..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, May 16, 2010

෴ කැඳැල්ල ෴




ගවු ගණන් පියාඹලා
සිත් මලත් මැල විලා
විත් මවෙත නතර වෙලා
කී කතා සෙනෙහෙ​ වුනා

නිල් පියාපතත් නුඹේ
බිඳී නොයේ කළින් වගේ
කා නැතත් ඉතින් ලොවේ
මා ඇතේ ළඟින් නුඹේ

දුක් හඬින් පවසනා
ගී වලට තිතක් තියා
ම​ගේ හඬත් දවටලා
සෙත් කවිය මුමුණමු

ඒ සෙනේ ඇතී තුරා
 නොයන්නෙමි නුඹ දමා
ගතත් සිතත් මගේ ඉතින් 
මගේ නොවේ නුඹෙයි නුඹයි

දුවා දරුවනුත් තනා
තවත් ලොවක් එළී වෙළා
ඔබෙත් මගෙත් පැතුම් ලොවේ
කැඳැල්ලකුත් ඉඳී වෙනා

Glitter Graphics
කැඳැල්ලේ කිරිල්ලීය වන
මම
෴වත්෴

22 ප්‍රතිචාර:

හසිත ජයසූරිය said...

වත් අක්ක හිතල තියෙන දේවල්....හොදයි හොදයි.....කැදැල්ලෙ කිරිල්ලියට මගෙනුත් සුබ පැතුම් :D:D

Bunny ! said...

අප්පච්චියේ..! මාර එව්වා නෙවැ හිතෙන්නෙ :D හොදා හොදා දැන් ඉතින් ළමයි බලාගෙන ඉන්නවා හොදා :D

indi said...

මම නම් හිතන්නෙ ඔයා දුර හිතනව වැඩිය් අක්කා..අපිට කැමති දේවල් ලැබෙන්න තියෙන හැකියාවට වඩා නොලැබෙන්න තියන හැකියාව වැඩිය්.....අපි කොයි තරම් හිතුවත් අවසාන ඇත්ත ඒක තමා.....

wath said...

@ හසිත ජයසූරිය
කැදැල්ලක් හසන්න අපේ නඟා නම් මේ දවස් වල බරටම වැඩ...එයා කියනව මෙහෙම
කඳැල්ලේ ඈතිවූ කිරිල්ලී වගේ
දෙමාපියන් සෙවනේ
නිදැල්ලේ වුන්නේ මා විනොදයෙන්
විද අමොද සහනේ
මංගල නැකතින් පෙම්බරයකු හා
හෙට මා පිටවෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා
දෙනෙත පිරී යනවා

wath said...

@ Bunny !
වෙන ළමයි මොටද ඉතින්. bunny පුංචි හා පැටියෝ ඔයත් ඉතින් බබෙක් වගේ නේ.....

wath said...

@ indi
ඈත්ත ඒකනම් ඒකටත් මුහුණ දීල බලමුකෝ... ලැබෙන්න තියෙනව නම් ඒ දේ සුදුස්සාටම ලැබෙයි. නොලැබුනයි කියල අඬා වැලපිලා පලක් නැහැ...

දුකා said...

ජීවිතය මෙහෙම පොසිටිව් විදිහට දකින එකට මම නම් හරිම කැමතියි . . . කිසි ම දෙයක් නිකම් ලැබෙන්නේ නෑනේ . . ඒ වෙනුවෙන් අපි සටන් කලොත් ලබා ගන්න දේ වටිනාකම වැඩී මට හිතෙන්නේ . .

දුකා said...
This comment has been removed by the author.
Bunny ! said...

Wath අක්කෙ අනේ එහෙනම් මාව හදා ගන්නකෝ..අපෙ අම්මටත් මාව ඇනයක් වෙලාලු :D :P

විහඟ ගීතය said...

