..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, May 14, 2010

෴ මඟ බලමි ෴



මහ සාගර හතක් දුරින්
මහ ගිරි කඳු මුදුන් මැදින්
සුළඟක් වී ඇවිත් ඉතින් 
ටික දවසක් ගෙවී ගිහින්

නෙතින් දුරස් වුනත් ඉතින් 
දුරස් වෙයිද මගේ හිතින් 
විහඟ ගීය ගයන හඬින්
පිරී යාවි සොඳුරු සවන්

වෙරළ කොනේ තනි රකිමින්
සුළඟ සමඟ පොර බදමින්
නුඹේ සිනා අහුරු අරන්
නැව එනතුරු සිටිමි බලන්

අහසින් හෝ සාගරයෙන්
මගේ ආදර මුදුව අරන්
එන්න බැරිද හනික ඉතින්
මා එහි යන්නට කැඳන්

මඟ බලන 
මම
෴වත්෴ 

17 comments:

  1. හරිම ලස්සනයි පදවැල, වෙන වචන නැහැ.

    ප්‍රියා සූරුයසේන ගයන "ආපසු එනවා" ගීතය අහන්න බලන්න.

    ReplyDelete
  2. සොයුරි වත්සලා.......

    හිත සතුටින් දෝරගලනව නේද...??

    මේ දවස්වල වත්සලාගේ ගීතය...

    ඉරට අකීකරු..සඳට අකීකරු...
    රෝසකැලේ රතු කැකුළී....

    එකමත් එක රටකින් ඔහු ඒවී...
    ඔබ ගෙන ඈතක යන්නට යාවී...
    කඳුළලි ගඟ ලඟ ..ඉකිබිඳ නාඩන්...
    රෝස කැලේ රතුකැකුලී..
    දෙතොලේ පොපියන ගීය ගයන්නට...
    දෑසේ නලියන කඳුළු සලන්නට..
    ලස්සන දවසක් හෙට හමුවේවා..
    රෝස කැලේ රතු කැකුළී...

    ගායනය ;ඉන්ද්‍රාණි පෙරේරා...

    සුලා...

    ReplyDelete
  3. ශා..!! මේක නම් හරිම ලස්සනයි..! උපරිමයි.

    ReplyDelete
  4. කියනු මැනවි නුඹෙ මුවින්
    මට ආද​රේ බැව් රහසින්
    මහ සාගර වැව් ඉහලින්
    පියඹා එමි ලොවට හොරෙන්

    නෙතු අග රැදි සුවද මලින්
    රුව දුටුවෙමි නුඹ විලසින්
    නුඹ නැතුවක් මා අසලින්
    හිදිනු මැනවි සිනා මුවින්

    ඇති.. දොයි මතයි... මම ගියාවෙ එහෙනන්.. සුභ රාත්‍රියක්

    ReplyDelete
  5. අනේ විහඟේ, ඉක්මනට වරෝ!!
    අපිට කනක් ඇහිලා ඉන්න නැතෝ!!

    ReplyDelete
  6. දැන්නේ මට මීටර් උනේ...
    එළකිරිස්..

    ඉක්මන් ගමනින් මෙහි ඇවිදිල්ලා..
    විහග ගීය ඇගේ සවනට මුමුණා..
    ඈ ගෙන යන්නට මාල පළන්දා..
    කවදද එන්නේ ප්‍රේම කුරුල්ලා..

    ReplyDelete
  7. පූර්ව අපර සන්ධි ගලපල බැලුවොත් මේ කවියෙ රිසීවින් පාට් 1 ඉන්නෙ පිටරට..නැත්නම් සදෙව්ලොව වාගෙ තැනක..මොකද අහසින් මූදෙන්..එන්න වෙන්නෙ ඒ අයට...

    ReplyDelete
  8. සත් සමුඳුරු අහස උඩින්
    සත් ගිරි කුළු පවුරු මතින්
    නෙත් කැළුමේ පහස පතන්
    වත්...නුඹ වෙත එමිය ඉතින්

    සිත් සනහන දිනක නුහුරු
    අත් විඳ සෙනහසක මහරු
    විත් නුඹ ලඟ ‍රැ‍ඳෙන අයුරු
    වත් මම හැර වෙයිද? කවුරු

    ReplyDelete
  9. සත් සමුදුරු තරණය කර ආවා..
    සත්කුඵ පව් අතරින් දිව ආවා..

