..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, May 27, 2010

෴ පමා වූ සෙනෙහස ෴

අද මම කියන්නම් ලස්සන පුංචි කුරුල්ලෙක් ගෙ කතාවක්........

 
 දැනට වසර කිහිපයකට උඩදි නම් මේ කුරුල්ල තරම් සතුටින් සැහැල්ලුවෙන් හිටිය වෙනත් කෙනෙක් නැති තරම්.... ධනයෙන් බලයෙන් කුලයෙන් රූපෙන් හැමදෙයින්ම දිදුලන කිරුලක් මේ කුරුල්ලට තිබුන.... කාගෙත් ආදර ගෞරව බැද ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවුව කුරුල්ලට කිරිල්ලියකුත් ජෝඩු වුනා / ජෝඩු කරා.....

ජෝඩු වුනාම ජීවිතේ තවත් ලස්සනලු... ඉතින් මේ කුරුල්ලත් ඒ ලස්සන යුග දිවියේ ​තේමා ගීතය ගයන්න කිරිල්ලිවත් එකතු කර ගත්ත.... ඒත් ජීවිතේ හැමදාම හැමදේම එක විදිහට තියෙන්නෙ නැහැ කියන අනිත්‍ය සිහි කරමින් කුරුල්ලටයි කිරිල්ලිටයි දෙපසට වෙන්න සිද්ධ වුනා............

එදා ඉඳල ඒ කුරුල්ල තමන්ගේ ඒ ආදරණිය විජිතයෙන් ගොඩක් දුරට ගියේ ඉන්න ඉන්න හිතේ ඇතිවෙන දුක් කන්දරාව දරා ගන්නම බැරිවයි.......... ඒ ලස්සන ලෝකෙන් පියාඹලා ඇතට ඈතට ගිහින් නතර වුනේ කාන්තාර ලෝකෙක... ලස්සන ලස්සන ගීත ගයන හැටි ඒ කුරුල්ලට අමතක වුනා.... දුක රජයන හිත සුව තර ගත්තේ වැඩෙහිම යෙදිල ..... 


ඉතින් මෙහෙම කාලයක් යන කොට බිදි සිත ටිකක් සුවපත් වුනත් පෙර තත්ත්වයට එන්න බැරි වුනා වගේම වතුර යට තියෙන රබර් බෝලයක් වගේ විටින් විටින් අතීත සුවඳ හිත පාරන්නවුනා.........


ඒ දුකෙන් මිඳෙන්න හිතපු කුරුල්ලා ආයෙත් පාරක් අර ලස්සන ගීත ගයන්න උත්සාහ කරා.... අමතක වෙලා තිබ්බ ඒ ගීත වල පද වැල් ටික ටික තුඬගට එනකොට ආයෙත් ඒ සිත සතුටින් පිරෙන්න වුනා....

ඒ සතුට දෙගුණ වෙන්න පුලුවන් විදිහෙ පුංචි සිද්ධිදාමයකුත් ඒ අතර රැදිල තිබ්බ. ඒ තමයි ඒ කුරුල්ලගේ දුක් ගීතයට සවන් දෙන්න ඒ ගීත රස විඳින්න අඩු පාඩු පෙන්නන් පුලුවන් විදිහෙ පුංචි කිරිල්ලියකුත් අහම්බෙන් වගේ මුණ ගැසීම....පමා වෙලා මුණ ගැසුනත් සසර පුරා හුරු සුවඳක් ඒ ගීත වල තියෙන බව ඒ පුංචි කිරිල්ලිට දැනුන..... එතෙක් හිතේ හිස්ව තිබුන ලොකු ඉඩකඩට හරියටම හරියන විඳිහෙ කිරිල්​ලියෙක් වෙච්චි මේ පුංචි කිරිල්ලිව අතහැරල යන්න බැරි ලෝභ කමකින් කුරුල්ලගෙ හිතත් බැඳුන................


කිරිල්ලිටත් ප්‍රශ්ණ ගොඩයි......... දාලා යන්න බැරි තවත් හිතක් කිරිල්ලි ළඟ තියනව......................

දන්නෙම නැතිව ආදරයකට හැරුණ මේ හමුවීම ඒ හිත් දෙකටම අරන් ආවේ පුදුමාකාර සැනසීමක් එක්කම දරා ගන්න බැරි දුකක් කියල කීවොත් ඔබ විශ්වාස කරනවද?

සසර පුරා සෙවු දෙයක් හමුවීමේ සැනසීම වගේම......................
හමුවූවත් ළං වෙන්න බැරි දුකත් ඒ දෙහදේ රැඳී තියෙනව...................

