..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, May 21, 2010

෴ අද ඇගේ දවසයි෴


මාල හතක් කර බැඳලා
ඉර සඳ අවසර පතලා
අද දීගෙක ඇ යනවා
කුමාරයෙක් කැන්ඳා

ඉතින් අමුතුවෙන් මගේ යාළුවන්ට කියන්න ඕනි නැහැ නේ ... අද තමයි දවස..... මගේ යාළුවන් කාටත් බොහොම පිං... ඒ මොකද දන්නවද .. වැස්ස වලාහක දෙවියන්ට අද වහින්න එපා, ගලන්න එපා කියල සංදේශයක් අරන් යන්න එකතු වුනාට....( සමහරු නම් ​වැස්ස වලාහක දෙවියන්ට කෙළින්ම email කළා නෙව)
මට මගේ ආදරණීය හිතක් කීව ,
"Don’t worry rain will stop and bless for your sister’s wedding. "
ඒ කියමන කොච්චර ඇත්තද කියල දැන් තමයි මට තේරෙන්නේ.... ආදරණීයයන්ගෙ හිත් වලින් කරන ආශිර්වාද වලට ස්වභාදහමත් අවනතයි.... 

ඉතින් ඔබ සැමදෙනාටම පිං ෴
මම
෴වත්෴

ප/ලි  
මට කිහිපදෙනෙක්ම කීව මම ලියන වේගය වැඩියි කියල........ ඔන්න ඉතින් අද ඉඳල මම ලියන වේගය (පෝස්ටි ) අඩු වෙනව.... මොකද මම ආයෙත් ඉගෙන ගන්න යන්නයි හදන්නේ........

28 ප්‍රතිචාර:

අනුරාධ said...

මොනාද ඇත්තටම දැන් මේ ඉගෙන ගන්න යන්න හදන්නේ.

නිශාචරයා Nishacharaya said...

නංගිට සුභ මංගලම්.... අක්කටත් ළඟදිම එසේම පතන්නට ලැබේවා....!!!

මාරයාගේ හෝරාව said...

වත්...

සදාකල් එක සේ රැදෙන්නාවූ ආදරයක මිහිර විඳිමින්
සොඳුරු යුග දිවියක් ගත කිරීමට ඔබගේ ආදරණීය නැගණියට වරම් ලැඛෙවා..

(ඔබටත් ඉක්මනින් එසේම වෙවා..)

උන්නැහේ (පිලේ පැදුර) said...

ආ අද 21 නෙ....
ඔන්න එහෙනං සොඳුරු සිතැත්තියගෙ නංගාටත් මස්සිනා පොඩ්ඩටත් අපිත් සුබ පැතුවයි කියන්න... හදවතින්ම හොඳේ.


අර මාරයා වරහන් ඇතුළෙ ලියල තියෙන එකත් ඉක්මනටම වේවා

චමිදේවා said...

ඔන්න මගේ සුභ පැතුමත් නංගිට දෙන්න....
"සතුට දෝරේ ගලායන නවදිවියකට ආසිරි...!!!"

හසී said...

ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්..!

වැප් said...

මගෙනුත් සුබ පැතුම් ... නගාටයි මස්සිනාටයි දෙන්නාටම

එත් අර ඔයාට කව්ද කිව්වේ ලියන වේගය වැඩියි කියලා ... එයාලට ලියගන්න බැහැ කියලා ඔයා පලිද ....


[ මාත් ලියන ලිපි පල වන වේගය වැඩියි කව්වා කියලා අනික් අයට එහෙම කියනවා නෙමයි හරිද :W වරහන් තුල ටික "වත්ට" පමණක් පෙනෙත්වා .... ]

හසී said...

ෂා නියමයි.....ඔන්න මගෙනුත් අක්කිගේ, නංගි බබා අක්කිට හදවතින්ම උණුසුම් සුභ පැතුම්...ආදරය සතුට සමගිය සමාදානය පිරි ජීවිතයකට අපෙනුත් සුභාසිරි....

(වත් අක්කිටත් ළගදීම හදවතින්ම අවංකවම ආදරේ කරන හදවතක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ළුනා කරනව.....)

දිල් said...

මගෙනුත් සුබ පැතුම් වත් !

Ansh Lucky Sri Jay said...

ඔන්න නංගාට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා, මමත් සුභ පැතුවා...!

(හැමෝටම වත් අක්කාටත් ලඟදිම සුභ පතන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හික්..හික්.. :D )

- නිල් අහස - said...

සුබ මංගලම් වේවා - වත් ගේ ආදරණීය නැගණියට....

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

අපෙනුත් සුබ පැතුම් හදවතින්ම

RanDil said...

