..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, June 18, 2010

෴ පසුම්බිය (01) ෴

කාර්යාල සඟයන් යුහුසුළුව නිවෙස් බලා යාමට සැරසේ... සිකුරාදා දින බැවින් තද බදයද අධිකය.... දරුවෙක් සිටින පවුල්කාරයෙක් වන මට මෙවන් කඩිමුඩියක් නැත්තේ ඇයිදැයි මටම පුදුම සිතේ....සෑමදිනකම මෙන් කාටත් පසුව කාර්යාලයෙන් මහමඟට පිළි පැනු මම වෙනදා නිවෙස බලා යන මඟ වෙනුවට මේ මඟ තෝරා ගත්තේ ඇයිදැයි මටම නොතේරේ.... නිවෙසට යැම තවත් ප්‍රමාද කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම මම ගනිමින් සිටින්නෙමි...........

නොදනීම මා පැමිණ සිටියේ තෙරක් නොපෙනෙන මහ මුහුද පොළව සිප ගන්නා අඩවියටයි... බැස යන හිරුත්, කඩල වෙලෙන්ඳන් .... තැන තැන කුඩ වලට මුවා වූ පෙම්වතුන් මගේ සිත අතීතයට රැගෙන ගියේය.....

ඇ‍ගේ ඇඟටම තෙරපී, ඇ‍ගේ සුවඳ සිත පුරා විදිමින්, තෙරක් නොපෙනෙන මුහුදේ ගිලෙන හිරු දෙස බලා සිටියේ.ඇය ගැන උපන් ‍ස්නේහයෙන් සහ හිරු ගැන උපන් ක්‍රෝධයෙනි.... හිරුට තවත් මොහොතක් ඉවසන්න බැරි මොකද... තව මොහොතින් අඳුර වැටීමත් සමඟම ඇගේ සුපුරුදු ඉල්ලීම් ගලා ඒමට පටන් ගැනීම එයට හේතුවයි......

"බලන්න සුපුල්, දැන් හොඳටම හවස් වෙලා.... මම දැන් යන්න ඕන.... "කියමින් පටන් ගන්නා ඉල්ලීම් අවසානයේ කෙළවර වන්නේ ඇගේ නික්ම යෑමත් සමඟින්ය... පොඩි දරුවකු අතින් ඔහු ආසම ‍රස කැවිල්ල උදුරුගත්තා වැනි හැඟිමක් එවිට මා පෙළයි.......

ඇගේ නික්මීම හැකි තරම් කල් දැමීමට සුදුසු සෑම පියවරක්ම මම ගනිමි...ඒ මා නොදනුවත්වම වන ක්‍රියාවන් මගිනි.....

දැනට මොහොතකට පෙර, කඩල වෙළෙන්දාට දීමට මාරු කාසි මා ළඟ නොවූයෙන් මාරු කාසි දීමට ගත් ඇගේ පසුම්බිය ඈ සුරතේ දඟ කරයි...එය පිරිම් බාවිත කරන වර්ගයේ පසුම්බියක් සේ පෙනුම ගත්තත්.. කාන්තාවන් බාවිත කරන විදේශගතව සිට පැමිණි මිතුරියකගෙන් ඇයට ලැබුන ත්‍යාගයක් බව ඇය මා සමඟ පවසා ඇත..දෙවරක් නොසිතූ මම ඇගෙන් පසුම්බිය උඳුරා ගත්තේ ඇගේ නික්මීම පමා කිරීමේ පලමු පියවර ලෙසිනි.... ඈ මා සමඟ පොර බැදුවේ පසුම්බිය නැවත ඇය වෙත අත්කර ගැනීමටයි......නමුත්......ඒ වන විට ඇගේ වත ඉතා බියගත් බවකින් පෙලෙන්නට වන බව මට හැගිනි....

සාමාන්‍යයෙන් නම් ඇගේ නික්මීම පමා කිරීමට මා ගන්නා උත්සාහයන්ට ඇය දක්‍වන්නේ කැමැත්ත මුසු මවාගත් කෝපයක් පමණි............

ඇගේ බියපත් දෑස දුටු මගේ සිත, කුහුලෙන් පිරුණ බව නොකියාම බැරිය... ඈ මගේ වුවත් මම කිසි දිනෙක ඇගේ පසුම්බිය විවෘත කර එහි වූ දේ සොයා විමසා නැත.... ගැහැණු රහස් පසුම්බියේ පිරී ඇති බව මම අසා තිබුණෙමි...........

ඒ සැණින් ඇගෙන් මිදුන මම පසුම්බිය විවෘත කළෙමි...... 


පසුම්බියේ සිරවී සිටින
මම
෴වත්෴

18 comments:

  1. හයියෝ....ඉක්මනට දෙවන කොටස දාන්නෝ අක්කණ්ඩී.. බලං ඉන්න බැරියෝ...

