..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, May 22, 2010

෴ ඔබ වයන්න ෴


වයන්න වයන්න ම'සිත නම් වයලීනය වයන්න
ම'හදේ  තත්සර හඳුනන දැතින් වයන්න
සුසර කරන්න හදේ සිතුවිලි මා නමටම පමණක් 
සැමදා මා නමටම පමණක්

රගන්නෙමි මා ඒ හඩටම පාද තබා, සැමදා පාද තබා
සිත සනහා නුඹගේ ,මුදු සිත සනහා
නුඹට පෙනෙන්නට පමණක් පාද තබා, තාලයකට පාද තබා

ජීවිතයේ ගායනාව 
ජීවිතයේ රස විමාන, සැමදා නුඹයි මමයි
ගයමු නටමු සතොසින් සිටිමු 
මේ ජිවිත අඹරේ පාවී නොයමු 

වයලීනය සමඟ තනිව සිටින  
මම
෴ වත් ෴

6 ප්‍රතිචාර:

ගල්මල්-Coral said...

සොඳුරු ලයාන්විත පද පේලියක්, ලස්සනයි.

ඉලංදාරියා said...

රගන්න රගන්න ....පාදතබා
ඔහුට පෙනෙන්න්ට පාදතබා
වයාවි වයාවි....තනු සොයලා
ඔබට නටන්නට තනු සොයලා

මට ලස්සනම ලස්සන කාතාවක් මැවෙනවා....ම්ගේ හිතේ..
ලස්සන පද පේලියක්.....

මින්දද said...

ආදරය කියන්නෙ කොච්චර බලගතු දෙයක්ද..
නටන්නේ අපි. නමුත් තාලය තවත් කෙනෙකුගේ. සුන්දර ගනුදෙනුවක්.
ලස්සන පද වැලක් අක්කේ.

nethu said...

ගීතයකට වුවත් උචිත පද පෙලක්. ඉතා සොඳුරුයි සොඳුරු සිත....

ජීවිතේමල් said...

ලස්සනයි සහෝදරී.. ජීවිතේ හැපි හැපී ගලන මුත් ගඟක ඇති රිද්මය මෝහනීයයි... අපේ ජීවිතෙත් කම්කටොලු මැද වුවත් ගලා යන රිද්මය ආනන්දජනකයි....

විහඟ ගීතය said...

මසිත වීනා වී
නුඹෙ ගීය හා යාවී
නොදත් ස්වර බිහිවී
මටත් නොදැනිම තනුව මතුවී

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...