..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, May 25, 2010

෴ ශේෂ වූ ප්‍රථම හාදුව ෴




 මගේ බ්ලොග් සහෘදයෙක් වන යසේල කොමෙන්ටුවකට කල සඳහනක් තමයි මේ පහල ඉංග්‍රීසියෙන් තියෙන්නේ ....................

For it was not into my ear you whispered, but into my heart.
It was not my lips you kissed, but my soul.
- Judy Garland


ඉතින් මට මෙහෙම ලියන්න හිතුන .................................

තොලින් තොල බැදි හාද
හිතින් යා නොවේ නම්
තොලට තොල යා කෙරුව
සිතත් මගේ නොවෙයි නම්

හාදුවෙ තෙතමනය
හදේ නොම රුදේ නම්
ඉතින් කුමකටද තව
ලොවක් ඉදි නොවේ
නම්
 
රාගයක් පමණක්ම ශේෂ කළ ආදරේ
රාගයක් පමණක්ම ඉපයූව දෝ කෙසේ

මගේ මුලු ජීවිතේ
ඔබෙන් තොර වුනාවේ
හාදුවත් රැගෙන නුඹ
සිතෙන් පිට වුනාවේ

ප්‍රථම හාදුවේ මතක උරුම
මම
෴වත්෴

"~~~~~ හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම හතර මායිමෙන් එහා නොයා" ..~~~~~~~~

10 ප්‍රතිචාර:

indi said...

හාදුව කියල කෙටිකතාවක් තියනව ඇන්තන් චෙකොෆ්ගෙ...මාරයි....

අනුරාධ said...

අපොයි මට හොඳටම ලැජ්ජ හිතුනෝ.......... උපන්තේක්කට මේ වගේ පින්තූරයක් දැක්කමයි. මෙන්න වත් අක්කා පුංචි අපිව නරක් කරනෝ.....

Yasela Sumanasinghe said...

comment එකට ..පොස්ට් එකක්ම දාපු එකට ස්තුතියි..ප්‍රථම හාදුව ගැන ගොඩ දෙනෙන්කුට තියෙන අත්දැකීමක්...හොදට ලියලා තියෙනවා..

ඉලංදාරියා said...
This comment has been removed by the author.
ඉලංදාරියා said...

මේ දවස්වල මොනවා වෙලාද දන්නේ නැහැ...මාර සං කල්පනා නොවැ පහල වෙන්නේ .......

උනුසුමෙන් සතපවා
ප්‍රතම හාදුව මගේ
ආදරෙත් කැටි කරන්......
නලල් තල පුරා දුවපුබව.....
ඔබට අමතක නමුත්.....
මට තාම මතකයි
එදා වගේ......

මාරයාගේ හෝරාව said...

ඔයාගේ මෙයින් පසු දැමූ සටහන මට කියවන්න බැහැ.
ඒ මොකද..?

සුභ උපන් දිනක් වෙවා..
(හා හා දැන් කේක් දෙන්න..මට ඉක්මනට යන්න තියෙනවා..)

හසිත ජයසූරිය said...

අම්මෝ පොටෝ එක දැක්කම බය හිතෙනව :P

මේ දවස් වල අක්කට මාර මාර අයිඩියාස්නෙ පහල වෙන්නෙ....හොදා හොදා ඔහොම යන් :D:D

Indika said...

"හාදුවෙ තෙතමනය
හදේ නොම රුදේ නම්"

"හාදුවත් රැගෙන නුඹ
සිතෙන් පිට වුනාවේ"
?????!!?????

Bunny ! said...

චිකේයියා....! මම දුවනවා :-D

මධු වීරකෝන් said...

හරිම ලස්සනයි...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...