..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, May 10, 2010

෴ මොණර පිහාටු෴


මේ දවස් වල අපේ වත්ත පහලට ගියොත් ‍ලස්සන ලොකු මොණර පිහාටු 5 ,6 ක් නම් වරදින්නෙ නැහැ. ඒ මදිවට පුංචි කුකුල් පැටවු වගේ මොණර පැටවුත් ඉන්නව. හැබැයි ඉතින් මොණරුන්ගේ ඈඩියාව නම් අහන් ඉන්න බැරි බව දන්නෝ දනිති. මොණර පිහාටු දැකල මගේ හිතේ ඇතිවුන පුංචි සිතුවිල්ලක් තමයි මේ. අඩු පාඩු නම් බහුල ඇති. මේ මගේ පළමු කවි කතාව නේ...( එකතු කරපු මොණර පිහාටු වල පින්තූර ටිකක් ඇති ගෙදර කොම්පීටරේ... දැන් ඉන්නේ කාර්යාලයේ නේ..ගෙදර ගියහම පින්තූර ටික එකතු කරන්නම්) මොණර පිහාටු ගෙදර ඇතුලෙ තියා ගන්න හොද නැහැ කියල අම්මා පිහාටු ටික ගෙදර එළියෙ කොරිඩෝ කෑල්ලක තමයි තියල තියෙන්නේ...... විසිකරන්නත් ලෝබයි නේ...

එහෙනම් කියවලම බලන්නකෝ......

පුංචි රටේ ඈත කොනක
තිබුන හරිම සොඳුරු ගමක්
ගම්මානේ මායිම ලෙස
තිබුනේ සුනදර වනයක්

ඒ වනයේ පෙම් සුව විදි
ලස්සන රණ මොනර යුවල
රණ මොණරයි මොණරිය සේ
කල් ගෙවුවා සිත් සතුටින්

මෙහෙම දිනක් ගත වන විට
අල්ලපු ගම වන ලැහැබට
ගිනි ලෑවා ගම් වාසීන්

ඒ වනයේ සියලු සතා
මේ වනයට ආපු නිසා
දැන් ඉන්නේ නව මිතුරන්
සතුන් වුවත් මිතුරු වෙනා

ඒ වනයෙන් ආ මොණරෙක්
පිල් දිලිසෙයි නිල් පැහැයයි
මොණර පැටික්කිය ගෙ දිහා
නිතර නිතර බැලුම් හෙලයි

මගේ මොණරට වඩා හැඩයි
සවි ශක්තිය හොඳට පෙනෙයි
ඇගේ සිතත් හෙමින් හෙමින්
අර මොණරට කිට්ටු වුනයි

ටික දවසක් ගත වුනේය
අර මොණරා තනි වුනේය
ආගන්තුක මොණර එක්ක
රණ මොණරී පෙම් වඩයිය

සිවු වසරක පෙම බිදුනා
මා මේ ලොව තනි කෙරුණ
දකින දකින මල් ගස් වැල්
පරණ දේම සිහි කෙරුවා

මොණරට දිවි එපා වුනා
කැලේ අපා දුක සිතුනා
කැලය අතැරි මේ මොණරා
ගමට හෙමින් බඩ ගෑවා

ගමට ඇවිත් නැහැ කිසිදා
සිතට බයක් හෙම දැනුන
එහෙත් ඉතින් මගේ දිවිය
ඇය නැතුවට පලක් නැතා

මොණරාහට හරි වෙහෙසයි
තෙහෙට්ටුවයි හිතේ දුකයි
පිපාසාව දැඩිම නිසා
ගම ගෙදරට කිට්ටු වුනා

ගෙදර හිටපු තඩි බල්ලා
බුරාගෙනම පැනපි ඉදා
දිවි ආසා අතහැරලා
මොණර හිටපි හිටු ලෙසටා

පැන්නේ සුදු පුළුන් ගෙඩිය
ලෙස සිටි සුදු කිකිළි මොටා
පැනපු ගමන් බලු තඩියගෙ
මූණ ට දුනනේ පහරා

