..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, May 28, 2010

෴ ජීවිතය මෙය නම් ෴

අද උදෑසනම email ගිණුම දිගහැරියේ හිතේ දහසකුත් බලාපොරොත්තු ගොන්නක් රදවා ගෙනයි...... Inbox දිගේ දිව ගිය නෙතු සොයමින් සිටි ලිපිනයේ නතර වූයේ ඈසිල්ලකිනි. බිලොග් කොමෙන්ටු පමණක් මෙල් ලෙස ලැබෙන මට ලිපියක් ලැබෙන්නේ ඔහුගෙන් පමණි...... හිත ප්‍රීතියෙන් පිනා ගියත්........... ලිපිය දිගේ දුවන නෙතු පියන් වල කඳුළු තැවරෙන්නට වැඩි වෙලාවක් වුවමනා නොවීය.......

නොදනීම ගලා ආ කඳුළක් යතුරු පුවරුව මත රැදෙනු දුටු විටයි මා පියවි සිහියට පැමිණියේ...........................

ජීවිතයේ තෙවන වරටත් මගේ සියළුම බලාපොරොත්තු ගිලිහී ගොසින්.......................

ප්‍රථමයෙන්  මගේ තාත්තා මිය ගිය එදින දැනුන වේදනාවත්
දෙවනුව මගේ ප්‍රථම ආදරය ම බොරුවක් බව දැන ගත් එදිනත්
තෙවනුව අදත්

මට දැනෙන්නෙ එකම වේදනාවයි..................

තිදෙනාම පිරිමින් වෙයි.... නමුත් විවිධාකාරය ........... ලැබුන දුක නම් එකමය...................

මුලු ලොවකටම පිටු පා අහසක් තරම් ආදරය කරන්නට කෙනෙක් ලැබුනයි සිතූ මම අද ඒ තරම්ම ආද​රයක් නිසා ගොළු වී වේදනාවෙන් මිරිකී සිටිමි......... වෙනදා මෙන්නම මගේ දුක ලියන්නට අසන්නට සිටින මගේ එකම මිතුරා වන බිලොග් පිටුව ට සියල්ල පැවසීමට මම සිතුවේ වේදනාව සිරවී මා මිය යතැයි සිතුනු නිසාය.......

දුක් ගීම... තනිකමම ලියවුනු මගේ බිලොග් පොතේ.. සතුට සැනසීම උතුරන්න ගත්තේ ඔහු හමුවූ පසුවයි.... ඒ බැව් මට නොහැගුනත් සැමදා මා හා රැඳුන මගේ සහෘදයන්ට ඒ බැව් දැනී තිබුනි...." වත් අක්ක දැන් සතුටින්" කියල ඔවුන් කීවේ ඒ නිසයි...

දුරකථනය ද නිහඬය ඒ බිල නොගෙවූ නිසාය........  හද සැනසවූ ඒ කඬඬ ඇසීමේ දරුණු උවමනා​වකින් ඊයේ රාත්රියේ පෙළුණු මා විනාඩියකට හෝ මා සමඟ කතා කරන්නයි ඔහුට දන්වා යැවුවෙමි.......... හැරෙන තැපෑලෙන් සතුටින් කතා කර ඔහු මෙවැනි ලිපියක් ලියාවියයි මම සිහිනෙන් හෝ නොසිතුවෙමි..............

මා පෙර සිටි ලෝකයට මා රැගෙන යනු මැනවි
ආදරය කරන්නට මා නොපෙළඹවනු මැනවි
මගේ කුඩා කුටිය මා පමණක් සිටින හිස් වු කුඩා ලෝකය
මා නැවත පැමිණෙන තෙක් බලා සිටිනා සෙයකි

අනේ මට කෑගසා අඬන්න පුලුවන් නම්
මගේ පියා මිය ගිය එදින වගේ
එහෙනම් මේ දුකින් බිඳක් හරි අඩුවේවි
අඬන්නවත් බැරි තරමට අද මා අසරණයි

මා නැවතත් මිය දෙමින් සිටින්නේදැයි සිතේ

මා මිය යන තෙක් තනිකඩව සිටිමි ..........................

ඔබගේ ලස්සන අද දවස මා නිසා අසුන්දර වුනානම් මට සමාවන්න.............. මා ආදරය කළ ඔහු මට වෙනකෙක් සමඟ සතුටින් දිවි ගෙවන්නයි පවසන්නේ මට ඇති ආදරය නිසාම බව මම දනිමි............ එහෙත් .......

පතන දේ ඒ අයුරින්ම ලැබී .. අත මානයේ පෙනි පෙනී .... ළංකර ගත නොහැකිව මා පෙළන්නේ කිමද.........
වරද මගෙයි ..........
වැරදිකාරී  
මම
෴වත්෴

14 ප්‍රතිචාර:

හසී said...

අනේ මන්දා අක්කේ මොනවා කියන්නද කියලා ගොඩාක් දුක හිතුනා මට..

හා පැටික්කි (MS) said...