අනේ මන්දා වත්. අපේ ගෙදරට එහා ගෙදර ඉන්නවා අක්කා කෙනෙකුයි එයාගේ නංගියි. නංගී අපේ වයස. අක්කි අපිට වඩා අවුරුද්දක් වැඩිමහල්. ඔයාගේ පිංතූරේ දැක්ක දවසේ ඉඳන් මට මතක් වෙන්නෙම ඒ අක්කාව. ඔයා එයා වගේමයි. ඉතිං ඒ දෙන්නා බැඳලත් නැහැ. දන්නවාද හෙට ඒ අක්කාගේ නංගී බඳිනවා. අක්කා ජූලි වල බඳිනවා. මට වෙලාවකට ඒ ඔයාද කියලා හිතෙනවා. එහෙම නැහැ නේද?

ඉලංදාරියා said...

සුද සුන් නිරිදුන්ට දාවු....
එසිල්වත් කුමරුන් උතුම්
මැද්ද මංඩල කිඹුල්වත් පුර
නුවර ඉපදුන අනුහසින්

යුද්ද කරලා පැරද වසවතු....
ගියේ දසපෙරුමන් බලෙන්........
බුද්ද රත්නේ අනුබාවෙන්....
වේවා! ජයසිරි මන්ගලම්......

හසිත ජයසූරිය said...

සුබ පැතුම් අක්කෙ

isimbuwa said...

ඔයාගෙ ආදරණීය නංගට මගේ සුබ පැතුමත් එකතු කර ගන්න..........

දුකා said...

මගෙනුත් උණුසුම් සුබ පැතුම්..!!!

රවා said...

පුංචි නංගියෙ මගෙ පුංචි නංගියෙ..
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දිලා..

කියන්නෙ නැද්ද සිංදුව.. ඔයා එක කලින්ම කිව්වා නෙද... රයිටා.. රයිටා...
සුබපැතුම් පිරිනමන්න අපි ඔක්කොගෙම .. අපි යනවා ටටා

මම said...

ආදරණීය වත් අක්කේ...
ඔයාගේ නංගියාට සුභම සුභ අනාගතයකට ආසිරි පතනවා හද පතුලින්ම...!!!

Ravin Caldera said...

ඔබගේ ආදර නංගිට සුබ පතන ගමන්, ඔබගේ අධ්‍යාපන ජීවිතයට ද, සවිය ධාරණ ශක්තිය ලැබේවායි පතමි෴

විහඟ ගීතය said...

ඇල්මක දෙහද බැඳි, කුළු ගැන්වෙන මානේ
මල්දම් පළඳවන සුභ නැකතෙදි රෑනේ
ගල්වා දසත එළියෙන් දල්වූ පහනේ
මල් පීදේවී නැඟනිගේ මංගල සිහිනේ

roylyfernando said...

ඔන්න මමත් ඔයාගේ නංගියාට සුභම සුභ අනාගතයකට ආසිරි පතනවා..!

punchisamanalee said...

සමනලීගෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කා.....!!!!

ඉතින් අපේ වත් අක්කා මොනාද ඉගෙන ගන්න යන්නේ???

හා පැටික්කි (MS) said...

මං ඉතින් හැමදාම අන්තිමට......
සුභ පැතුම් අක්කගෙ නංගියට..........

අපි කට්ටියටම ඉක්මනටම අක්කගේ කේක් කන්න ලැබේවා.....!!!!

(ඔන්න එදා වැස්ස එන්න එපා කියල ප්‍රාර්ථනා කරපු හැමෝම වගේ අදත් ප්‍රාර්ථනා කරලා.......හිහ්.....)

හුටපටයා said...

ඕන වෙලාවටයි, එපා වෙලාවටයි, හැම වෙලාවටමයි වහින එක තමා අවුල . . අපිට වැදගත් වැඩක් තියෙන වෙලාවට වහින්නේ නැතුව තියෙනවා නම් කොච්චර හොදද ?

ගල්මල්-Coral said...

අළුත් යුවළට අපෙන් සුභපැතුම්!

සුදු මහත්තයා said...

අලුත් ජෝඩුවකට සුබ අනාගතයකට ආසිරි..... :D

wath said...

ඔයාලගේ සුබ පැතුම් සහ ආශිර්වාද වලට පිං සිද්ධ වෙන්න
අපේ නගාගේ වෙඩින් එක හරිම අගේට සිද්ධ වුනා.... ඔන්න දැන් දෙන්න හනිමුන් ගිහින්....

මගේ සහෝදරිය සතුටින් නම් එච්චරයි මට.....

ගේ පාලුයි....

ආහ් මම ඉගෙන ගන්න යන්න හදන්නේ... ඒ ගැන පසුවට කියන්නම් කෝ හොදේ

෴ සයිලුම දෙනාට මගේ හදපිරි තුති෴

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...