..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, May 6, 2010

෴ මට එන්නට දෙන්නේ෴


රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා රචනා කරන ලද ගීත අදද රසවිඳිය හැකි අර්ථවත් පද මාලා වේ.

ඔහු විසින් රචිත ප්‍රසිද්ධ ගීත රචනා කිහිපයක් නම්....

දවසක් පැළ නැති හේනේ - ගුණදාස කපුගේ මහතා ගායනා කරන
උලලේනෝ - ගුණදාස කපුගේ මහතා ගායනා කරන
මාවතේ ගිතය - ගුණදාස කපුගේ මහතා ගායනා කරන
කරත්ත කවියක් - ටී.ඇමි ජයරත්න මහතා ගායනා කරන ලද
දොර අරින්න අම්මේ - ටී.ඇමි ජයරත්න මහතා ගායනා කරන ලද
ළඳුනේ ළදුනේ ලැම විතරක් - අරසිරි පිරිස් මහතා ගයන ලද
ඔබ ගෙදර එන්න -නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන ලද

පහත සඳහන් පද මාලාවද එතුමා විසින් රචනා කරන ලද්දකි.

ඇය: මේ විල මල් මඳිව ගියේ
        වෙනින් විලක් සොයා ගියේ
        ඒ විල මල් සුවඳ නැතේ
       මට එන්නට දෙන්නේ

                                         ඔහු 
                                         ඔබ ගිය සඳ විල කලඹා
                                         වෙනින් මලක් පිපුනෙන් මා
                                         ඒ මල රැක මම ඉන්නේ
                                         මට ඉන්නට දෙන්නේ

ඇය: වෙනින් විලක් සොයා ගියා
        කකුළ කාපි දිය බරියා
        මගේ රජුනි බෑ නොකියා
       මට එන්නට දෙන්නේ
                                       ඔහු:
                                       වෙනින් මලක් පිපුනෙන් මා
                                        නැතේ අගය එහි නිම්මා
                                        එමල නෙලන්නද එතනෝ
                                        තකහනියෙම එන්නේ
ඇය: ඉස්සර මෙන් කිරි දෝලා
         සඳවත සේ මුදවාලා
         ඔබට පුදන්නට හිමියනි
        මට එන්නට දෙන්නේ
                                         ඔහු :
                                         කිරි මුට්ටිය ග‍ෙඟේ ගියා
                                         ගග දෙගොඩින් කොක්කු ගියා
                                         කොක්කු කළේ කිරි බීවා
                                          ඔබ ගිය මඟ යන්නේ.......

රංබන්ඩා සෙනෙවිරත්න මහතාගේ හිතේ දුකට කියන කවි පොතෙන් උපුටා ගත්
මම
෴වත්෴

14 comments:

  1. දුකා අයියගේ කතාව කියවලා ඉවර කලා විතරයි...

    මත් රකුසා අපෙන් උදුර ගත්ත ගොන්නෙන් එක මලක්. රන්බන්ඩා සෙනවිරත්න.

    අපිත් බෙදා හදා ගත්තට ස්තූතියි අක්කේ...

    ~~~~~~

    අපට සැබෑ ආදරය හමු වන්නේ ජීවිතයේ එක වතාවයි. එය අදුරා නොගත්තොත්...

    ReplyDelete
  2. @ ම්න්දද
    මාත් ඒ කතාව බැලුව. විවාහය කියන්නේ පුදුම පරිත්‍යාගයක් ඉවසීමක් තියෙන්න ඕනි දෙයක් ද කියල හිතුන.

    මත් රකුසා උදුරගෙන ගිය වගක් මම දැනන් හිටියේ නැහැ මල්ලියො...

    අපරාදේ වටින ජීවිත.........

    ReplyDelete
  3. ඒ දවස වල ඉරිදා රූපවාහිනියේ කතන්දර කියන්න එන්වා ඔය මහත්මය..
    මම හරිම කැමතියි එතුමාගේ කතා වලට.
    මත් රකුසා ගෙනිච්ච වගක් නම මම දැනන් උන්නෙත් නැහැ.