ජීවිතේ ගැන හරි හැටි තේරුමක් බේරුමක් මටත් කියන්න නම් දෙයක් දන්නෑ අක්කේ අක්කගේ සතුට වගේම දුක බෙදාගන්නත් ලගින් ඉන්නම්.........

මම said...

අනේ මන්දා වත් අක්කා අයේත් ඔයා කදුලුත් එක්ක ජිවත් වෙන දවසක් එයි කියලා මං නිකමටවත් හිතුවෙ නෑ..මොනා කියලද ඔයාගේ හිත හදන්නේ කියලා මං දන්නෑ.ඒත් අක්කා පුලුවන් තරම් කල් ඔයත් එක්ක ඉන්නම් ඔය දුක බේදාගන්න

දිල් said...

වත් අක්කේ,

පහුගිය කෙටිකාලය පුරාවටම ඔයාගේ සතුට දැකපු මම මගෙ යටිහිතින් ප්‍රාර්ථනා කලේ ඔය සතුට කවදාවත් ගිලිහෙන්න එපා කියලායි.ඒත්....

ඔයා ඉන්න තැනම මම ඉන්නේ කිව්වොත් ඔයා විශ්වාස කරයිද මන්දා...ඒත් මමත් එතනමයි. මගෙ මුළු ජීවිතයම කැපකලේ පළවෙනි ආදරයට....නැති උනා...නැති කලා...අවුරුදු 2කට පස්සෙ දෙවෙනි ආදරය දැනුනේ මට අයිති නැති කෙනෙක්ට...ආයෙමත් හැරෙන්න බැරි නිසා තවමත් ඒ පාර දිගේම යනවා....ඒත් මම කැමති නෑ මම විඳින දුක තවත් එක කෙල්ලෙක්වත් විඳිනවට වත්...ලේසියෙන් හිත හදාගන්න කියන්න තරම් මම මෝඩ නෑ.ඒ ඔය දුක දන්න නිසා......හිත ශක්තිමත් කරගන්න මේ වෙලාවේ...එච්චරයි

පුර සඳ said...

වත්... තව අවුරුදු 5 කට පස්සෙ.. හැරිලා බලන්න..අද ඔයාට දැනෙන දේ එදාට හරිම සාමාන්ය දෙයක් වෙයි... ඒක පරිණතියෙ කොටසක්..
ඔයාට ලැබෙන්න තිබ්බ එක්සස් බැගේජ් එකක් ඉවත් උනා කියලා හිතන්න... ඉබේ දැනෙන දේ ට වඩා දැන ගන්න දේ හුඟක් වටිනවා..

Anonymous said...

Thamun kemethi dey thamun langata ewith thiyeddi nethi wenawa kiyanney daraa ganna amaaru deyak thami. Matath ehema wuna. namuth bohma amaruwen hitha had gaththa. Mamth danna dahan geta okkoma demma ey dey laba ganna namuth awasaaney maam therum gaththa mama duwanney miringuwak passey kiyala. Samaharwita ey daiwaya ho karmaya wenna ethi. Apita apey destiny eka wenas karanee puluwan eka pramanyakata withrai. ekath podi percentage ekak. Wedi pramanyak wenas karana be.mata thiyena ekama happiness eka mama hithapu dey laba ganna mama minihek karannea puluwan hema dema kala kiyana hengeema witharai . Hebei ey hethuwama hindama sehenna windewwa.

Aadraya saha wirahawa kiyanney hariyata "Risk and Return "wagey theory ekak. Aadrayen lebena satisfaction wedi wena kota eken lebenna puluwan wirahawath wedi . Jeewithey hema deyma wenney hondatai kiyala apita hema thissema hitha hada ganna be , meka karmay kiyala hitha hada gannath be ...api hema tissema apey destiny ekak hoyanwa"..aadrayedith ehemai .

"Wath" , you have a life ahead.Think about your tomorrow and day after tomorrow now. I can see a loving husband helping you in the kitchen and beautiful kids running around a garden ! Life is not cruel always .....Good luck !

හසියා said...

අක්කි මටත් ඔයා ගැන දුකයි.....ඒත් ඉතිං මොනා කරන්නද? මටත් ඔයවගේම අත්දැකීමක් තිවෙනවා...ඒ හැමවෙලාවකම මගේ ලගින් මගේ දුක නැතිකරන්න හිටියේ යාළුවෝ විතරයි...

අක්කිටත් අපි ඉන්නවා ලගින්ම....
සියල්ල හොදින් සිදුවෙලා ජීවිතයේ සතුට ඉක්මනින්ම ලැබෙන්න කියලා මුළු හදවතින්ම පතනවා.....

මාරයාගේ හෝරාව said...

මෙ මොන මගුලක්ද..?

