..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, May 19, 2010

෴ නිහඬතාවය ෴


ගලන දියේ මගේ සිතුවිලි පෙරී එති
හමන පවන මගෙ සුවඳින් ගෙතී ඇති
යන එන මග ද මගෙ සිනහා හඩින් නිතී
රැවි දෙන විටදි නුඹෙ තනිකම අරන් යතී

තනියක් කොහිද නුඹ සිත ළඟ මා ඇත්නම්
 කලබල මොටද නිති සවනට කොඳුරයි නම්
රැයද නිබඳ සිහිනෙන් මා හමුවෙයි නම්
 මොන තනියක්ද දහවල හිරු සේ ඒ නම්

නිහඬබවද දහසක් දේ පවසනවා
හිතට තුරුලු වී සෙනෙහස අයදිනවා
කවුරු නැතත් නුඹ ළඟ මා දැවටෙනවා
ළඟදිම දිනක අප දෙහදක් එක් වෙනවා

" Out Of Sight Is Not Out Of Mind "

 නිහඬ බව ඔබට දුකක් මුත්
නිහඬ බවේ ගිලී සිටින 
මම
෴වත්෴

පින්තූරය සොරකම් කළේ : Thomas Kinkade

9 ප්‍රතිචාර:

freedom said...

ගලන දියෙන් දිය දෝතක් අර ගන්නම්
හමන සුළං පොද සිප තුරුළට ගන්නම්
නුඹෙ සිනහවෙන් නිති සවන'ත පුරවන්නම්
මගෙ තනිකමට නුඹ කරකාරෙට ගන්නම්

ගේ පැල පුරාවට රුදු පාළුව පිරවේ
කන බත් කටක් පාසා කඳුළැලි සිරවේ
හදවත පතුළ පෙම් පිරි පැතුමෙන් බරවේ
නුඹ ගෙන එන දාට මගෙ තුන් සිත එළිවේ

මුළු ලොව වසා පැතිරුණ මුත් ඝන අඳුරින්
මගෙ හිත වසා නැඟ එයි සඳ"වත" අඹරින්
රස කවි ගොතා පවසමි ළං වෙනු අදරින්
සැන සුම පතා එක්වෙමු, යමු දිවි කතරින්

ඉලංදාරියා said...

සිතුවිලි ගගේ නුබ ගිලිලා ඉන්නවිට
තනියට හිතක් ඇවිදින් තනි රකිනකොට
සිහිනය තුලදී ඔය හදවත් ගැටෙනකොට
පැතුමන් පුරා එක්වේ ඔය දෙහද

උන්නැහේ (පිලේ පැදුර) said...

ඉතින් ඇයි හත් දෙය්යනේ නිහඬ බවේ ගිලිල ඉන්නෙ...........???

කතන්දරකාරයා said...

/* ළඟදිම දිනක අප දෙහදක් එක් වෙනවා
*/

Surgery scheduled?

රවා said...

කතන්දර මාමෙ මෙ ලමයි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලියෙ කියන දෙ දන්නෙ නැහැ වගෙ... අරහෙන් මෙහෙට කවි එනවා, මෙහෙන් අරෙහෙට කවියනවා.. අදුනන්නෙ වත් නැහැ වගෙ දෙන්නම ඉන්නවා....

විහඟ ගීතය said...

ගලන දියක, හමනා සුලඟක එතෙන
නුඹගේ සුවඳ නිති මා අභියස ‍රැදෙන
නිහඩ වුව, සිනා හඬ සියොළඟ ‍රැඳුන
නුඹට, මට මෙන්ම වෙද තනිකම කුමන

හිතට තුරුළු වී තනිකම මුදවාන
දුකට ළඟ ඉදන් කදුළැලි පිසදාන
නෙතට රසදුනක් වී මදහස පාන
අපට නිහඬ බව ගීයකී රස ගේන

මැණික්(සුළඟ) said...

ගලන දියේ ඔබෙ සිතුවිලි පෙරී එති
හමන පවන ඔබෙ සුවඳින් ගෙතී ඇති
ගිමන නිවන එක මොහොතද ඔබම වෙති
නොපෙනෙන ලොවක සිටියත් ඔබ මගෙම වෙති

``` Outsider``` said...

ඒකත් මරු..

wath said...

@ freedom
කවිකාරයෙක් නේද ..... හ්ම් අහන්නත් සතුටුයි.....

@ ඉලංදාරියා
දෙහදක් ආදරෙන් එක් වෙයි නුදුරු දින ........

@ උන්නැහේ (පිලේ පැදුර)
නිහඬ බව මට හරිම සහනයක්.......

@ කතන්දරකාරයා
හිහ් .... තාම නැහැ....

@ රවා
@ විහඟ ගීතය
@ මැණික්(සුළඟ)
@ ``` Outsider```

ස්තූතියි ෴

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...