..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, May 9, 2010

෴සිත්තමයි ගෙත්තමයි෴

විල් තෙර විහිදෙන නිසල බවයි
විල මත තැවරුණු සෙවන යසයි
නුඹෙ ආදරයත් ඒ වගෙමයි
සොඳුරුයි නිසලයි සෙවන සදයි

තෙලි තුඩ දැවටුන පාට පොදින්
නුඹ ඇදි සිතුවම සිතම නිවයි
මගෙ සිත සෙනෙහෙ පාට වලින්
සිත්තම් කෙරුවෙත් නුඹම තමයි

කඳුලින් බොද වුන සෙනෙහෙ සිතක්
පාට කරන්නට යළිත් වරක්
හැකි නම් මට එය මහඟු පිනක්
හඳ ඇදි සිතුවම මහා මෙරක්
 
සිත්තම ඔහුගේ
ගෙත්තම මාගේ
ගෙත්තම් කරපු 
මම
෴වත්෴

22 comments:

  1. ඔව් අක්කේ.. හුඟක් වෙලාවට අපේ සිතේ ඇදෙන චිත්‍ර වර්ණ ගන්වන පාට තෙලිතුඩ තියෙන්නෙ වෙනත් කෙනෙක් ගාව...

    සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයේ ආභාෂය ටිකක් පෙනෙනවා මේ නිර්මානයෙන්. ඒ ගීතය සෑහෙන්න අහනවා වගේ මේ දවස් වල...

    ReplyDelete
  2. @ මින්දද
    සුනිල් එදිරිසිංහ මහත්තයගේ මොන ගීතයද කියල තරහ නැතිව කියන්න මින්දද

    ReplyDelete
  3. නියමයි.. සහොදරි... ඉතින් කොමෙ ජිවිතෙ.. කාලෙකින් ආවෙ මෙ පැත්තෙ(ඊයෙ ආවට පස්සෙ)

    සිතල දියපිරි සුනිල විලයි...
    වගෙ නෙද.. එක අහා අහා ද මෙ වචන ටික එකතුකරෙ...

    ReplyDelete
  4. " සීතල දිය පිරි සුනිල විලයි "
    විල් තෙර විහිදෙන නිසල බවයි

    මට කියවද්දි එක පාරම හිතුනු දෙයක්. සමහරවිට මම වැරදි ඇති.

    ReplyDelete
  5. මින්දද.. නිරික්ෂන හැකියාව තව ගොඩාක් ඉස්සරහාට ගෙන්න ඔනා.. හොදට බලන්න මෙ අක්කාගෙ බ්ලොග් එකෙ හැමතැනම තියන්නෙ එ සින්දුවම තමයි...

    ReplyDelete
  6. ඔහුගේ සිත්තම්
    ඔබගේ ගෙත්තම්
    අපගේ සිත් තුටින්
    පිරවූ හැටි මනරම්...

    ReplyDelete
  7. සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී
    ඒ සිතින් හෙටත් මම ජීවත් වේවී
    පෑ නෙතින් කඳුලු නුඹ, ළඟ වියලේවී
    මා ඉතින් ඉදිමි ඒ වෙනුවෙන් පේවී

    ReplyDelete
  8. බොද උන කදුලින් අසරන සිතක
    ඔසුවක් වෙන්න හැකින්ම් හිත සුවවෙන්න
    ලෙන්ගතු කමින් ඒ හදවත පුරවන්න
    එකයි නියම මිතුදම එය රැකගන්න.

    නොයෙකුත් රු රටා ඒ හදවත ඇතුලේ
    මිතුදම රජවෙලයි ඒ පින්සල ඇදුනේ
    මිනිසත් කමේ පටයි එහි දැවටෙන්නේ
    ඔය සෙනේහසට තව ආයුශ වැඩිවෙන්නේ

    ReplyDelete
  9. සොඳුරු සිතක
    නිසල සෙනෙහෙ
    සිතුවම් ඇ‍ඳෙන්..
    නිසල සිතක
    සෙනෙහෙ සිතුම්
    පාට අරන්...

    ReplyDelete
  10. ලස්සන කව් මුතුවැල, සුනිල් එදිරිසිංහයන් ගේ හඬින් ගීතාකාරව රැව්දුන්නා වගේ දැනෙනවා. එතරම් ලස්සන ගැලීමක් ඇත.

    යොදාගෙන ඇති සිතුවම හරිම අලංකාරයි. සුබපැතුම්!

    ReplyDelete
  11. අක්කිගෙ නිර්මාණ නියමයි......ඒත් අනේ මට මේව තේරෙන් නෑනෙ ....මොකද මන් බබානෙ:D

    ReplyDelete
  12. @ ගල්මල්-Coral
    සිත්තම තෙල් සායමක්."Oil Painting" ලස්සනයි නේද?
    ඇත්තම කියනව නම් මේ චිතුය ඇදපු කෙනාගෙන් අවසරයකින් තොරව තමයි මම මේ චිත්‍රය ගත්තේ....
    පේන්ටින් එක සිඩිනි මහතාගේ...

    ReplyDelete
  13. @ හසිත ජයසූරිය
    ආහ් පුතා... ස්කෝල යන්නෙ නැද්ද ආහ්.. උදේම ජංජාලයට ගොඩ වෙලා ඉන්නේ

    ReplyDelete
  14. @ හසිත ජයසූරිය
    ආහ් පුතා... ස්කෝල යන්නෙ නැද්ද ආහ්.. උදේම ජංජාලයට ගොඩ වෙලා ඉන්නේ

    ReplyDelete
  15. @ රවා
    @ මින්දද
    දෙන්නම හරි අත්තටම ඒ ගීතය මගේ බ්ලොග් එකේ තීම් එක වෙලා කියල මටත් හිතෙනව..

    ReplyDelete
  16. @ චමිදේවා
    සිත
    සිත්තම් කරන
    දවසක්
    ලගදීම
    උදා වේවා....

    ReplyDelete
  17. @ චේජනා
    මගේ බාල සහෝදරී ...
    ඔයාට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  18. @ ඉලංදාරියා
    තවත් සොඳුරු කවිකාරයෙක්.කොහෙ හැන්ගිලා ඉදල එනවද මන්ද....
    ස්තූතියි ඔබට
    මම ඔබේ බ්ලොග් ලියවිල්ලත් බලන කෙනෙක්...

    ReplyDelete
  19. @ විහඟ ගීතය
    පේවී ඉන්න සිතකට දුක් නොම වේවා
    හමුවන නැකත සුබ දිනකදි සිදු වේවා
    සිත්තම සදා සිත් මඬලේ රැවු දේවා
    විහඟ ගීය සැමදා මා හමු වේවා

    ReplyDelete
  20. පේවී ඉන්න සිහිනය ,සිහිනය නොවිනි
    හාවි සඳ වතෙහි සේ මහදෙහි ‍රැදුනී
    යාවී දෙසිත සෙනෙහස් හුයකින් බැඳුනී
    දේවී නුඹයි, නුඹගෙන් ඒ ලොව සැදුනී

    ReplyDelete
  21. සිත්තම ඔහුගේ
    ගෙත්තම මාගේ
    මේ කෑල්ල නම් මාරෙට හිතට වැදුනා.

    ReplyDelete
  22. "මගෙ සිත සෙනෙහෙ පාට වලින්
    සිත්තම් කෙරුවෙත් නුඹම තමයි"

    ඒ පාට හරිම ලස්සනයි....!!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...