ජිවිතේ බොහො දුර ගෙවා
ආවෙම්ය, මම නුඹ සොයා
ඒ සෙනෙහසේ සතපවා
හද තුලට ගනු මා හොවා

පිපි වසන්තය සිත් සදා
දුක් ගිනි නිවයි අප පෙළු
ඒ දුකක් යළි කිසිමදා
නොම ඒවී හිත් හඬවනා

හිරු පිපේ ඒ ලොව ඉතින්
සඳ දිලෙයි ඒ හිරු ‍රැසින්
තරු පොකුරු කැන්දා නිතින්
වතු සුද්ද මල මගෙ ළගින්

leks' world said...

අද නම් පිළිතුරු කවියක් ම ලිව්වා...

ගවු ගනන් ඉගිලුනාට
සිත් මලත් මැල උනාට
කිරිල්ලිය දුටු දාට
දා පබළු දෙයි සීත

ඔහුගේ නිල් පියාපතත්
යම් දිනයක බිදී ගියත්
සිටිනු දෙමින් සෙවණ මහත්
අක්කේ එයයි පෙමක රහත්

දුක් ගී නිවේවා
සෙත් කවි ඇසේවා
කුරුළු යුග ගීයකින්
සිත් සත් පිරේවා

කුරුළු ගී නොඇසුණත්
නැත සිතට මහ බරක්
මහ බරක් ඇති සිතක්
පිදිමි හමු වූ දා නෙතක්

කුරුළු ගී ඇසේවා
උන් රජුන් වේවා
අක්කාගේ පැතුම් ලොව
මද පවන් සැලේවා
කුරුළු යුග ගීයකින්
සිත් සත් පිරේවා

ඉලංදාරියා said...

සිත් අහස පුරා පියබා යන්න
නැවුම් ලොවක දොරටු ඇරෙන්න
හිතේ තියෙන ඉඩේ තරම් සතුට පිරෙන්න
ඉක්මනටම නුබේ නලලට සිකුරාලබන්න

සිතේ පුරා මැවුනු ලොවේ ගීය ගයන්න
නෙතේ රැදුනු කදුලු වලට තිතක් තියන්න
දුකින් රිදුනු හදවත සුවපත් වෙන්න
නුබේ ලගට සිහින කුමාරයා වඩින්න

දුදරුවන් ගනනක පහසලබන්න
හෙට ලොකය උන්වෙනුවෙන් තනලා තියන්න
හිතේ තියන මලිගාව හෙට ඉදිවෙන්න
හෙට පායන් හිරු කිරනින් ඔබ පිබිදෙන්න

රවා said...

ආ අක්කෙ කොහොමද දැන් වංඩිය හැටට හැටෙ පාගලා යන හැඩයි... සන්තොශයි සන්තොශයි... කෙල්ලට අලුත් පණක් හම්බ වෙලා වගෙයි... මම පෙබරවාරි වල කිව්වෙ... සීතල දිය පිරි සුනිල විල මැද ඉද්දි... අතට අහුවෙන දෙයක් කටට දාගෙන හීනියට සින්දුවකුද දාගෙන ඉන්න පුරුදු වෙන්න කියලා එකතමයි ජිවිතෙ ගන්න වටිනාම දෙ කියලා ... එවෙලාවෙ මට බැන්නා.. නෙද.... හා.. හ.හා

අනුරාධ said...

මරු මරු. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනේ.

ගල්මල්-Coral said...

ජීවිත ජීවත් කරවන්නේ බලාපොරොත්තුව
ලෝකය එළිය කරවන්නේ බලාපොරොත්තුව
බලාපොරොත්තූන් සපිරි ඔබේ පද සමුච්චිය ජීවන එළිය විහිදයි, සුබ පැතුම්!

දුකා said...

හ්හ්ම්ම්ම්ම්ම් . . . ජීවිතය ලේසි පාසු හරස්පද ප්‍රහේලිකාවක් වුනා නම් කොයි තරම් ශෝක්ද . . . හරහට එකක් ලිව්වා පහලට එකක් ලිව්වා වචන ගැලපුවා . . එච්චරයි . . ඒත් එහෙම නොවෙන කොට . . .

