..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, May 24, 2010

෴ ශෘංගාරය ෴



ආදර වැස්සේ තෙමෙන්න
පුංචි හාදුවක් තියන්න
නුඹ තු​රුලේ ගුලිව ඉන්න
සිහිනෙකින් වගේ

මගේ කුසේ සමණළයින්
පියඹනවා සේ දැනෙන්න
දෑස් පියන් පියවීලා
මුමුණත් බැරිව යන්න


 ඈත ඈත ඈත ඉඳින් 
රෝස මලේ සුවඳ අරන්
ඒ සුවඳින් මගේ දෙතොල් සුවඳ කරාවි

නුඹේ සුසුම් මගේ සුසුම් 
එකම විටක හඩනැගෙනා
 ආත්මයන් දෙකක් ඉතින් එකතු කරාවි
 

සමණළයන් පියාඹන යාමයක
නුඹ සෙවූ මම
 ෴වත්෴

13 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

සිහින් සුසුම් පවන් සරින්..
ආත්මයට සවන් දෙන්න..
ඈත නෙවෙ මෑත ඉඳන්..
හද විල සුව සොයා යන්න..

ජීවිතයම එක්තැන් කොට..
සුමුදු යහන් මත හොවන්න..
ආදරයේ මිහිරි සුවය..
දිවිය පුරා පතුරවන්න..

පියවී ගිය නෙතු අද්දර..
තොල් පෙති මත රගන නිබඳ..
ජීවිතයම එක්තැන් වන..
ආදරයේ සොඳුරු මොහොත..

දිල් said...

මෙච්චර මේ වහින කාලෙට වත් මතක් කරන ඒවා බලන්නකෝ ඉතින්...දුක නැද්ද මම අහන්නේ...
අපිත් ඉතින් ආදරේ කොරපු අය නොවෑ

මින්දද said...

ශෘංගාරය උපරිමයි... උපරිම වැඩිවෙලා ආදරය අමතක වෙලා ආශාව පැත්තට ටිකක් බරවෙලා වගේ.. මොනවා වුනත් ලස්සන නිර්මානයක්.

wath said...

කොමෙන්ටු 3ක් ඇත.... දිස් වන්නේ එකක් පමණි...
ජංජා​ලයේ වරදක් ද?

wath said...

මින්දද
පුලුවන් නම් පොඩි උදවුවක් අවශ්‍යව ඇත....
ඔයාගේ බ්ලොග් පෝස්ට් එකේ ගීතය බාගත හැකි සබැඳිය දෙනවාද.... පිං ...

ඉලංදාරියා said...

හිරිකඩ පිනිවලින් තෙමී
අහසේ මොදුවන ...සද....
කැලුම් දකින විට...
හමන සුලගත් හාදු තියනකොට....
හිරිඔතප් බිදුනා......

හදවත......
එකම රිද්මයක් වයනකොට
කින්කිනිහඩ හා මුසුවෙනකොට
ජිවිතේ මෙතරම් සොදුරු දැයි
හැගුනා.........

මින්දද said...

අක්කේ..

මම ලින්ක් එක දැම්මා. ගිහින් අරගන්න. පරක්කු වුනානම් සමාවෙන්න ඕනේ. මම දැනුයි දැක්කේ...

රවා said...

අද අමුතුම මාතෘකාවක්, සංස්කෘතියට අනුව ගැහැනියකට නොහොබිනා මාතෘකාවක් කියලයි හංවඩු වඩුගැහිලා තියන්නෙ..
නමුත් අක්කා එකිනෙකට සබැදිව පවතින අපුරුම දෙයක්, සමහර මිනිස්සු හැමදාම තර්ක විතර්ක විශ්ලෙෂන වලින් වලින් වෙන් කරලා පැහැදිලි කරන්න උත්සහා ගන්න දෙයක්. එත් එගොල්ලන්ට වරදිනවා නමුත් එගොල්ලා එක පිලිගන්නෙත් නැහැ.
අපුරුයි.. අපුරුයි..

විහඟ ගීතය said...

නුහුරු සුවඳක ‍රැඳුනු
වත්සුනු දෙතොල් අතරෙහි තෙරපුනා
පවුරු අරනෙක මිඳුනු
සිතුවිළි කොපුල් මත සිතුවම් වුනා
මහරු කුසුමෙක පිපුනු
පෙති සිරියහනේ සුවයට එක්වුනා
නුදුරු දවසක දකිනු
රිසි සිහිනයේ මොහොතක තනිවුනා

ගල්මල්-Coral said...

සොබාදහම අමතන සොඳුරු සිත අලංකාරයි.


කොමෙන්ටු ගැන: මෙය ඉඳ හිට කවුරුත් මුහුනපාන ප්‍රශ්ණයක්. පොස්ට එක හා ඊට අදාල කොමෙන්ට් බොහෝ විට ගබඩා කරන්නේ එකම තැනක නොවෙන්න පුලුවනි, ඒ වගේම එකම සර්වර් එකක ද නොවෙන්න පුලුවනි. ඒත් මේවා වෙන් කර හඳුනාගන්න පුලුවන් සේ ගබඩා වෙනවා. පොස්ට් එකට අදාල පිටුවක්ට ආ විට ඊට අදාල කොමෙන්ට් පිටුව මතට ගෙන එන්නේ පසුබිමේ සිදුවෙන 'විමසුමක්' (query) නැමැත්තක උපකාරයෙන්. විමසුමකින් ඈදිලා එන තොරතුරු එහා මෙහා වුනාම මෙවැනි අකරතැබ්බ වෙන්න පුලුවනි.

මේක හරියට ලොකු ගබඩාවක රාක්කවලින් පොඩි පොඩි දේවල් එක් කර කරත්තයකට දාගෙන එනවා වගේ වැඩක්, වැඩ වැඩි වුනාම ස්ටෝරුවේ ගෝලයාට අත්වැරදීම් වෙන වෙලාවල් නැතුවා නොවේ නේද?

හසිත ජයසූරිය said...

අයි යෝ අපි පව්නෙ...අපි තාම සූප්පුවෙන් කිරි බොන්නෙ...මේව තේරෙන් නැනෙ :D

Anonymous said...

"මුමුණත් බැරිව යන්න"

?????

KK

Yasela Sumanasinghe said...

For it was not into my ear you whispered, but into my heart.
It was not my lips you kissed, but my soul.
- Judy Garland

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...