..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, May 15, 2010

෴ මම ඇය නොවෙමි ෴

 

මා ඇය වගේමයි 
නුඹ කී වෙලාවේ
මගෙ සිත රිදුනි 
එය නුඹ හට නොතේරේ

වෙන ළඳකගේ හැඩ රුව නුඹ සිත රුදුන
මා තුල සොයයි නම් එය වරදක් වෙයි නිබඳ
මා දුක් නොදෙමි ඇය මෙන් නුඹ සිත තැලුව
මම මම මය නුඹ තුල සැඟවෙන තුරුම

 ඒ ලෙස නැවත නුඹ මා හට ​නොකියන්න
 මා හද අරණ නුඹටයි ​විත් සැතපෙන්න
ගවු සිය දහස් දුර නොපෙනී නොම යන්න
සිහිනෙන් නිතර සැපමින මා ළඟ ඉන්න

හිත රිදුන 
මම
෴වත්෴

13 comments:

  1. මම මම වෙමි නොවෙමි අනෙකෙකු...

    ලස්සන පදපෙල, මෙ අදහස ගොඩාක් හිත් ගත්තා. සුබ පැතුම් සොයුරියේ

    ReplyDelete
  2. ඔයා කියන කතාව ඇත්ත තමා...අපි අපිම මිස වෙනකවුරු වෙන්නද?

    ReplyDelete
  3. ඇය නොවේමය නුඹ ...සිතින්
    එනමුදු ඇයම වේ නුඹ ගතින්...
    ඒ ගතට හැංගි වෙනින්
    මුඳු හිතක් වේ හිනැහෙමින්
    රිදුනාද? ඒ හිත ඉතින්....

    නෙපෙලමින් මේ සිත හදන්
    හඳ සතපවා සෙනෙහසින්
    ඒ සෙනෙහෙ ගඟ නොමියෙමින්
    නොම යමීය නුඹ තනි කරන්....

    නුඹ නැතත් ඈ තුල සිතින්
    ඇය සිටී නුඹ තුල ගතින්
    ඒ සිතට මා බැදි පෙමින්
    නුඹ මගේමය ගත සිතින්

    නුඹ, නුඹම මිස නොව වෙනින්
    කිසි කෙනෙකු හා සම නොවෙන්
    ඒ අසම සම හදවතින්
    මා සමඟ සමගිව වසන්

    ReplyDelete
  4. කවදා හරි දවසක දෙන්නාගෙම කවි ටික එකතුවක් වශයෙන් එලි දැක්වුවොත් හොදයි නේද?

    'ආදරයක කවිය' වගේ නමකින්,,

    ReplyDelete
  5. හුඟාක් ලස්සනයි අක්කේ කවි පද ටික. ඔයාගෙ කවි හැම එකක්ම හරිම ලස්සනයි. අරුත්බරයි.

    ReplyDelete
  6. අක්කේ මම මෙතැනට නිසදැසක් දාන්නම්;

    බැලුවෙමි කැඩපතෙන්
    මා මා වගේ දැයි සොයා ගන්නට
    කැඩපත කීවේ ඔබද ඔබ වගේ නොවේ කියා...
    ලංවී බැලූ මම දුටිමි
    ඇතිවී නැතිවෙන- නැතිවී ඇති වෙන
    මා වගේම උන් පේලියක්ම....
    කැඩපතට පිං පුදා මා එළියට එන සද
    මා හමුවූ මගේ පුරසද
    මට කිව්වා මා ඔහු වගේලු....
    එවිට පෑමි මද සිනා මම
    කිව්වෙමි ඇයට මම මෙසේ...
    මා මාවගේ නොවෙයි
    මා ඔහු වගේද නොවෙයි
    වෙනෙකක් තබා ඔබ ඔබ වගේද නොවෙයි....
    ඈ මුහුන බැලූ මම දුටිමි
    සද මත වල්ගාතරුවක් ගැටුනු සෙයක්
    ඇති විය ආවාට පෙලක්
    සුපුරුදු පරිදි කට වැරදුනා දෝයි සිතමින්
    පැනගතිමි මම එළියට
    ලෝකය ලෝකය වගේදැයි සොයන්නට.......

    මම හිතන්නේ මම code එක හොයා ගත්තා..........
    සුභ පතනවා.....