    මෙන්න ‍කොල්ලො විහිඵ කරනවෝ...

    ReplyDelete
  10. අක්කේ:

    සිතිවිලි කළඹනු ඇත සාගරයක්
    කදුලැලි පරදනු ඇත සාගරයක්
    සමුදුර නොපෙරලයි මහ ආදරයක්
    ආදරයට නැත සමුදුර බාධකයක්....

    කවිය නම් ලස්සනයි. කාලෙකට පස්සේ තමයි කවියක් දැක්කේ අක්කගේ බ්ලොග් එකේ.මාත් කාලෙකට පස්සේ තමයි කමෙන්ට් එකක් දැම්මේ....

    ReplyDelete
  11. මැක්ස අක්කෙ මැක්සා.....කියන්න වචන නෑ

    ReplyDelete
  12. @ ගල්මල්-Coral
    ඒ ගිතයේ තියනව නේද "අප සිත් හඩන තරම් " කියල...
    එහෙම වෙන්න හොඳ නැහැ...බොහොම ස්තූතියි ඩීන් අයියා.

    @ සුලා...
    මම එයාගේ රෝස මල කියල තමයි කීවේ. ඒත් අන්තිමට පෙනුන මම ඔයාගේ වතු සුද්ද මල කියල..බොහොම ස්තූතියි සුලා

    @ Ansh Lucky Sri Jay
    බොහොම ස්තූතියි අන්ශූ ...

    @ Pasan
    මහ සාගර පරදා ගෙන
    කැන්තාර අකුලා ගෙන
    ගඟ දිය රැළි නංවාගෙන
    ඔහු එනවා රෑ හීනෙක
    ෴ දොයි බබා දොයි෴

    ReplyDelete
  13. @ .::පිස්සා::.
    පිස්සා...... මක්කයි මේ කියන්නේ...

    @ මාරයාගේ හෝරාව
    ප්‍රේමය කුරුල්ලෙක්෴ ඔයා ඉතින් ප්‍රේම කරන්නේ බෝතලේට නේ

    @ indi
    ම්ම් ම්ම් .... හරි හරියටම හරි.......

    @``` Outsider```
    හා හා විහිළු කරාට කමක් නැහැ.
    කොල්ලන්ගෙ හැටි එහෙම තමයි.

    ReplyDelete
  14. @ leks' world
    @ හසිත ජයසූරිය
    දෙන්නම ආනන්දියන් නේද?
    එ​ක්කෙනෙක් ස්කූල් යනව. අනිකා කැම්පස් යනව....
    දෙන්නටම ගොඩක් තුති මේ පැත්තෙ ඈවිත් යනවට...

    ReplyDelete
  15. Quote
    ඒ ගිතයේ තියනව නේද "අප සිත් හඩන තරම් " කියල
    එහෙම වෙන්න හොඳ නැහැ...බොහොම ස්තූතියි ඩීන් අයියා
    Unquote

    අයියෝ ලොකු වැරද්දක් වුනා,
    සම්පූර්‍ණ පදමාලාව මතක තිබුණේ නැහැ මට. සොරි නංගී.

    හැමදාම පතන්නේ යහපතම පමණි.

    ReplyDelete
  16. මහාසාගර 7 ක දුර ඇත
    ඔහු හිටියත් නුබේ හිත ඔහු ලග නේද

    සුලන් සමග ඔය වෙරලේ
    හමන සුවද ඔබට දැනේ

    නුබේ පතුම් සපලවෙමින්
    ලග එනවා ඔහු මුදුව අරන්

    ReplyDelete
  17. මටත් දැන් මීටර් වෙනවා මක්කයි වෙන්ට යන්නේ කියලා . .

    අනේ මන්දා මක්ක කියනන්ද කියලා . .

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...