..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, May 23, 2010

෴ නූතන මනමේ කුමරිය ෴

සිංහල අපි කවුරුත් මනමේ කුමරිය ගැන දන්නව... "අනේ මම එයාව දන්නෙ නැහැ" කියනව නම් ඒක බොහොම ලැජ්ජාවට කාරණයක්. ඉතින් අද මම ලියන්නේ මගේ පද වැල් නම් නෙවෙයි... මෑතකදි මට ඇසුන ගීතයක පද වැල්..... 
හිත නැවතුන තැන
ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන
හිත නවතිනවාද

ඔබයි ඔබේ හිතයි 
 ක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට 
මම ඔබ ළඟ ද කියා

දුර ඇත නොපෙනෙන රෑක
ළඟ පාත ඉන්නෙමී
දුටුවාද බැලුවාද 
දෙනෙතින් සෙනේ කියමී

හිත තාම දුර නේද
හැමදාම අසමි
හිත පාලු වුන දාට 
ඔබ ගාව ඉන්නෙමි

මුලු රෑම සඳු ගාව 
තරු රෑන තනි රකී
හැමදාම ඔබ ගාව 
තනි නෑනෙ මම ඉමී

නුඹ නාව නෙතු ගාව
කඳුළැල් සැලි සැලී
ඉඟි පෑව ඔය දෑස
මතකේ රැදි රැදී
 මෙන්න අහලම බලන්න .................
අදටත් මනමේ කුමාරියන් ඉන්නව...... සමහරු කියනව ඈය වැරදි කියල තවත් සමහරු කියන්නේ ඇය වැරදි නැහැ කියල..... මම නම් උසස් පෙළ විද්‍යා විෂයන් කර නිසා සිංහල වලට මනමේ කරල නැහැ... ඒත් මට හිතෙනව ඇය හරිම වැරදි ගැහැණියක් කියල......

හැම පිරිමියෙක්ම සොයන්නේ මන්ද්‍රි දේවියක් මිස මනමේ කුමාරියක් නෙමෙයි නේද ?

මන්ද්‍රි දේවියක් වන්න පෙරුම් පුරන  
මම
෴ වත්෴

14 ප්‍රතිචාර:

leks' world said...

මම නම් කියන්නේ අක්කේ ඔය මනමේ කුමරිය වත් මද්‍රී දේවිය වත් වැරදි නැහැ.ලෝකය එක වෙලාවක මනමේ කුමරියට මනමේ කුමරිය වෙන්න බලකලා වගේම මද්‍රී දේවියට මද්‍රී දේවිය වෙන්න තව වෙලාවක බල කලා. කොහොම උනත් ලෝකය හැම දේටම වගකියන්න ඕනි කියලා නම් කියන්න බැහැ. ඒ උනත් අක්කා අක්කා වගේම වෙන එකහොදයි කියලයි මට හිතෙන්නේ.හපොයි! මම කලින් කිව්වා නේද මට කවුදෝ කිව්වා කියලා මම වත් මා වගේ නැහැ කියලා...ඉතින් අක්කේ...

සෙවුවාලු පිරිමියකු
මද්‍රී දේවියක්
සිතු ලෙසම මුණ ගැසුනි
මද්‍රී අනුරුවක්

ඇතිවිය විසංවාද
දෙවනුව විවාදද
ගැරැහීය ඔහු මෙලෙස
තී මනමේ කුමරියක

සෙවුවේ නම් පෙමක්
දකිනු ඇත එය ඔහුත්
මනමේ කුමරිය තුළත්
එහෙත් මුළු ලොව ඇයට ගරහත්

ලොවක අප අප නොවන
අප අප ලෙස ගනිමු
ගතොත් අප අන් ලෙසින්
අන් ලෙසින් වෙමු අපත්...........

änthräX said...

කතන්දරේ කියන්නෙ රජතුමා හොද මනුස්සයක් මනමේ කුමාරි එයාට ද්‍රෝහි උනා කියලා විතරනෙ. මනමේ කුමාරිගෙ පැත්තෙන එයාට ඒතනදි ඒ තීරනෙ ගන්න මොන මොන දේවල් හේතු වුනාද කියලා දන්නෙ මනමේ කුමාරි නෙ. එයාට අනුව එයා හරි වෙන්න පුලුවන් නෙද???

Yasela Sumanasinghe said...

ම්නමේ කුමරිය රජා ව මරන්න කඩුව දුන්න එක නම් වැරදී...එයා ට ඔනේ නම් දෙන්නව සමාදාන කොරලා..ඔනේනම් වැදි ර්ජුත් එකක යන්න තිබ්බා..හැබැයි එහෙම කලත් ඉතින් රාජා ලැජ්ජවේ මැරෙනවා..නැද්ද නගෝ...
ඡේදයකට ලස්සන සOගිතයක් දාන්නේ කොහොමද කියලා..රුකාන්ත අපට පෙන්නලා දුන්න දෙවන වතාවයි මේ නේද

රවා said...

