..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, May 18, 2010

෴ නුඹට ෴


මා සොයා වදවෙනු එපා
මා සොයා නිති එනු එපා
මා නිසා ඔය නෙතු ඉමේ
කඳුළු බිඳු ලෙල දෙනු එපා

මා මගේ ලොව තනි වෙලා
ඉඳිමි සැමදා පෙර ලෙසේ
සරල බව මිස මගෙ ලොවේ
කඳුළු රස නැත ජීවිතේ

මා ලොවින් මුදවන දිනේ
පැමිණ මුව සිප සමුදියන්
එහෙත් කවදාවත් නු‍ඹේ
නෙතින් කඳුළක් නොසලියන්

නුඹේ කඳුළු වලට අකමැති
මම
෴ වත්෴

14 comments:

  1. නියමයි අක්කෙ...අව්‍යාජ ප්‍රේමවන්තියකගේ නිර්ව්‍යාජ සිතුවිලි වගේ....හොදයි හොදයි :D:D

    ReplyDelete
  2. මට මෙක ඇතුලේ මොකක්දො දොන්කාරය්ක් අහෙනවා.....ඒ ඇයි......?

    ඉයේ එනකම් මග බලාගෙන හිටියා නෙද?
    එත් අද එන්න එපාලු......

    ReplyDelete
  3. යසට හිටි දැරිවිට මක්කා උනාද මන්දා..
    වෙලාවකට හිනා වෙනවා...ආයෙමත් අඩනවා..බයානක රෝගයක් වන පෙම්ගිනියාස් වැළදිලාද මන්දා...?

    ReplyDelete
  4. අපොයි දෙයියනේ...මේකවත් අහන්නකෝ එහෙමනම්....

    ReplyDelete
  5. ඇද හැළුනු තද වැස්ස
    සිතත් සීතල කරන්
    නාය යාදෝ
    කියා සිතෙනවා

    ශෝකයෙන් බරිතවී
    කදුළු කඩ ඉම් සොයා
    දෙගොඩ තලමින්
    යන්න හදනවා

    තැවුනු සිත සනසවා
    උණුසුමින් සතපවා
    නුඹේ තනි කමට
    තනි රකිනවා

    ReplyDelete
  6. මරණයක සුව පමනක්
    අත්විදපු දිවියක
    සතුට සැනසුම නුඹ ගෙනා සද
    නුඹම දිවියක
    මිහිර වූ කල
    නෙතින් කදුලක්
    නුඹට මිස
    කා වෙනුවෙන්ද

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සමාවෙන්න, මුලින් comment කලේ google account එකෙන්. ආදරය නිසා හිතෙන් දුක් විඳින කෙනෙක්ගේ සිතුවිලි ඔයා හරි ලස්සනට මේ කවිපද වලින් කියලා තියෙනවා අක්කේ.

    ReplyDelete
  9. ළපටි නෙතගින් නැගෙන උණුසුම්
    කඳුළු බිඳු වළකා මකා
    සුසුම් ස්වරයෙන් ඉකිලමින් යළි
    නොඑන ලෙස කීවද සදා

    දෙනෝදාහක් අතර හැංගී
    සිටින විට නුඹ දෙස බලා
    දකිමි මම නුඹෙ විඩාපත් නෙතු
    සොයනු කිසිවෙකු මග බලා

    නුඹෙන් ඈතට ඉගිලිලා මා
    තුටින් යැයි සිතනට එපා
    විසල් බැමි පියමං කරන්නට
    සවිය නැත අසරණ දෙපා

    සිටිය ලෙස එක සොඳුරු යුගයක
    ඉන්න මිස තුරුළට වෙලා
    කවරදාවත් යළි නොඑන්නෙමි
    යන්න නුඹෙ කඳුලැලි බලා

    ReplyDelete
  10. බැඳීම් ලිහිල් වෙන තරමට ජීවිතේ සරලයි. එත් අපි බැදීම් තව තවත් තර කර ගන්නව මිස්ක ඒව ලිහිල් කරන්න බලන්නෙ නැහැනෙ. බැදීම් මදකට හෝ ලිහිල් කර ගන්න හදන ඔබට ජය.

    ReplyDelete
  11. @ හසිත ජයසූරිය
    නිර්ව්‍යාජ සිතුවිලි ... හ්ම් ලස්සන අදහස....

    @ ඉලංදාරියා
    එන්න එපා කියල නෙමෙයි කීවේ. මා ගැන හිත හිත දුක් වෙන්න එපා කියලයි කීවේ. මා නිසා කෙනෙක් සතුටින් මිසක් දුකින් ඉන්නවට මම කැමති නැහැ...
    ඒත් ඔයත් හරි. ඇත්තටම මේක දෝංකාරයක් තමයි...

    @මාරයාගේ හෝරාව
    ආ​දරය , ප්‍රේමය වගේ දේවල් තියෙන්න ඕනි හිත් ගිනි තියන්න නෙමෙයි හිත් නිමන්නයි....

    @ තිස්ස දොඩන්ගොඩ
    මම ආසම ගායකයෙක් ගෙ ආසම ගීතයක්. තැන්කයූ අයියා...

    ReplyDelete
  12. @ Pasan
    සතුට සැනසුම ගෙනා සිතින්ම
    වේදනාවක් කෙලෙස දෙන්නද

    @ msenarath
    බොහොම ස්තුතියි ෴

    ReplyDelete
  13. @ උන්නැහේ (පිලේ පැදුර)
    හ්ම් ........ හරිම ලෙංගතු පද පේළි.. පොඩි ඉල්ලීමක් කරන්නද?

    පිලේ පැදුර බ්ලොග් එකේ මේ comment එක (ඔයාගේ කවි කමෙන්ට් එක) පළ කරන්න..

    එතකොට ගොඩක් දෙනා කියවාවි. අදහස් දක්වාවි ...

    බොහොම ස්තූතියි..මගේ බ්ලොග් පිටුවට ලස්සන කොමෙන්ටුවක් එකතු කරාට....

    ReplyDelete
  14. @ විහඟ ගීතය
    ඇඳ හැලෙන මහ වැස්ස
    ගං වතුර ආවත්
    සැඩ සුළන් , ගිනි ලෑම්
    පසු පසින් ආවත්
    මගේ සිත එකළු කළ
    ඔය හදත් පාරන්
    යන්නෙ නැහැ කිසිදිනක
    දුකක් දී ඔය සිතටත් ෴

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...