( සුදු කිකිළි චන්ඩි රැජින.... කරාතේ දන්නව)

බලු තඩියා පසු බෑවා
හෙමිහිට වූ ගෙට දීවා
සුදු කිකිළිගෙ නුවන නිසා
මොණර මෙපුර ඉතිරි වුනා

කිකිළි විමසු පැන සියල්ල
පිලිතුරු දුන් මොණර මොටා
කැලයට නම් නොයමි මෙමා
මොණර කියපි දුක් විලසා

කිකිළියටත් දුක සිතුනා
කූඩුවෙ ඇගේ ඉඩ දුන්නා
ගොපලු ගෙදර එළිය කරන්
වුන් දෙදෙනා එහි විසුවා

සුදු කිකිළගෙ කූඩුවෙ ඉඩ
සේම ඇගේ හිතේ කොනත්
මොණර නමට වෙන් කෙරුමට
කාලය දුන්නේය ඉඩක්


සෑමදෑම උදෑසනම
සෙනග පිරෙයි ගොපලු ගෙදර
නැටුම් බලන්නට මොණරගෙ
කවුරුත් පොර කනව ඔන්න

ටික දවසක් මෙහෙම ගියා
ගෙදර පුතා ලෙඩට වුනා
බෙහෙත් ගන්න සෙයිලම වෙත
යන්න මුදල් මදිත් වුනා

කිකිළියටත් හරිම දුකයි
මොණරගෙ හිත ඊට දුකයි
පුංචි පුතුගෙ දඟ වැඩ නැති
ගම ගෙදරම පාලු වුනයි

සුදු කිකිලිට දැන් වයසයි
බිත්තර හෙම දැන් ‍නොදමයි
මසට විකුණලා දැම්මොත්
සෙයිලම වෙත යන්න ලැබෙයි

ගමරාලගේ ඒ කතාව
කන වැකුණා මොණරා වෙත
අනේ මගේ සුදු කිකිළිය
මරන්න ඉඩ නොහැක දෙන්න

මොණරගේ සිත දුකින් සැලෙයි
කිකිළිය ගැන තැවෙයි තැවෙයි
ඇගේ දිවිය මගේ දිවිය එකම
නේද ඔහුට සිතෙයි

සුදු කිකිළිය මගේ පණයි
ඇය මට හරි අගෙයි අගෙයි
මගෙ පණ නල පුදලා හරි
ඇය බේරා ගැනුම වටියි

දස අත ඔහු සිත දීවා
කරන දෙයක් සිහි කෙරුවා
අවසානෙදි යස අදහස
මොණරගෙ සිහි වෙත ආවා

මගේ මොණර පිල හැඩයි
හොඳ මිලකට දිය හැකියි
පුංචි පුතයි සුදු කිකිළියි
දෙන්නම බේරිය හැකියි

මොණර නැටුම මක්කටයි
ඇගේ දිවිය මට වටියි
දැන්මම ගොස් ගමරාලට
අදහස මම සපයමියි

පිහාටු ටික ගැලවුනා
පුංචි පුතත් සුව වුනා
සුදු කිකිළියි රණ මොණරයි
ආදරයෙන් එක් වුනා

සැබෑ ආදරයත් හරියට මේ වගේ නේද........................

මොණර පිහාටු එකතු කරපු
මම
෴වත්෴

30 ප්‍රතිචාර:

ශාකුන්තල said...

අපූරු නිර්මාණයක්..! මේක නං මම මුල ඉඳල අගටම කියෙව්වා...

අපි මේ කවි එකතු කරල පොතක් ගහමුකෝ...
වත් ආන්ටිගේ රස කවි. :P

wath said...

