..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, May 13, 2010

෴ ආදරය , ආලය සහ රාගය ෴( Love ,Romance & Sex )

( රාගය / Sex) 


දුටුවෙමි ළඳේ ඔබේ නොවැසූනු ලය මඩල
ඉන්නට හිතයි එහි කිමිදී මොහොතකට
එනමුදු ඔබේ ගොරහැඩි චර හද මඬල
තුල නොනවතී දිගටම යමි මම ගමන


( ආලය / Romance )

සුදු මුදු හදේ නැවතී ඉමි මම ළදුනේ
දැවටී ඉන්න දෙනවද ඔය වත මඬලේ
අත් පටලවන් ඇවිදන් යමු සිතු විලසේ
නුඹ ළඟ හමන සුවඳින් මගෙ ගත දිලිසේ


( ආදරය / Love )

නුඹ මගෙ ළඟින් සිටියා වූ පෙර දවස
සුවඳයි හමන්නේ තාමත් සිත් අවට
පෙර ඒ අතීතෙට වැඩියෙන් අද නුඹව
මට වටිනවා අද වැටහෙයි ආදරය

( ආදරය / Love )
අපි දකින ආදරය කොටස් තුනකට බෙදන්න පුලුවන් කියල මම හිතනව....

පළමු වර්ගය  ("IF kind of love")
මගේ ක්‍රමයට ඔයා ඉන්න ඕනි
මට තෑගි දෙන්න ඕනි
කොටින්ම මෙහෙමයි..." ඔයා මට ඔයාගේ ටෙඩි බෙයාව/ඔයාගේ සෙල්ලම් කාර් එක/ ඔයාගේ චොකොලට් එක දෙනව නම් ("IF kind of love") මම ඔයාගේ යාලුවෙක් මම ඔයාට ආදරෙයි "කියල කියනව නම් ඒක කොන්දේසි සහිත ආදරයක්. බලාපොරොත්තු වන දේ නොලබුනොත් හැර යනව පලිගන්නව ​වෛරකරනව.  අවිනිශ්චිත ආදරයක්. සල්ලි දේපල මිල මුදල් ඉඩ කඩම් යාන වාහන මත බොහෝ විට රදා පවතිනව.

දෙවන වර්ගය  ("because of")
මම ඔයාට ආදරෙයි.මක් නිසාද යත් ඔයා හරිම ලස්සනයි, ඔයා හරිම තරුණයි.ඔයා ජනප්‍රියයි.ඔයත් එක්ක ඉන්න කොට මට සතුටක් දැනෙන නිසා.

මේ වර්ගය ගොඩක් දුරට දකින්න පුලුවන් තරුණ කාලේ ගැටවර කාලේ ආදරේ කරන්න පටන් ගන්න කොට.බාහිර දේ සමඟ බැදීම වැඩි නිසා කරන ආදරයක්. හෙට මොනා වේවිද කියල මේ ආදරේ ගැනත් හරියටම කියන්න බැහැ. ඈයි ඉතින් රූපෙ දිරනව නේ.හැබැයි ඉතින් කාලයත් එක්ක හදවත් හදුනා ගත්තොත්, තේරුම් ගත්තොත් පැවැත්මක් තියේවි.


තෙවන වර්ගය  ("in spite of kind of love")
ඔබේ වැරදි ගති ගුණ, වැරදි සිතුවිලි තිබියදී පවා මම ඔබට ආදරය කරමි.ඔබ කෙතරම් තර වුනත් කැත වුනත් කෙතරම් අප්‍රියජනක වුවත් මම ඔබට ආදරය කරම්. ලොව ඔබ කෙතරම් ගැරහුවත් වැරදිකරුවෙක් කරත් ඒ නොතකා මම ඔබට ආදරය කරම්.
මම නම් මෙහෙම ආදරයක් දැකල තියෙනව ... ඒ මම කියවපු පොත් වල විතරයි.(හරියට පොඩි කාලේ කියවපු Beauty & the Beast වගේ කතා වල. හැබැයි ඒ රාක්ෂය ආදරේ කරේ කුමාරිගේ ලස්සනටයි මුලින්ම, ...පස්සෙ ඇගේ ලස්සන හදවත වටහා ගත්ත. කුමරියත් රාක්ෂගේ බාහිර රූපය නිසා ඔහුව ප්‍රතික්ෂේප කරත් අවසානයේ ඔහුගේ පිරිසිදු හදවත හදුනා ගත්ත. ඒ නිසයි ඒ රාක්ෂයව ලස්සන කුමාරයෙක් වගේ අන්තිමට දුටුවෙ. නපුරු සාපය හමාර වෙලා ආදරය වටහා ගන්න ඒ දෙදෙනාටම හැකි වුනා.....

