..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, May 17, 2010

෴ ඔබ එන තෙක් ෴



වස්සාන කාලයත්
දන්නෙ නැතිවම ඇවිත්
වියළි ගිය හිත මගේ තෙමනවා


බොඳ වෙලා ගිය රුවක්
යළි ඇඳෙයි සිත් ඉමේ
සිහිනයක් දෝ මෙයත් සිතෙනවා


දැක ගන්න කාලයක්
සිප ගන්න ආලයක්
උදා වෙයිදෝ කියා පතනවා


ළං වෙන්න සිත් වලින්
විමසන්න නෙත් වලින්
ආදරේ මෙය නේද දැනෙනවා

ඔබට ගොඩක් ගොඩාරියක් ආදරේ කරන
මම
෴වත්෴

14 ප්‍රතිචාර:

අනුරාධ said...

හා... හා... මේකෙයි එහෙනම් මේ හොරේ.

ඉලංදාරියා said...

කදුලු වරුසා නිවි
හිරු යලිත්
නැග ඇවිත්
වැටෙන පිනි
ඔප දමා
දේදුන්නක් අහසේ අදිනවා

හිත කොහේ සැගවුනත්
නෙත අනේ පිය වුනත්
දේදුන්නේ පාට
හදවතටම
දැනෙනවා

බොහො කල් ගෙවුන මුත්
කාලයේ අනුහසින්
ඔබට එමොහොත
ලබනවා......

විහඟ ගීතය said...

ගිම්හානයේ දැවුනු
මගේ සිත නම් තවත්
ඒ ගිමහානයේම දැවෙනවා

සුළග සීතල ගෙනෙයි
ගහ කොලද නෙත් අයයි
වැස්සකට බොහෝ ඉඩ තියනවා

වැස්සකට ඉඩ ඇතයි
සෙනහ ගඟ ඉතිරෙතැයි
වැහි ළිහිණියෝ ඇවිත් කියනවා

තව ඉතින් මොන කල්ද
අද හෙටම මමත් ඔය
වස්සාන සිහිනයේම තෙමෙනවා

හසිත ජයසූරිය said...

ආ ආ අද අහුවුනා හොරේ...නෑ කියන්න එපා :D:D

Pasan said...

වස්සා​නේ ඇවිත්
කාටවත් නොකියාම
තුරු ලතා අඹරමින් නොනිමි
කෙදිනකවත් නොදුටු වෙසක් ගෙන
ඒ නුඹම පමණයි
මම දනිමි
කවිකාර මගේ සිත
රිදවන්න හැකි වේද
ඒ නුඹට පමණයි
මං නුඹට ආදරේ
ඒ හින්දමයි එනු මැන
රිදවන්න තව එක් වරක්
මගේ කවි සිත

Yasela Sumanasinghe said...

මැදපෙරදිගත්..ලOකාවත් අතර ගුවන් සේවය හරි දියුනුයි..

දිල් said...

අනේ වාසනාවන්....මේ සතුට හැමදාම රදව ගන්න වත්.....

තිස්ස දොඩන්ගොඩ said...

මල් වරන සමේ මල් පිපෙන සමේ...
හිනැහේ ඔබ නිබඳේ...
මල්වර වී ඇති මල් කැකුලක් සේ...
හිනැහේ ඔබ නිබඳේ...

wath said...

@ අනුරාධ
ආහ් .. කා​ගේ හොරේද? අපි ඓාර නැහැ හරිද....

wath said...

@ ඉලංදාරියා
වැස්ස නැති වේවා
හිරු යළිත් පායාවී
තනිකමත් සිවදේවී
ඔහු යළිත් මෙහි ඒවී

බොහොම ස්තූතියි ගජ ඉලන්දාරියා ෴

wath said...

@ හසිත ජයසූරිය
මොනාද මේ කවුරුත් කියන හොර???? මගේ හොර මොනාද? කියමු බලන්න...

wath said...

@ Pasan
කිවි සිත නිමේවා
කවි ගී සුවඳ දේවා
කවිම ලිය වේවා
කවිය සැමදා ලග රැදේවා

බොහොම ස්තූතියි pasan ෴

wath said...

@ Yasela Sumanasinghe
හැබෑට... යසේල ඉන්නේ මැද පෙරදිග ද?

wath said...

@ දිල්
ම්ම් බලමු ෴

@තිස්ස දොඩන්ගොඩ
බොහොම ස්තූතියි අයියා ෴

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...