    ReplyDelete
  2. බ්ලොගී නංගියෝ... කොටස් 03ක් තියේ ලියල නම් ඉවරයි. දිග වැඩි වෙයි කියල හිතලයි කොටස් කරේ...
    මේ මගේ දෙවෙනි කතාව . වැරදි නම් එමටයි...

    ReplyDelete
  3. අනේ මොනවද අක්කෙ ඒකෙ තිබ්බේ?...අනේ ඉතිරි ටිකත් දාන්නකො

    ReplyDelete
  4. පසුම්බියේ මොනවද තිබුනේ කියලා ඉක්මනටම කියන්න අක්කේ..

    ReplyDelete
  5. අනේ ඉතිරි ටික ඉක්මනටම දාන්නකො???????????

    ReplyDelete
  6. ගැහැණු රහස් පසුම්බියේ පිරිලා තියෙනවා කියලා දැනගත්ත එක නම් හොඳයි අක්කේ....

    ReplyDelete
  7. අනේ අක්කෝ වැරදිනම් තිබ්බත් මොකෝ..කථාවේ ඉන්ට්‍රස්ට් එකට ඒවා පේන්නේ නෑ..අනේ පාඨකයාට අනුකම්පා කොරලා ඉක්මනට දාන්න හො‍ඳේ..

    ReplyDelete
  8. හැමදා ම ආවට අද තමයි කමෙන්ට් එකක් දැම්මේ. මොකද මං වැඩිය කැමති කතා වලට, කවි වලට වඩා...
    දිගටම ලියන්න සහෝදරී, ඉතුරු කොටස එනකම් බලන් ඉන්නේ..........

    ReplyDelete
  9. ගුප්ත ගැහැණු රහස් .... අම්මේ බයෙත් බැ , ඉක්මනට ඉතුරු කොටස ලියන්න .

    ReplyDelete
  10. ඊලඟ කොටස බලන්න කවද්ද දැන් මේ පැත්තේ එන්න ඕනා...මොකද බලනකම් ඉවසිල්ලක් නෑ...

    ReplyDelete
  11. කතාව ලස්සනයි. ඉවසන්න බැරියෝ පසුම්බියෙ මොනවද තිබුනේ ?????????????

    ReplyDelete
  12. අෆොයි....ගැහැනු රහස්,,,,අකියෝ ඉක්මනට ඉක්මනට...ඉතුරු ටික.....

    පසුම්බිය අරිනකම් බාලාගෙන ඉන්න මම ඉලන්දාරියා.....

    ReplyDelete
  13. comments දැක්කම නම් බයත් හිතෙනව. කතාවේ අන්තිම කියවල මට බනීවිද මන්ද....

    @ හසී පැමිලි එකටම ස්තූතියි....
    1) Hasitha ජයසූරිය
    2) හසී
    3) Hasitha

    @ Ansh Lucky Sri Jay
    ලියල තියෙන්නේ නංගෝ ඉක්මනට පෝස්ට් කරන්නම්.. ඉවසන්න..

    @ කොඩී
    ආහ් .. කොඩී .. තැන්කූ තැන්කූ කොමෙන්ටුවට....මම ඉතින් කවි තමයි ලියන්නේ.. ඉදල හිටල කතා ලියනව...

    @ හිඟන්නා
    බය වෙන්න දෙයක් නැහැ... හිගන්න වුනත් ආදර හිගන්නෙක් නෙමෙයි නේද...

    ReplyDelete
  14. @ චමිදේවා
    චමියෝ....... ( ගර්ර්ර්ර්... ර්.. ර් )

    ReplyDelete
  15. @ isimbuwa
    පසුම්බියේ තියෙන්න ඇති සල්ලි ... හිහ්.. අපේ නම් සල්ලිත් නැහැ .. නැද්ද අනේ..

    @ ඉලංදාරියා
    ආහ් ඉලන්දාරියා.. පසුම්බිය අරිනකම් බලන් ඉන්නේ .. අරන් පනින්නද... මෙන්නෝ පික් පොකට් ...(එහෙම ද) හිහ්...

    ReplyDelete
  16. හා හා ඉක්මණට දැම්මනම්....අර ගෑණු දැරිවි සුපුල් කොලුවගේ හිතේ කුහුලක් ඇති කලා විතරක් නෙවේ අපේ හිත් වලත් ඇති කලා නෙවැ.....හරි නරකයි....
    අනිවා ඕකේ ඇත්තේ මේ සුපුල් කොලුවට මේ කෙලි පොඩ්ඩ දක්වන ආදරේ වැඩි කරන දෙයක් වෙන් ඇති....එහෙම්ම වේවා‍ කියලා ප්‍රාර්ථනා කරනවා....නැත්නම් පව්නේ.....

    ReplyDelete
  17. අක්කියෝ අනෙ ඉක්මණ්ට ඉතුරු ටිකත් කියන්නකෝ...

    ReplyDelete
  18. ගැහැණු රහස් දැනගන්න අපිත් කැමතිලු :D

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...