අක්කෙ
කුමරිය හරිද වැරදිද කියලා දන්නෙ නැහැ.ජිවත් වෙන්න හැමොම ආසයි.

ඔයා මට මිට මාස 6 කට විතර කලින් ඔයගෙ බ්ලොග් එකෙම ලියලා තියනවා " අම්මා කියන චරිතෙදි හැරෙන්න අනිත් හැම තැනදිම ගැහැනිය චපලයි " කියලා. එතන්දි ඔයා යමක් සාධාරනීකරනය කරනවා.

මෙතනදි සාධාරනීකරනය කරපුදෙ වැරදියි කියලා කියනවා.

මොකද්ද මෙ වෙනස, එහෙම තමයි අපි මිනිස්සු
අපි කාලෙත් එක්ක වෙනස් වුනෙ නැත්තම් අපිව විනාශ වෙනවා.

Bunny ! said...

කොහොම උනත් මනමේ දේවිය කලෙ බලු වැඩේ...!

එකනෙ අක්කෙ අපි ගැනූ ළමයි විශ්වාස නොකර ඉන්නෙ :D

කතන්දරකාරයා said...

මාත් ලියලා තියෙන්නේ මනමේ කතාව ගැන ටැබූ වර්ගයේ කතන්දර කිහිපයක්.

වත් ගේ ලිපිය දැක්කාම ඒව ඉක්මන් කරලා දාන්න ඕනි කියා හිතුණා.

මින්දද said...

මනමේ කුමරියද.. මද්‍රී දේවියද...

එක්කෙනක් තම සැමියව මරන්න උදව් කලා. අනෙක් කෙනා තම සැමියව අත ඇරලා දාලා සැමියගේ දාන පාර්මිතාවට උදව් වුනා.

මම මේ දෙන්නටම කැමති නැහැ. ඇත්තම කියන්න මම කැමතියි පටාචාරාට. මොකද මම රහත් වෙලත් නැහැ දාන පාරමිතාවක් පුරන්නෙත් නැහැ...

විහඟ ගීතය said...

ගතත් සිතත් හුදු සැපතම පතාගෙන
නොවත් වුවත්, නොපනත් කම් හිතාගෙන
කඩුත් රජුත් රජ සැපතුත් දමා යන
ලොවෙත් අදත් මනමේ කුමරියන් වෙන
******
සාර කල්ප කල් අත පතමින් ආව
නෑර සසර දුක සැප බලමින් වූව
මාර සෙනඟ ළඟ වුව නිති ‍රැක ලූව
වීර මන්ද්‍රි දේවිය මයි හිත ගාව

හසිත ජයසූරිය said...

අනේ මන්ද අක්කෙ මාව දැන් ස්ටක් වුනා....පොස්ට් එකට්යි ඒකට දාල තියෙන කමෙන්ට් වලටයි.....

දන්න විදියට නම් මනමේ දේවිය බලු වැඩේලුනෙ කරල තියෙන්නෙ

ඉලංදාරියා said...

මන්ත්‍රි දේවියක් යැයි සිතමින් ....
රුපයට
අපි වහවැටෙයි.....
කියනා මුකරි බස්වලට......
හැව ඇරියමයි දැනගන්නේ....
මනමේ කුමරියක් බව...........

Anonymous said...

මාරයා ඒ කියන්නෙ අනංගයා මනමේ කුමරියට බැල්ම හෙළන්න ඇති....නැත්නම් මන මෝඩිද අප්පා රජසැප අත්හරින්නේ....

සුලා...

Thejan said...

wts da most stupid u've done ever ? i think its disabling da right click of ur blog

Indika said...

මනමේ කුමාරි වැරදිද නැද්ද කියල කියන්න වෙන්නෙ කුමාරයට කුමාරිව ලැබුන තැන ඉඳල සටනට එනකල් සිදුවෙච්චි හැම දෙයක්ම අපි දන්නවනම් විතරයි නේද? පිටකවරෙ බලල විතර කොහොමද පොතේ ගුනාගුන හරියටම කියන්නෙ!.
මනද්‍රි් දේවි වෙන්න කැමති උනාට වෙස්සන්තර කෙනෙක් ලබන්නත් ඒ කැමත්තම තියෙනවද. බැඳලම බලන්න..ඔය සිදධි් දෙකම විස්තර කරන්න අමාරුයි, කරොත් හරියට අන්ධයට කිරි කැවුව වගේ වෙයි..කියන්න බෑ, කාලම බලන්න.

Anonymous said...

හිතල බැලුවහම චපල මනමේ කුමාරි නෙමේ , වැද්දා. මනමේ කුමාරිට කුමාරයෙක් ඉන්නවා දන දැනත් කුමාරිව අයිති කරගන්න හැදුවේ, අනුන්ගේ ගහනියන් අයිති කරගන්නේ හදන පිරිමි චපලකමටත් වඩ අනුවනයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...