මම මේ දවස් වල මුහුණ පාල ඉන්න ලොකුම ගැටළුව ඒක තමයි....
හැබැයි ආදරය, ආලය සහ රාගය අඩු වැඩි වශයෙන් ම්ශ්‍ර වෙලා තමයි අපි ලබන ආදරේ තැනෙන්නෙ. ඒත් ආදරය වැඩිපුරත් රාගය අඩුපුරත් තිබෙනව නම් ගොඩක් ගැටළු අඩු වෙයි නේද ?


  ආදරය තේරුම් ගන්න තැවෙන 
මම
෴වත්෴

33 comments:

  1. මම ලියන්න හිටපු ලිපියක් කමක් නැහැ මම ref. මෙකත් දාල.. තමුන්ට වැඩිපුරම ඔනා මොනවද එ දෙ දෙන්න අනිත් කෙනාට... සොබාදහම නිතිය හදලා තියන්නෙ එහෙමයි...

    ReplyDelete
  2. නියම ලිපියක්..
    සහ මා අතින් සිදු වූ එක්තරා වැරැද්දක් මට අවබෝධ කරලා දුන්න පෝස්ට් එකක්. මට ඒ දේ එදා තේරුම් ගන්නට බැරි වීම ගැන පසුතැවිල්ලක් ඇති කලා. ඒකට දැන් සමාව ඉල්ලන්නත් මම පරක්කු වැඩියි.
    :(

    [අම්මෝ, මේ වත් අක්කාගේ ලියන ස්ටයිල් එක සම්පූර්ණෙන්ම කනපිට ගහලා කියලා මට හිතෙන්නේ ඇයි? මට වගේම වෙන කාටවත් වෙනසක් දැනෙන්නේ නෑද්ද හැබෑටම? :D ]

    ReplyDelete
  3. අගනා විමසුමක්. පොතකින් කියන්න තරම් වූ දේ පැහැදිලිව හා සරළව ගෙනහැර දක්වා ඇත.

    නන්දා මාලිනියන් ගීතවත් කරන "ප්‍රේමය නම් රාගයෙන් තොර..." සින්දුව සිතට ආවා.

    සොයුරියේ ඔබේ නිර්මාණ නිම්වලලු පුළුල් කරමින් තරණය කරනවා, සුබ පැතුම්!

    ReplyDelete
  4. (ඔලුව වනමින්)ඔව් මම අන්ශ් එක්ක එකඟ වෙනවා..ලියන ස්ටයිල් එක සම්පූර්ණෙන්ම කනපිට ගහලා ත්ලියන්නෙ.මම වත්ගේ ලිපියෙ කියන ඩී කලින් තෙරුම් අරන් හිටියෙ..ඒක ඔය හරියටම පෑහෑදිලි කරල තියෙනෙව..

    ReplyDelete
  5. ඉතාම වැදගත් දෙයක් කවුරු හරි කියනවානම් ආදරය වැඩිපුරත් රාගය අඩුවත් තියෙද්දි හොදයි කියලා මම එක පිලිගන්නෙ නැහැ.. මිනිස්සුන්ගෙ හිත්වල මෙ දෙවල් එක එක මට්ටම් වලින් තියන්නෙ... අපි අපෙ සහකරුවා හො සහාකාරිය ගැන ඇයගෙ හො ඔහුගෙ සිතුම් පැතුම් අදුනා ගැනිමට උත්සාහ කරමින් ජිවත් වෙන්න ඔනා.. බුදුහාමුදුරුවො මධුරක ගෘහපති සුත්‍රයෙ මෙ ගැන සදහන් කර තිබුනා..

    ReplyDelete
  6. @ රවා
    මෙන්න වැඩක්෴ ඔයා ලියන්න හිටිය දේවල් මම කොහොමද දන්නේ. මේ මේ ඒකට නම් මට තරහ ගියා හොදේ....

    අනික
    තමුන්ට වැඩිපුරම ඔනා මොනවද එ දෙ දෙන්න අනිත් කෙනාට...
    වැරදි...
    මෙහෙම හිතන්න. ඔයා වැඩියම කන්න කැමති අයිස් ක්‍රීම් ජාතිය චොකලටි. මම කැමතිම වැනිලා. එහෙම වුනයි කියල ඔයා කැමතිම දේ මට දෙන එක වැරදි නේද?