උදේ එකක් හවස තව එකක්..
අනේ මෙ දරුවෝ ආදරෙ ඔහොම තමයි..
හෙට උදේට ඔයා තව මොකක් හරි කියාවි..
අපි බලන් ඉඳීවි..
පොඩ්ඩක් අප්සෙට් උන ගමන් තනිවම තීන්දු තීරණ ගන්නේ නැතිව චුට්ටක් කල් දීලා බලන්න පුරුදු වෙනවා..
බක පණ්ඩිත ආච්චි අම්මා නොවී..
මොන මගුලක්ද..?
ඒ දෙන්නා පොඩ්ඩක් රණ්ඩු උන ගමන් අපි ඔන අඩ අඩ ඉන්න..
හවස් වෙනකල් ඉන්නවා..
පොඩ්ඩක් ඉන්නවකෝ මම කතා කරනකල්..

රවා said...

වත් අක්කා... ජිවිතෙ රැවටෙන්න එපා... තමුන්ගෙ ශරිරයෙන් පිට ඉන්න මනුස්සයෙකුට තමුන්ගෙ හදවතෙ සතුට පාලනය කරන්න දෙන්න එපා... විස්වාසය... ආදරය හැමදා එකවගෙ තබා ගන්න අමාරුයි.. ස්බාදහමෙ තවත් නියමයක් කියන්නම්.. කාලානුරුපිව ඈත් විම... හා ලං විම.. පුංචිම පුංචි පරමාණුවෙ ඇතුලෙ තියන ඉලෙක්ට්‍රොනයෙ යත් ප්‍රොටොනයත් අතරන් පටන් ගෙන මහා මන්දාකිණි අතරත් මෙ දෙම සිද්ධ වෙනවා.. මෙ නියමයට ස්බාදහමෙ හැමදෙම යටයි.. අක්කා.. බලාපොරොත්තුව කියන දෙ අපිව රවටනවා.. ඔයා ඇත් වෙද්දි දුක් වෙන්නත්, ලංවෙද්දි සතුටු වෙන්නත් යන්න එපා.. ඉවසීම .. එක තමයි වටිනාම ආභරණය මනුස්සයෙකුට තියන..

kumaraya said...

තුන් දෙනෙක්ම අකමැති වීමට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනනේ.... සමහර විට ඔයාට ඒක තේරෙන්නෙ නැතුව ඇති...
මෙහෙම කිව්වට මා සමග අමනාප වෙන්න එපා. මටත් ඔයා ගැන කණගාටුයි.. ඒත් ඉතින් මොකද කරන්නේ....
කලබල නොවී ඉන්නකෝ.. මාරයා කිව්වා වාගේ ... සමහර විට හෙට හෝ අනිත්දා ඔබට ඔහු නැවත කතා කරන්නත් ඉඩ තියෙනවා...

මනෝ( TMG) said...

Hay Wath never depend on some one else for ur happines .Ur life is preciouse for urself .Not some one else .So its up to u to make it happy . be strong girl .

Never live to love .but LOVE TO LIVE . Just be urself . There is nothing wrong with u .never listen to others and their analysis abt what happend . its happend .let it go and make ur self happy

this is how I think in similar situations ! belive me it works well .

කතන්දරකාරයා said...

මගේ ජීවිතයේ සතුටුම දවසක, ඔබේ ජීවිතයේ දුක්බර කතාවක් අහන්න ලැබීම දුක දෙගුණ කළා.

සතුට වගේම දුකත් හැමදාම අපි ලඟ නෑ. අට ලෝ දහම කැරකෙනවා.

ඊයේ නේ ග්‍රහ මාරුව වුනේ මාරයා කියපු විදියට. තව දින දෙකහාමරකින් තව මාරුවක් එනවා.

ඉවසන්න.

indi said...

හහ් හහ් හහ්....හොහ් හොහ් හොහ්....මම ඔයාට කලින් තියල තිබුන කොමෙන්ට් 1ක කිව්ව ලෝක වෙළඳ මධ්‍යස්තානෙ වගෙ ලොකු හීන බිල්ඩින් ගහන්න එපා බින් ලාඩන් ල ඉන්නව කියල ....කෝ ඇහුවයැ...කනකට ගත්තේ නෑ කිව් කිසිම දෙයක්....යස වැඩේ....ගනන් ගන්න එපා නැට්ට පිටින් අලි මැරෙන්නෙ ගහට ඇටෑච් වෙලා.....ඔයාගෙ ඩිරෙක්ට් මල්ලි කෙනෙක් හිටියනම් ඔහොමයි හිනා වෙන්නෙ.....

.::පිස්සා::. said...

කෝ මේ විහඟේ????

අනේ මන්දා වත්, මොනවා කියන්නද කියලා..

(අපේ උත්තරා මාව දාලා ගියපු වෙලාවේ, මම හිතුවේ මම මැරේවි කියලා... ඒත් මම මැරුනේ නෑ.. ඒත්, එයා මාස 2කින් ආපහු එනකොට, මම පිස්සු කෙලලා මාස 2ක වටින කාලේ නාස්ති කරගෙන.. ඒක නිසා, මගේ ජීවිතේ වටිනාම දේවල්, හැම එකක්ම කල්දාගන්න උනා. ඔයා එහෙම වෙන්න එපා.)

සමහරවිට ඔය විහඟයා ආපහු එයි... අපි බලමුකෝ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...