..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, May 20, 2010

෴ සිත්තරාගේ බිරිඳ ෴

 

නුඹේ සිතින් හැඩ කරනා 
තෙල් සායමෙ රුව බලන්න
ළඟින් ඉදන් ඒ සිතුවමෙ 
රේඛාවක් වගේ ඉන්න
සුසුම් පවන් ළඟින් හමන
උණුසුම නිතරම දැනෙන්න
කවදාදෝ ළඟින් ඉඳන් ඒ සිතුවම නුඹ අඳින්න 

මම
සිත්තරාගේ බිරිඳ
෴ වත් ෴

9 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

මේ පිංසල දිවුවත්....
තෙල් සායම් අරගෙන...
සිතුවමේ එහෙ මෙහෙ යනඉරි....
ආදරයත් කියයි ඔන්න....

මාරයාගේ හෝරාව said...

සිතුවම නුඹෙ අදිනට තෙළතුඩ පොගවා..
අකමැති නිසා නොව එන්නට නොහැකි නිසා..
පියඹා එන්න හැකිනම් ගගනත පීරා..
නෑවිත් හිදීවිද ඔහු තව නොවී පමා..

Ravin Caldera said...

ආදරය මුසු කොට
උණුහුමෙන් දවටා
අදින මේ සිතුව
ඔබ මිස
වෙන කවුරුද?
මා ප්‍රියේ. . .

indi said...

සන්සුන් ඇසිල්ලෙක...පින්සල තුරුලුකොට....අන්සුව තකා අඳින...සිත්තරාණනි ඔබ ගැන බෝ දුර හිතන ඔබේ බිරිඳ ගැන සතුටු වේවා..

රවා said...

අක්ක දැන් නොසැහෙන්න ඉස්සරහාට ගිහිල්ලා.. ලස්සනයි... සුන්දරයි කවිය..

හසිත ජයසූරිය said...

රවා අයිය කිව්ව වගේ අක්ක දැන් ගොඩක් දියුනුයිනෙ

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

සිතුවම් නම් අදිනවා ඒත් ඒ සිතුවම පාට කරන්න කෙනෙක් නැති උනොත්?

විහඟ ගීතය said...

මගේ සිතම හැඩ කරමින්
කාලෙක සිට ‍රැදී ඉන්න
නුඹේ සොඳුරු රුවම තමා
හද ඇදි සිතුවමෙහි ඉන්නෙ

සෙනේහයෙන් පාට සදා
නෙත්සර පින්සල්ට ඇරන්
කෝමළ දෙකොපුල් රත් පැහ
ගන්වා හැඩ බලමි නිතින්

wath said...

෴පින්තූරය බලන්න ආව කාටත් ගොඩක් ස්තූතියි ෴

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...