    එහෙම නෙමෙයි වෙන්න ඕනි.
    තේරුම් ගැනීම
    වටහා ගැනීම
    සහ
    හැඩ ගැසීම

    ReplyDelete
  7. @ Ansh Lucky Sri Jay
    අනේ දරුවො....
    මේ මොකක්ද කීවේ? තව පැහැදිලි කරානම්

    "මේ වත් අක්කාගේ ලියන ස්ටයිල් එක සම්පූර්ණෙන්ම කනපිට ගහලා කියලා මට හිතෙන්නේ ඇයි? මට වගේම වෙන කාටවත් වෙනසක් දැනෙන්නේ නෑද්ද හැබෑටම? :D"

    මේ ? කණපිට කීවේ? ලියනව වැරදිද?

    ReplyDelete
  8. @ ගල්මල්-Coral
    පොතක් නෙමෙයි පොත් දාහක් කියෙවුවත් ලීවත් ආදරේ කියන්නේ හරිම හරිම හරිම අනේ මන්ද෴

    අර ගීතයක් තියෙන්නේ

    ප්‍රේමය ලොව හැමතැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසිකෙනෙක් නැති

    විල් තෙර දිය යට දිය බුන් නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මැද පුබුදන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි

    සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන
    ප්‍රේමයෙ මුල් පස යට සැඟවෙයි
    නන් පල මල් දලු පුබුදන මුත් ගස
    මුල් රැස කිසිකෙනෙකුට නොපෙනෙයි

    චන්දන ලියනාරච්චි෴

    ReplyDelete
  9. හෙහෙහෙ.. :D :D
    වත් අක්කා අලුත් වෙලා වගේ. කලින් බ්ලොගේ තිබ්බ ලිපි වගේ නෙමේ, දැන් දැන් මොකක් හරි පොඩි සීන් එකක් තියෙනවා ලියන ස්ටයිල් එකේ.
    ;)
    අපෝ නැහැ, හැමදාම කඳුලු පෙරන ඒවා විතරක් ලියලා හරි යනවය. කිසිම වැරැද්දක් නැහැ. ඔහොම දිගටම යමු.

    ReplyDelete
  10. @ Kandulu Binduwa
    අනේ මම දන්න තව කඳුළු බින්දුවක් ඉන්නව. මම හිතුවෙ මේ එයා කියල. බලන කොට මේ වෙන කෙනෙක්.
    ඔයත් කියන්න බලන්න මොකක්ද මෙකෙ කණ පිට෴ ප්ලීස්

    ReplyDelete
  11. @ Ansh Lucky Sri Jay
    හ්ම් හ්ම් ......... මම ඒත් බැලුව මේ මොකකද් කියන්නෙ කියල෴
    තැන්කූ නංගෝ ෴මම මාව තේරුම් ගන්නේ ඔයාල කියන සමහර දේවල් වලින්෴

    ReplyDelete
  12. ආලය ආදරය දෙහදක මිණි මුතුය
    රාගය හුය පොටකි එය එක් කොට බැදිය
    කාලය බොහෝ දේ පෙන්වා දෙන සැටිය
    ජීවය තවත් ජීවිත දෙකකට සවිය

    ReplyDelete
  13. හොද පෝස්ට් එකක්...මේවා අතර වෙනස තේරෙන්නත් ආදරේ කරලාම බලන්න ඕනේ නේද?...පොතෙන් බලලා පීනන්න ඉගෙන ගන්න බැරුවා වගේ

