..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, May 26, 2010

෴ සැනසිම෴

 

දුර ඈත යනදා
නුඹ මාව හැරදා
සිප සනසවන්නම්
ගොස් නැවත එන්නම් 

හෙට දින උදාවන
හිරු පමා වේ නම්
මේ මොහොත සොඳුරුයි
සඳ නොබැස යා නම්

හෙට අළුයමින් මා
එහි සිටිය යුතු වේ
 ඉක්මනින් ගියොතින්
යළි ආය හැකි වෙයි

දුර නොවෙද යන්නේ
 හිත ළඟින් ඉන්නම්
යළි දකිනු කෙදිනේ
 ඉක්මනින් එන්නම්
 
උණුසුමට ගුලි වී
 සිත් අතර තනි වී
සුවඳ තවරන්න 
එනතුරු විඳින්න 

හිත දීල යන්න
හැකි විගස එන්න
 නුඹ නාවොතින් නම්
හිත නුඹට නැති වෙයි

තනියට හිත ඉල්ල ගත්තු 
මම
෴වත්෴ 

5 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

නුබේ ඔය තනියට....
ඒ සුවද විතක් ...
මදිද.......

හදවතේ පිරුනු ඔය...
සෙනෙ හසේ සුසුම් පොද...
නුබේ ඔය තනියට මදිද?....

ඔහු ගියත් මොහොතකට
ඉක්මනින් එවි....
අයෙමත් නුබ ලගට....


එතකන් මග බලන් ඉන්න වත්

හසිත ජයසූරිය said...

අක්කෙ කවි පන්තියෙ නම් ලස්සනයි.ඒත් මට මේක පැහැදිලි නැනෙ

විහඟ ගීතය said...

නුඹේ තනියට මම්
හිත දීල යන්නම්
ඒ හිතට තනියක්
නොම දෙන්න
එහෙනම්

Kandulu Binduwa said...

හරිම ලස්සනයි..මම හෑමදම ඔය ලියන ඒවා ආසවෙන් කියවනවා,

රවා said...

සොඳුරු සිතැත්තියෙ.. අක්කෙ අවදි වෙයන්.. උඹෙ සැප දුක කොහොමද දන්නෙ නැහැ එක හින්දයි මෙ පැත්තෙ ආවෙ..උබෙ නංගිගෙ මංගල්‍ය කොහොමද යසට කෙරුනද,.... මුකුත් දන්නෙ නැහැ... මල්ලිට මතක් වුනා අක්කව.... එකයි මාහා රැ යමෙ මෙ පැත්තෙ ආවෙ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...