ඉතා පිළිවෙලට හසුරා තිබූ එය විවෘත කර සැනින් හැමූවේ ඇගේ ළඟින් නිතරම මට දැනෙන ඇගේ සුවඳයි.... 
නමුත් ........... 
මේ මා නොවේ ..... එහි තිබු පාස්පෝට් ප්‍රමාණයේ ජායාරූපයේ වූයේ... කවුද... මද සිනහවක් සහිත කඩවසම් යැයි කිව හැකි පෙනුමක් තිබූ ඒ මුහුණ අද වුවද පැහැදිලි චිත්‍රයක් ලෙස මා සිතේ සනිටුහන් වී ඇත... කවුරු වුවත් ඔහු , ඇගේ සිතේ වැදගත් තැනක් ගත් කෙනෙක් විය යුතුය... ඇයට සහෝදරයන් නැත... සිටින මිතුරන් කිහිපදෙනාද මා හොදින් හදුනන අයයි....
මොහොතින් මා  ගිනිගත් මාගේ දෑස යොමු වූයේ ඇය වෙතටයි...... මා සමඟ වූ පොර බැදීම අවසන් වූ ඇය හිටි පිළිමයක් මෙන් බියගත්, කඳුලු පිරි දෙනෛතින් මා දෙස බලා සිටියි............


"කවුද මේ..........." 
"ආහ් කවුද මේ හාදයා..."

"මටත් වඩා, ඔයාගේ ලගින්, ඔයාගේ පර්ස් එකේ ඉන්න තරම් වැදගත් කෙනා කවුද....."

ඇය කතා කිරීමට කට ඇරිය මුත් ,මම ඉස්සර වුයෙමි.... දැන් මට සියල්ල පැහැදිලිය.... නන්නාදුනන දුරකථන පණිවිඩ මගින් මා සවනට වැකුණු සියළුම දේ මම බැහැර කරේ ඈ කෙරේ මා තුල වූ අධික විශ්වාසය නිසයි.... 

"එහෙනම් හැමදේම ඇත්ත... " 
"තමුසෙ දැනගන්නව හැමදාම හැමකෙනාම රවටන්න බැරි විත්තිය...හොඳයි ,මම හොයා ගන්නම්කෝ වූ කවුද කියල... ඔයාගෙයි මගෙයි සම්බන්ධකම් අදින් ඉවරයි කියල මතක තියා ගන්නව."යි 
පවසමින් මා පසුම්බිය ඇය වෙත දමා ගැසුවෙමි..........

ඇගෙන් ඉවතට වේගයෙන් පිය මැන්න මා පසුපස, ඇය හඩමින් මොන මොන වාද පවසමින් පැමිණියත් නැවත හැරී බැලුවේ හෝ... සවන් දුන්නේ මා නොවේ.................


"මහත්තයා කඩල එකක්............."

කඩල වෙලෙන්දාගේ ඇමතීමෙන් වර්තමානයට පිවිසි මම, මගේ වර්තමාන නිවස නම් ස්ථානයට අකමැත්තෙන් හෝ පිය මැන්නෙමි......

ඇය දැන් කොයිබ කෙසේ සිටී දැයි මා නොදනිතත්... ඈ මා රැවටීම හැරුණ කොට ඇගේ අන් සියලුම ගතිගුණ මට ඉතා ප්‍රිය විය.... මා ඈ කෙරේ බැදුනේද එබැවිනි.......

මගේ ප්‍රිය භාර්යාවගේ ඇනුම් බැනුම් දෝශාරෝපන වර්ෂාවට අසුවී මාගේ ආත්මය  හැකිලී යන අවස්ථා වලදී මා රැවටූ ඇය ගේ නිවුන ඉවසුන ගති මට නිතැතින් මතක් වීම වැලැක්විය නොහැක්කේ එබැවිනි....

ඇය වැනි ඉතා නිවන සැනහුන සොඳුරු ගති ඇති ගැහිණියක් මා රැවටුවේ කෙසේද යන්නත් ඒ ඇයිද යන්නත්,  අදටත් මගේ සිතට යවුලකින් අනින්නා මෙන් වදදෙයි....


"ඇය මට එසේ කළේ ඇයි ..."