@ ශාකුන්තල
ඔවු ඔවු සාකුන්තල පුතා. වත් ඇන්ටිගෙ කවි කතාව ඔක්කම බැලුවට සාකුට තැන්කු. දැන් කවි පොත් සල්ලි වලට අරන් බලන අය අඩුයි නෙ පුතා. නිකම් දුන්නත් බලන්නෙ නැහැ සමහරු. කවි පොතක් ලියන්න මටත් අද යෝජනාවක් ආවා. ම් ම් ම් බලමු ....

ඉලංදාරියා said...

ආදරයේ උත්තරිත්වය රැකෙන්නේ අපිකරනු ලබන කැපකිරීම් මත.......

සොදුරු සිතක කවි රජදනේ
කථාවකට මුල පිරුවානේ
පදවැල් ඇමිනෙන කවිගානේ
සොදුරු සිතට එලියයි එන්නේ

දැසින් බලලා හිතින් කථාකර
ඔබ පවසනදේ කියවන්නේ
හිතා ගන්න බැරි සොදුරු ලොවකමයි
හැමදාම්ත් මා තනිවෙන්නේ

wath said...

@ ඉලංදාරියා
ඉලංදාරියව අල්ල ගන්න තමයි හිටියෙ මම. ඉලංදාරිගෙ බ්ලොග් එකේ කොමෙන්ට් කරන්නෙ කොහොමද... අර කොටුවක් ඇතුලෙ ඉලක්කම් තියෙන්නෙ. එතනද... බ්ලොග් එක බැලුවට කොමෙන්ට් කරන්නෙ නැහැ ඒ නිසා.

හසිත ජයසූරිය said...

අඩේ... මෙයා ඔෆීස් එකේ වැඩ නොකර කවි ලියනවා.....:P

අක්කෙ මේක නම් එක හුස්මට කියවන්න පුලුවන්.මාරම ලස්සනයි. කතාවත් ස්වභාවික විදියට නියමෙට ගලපල තියෙන්වා......ආයි කියල වැඩක් නෑ.මරේ මරු

විහඟ ගීතය said...

එන සුළඟේ පවා නුඹේ සුවදම ‍රැඳුනු
මනහර මෙනවියනි, කතිකාවෙහි නිපුනු
ගෙනහැර පෑ පුවත මීවිතකිය පිරුණු
රණ මොනරා මමද? නුඹේ ගත සිත බැඳුනු

ඉලංදාරියා said...

මෙන්න මෙහෙම කරන්නකො.......

මගේ පොස්ට් වලට දාලා තියන... මාතෘකාව උඩට කොටන්න ....එතකොට....පහලට දිගහැරේ...වී..අනිත්වා වගෙමයි......

මම said...

වත් අක්කේ හරිම හරිම හරීම ලස්සනයි.පලමු කවි කතාවනේ කිව්වට ඔය ලියලා තියෙන්නේ යස අගේට.මාත් දෙතුන් පාරක්ම කියෙව්වා...ම්ම්ම් අනේ බොරු කියන්නේ මක්කෙටයි දෙපාරයි කියෙව්වෙ.තුන් පාරක් කියෙව්වෙ නෑ.
ඒත් ලස්සනයි කිව්වෙ නම් ඇත්තටම....

හුටපටයා said...

ඇත්තටම අමුතුම පද පෙලක්. අපේ ජීවිතේත් මේ වගේ. බාහිර රූපයෙන් පෙනෙන දේට වඩා ඇතුල ගොඩක් වෙනස්. රණ මොණරගේ පිටත විතරක් නෙමේ ඇතුලතත් ලස්සනයි. ඒත් සමහර අයගේ පිට ලස්සන නෑ. ඇතුල ලස්සනයි. සුදු කිකිළි වගේ. සමහර අය පිට ලස්සන වුනාට ඇතුල ලස්සන නෑ. සිව් වසරක පෙම කැඩූ මොණරි වගේ. ලස්සන පද පෙල . . .

තිස්ස දොඩන්ගොඩ said...