අද වගේ පින්බර දවසක මගේ ප්‍රාර්ථනය ඒ කුරුල්ලටත් කිරිල්ලිටත් හරිමඟ සොයා ගන්න උදවු ලැබෙන්න කියලයි.................

 අතරමං වූ පුංචි කිරිල්ලි
මම
෴වත්෴

12 ප්‍රතිචාර:

nethu said...

අද වගේ පින්බර දවසක මගේ ප්‍රාර්ථනයත් ඒ කුරුල්ලටත් කිරිල්ලිටත් හරිමඟ සොයා ගන්න උදවු ලැබෙන්න කියලයි

Kandulu Binduwa said...

කුරුල්ලටයි කිරිල්ලිටයි වෙන්වෙන්න වුන හේතුව මොකක්ද??කන්තරයක නම් සියලුම මද පෙරදිග රටවලින් එකක් විය යුතුටයි..කොහොම වුනත් කට වුනත් හොඳක් සිදු වෙනවනන් හොඳයි..

හසී said...

මගේ ප්‍රාර්ථනයත් ඒ කුරුල්ලටත් කිරිල්ලිටත් හරිමඟ සොයා ගන්න උදවු ලැබෙන්න කියලයි.

මම said...

ආදරණිය වත් අක්කේ...
මේ සුපින්බර වෙසගේ මගේ ප්‍රාර්තනයත් මෙලෙස එක්කරන්නම්,
පුංචි කුරුල්ලටත් කිරිල්ලටත් සියලු බාධක මැඩගෙන ලස්සනම ලස්සන,පුංචි, සෙනෙහෙබර සතුට සැනසුම පිරි කැදැල්ලක වෙසෙන දවස හැකි ඉක්මනින් උදාවේවා....!!!!

හසිත ජයසූරිය said...

අනිත් අයියල අක්කලගෙ වගේම මගේ පාර්තනයත් ඒ කුරුල්ලටත් කිරිල්ලිටත් හරිමඟ සොයා ගන්න උදවු ලැබෙන්න කියලයි.

උන්නැහේ (පිලේ පැදුර) said...

අනේ සාදු.... යහපතක්ම වේවා!

Yasela Sumanasinghe said...

ඔව්...අනන්තයක් වු අහසේ වල්මත් නොවි..සහයෝගයේන් එකට පියාඹන්න ලැබේවා..

මාරයාගේ හෝරාව said...

එහෙ මෙහෙ ගිහින් තියෙන හිත එක්කාසු කරගෙන..
අනන් මනන් නොහිතා..
පරණ සබන් කෑලි වලට යන්න කියලා..
ඔන්න ඔය කුරුල්ලත් එක්ක 'වත්' ජෝඩු වෙලා..
සතුටින් ජීවත් වෙන්න ලැඛෙවා...
එතකොට ඉතින් අපිටත් සැනසීමයි..

wath said...

ආදරය හරිම පුදුමාකාර දෙයක් අද තිබිල හෙට නැති වෙනවනම් ඒ ආදරේ නෙමෙයි... දවසින් දවස වැඩි වෙන දෙයක්..
ලැබෙන්නෙ නැති දේවල් ගැන හිත හිත දුක් වෙන්නත් බැහැ...

@nethu
@Kandulu Binduwa
@හසී
@මම
@හසිත ජයසූරිය
@උන්නැහේ (පිලේ පැදුර)
@Yasela Sumanasinghe
@මාරයාගේ හෝරාව

ඔබ සියළු දෙනාමට ආදරෙයේ නියම සඅවය දැනේවා෴

Anonymous said...

පුoචි කුරුල්ලා=විහග ගීතය
පුoචි කිරිල්ලී=වත්
කුරුල්ලටයි කිරිල්ලටයි අපෙන් සුභ පැතුම්

Anonymous said...

පුoචි කුරුල්ලා=විහග ගීතය
පුoචි කිරිල්ලී=වත්
කුරුල්ලටයි කිරිල්ලටයි අපෙන් සුභ පැතුම්

ඉලංදාරියා said...

මම මේ පැත්තේ එනකොට පාරක්කු වෙලා .....සමා වෙන්න ඔනේ...මගේ පින් බර ප්‍රර්තනය...

කිරිල්ලිටයි කුරුල්ලටයි එක්වෙන්න ....ලස්සනම ලස්සන...ප්‍රෙම ගිතය ගයන්න ඉක්මනින්ම ලැබේවා.........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...