    ReplyDelete
  14. මැණික්(සුළඟ)May 14, 2010 at 7:55 AM

    වත් හරිම ලස්සන අදහසක්. "ඔබේ වැරදි ගති ගුණ, වැරදි සිතුවිලි තිබියදී පවා මම ඔබට ආදරය කරමි." ඒකට තව ටිකක් එකතු වෙන්න ඕනෙ. ඔබ මගෙන් වෙන්ව නොපෙනෙන ලොවකට ගිය පසුවුවද මම අසීමිතව ඔබට ආදරය කරමි. ඒ ආදරය සම්මත සීමා මායිම් වලින් එපිටටද විහිද යන බැවිනි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  15. වත් අක්කෙ,
    තාත්ත ලෙඩ වෙලා නිසා කිසිම දේකට කිසිම දෙයක් නොකිය මේ දවස්වල මගෙ පාඩුවෙම හිටිය මට මේක දැක්කම නම් මුකුත් නොකිය ඉන්න හිතෙන්නෙ නෑ...
    ඒ මට මේක දැක්කම කියන්න තියෙන්නෙ ඒ දෙන්න ගැන නිසා..
    අර ඔයා කියන තුන්වෙනි දේ ආදරේ මම පොත්වල ඇරෙන්නත් දැකල තියෙනව...
    අපෙ අම්මයි තාත්තයි ළඟ..උවමනාවකටවත් එක්කෙනෙක් අනික් කෙනාගෙන් ඈත් වෙලා හිටියොත්, ඒ කියන්නෙ මම කොළඹ ඉන්දෙදි තාත්ත මා එක්ක ඇවිත් හිටියොත් එහෙම මට කනක් ඇහිල ඉන්න නෑ..අම්ම කාලද නැද්ද දන්නෙ නෑ ඉඳල දාහක් දේ අහගෙන ඉන්න වෙනව...
    ඒ වගෙම අම්ම ලෙඩ උනොත් හරි තාත්ත ලෙඩ උනොත් හරි ඒත් එහෙමයි.. අදත් මේ දැනුත් අම්ම තාත්ත ළඟ ඇති..ඉස්පිරිතාලෙ ඉස්සරහවත්.. ළඟ ඉන්න දෙන්නෙ නැත්නම්..

    ReplyDelete
  16. රාගය

    සුන්දර දෙනුවනේ කැල්මන් දුටුවාම
    ගැස්සෙන නිතඹෙ රග ඇතින් බැලුවාම
    උස් උන ලැමේ ලස්සන සිරි වින්දාම
    හිත තුල නළියාවි රාගය නොකියාම

    ආළය

    නිසසල ගං තෙරක නුඹ තුරුලේ සැතපීලා
    හමනා මද නලින් කෙහෙරැලි විසි කරලා
    සුන්දර මුව මඩල උනුසුමකින් තුරුලු වෙලා
    ඉන්නා විටදි ආළය යයි දෝරෙ ගලා

    ඇති නේ... මම ගියාවෙ එහෙනන්...

    ReplyDelete
  17. මෙහි නොලියැවුන තවත් එක් ආදරයක් තියෙනවා. ඒ ආපසු කිසිම දෙයක් බලා පොරොත්තු නොවී වෙනත් අයෙකු වෙනුවෙන් තම ජීවිතය පූජා කරන තරම් වන ආදරය. ඒ ආදරයට වචනයක් තිබෙන්නේ හීබෘ භාෂාවේ පමණයි. ඒ අගාපේ නම් ආදරයයි!!!!

    ReplyDelete
  18. @ හසිත
    අනේ මන්ද. ස්කෝලෙ යන ළමයි මේව මොනාට කියවනවද කියල?

    @ Yasela Sumanasinghe
    හරි. පීනන්න තැපෑලෙන් ඉගෙන ගත්ත වගේ නේද?

    @ මැණික්(සුළඟ)
    මාත් එකඟයි.

    @ චේජනා
    මාත් දැකල තියෙන හොඳම ජෝඩුව තමයි මගේ තාත්තයි අම්මයි.
    නංගා ඔයාගේ දයාබර තාත්තාට නිරෝගී සුව පතනව.

    ReplyDelete
  19. @ Pasan
    නොකියා ඇවිත් නොකියා යන නොහඳුනන
    ඔබ ලියනා කවි පද හරි මිහිරි වන
    ආලය ආදරය රාගය මිනිස් ලොව
    පවතින නිසයි ලොව මෙතරම් මිහිරි වන

    ReplyDelete
  20. ආදරය සුන්දරයි...
    විටේක රාගය....
    ගිනි අවුලවයි....

    ඇගේ සිතදැනගෙන...
    ඒ හිතම තේරුම් අරගේන
    කැමති අකමැතී දේ සොයගේන...
    කැපවෙන්න හැකිනම්..
    ආදරය කරන සිතක් වෙනුවෙන්...
    දිනන්න්ට පුලුවන් ජිවිතයම් ඉතින්

    දුන්නොත් යමක්..
    නැවතත් ලැබෙනු රිසිවෙ දෙයක්
    බොහොදෙට පොදුවෙන මෙයත්...
    ආදරයටත් පොදුවෙයි නෙද
    වත්

    ReplyDelete
  21. නියම පැහැදිලි කිරීමක්....!!! මට මෙහෙම දේකුත් හිතෙනව. ආලයේ නියම රසය විඳින්ඩ රාගය නැතුව බැහැ. ඒ වගේම රාගයේ නියම රසය විඳින්ඩත් ආලය නැතුව බැහැ..