ගං කිකිලිට...
ගං කුකුලෙක්..
නැතිව මොටද...
ලොං හැලිච්ච...
යන එන මං..
නැතිවී ගිය...
උඩඟු මොණරු...?

චමිදේවා said...

"සිවු වසරක පෙම බිදුනා
මා මේ ලොව තනි කෙරුණ
දකින දකින මල් ගස් වැල්
පරණ දේම සිහි කෙරුවා"

හ්ම්ම්ම්ම්....

wath said...

@ හසිත ජයසූරිය
හසිත මගේ ජොබ් එකත් නැති කරන්නද හදන්නේ...

මරේ මරුද ... අප්පේ යන්තම් ඈති.මම බයේ හිටියෙ කට්ටිය මේකට හිනා වෙයි කියල....තැන්කූ..

wath said...

@ ඉලංදාරියා
හරි එහෙම කරල බලමු........

wath said...

@ මම
තැන්කූ... තුන්වෙනි පාරකි කියෙවුවනම් එපා වෙන්න ඉඩ තිබ්බ. එහෙනම් සුදු කිකිළිගෙ කරමලත් සුදට පෙනෙන්න ඉඩ තිබ්බ. හා හා හා.......

wath said...

@ හුටපටයා
අන්න. ඒක තමයි මටත් පෙන්නන්න වුවමනා කරේ. බාහිර ලස්සන. අහ්‍යන්තර ලස්සන කියන්නෙ දෙකක්. කාටත් ඒ දේ තෙරෙනව නම්.......

Bunny ! said...

මේ සිරාවටම වත් අක්කෙ මොකද පොතක් කලොත් ? සිරාවට කියන්නෙ..!!

"බ්ලොගයෙන් බිහිවුණු කවි" :D පොතට නමක් :P

මින්දද said...

කේයස් ගේ "සුදෝ සුදු" වගේ. මමනම් එලි සමය රැකගෙන පද හතරක් ලියාගන්නත් හැට පැයක් ගන්නවා. අක්කගේ දක්ෂතාවයනම් උපරිමයි. අපතේ යන්න දෙන්න එපා...

කමෙන්ට් කරන්න පරක්කු වුනාට ගනන් ගන්න එපා හරිද අක්කේ... වැඩ කරන ජනතාවනේ. කුකුලත් අරගෙන එලියට බැස්සම ආයෙමත් එන්නෙ රාත්තිරියේ...

wath said...

@ Bunny
ම් ම් පොතක් නම් ලියන්න බැරි කමක් නැහැ. ඒත් කියවන්නේ කවුද අප්පා....

wath said...

@ මින්දද
අනේ මම තරහ නැහැ මල්ලියා.මේ මගේ 99 වෙනි පොස්ට් එක. ම් ම් මම මේක ලීවෙ කාර්යාල වෙලාවෙදි. හිතුනා ලීවා. හිත හිත හිටියොත් මට නම් ලියන්න බැහැ. හිතිච්ච ගමන් ලියන්න ඕනි......

roylyfernando said...

වැඩට යමි
බ්ලොග් ලියමි
ගෙදර එමි
උත්තර බඳිමි


අනේ මන්දා මේවා :) හික්z

මම නම් කියන්නෙ මේවා එකතු කරලා පොතක් ගැහුවනම් හොඳා කියලා. :)

ගල්මල්-Coral said...

අගේ ඇති කවි කතාව, ගොඩාක් රසවින්ඳා.
ඔබේ උත්සාහය සාර්ථකයි. ජය.

සිතට දැනෙන දේ said...

ලස්සන කවි කතාව. කියවන්න කියන්න ආසයි.
අනිත් අයගේ අදහස් මම බලුවා. වත් ඇත්තටම අනිත් අය කියනවා මගේ සිතටත් දැනෙනවා ඔයා පොතක් ලියුවොත් හොද නැද්ද කියලා.. සිතට දැනෙන විදියටනම් කවදා හරි ඔයා පොතක් ලියනවා..
ඔයාට ජය පතනවා...