    ReplyDelete
  7. @ ඉලංදාරියා... ( විශේෂ දැනුම් දීමක්)
    ඉලංදාරියා... ඔයාගේ අනිත් බ්ලොග් එක මම කියවනව. කොච්චර උත්සාහ කරත් මට ඒකට comments කරන්න බැහැනේ. ඔයා comments කරන විදිහ ආයෙත් වෙනස් කරල තියෙනව දැකල ආයෙත් මම comments කරන්න හැදුව. ඒත් post comments click කරත් කිසිම වෙසක් වෙන්නෙ නැතිව ඒ page එකම තමයි පෙන්නන්නේ. අඩු ගානේ comment එක type කරන box එකවත් එන්නෙ නැහැ. බැරිම තැන තමයි මම මේ බිලොග් එකට ආවේ ඒ බව ඔයාට කියන්න....අනිත් අයට පුලුවන් .. ඇයි මට විතරක් බැරි?????????????

    May 15, 2010 10:16 PM
    මේ ටික මම ලීවෙ ඔයාගේ portable sri lanka blog එකේ . ඒ ලියල බලන කොට verification එකකක් ආවා.. ඒත් ඒක type කරන්න box එකක් නැහැ.

    අන්තිමට ආයෙත් මම මගේ බිලොග් එකට ආවා... මොකද එයාට මේ බව දන්වන්න වෙන ක්‍රමයක් නැහැ..

    සුදුසු පිලියමක් යොදන්න. වචනෙකින් හිරි ලියන දේ අගය කරන්න මට ක්‍රමයක් නැති වෙනව නෙ නැත්තම්...

    ReplyDelete
  8. ඔබ ඔබමය....ඔබ ඈ නොව...ඈ ඔබ නොව..********

    ReplyDelete
  9. @ ගල්මල්-Coral
    දහසක් වැඩ අබියස ,මම ලියන දේවල් හැමදාම බලල වචනයක් ලියල යන්න තරම් පුංචි හරි කාලයක් සොයා ගන්න ඩීන් අයියට මගේ හද පිරි ස්තූතිය.....

    @ Yasela Sumanasinghe
    කිහිපදෙනෙක්ම ඒ ගැන කීව තමයි. ඒත් පොතක් පළ කරන්න තරම් මගේ පද වැල් වටින්නෙ නැහැ කියලයි මට හිතෙන්නේ. අනික දැන් කවි කියවන අය අඩුයි...
    අදහස ගැන ස්තූතියි.... මාව තේරුම් ගත්තට ඊටත් වඩා ස්තූතියි.....

    @ msenarath
    මතක මං පෙත තරම් ලස්සන නැහැ... කියවන්න කියවන්න ආස හිතෙන විදිහට ලියනව ඔයා...

    @ leks' world
    You got it...
    ඔයා නම් අමුතුම විදිහට හිතන ලෝකයක් මල්ලියා ...

    @ හසිත ජයසූරිය
    මෙන්න අනිත් කෙනත් ඇවිත...
    ආනන්දියන්.....gr8

    ReplyDelete
  10. @ විහඟ ගීතය
    හිත රිදුනේ නුම නිසයි
    හිත හැදුවෙත් නුඹ තමයි

    ReplyDelete
  11. සමවෙන්න ඔනේ මගේ බ්ලොග් එක ඔයාට කරදර කරනවා නේද ?
    මටත් හිතා ගන්න බැරුව හිටියේ......ඔන එකක් කියලා අයේම ඔක්කොම හදුවා..තවටිකක් තියනවා......හදන්න ස්තුතියි වැරද්ද පෙන්නලා දුන්නට මම හිතන්නේ දැන්නම් අදහස් දක්වන්න පුලුවන්වෙයි.......ඔබේ අදහස් සාදරයෙන් පිලිගන්නවා.......

    ReplyDelete
  12. වත්,
    කැලඹිලි සහිත නදිය සැමවිට සොන්දුරු දසුන් මවයි නේද... නිතර හිත් රිදෙන දේම වෙයන් කියල පතනව නෙමෙයි...ඒත්...කවිය සහ පිලිතුර දෙකම හරිම සුන්දරයි...තව ලිව්වොත්....!!!

    ReplyDelete
  13. ලස්සනයි වත් අක්කෙ,

    ඔබ ඔබමයි...
    ඈ නොවෙමයි..
    සොඳුරු සිතින්
    කී කවමයි..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...