දුකා said...
This comment has been removed by the author.
හෙළයා said...

+
හරිම අපූරැයි

wath said...

@ දුකා
හැමවේලේම පොසිටිව්තින්කින් හොඳ නැහැ. මොකද බලාපොරොත්තු වැඩිවුනාම ඒව කැඩිල බිඳිල ගියහම දුක වැඩියි.....

@ Bunny !
හරි හරි හදාගන්නම් කෝ.. හැබැයි එන කොට අර හයිස්පිඩ් එලවන වාහනේ ගේන්න බැහැ හරිද? එතකොට තව ... අර කෙළි පොඩිඩ (ලැප් ටොප්) ඒ දැරිවිවත් එක්කන් එන්න තහනම්. මොකද කියන්නේ.. එනවද... ???

@ leks' world
හ්ම් ... ෂා .. දිගටම ලියමු ද කවි...
ද්විභාෂා එකෙත් කවියක් එහෙම ලීවොත් මොකද... හිතල බලන්න පොඩ්ඩක්...

@ ඉලංදාරියා
ඔයා මා නිසාම බිලොග් එක ආයෙත් කොමෙන්ට් කරන හැටි වෙනස් කරා නේද? ඒක හොදයි දැන් කොමෙනටු ලියන්න ලේසි පහසු. බොහොම තැන්කු෴

wath said...

@ රවා
හ්ම් හ්ම්.... ඇත්ත තමයි. මම දැන් සතුටින්. ඒත් ඒ සතුට තුල හැන්ගිලා දුකකුත් නැතිවම නෙමෙයි. සතුට කොයි වෙලේ නැති වෙයිද කියල කියන්න බැහැ නේ...

@ අනුරාධ
මාත් කැමති හැමදාම මෙහෙම සතුටින් ඉන්න.. ඒත් ෴ අපි බලමු ...

@ දුකා
දුකා අයියේ.. ජිවිතේ ඒ තරම් ලේසි පහසු දෙයක් වුනා නම් අපිට ජීවිතේ එපා වෙන්නත් තිබ්බා.....

@ ගල්මල්-Coral
ඩීන් අයිය ඉතින් හැමදාම මට සුබ පතන හොද හිතක්. බොහොම ස්තූතියි අයියා෴

@ හෙළයා
+ + + එක වචනයෙන් වුනත් මගේ හිත ගොඩක් දිරිමත් කරා.බොහොම ස්තූතියි හෙළයා.
+ මාර්ක් එක දුන්නට ගොඩක් ස්තූතියි.

Bunny ! said...

හපොයි වත් අක්කෙ එක කරන්නෙ කොහොමද ? නෝනා නැතිව ඉන්නෙ කොහොනද දවසක් වත් ? :-( වැන් එකනම් ඉතින් කොහොමත් තාත්තගෙ නිස මට එක ලැබෙන්නැ :-) නොනා නැතිවනම් එන්න බැහැ !!

ඔක ඔයිට වැඩිය සරලව කියන්න තිබ්බනෙ..හදා ගන්න බෑ කියලා :D

රවා said...

ගොඩක් අය හිතනවා සතුටයි දුකයි කියන්නෙ දෙකක් කියලා.. නමුත් මම ඔනැම දෙයක් සතුටයි දුකයි දකිනවා.. මම සතුටුවෙනවා ගොඩක් හැබැයි එ දෙ ගැනම දුක් වෙනවා එහා සමාන විදියට.. ඔයා කලින් දුක් වෙලා හිටියෙ නැති දෙවල් ගැන.. නමුත් දැන් තියන දෙවල් ගැන සතුටු වෙනවා.. එහෙමද .. මම හිතන දෙ හරිද වැරදිද...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...