මාරයාගේ හෝරාව said...

ගුඩ් මොනින් එකක් වෙවා කිවුවා...

ඔන්න අද වැඩ පටන් ගන්නේ මෙතැන කොටලා තමයි.
ඊයේ ඇවිත් හදිස්සියට වගේ බලලා ගියා.ඒත් මොකුත්ම ලියන්න වෙලා තිබුනේ නැහැ.
මම ඊයේ ජංගොම කයි මඩුවකට සැට් උනානේ..
ඉතින් සතුටුයි 99ත් ගැහැවුවාට...
මම නම් හෙට 100 ගහන්නයි හිතන් ඉන්නේ මගේ ක්‍රමෙට ගහන්න නම් ඔයාට තව දවස් කිහිපයක් ඉන්න වෙනවා නේද..?
මම හිතන්නේ ඔයා ඊට කලින් ගහයි කියලයි...

මෙ කේන්දර බලනකොට පොරොන්දම් කියන කොටසේදී බලන එක පොරොන්දමක් තමයි පක්ෂී පොරොන්දම.
ඒක ගැලපීම හුගාක් වැදගත්..
මොකද ඒකෙන් තමයි දෙන්නාගේ හිතවත් කම ,බැදීම,පෑහීම,
ඇණකොටා ගැනීම්,වලි බාල්දි පෙරළා ගැනීම්, ආදිය වගේ හුගාක් දෙවල් කියවෙනවා...
ඒකෙදිත්ඔය කුකුලයි,මොනරයි ගැලපෙනවා නෙව.
අපි කාගේත් කේන්දරවල පක්ෂියෙක් ඉන්නවා...
මම නම් කාක්කා තමයි...හිහ් හිහ්..

හොඳ නිර්මාණයක්...
ඔය තරම් දිගට එක අරමුණ කින් එකම රටාවක් පවත්වාගෙන යන එක තමා මට නම් අමාරුම..

wath said...

@ roylyfernando
ජීවිතය මගේ බිලොග් එක වගේ තමයි. අනික වැඩක් නැති වේලාවට අනුන්ගේ ඕප දුප හොයනවට වඩා හොඳ නැද්ද මෙහෙම දෙයක් කරන එක

wath said...

@ ගල්මල්-Coral
බොහොම ස්තූතියි අයියා෴

wath said...

@ සිතට දැනෙන දේ
මම බැලුව කවුද මේ අලුත් ලස්සන මුහුණ කියල. පොතක් නම් ලියන්න බලමු හවුලෙ වත්. මම ඔයාගේ නිවසටත් (සිතට දැනෙන දේ ) ගොඩ වැදුන. තාම අලුත් නේද? අලුත් වුනත් ලස්සනට ලියන්න පුලුවන්෴
සුබ පතනව. ඒ වගේ තැන්කූ මේ පැත්තෙ ආවට෴

අනුරාධ said...

අන්න අරහේ මාරයත් 99 ලියාගෙන සෙන්චරිය ගහන්න මග බලාගෙන ඉන්නවා. මෙහේ ආවම ඔයත් එහෙමමයි. මාර සමාන්තරයිනෙ දෙන්නගෙ ගමන. යන් යන් ඔහොම යන්.

චමිල said...

කවි කතාව නියමයි. මොණරට සහ කිකිලියට සුභ පැතුම් :)

Anonymous said...

කියවා බැලුයෙමි..
සසඳා ලූයෙමි...
කවිකම් දුටුයෙමි...
සතුටක් වින්දෙමි...

අගෙයි....අගෙයි..සහෝදරී....

හිත ස්තුටින් නම් කවිකම් එමටයි නෙව..
ජය..!
සුලා..

රවා said...

එහෙනම් අක්කෙ ඔන්න මම ගියා... ටාටා.. ආපහු හම්බෙමු...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...