තව දුරටත් පසුම්බියේම සිරවී සිටින 
මම
෴වත්෴

17 comments:

  1. කාගෙද ෆොටෝ එක ????

    ReplyDelete
  2. හෆෝයි....කෙල්ලෝ ඔක්කොම එකයි කියන්නේ නිකන් යෑ....පවු අසරණ සුපුල් කොලුවා... :'(

    අක්කියෝ කතා වනම් කියල වැඩක් නෑ....මේ තව කතා ලියමුකෝ.....

    ReplyDelete
  3. මම නම් ඒ ගැහැණිය ගැන එහෙම හිතන්නේ නෑ වත්. මෙතනෙ වෙන මොනා හරි තියෙනවා.....මට හිතෙන්නේ සුපුල්ට ලොකු වැරදීමක් වෙලා වගේ...

    බලමුකො ඊලඟ කොටහ

    ReplyDelete
  4. බලමු ඇයි එයා එහෙම කලේ කියලා....

    ReplyDelete
  5. හ්ම්....පසුම්බිය තාමත් හිස්ද?

    ReplyDelete
  6. මදැ පොකට් ගහන්න බලාගෙන හිටියා.......හෆොයි.... සුපුල් කලබල උනාට කලබල නොවී කොහොමද?......

    ගැහැනු හිත් තේරුම් ගන්න රහත් වෙන්නම වෙනවා....රහත් උනොත් ගැහැනු හිතකින් වැඩක් යැ....නෙද?..........

    තාත්තාගේ පොටෝ එකක් වෙන්න බැරිද?........

    ඉක්මනට ලියලා තියන ටික පොස්ට් කරන්න...

    ReplyDelete
  7. මදෑ කොලා... මට නිකමට හිතුනා ඔය වගේ එකක් තමා ඇත්තේ කියලා..ඒත් ඉතිං බලමුකෝ අන්තිම වෙනකල්..අංක දෙක ඉක්මනටම දැම්මට ස්තූතියි අක්කණ්ඩි..!

    ReplyDelete
  8. හ්ම්ම් හ්ම්ම්
    ලියලා ඉවර එකේ දාමු ඉතුරු ටිකත් නේද ඉක්මනටම

    ReplyDelete
  9. හානේ.............වෙච්චි දෙයක්.

    ReplyDelete
  10. මමනම් මුකුත්ම කියන්නෙ නෑ. 3ත් කියවලාම ඉමුකො.

    ReplyDelete
  11. මමත් මුකුත්ම කියන්නේ නෑ...මොනවා වෙයිද කියලා බලමුකෝ....

    ReplyDelete
  12. අනේ අක්කේ ඔක තමා ආදරේ කරන්න බය :-(

    කතාවනම් මරු අක්කේ...බලොග් එක ඒකාකාරී බවෙන් මිදිලා කියලා හිතෙනවා :-)

    ReplyDelete
  13. මරු මරු වත් අක්ක ඉල්ලුමට අනුව සැපයුම කියල දඩු බිඩියේ කොටස් දෙකක්ම දාල. තැන්කූ වේවා!!!

    ReplyDelete
  14. ස්තූතියි ස්තූතියි ස්තූතියි... කාටත්ම..
    ඔන්න 03වෙනි කොටසින් ඉවරයි කතාව... අඩු පාඩු පෙන්නනව නම් කැමති මම... ඔයාල මගේ යාළුවො නිසා ඔයාලට තමයි මගේ අඩු පාඩු පෙන්නන්න පුලුවන්. එහෙම නේද?

    @ හිඟන්නා
    @ කොඩී
    @ Bunny !
    @ චමිදේවා
    @ අනුරාධ
    @ isimbuwa
    @ nimanthi
    @ ෆා ද බ්ලොගී
    @ ඉලංදාරියා
    @ ජංජාල චාමර
    @ හසී
    @ දිල්
    @ හසියා
    @ Hasitha
    @ වැම්පයර්

    මේ ස්තූතියෙන් කොටසක් මගේ හොඳම යාළුවටත් දෙන්න ඕනි....

    ReplyDelete
  15. හැබෑවට කවුද මේ හොඳම යාළුවා. මම කීප තැනකම දැක්කා...
    අපිටත් දැනගන්න කිව්වනම් නාකද :)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...