    ReplyDelete
  22. @ තිස්ස දොඩන්ගොඩ
    comment කරන්නෙ බැරිම තැන නම් නිකන් හිටහන් අයියෙ. මම උඹ එක්ක තරහ නැහැ. මගෙත් එක්ක මොකක් හරි පරහක් තියෙන විත්තිය මම දන්නව අයියේ... මොනා වුනත් මම තරහ නැහැ...

    ReplyDelete
  23. @ තිස්ස දොඩන්ගොඩ
    comment කරන්නෙ බැරිම තැන නම් නිකන් හිටහන් අයියෙ. මම උඹ එක්ක තරහ නැහැ. මගෙත් එක්ක මොකක් හරි පරහක් තියෙන විත්තිය මම දන්නව අයියේ... මොනා වුනත් මම තරහ නැහැ...

    ReplyDelete
  24. @ SRI MANJULA
    හා හා හා මම දන්නව... අයියා දෙනුවර අන්දරය කියවල තියෙද මතකද ඒ කතාවේ දිවි පුදන පිරිමියා. ඔහු ආදරේ කරන ගැහැණියගෙ ස්වාමි පුරුෂයා මරණයෙන් බේරා ගන්න ඔහු කම ජීවිතය පුඩා කරනව....

    ReplyDelete
  25. @ ඉලංදාරියා;
    අනේ ඔවු ඉලන්දාරියා... මට තාමත් ඔයාගේ බ්ලොග් එකේ කොමෙන්ට් කරන්න බැහැනේ. ලෝඩ් වෙන්නත් වෙලා යනව...

    ReplyDelete
  26. @ චමිල
    මොකද මලේ වවුල් තිප්පල පාලු වෙලා.. වවුලොත් තිප්පල දාලා ගිහින්ද?
    ඔයාගේ නාඹර තරුණ වයසට එහෙම හිතුනත් ටික ටික වයසට යන කොට ආදරය තේරේවි. ඔය නාඹර වයසට එහෙම හිතෙන්නෙ නැත්තම් තමයි පුදුමෙ... ඔයා හරි ...

    ReplyDelete
  27. වත් මම හිතන්නේ..
    ආ ඊට කළින් කිවයන්න ඔන මට දැන් හොදටම වැඩියි.
    අද දැන් ආවෙ..
    කමක් නැ
    රාගයයි ආලයයි කියන්නේ ගහයි පොත්තයි වගේ..
    මම ද්නිාන් නැහැ මම පස්සේ කිවයන්නම්.

    ReplyDelete
  28. @ මාරයාගේ හෝරාව
    ඔය කරටි කැඩෙන්න බොන උදවිය මේ පැත්තෙ නාවට කමක් නැහැ.

    ReplyDelete
  29. මොකද්ද අප්පේ මේ නෝක්කඩුව නංගියේ...
    ඕං මේ මාතෘකා ටික මම භාවිත වචන වලට පෙරලුවා...
    රාගය ~ ගාය, ආලය ~ අලය (කොල්ලෝ එහෙමත් කියනවනේ අල කේස් එකක් කියලා), ආදරය ~ ආරය (පුරුද්දකට ගිය ආදරය... හේතු ප්‍රත්‍ය රහිතවම කරන ආදරය)...
    ඉතින් බ්ලොග්කරනයේ මට අකුරු කල ගුරුවරිය මේ මොකද අමනාපෙන්...
    මොනවා බෙදාගන්න බැරිවද නංගියත් එක්ක පරහක් මේ මම...?

    ReplyDelete
  30. අපොයි අපි තාම පොඩි උන්..ඔව්වා දැන්ම ඔනේනැ :P

    ReplyDelete
  31. අක්කෙ උඹට සමහර විට මාත් එක්ක තරහක් යනවා ඇති.. නමුත් උබ කවදාවත් දැකලා තියනවද රවා මල්ලි තරහන් පුපුරනවා... මම කිව්වෙ මම දැක්ක දෙ... වටහ ගන්න ඔනා සොබාදහම හැසිරෙන විදිය..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...