..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, May 30, 2010

෴ පහන නිවී ෴




පාලු හද අරණත්
එය විසුව කුටියත්
එළිය කළ නිසයි නුඹ
පෙම් බැන්ඳෙ මෙතරම්

දියව ගිය පසුවත්
නුඹ දකිනු රිසියෙන්
නුඹ ඇවැසි වුව මුත්
රදව ගනු කෙලෙසින්

නුඹ රඳව ගන්නට
අදුරේම සිටිමි
නොදැල්වුන පහනේ
 සිරිය මම දකිමි.......

පහන නොදල්වා එළිය විඳින 
මම
෴වත්෴
ස්තූතිය : වාසල (වාසලගේ සටහන්)

9 ප්‍රතිචාර:

හසිත ජයසූරිය said...

"පහන නොදල්වා එළිය විඳින මම වත්" හා හා විදින්නකො එහෙනම් :D:D

roylyfernando said...

හ්ම්ම්ම්ම්..

SRI MANJULA said...

පහනක් දෙස බලා හිඳිමින් රෑ මැදියම්
ගැලපූ අකුරු තුල ඇත හද පිරුණු පැතුම්
දල්වන්නට පෙරත් රුව විඳිනට හැකිනම්
දැල්වූ පසුව කොතරම් වේවිද ? මනරම්

පබලු said...

අහිමි වුන මිහිරි මතකයක් මතක් කර කර සතුටින් ඉන්න උත්සහ කරන වත් ...

හරිම ලස්සනයි !!

Ravin Caldera said...

මතකයෝ අදුරේ ම නොමැකි පවතිවි෴

leks' world said...

තුටු මතක සැමරුම්
සිත රඟන බව පෙනේ
අද කීව දෑ නොව
හෙට ඔබ කියන්නේ

පෙර දිනක ඔබ කීව
සෙවණ ඇත මට නම්
සෙවණ ඇති තැන ඉඳිමි
නැත මෙවැනි සැපතක්

කිමද අද මේ කියනු
අඳුර ගැන වදනක්
අඳුර ඇති තැනක නැත
අඳුර මිස සෙවණක්

එළිය ඇති තැනම ඉනු
ඇත එතැන එළියක්
එම එළිය වැසූ ගස
දේ ඔබට සෙවණක්

ලොව එළිය ලැබෙන්නට
වාසනා වේවා
සෙවණ සදනා ගස
වනස්පති වේවා

wath said...

@හසිත ජයසූරිය
කළුවරේම ඉන්න වෙයිද දන්නෙ නැහැ නේද මල්ලියෝ...

@ Royly
ඉතාලියෙන් බස්සෙක් ඇවිත් ද?

@ SRI MANJULA
පහන ගැන කිව
කවිය හැඩ කෙරුව
සහෝදර නුඹට
තුති දෙමිය දැන්ම

@ පබළු
අහිමි පෙමක් ගැන ... කඳුළු බිඳක්..

@ Ravin Caldera
තැන්කු අයියා.......

@ leks'
මම කීවෙ ....
අනේ මල්ලි.. මම මේ ලීවෙ පින්තූරයට හරියන කවියක් විතරයි... පසු ගිය පෝස්ට් සමඟ සම්බන්ධයක් නැත.

පින්තූරය දැක්කම ලියන්න හිතුන දේ ලීව....

මෙච්චර හොදට කවි ලියන ඔයා... ඔයාගේ බ්ලොග් එකේ කවි ලියනව හරි අඩුයි නේද මල්ලියා...

leks' world said...

හපොයි මම ආයෙත් අනා ගෙන නේද? සමාවෙන්න ඕනා.

හසියා said...

මේ ඉතිං අපි ආයේ ඉටි පන්දම පත්තු කරමුකෝ....එහෙම නැත්නම් ලයිට් එකක් දාමු...හිහී හිහී....
ලස්සනයි කවිය අක්කියෝ‍‍.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...