    ReplyDelete
  4. මාත් මේ දුකාගෙ කථාව කියවලා ඉවර වෙලයි ආවෙ..
    ඇත්තටම මත්පැන් ද?? ඒ අකල් මරණයටත් හේතුව එය නම් දන්නේ දැන් මමත්
    ස්තූතියි..!! අක්කේ

    ReplyDelete
  5. ආසම කරන ගීත රචකයෙක්.බොහොම ස්තූතියි අක්කෙ මේක ලිව්වට

    මං ජන්ජාලෙට ආව නැති දවස් ටිකට අක්ක අලුත් වෙලානෙ....:D:D...හොදා...හොදා...

    ReplyDelete
  6. ඔවා ඔහොම තමා ඉතිං
    යන අය දා යන්නේ
    ඒත් ඉතිං කවුරුන් හෝ
    තනියට ළඟ ඉන්නේ...

    හිතේ දුකට කියනා කවි
    හිතට සතුට දෙන්නේ
    ඒ දුක දත් හිතක්,දුකක්
    නෑ හිතකට දෙන්නේ...

    ඉහිරුණු කිරි කඳුළට
    හඬමින් ඇයි ළතවෙන්නේ
    අත පැන් වඩනා නැකතට
    මම දුවගෙන එන්නේ....

    ReplyDelete
  7. සන්සාරෙ දුක තමයි
    වියෝග ඇති වන්නේ
    නිවනට ගියදා සැම
    දුක් නැති වන්නේ...........

    ReplyDelete
  8. ගොඩක් ඉස්සර කියෙව්ව මතකයි ඒ පොත. ඒත් ආයෙත් මතක් වුණා මේකෙන්.
    රංබණ්ඩා සෙනෙවිරත්න මහතා ගීත කිහිපයක් ලියල තිබුණනත් ඒ සියල්ලම හොඳම මට්ටමේ ගීත.
    මත්පැන් බිව්වටම කෙනෙක් මැරෙන්නෙ නෑ. එක එක පුද්ගලයගෙ ලැබීම තමයි.

    ReplyDelete
  9. එතුම විශිෂ්ට ගීත රචකයෙක්.ඔහු ගේ ගීත අර්ථාන්විතයි...එතුමා සිහිකරවීම ගැන ඔඹට තුති!!!

    ReplyDelete
  10. @ Ansh Lucky Sri Jay
    ටීවී බලන්න වෙන්නෙ නැහැ නංගා...
    ඔයා කියනව... එයා ටීවී ප්‍රෝගෑම් එකකට එනවලු.
    තව කෙනෙක් කියනව මත් රකුස බිලි අරන් ලු...

    හිතා ගන්න බැහැ නේ...

    ReplyDelete
  11. @ nimanthi
    ඇත්ත මාත් දැනන් වුන්නෙ නැහැ.

    ReplyDelete
  12. @ හසිත කොල්ල
    ආහ් ... හසිත පුතා... ඔන්න ඔහේ මාත් අලුත් වුනා.. හසිත දැන් උසස් පෙලට බරටම පන්ති යනවද...ජංජාලෙ‍ට ආවෙ නැති වුනාට කමක් නැහැ.
    ඉගෙනීම ගර ගෙන යන්න
    ඔබට ජය ෴

    ReplyDelete
  13. @ ගීතික දිල්රුක්
    @ ``` Outsider``` said...
    @ sampathjt said

    අදහස් දැක්වීම පිලිබදව ගොඩක් ස්තූතියි
    ගීතික කවියෙන්ම ලියල තියෙනව...

    ``` Outsider``` ට ඇත්ත ලබා උපන් හැටියටලුනේ හැමදෙයක්ම

    sampathjt
    මේ පැත්තෙ ඇවිත් සටහනකුත් ලියලම ගීයාට ඔබටත් තුති.

    ReplyDelete
  14. @ විහඟ ගීතය

    යන අයට යන්න කියමු
    අප දෙදෙන මෙහෙම ඉමු
    ලෝකයම කැරකුනත්
    එක තැනක සිත් තියමු

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...