..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, May 29, 2010

෴ ජීවන ගමන෴


සෙනෙහසේ සෙවන යට
ආදරේ වියන මත
නිසංසල දිවි ගමන
ඉඳිරියට යන්නයි

විසල් නුග රුකක් ලෙස
විහිදාලා අතු පතර 
ශක්තිමත් මුදුන් මුල
හදවතම වෙන්නයි

මහා සුළි සුළඟටත්
වැස්සටත් පින්නටත්
එක ලෙසම නොසැලෙනා
දෙහදක්ම වෙන්නයි

නුඹේ මහ සෙවනටම
වසන් වී සැනසෙනා
 මගේ සිත නුඹ නමට
 මියෙන තුරු ඉන්නයි

 
සෙවන දෙන රුක මුල සිටින 
මම
෴වත්෴

18 comments:

  1. ඔබේ සිත ඔහු නමට
    මැරෙන තුරු ලග ඉන්න
    වත් අක්කිට මම
    හදවතින් සුබ පතයි....

    ReplyDelete
  2. හමන මද සුළඟ මැද තුටින් සැනසෙන්නයි
    චන්ඩ මාරුත මැදින් නොවැටි දිරිගන්නයි
    අතුපතර පුරා සෙනෙහෙ දිය ගලා යන්නයි
    සොදුරු රුක් සෙවන යට සිනහ උතුරන්නයි

    වත් අක්කාට සමනලීගෙනුත් සුබපැතුම්!!!!

    ReplyDelete
  3. හමන සුළඟ සමඟ වැනෙන මල් ලතාවේ....
    සිතට සිසිල දෙන්න ඔහුව(තාම ) නැද්ද ආවේ....

    ReplyDelete
  4. අසා ඇතිය මම මෙලෙසින්
    ගහ යට වැසි දෙකක් ලෙසින්
    කියූ එකා හම්බුනෝතින්
    කියනව මං පහත ලෙසින්

    වැස්ස සිතා ඔබ කියුවත්
    දිවි ගිම් නම් බරය මහත්
    සෙවණැති නම් ගසක මහත්
    සතුට එයයි දිවියෙ මහත්

    ReplyDelete
  5. නිසංසල දිවිගමන - ඉදිරියට යන්නට
    ශක්තිමත් බාහුවක් ඇත - ඔබම සොයාන
    ඒ බාහුවේ වේලි සොදුරු සිත
    යන දින තවම බොහො දුරද සොයුරිය
    නුඔ පතන ඒ ලොවට
    නුඔ පිය මනින දින
    නුඔටත් වඩා සතුටක් විදිමි මම
    දුරින් හිද
    ඉතින් අපෙ සොදුරු වත
    ගෙනෙන් ඒ දින බෝම
    විගසින්ම අප වෙතට...

    ReplyDelete
  6. පතන පැතුමන් ඔබේ සිත් තුල
    නුබේ රජ දහනම අරා
    හිතේ ගැබුරුම තැනින් නැග ආ
    ආදරේ රජකුමරුයි එයා

    ගලන ගන්දිය කඩා වැ‍ටුනත්....
    එහි ලස්සනක් පෙනෙනවා
    ඔබේ හිතේ අදර හැගුමන්....
    හෙට දිනේ ජය ගන්නවා....

    ReplyDelete
  7. මගෙනුත් කවියක් හරි නිසදැසක් හරි ඕනේද අදහසට... එපා නේද? ලොකු උදව්වක් කලේ.

    ලස්සනයි අක්කෙ. ටික දවසකින් මේ පැත්තට එන්න බැරි වුනා. ගොඩක් දේවල් තියෙනවා කියවන්න.

    ReplyDelete
  8. ඒ විසල් සෙවනේ සැමදා නුඹට සෙවන ලබන්නට
    මගේ සුභ පැතුම්....

    ReplyDelete
  9. හොඳයි එහෙමනම්...
    නුග සෙවනක් සේ ඔබට සෙවණ සදනු ඇත ඒ ඔහු......
    මද පවනක් වී ඔබට සිසිල සදනු ඇත ඒ ඔහු....

    ReplyDelete
  10. @ හසිත ජයසූරිය
    වත් අක්ක ළඟ
    හාමදාම ඉන්න
    මුළු හිතින් මට
    සුබ පැතුම් දෙන
    මගේ මල්ලියෝ
    ඔයාට ගොඩක් පිං...........

    ReplyDelete
  11. @ punchisamanalee
    සමණළ තටුවක සිරි
    මගේ පිටුවට කිරි
    ගෙන එන පැටික්කි
    සමණළ පැංචි
    ඔයාටත් ගොඩක් තැන්කු

    ReplyDelete
  12. @ indi
    සුළඟක දැවටී
    පැතුමක විසිරී
    සුවඳේ පාවී
    ඔහු ආවා.....

    මා ගැන සොයා බලනවට ඔන්න ඔයාටත් තැන්කූ කීව..

    ReplyDelete
  13. @ leks' world
    කරකවල අතහැරිය වගේ ලිපි ලීවට...ලෙක්ස් මල්ලිට ලස්සනට කවිත් ලියන්න පුලුවන් නේ...

    වෙලාවකට මට හිතෙනව .. ඇත්තටම මේ දෙන්නෙක්ද කියල..

    ලේක්ස් වර්ල්ඩ් ලියන මල්ලියි.. මට කොමෙන්ට් කරන ලෙක්ස් මල්ලියි හරිම වෙනස් නෙව.....

    ReplyDelete
  14. @ මම
    එදවස ආ විගස
    කියමි පළමුව ඔබට

    ReplyDelete
  15. @ ඉලංදාරියා
    කුමරු කිමරිය හමුවනා දින
    තවත් කල් යනු මට දුකයි
    ඉතින් ඉක්මන් ගමන් හොද දෝ
    ඔබෙන් අසමින් නිහඩ වෙම්

    ReplyDelete
  16. @ මින්දද
    මින්දද මල්ලියෝ.. ඔය සැරේ කියවන්න ගොඩ ගැහෙන එකක් නැහැ....

    මම වෙන වෙන වැඩ කටයුතු තිහිපයක් සඳහා හිත යොමු කරමින් ඉන්නේ මේ දවස් වල.....

    ReplyDelete
  17. @ sampathjt
    හ්ම් හ්ම් තැන්කූ ... ගොඩක් දවසකින් නෙව දැක්කෙ..
    ඉගෙන ගැනීමට සිර වෙලාද.....

    ReplyDelete
  18. @ තිස්ස දොඩන්ගොඩ
    අන්න හරි.... මටත් ඒ ගීතය මතක් වුනා..
    අයිය ලංකාවට එන ඒ විශේෂ දිනව ළඟයි ලු නේද...
    මේ පාර පෝස්ට් එක අයියට තමයි...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...