..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, May 8, 2010

෴ ආයෙත් එයා ලෙඩ වෙලා෴

මගේ හිත අඳුරන මගේ සිතුවිලි අකුරු කරන්න මට උදවු වෙන මගේ ප්‍රාණසම මිත්‍රයා ආයෙත් ලෙඩ වුනා ඊයේ රාත්තිරියේ....
හිටි ගමන් off වෙනව. මොනා කරන්නද ඉතින් හෙට උදේම බෙහෙත් ගන්න යමු කියල නිදා ගත්ත.
අද උදේම ගියා නෙව මේක හදන්න. පණ වගේ ළඟ ඉන්න කෙනා.  

බෙහෙත් ගන්න යන ගමන් ​මට අපේ අපි දෙන්නගෙ අතීතෙ මතක් වුනා.... 

දැන් මෙයාල කාර්යාල වල අතක් දික් කරත් තුන හතරක් අතේ වදින තරමට හිටියත් මුල් කාලේ මෙයාල හරිම වටිනා කියන දුර්ලබ වස්තු. අපිට වැරදිලාවත් අල්ලන්නවත් තහනම්....
දවසක් කාර්යාලයේ මේකක් ගාව මම වාඩි වෙලා මෙයාව අතපත ගෑව කියල මට හරි සද්ධයක් දැම්ම ලොක්කෙක්. එදා මගේ හිතේ ඇතිවුන හැඟීම නිසා ටික ටික සල්ලි එකතු කරල තමයි මම මෙයාව කඩෙන් අරන් ආවේ... 
ඒ අරන් ඇවිත් හිමිට ඉගෙන ගත්ත.කැඩිලි බිදිල ගියත් මේක මගේ නිසා කවුරුවත් බනී කියන බය නැති වුනා.....
ඊට පස්සෙ ආවා ආසාවක් අන්තර්ජාලයෙන් මටත් මකුළු දැල් කෑල්ලක් ගන්න. office එකේ දවසක්ම නිවාඩු දාලා ගිහින් පෝලිමේ ඉදල CDMA Phone එකක් ගත්ත අද වාගේ මතකයි. රු200 card එකට පැය 18ක් ඒ දවස් වල ජංජාලගත වෙන්න පුලුවන් වුනා....

දැන් නම් ADSL තියෙනව.....

ජංජාලෙන් නම් ඉගෙන ගත්ත දේ අනන්තයි අපුමාණයි...... 
ඒ අතරින් මට හමුවුන සොඳුරු සිත් කිහිපයක්ම මට ගොඩක් දේවල් ඉගෙන ගන්න උදවු කරා.


ඒ අතරින් සුවිශේෂයි.....

"අක්කේ ඕක නම් බලන් ඉදල බැහැ..". 
"මෙහෙම කරන්න. ඕක වැරදි." 
"අයියෝ මොනද මේ. එහෙම වැරදි... " හැමදාම ආදරෙන් මට මඟ කියල දුන්න.

දැන් නම් කාර්යාලයෙත් කොමිපීටර් ගැන මම ටිකක් දස්සි... MS office package එක වගේම යන්තම් blog එකක් ලියා ගන්න email එකක් යවා ගන්න web පිටුවක් සොයා ගන්න දැන් මට පුලුවන්....

හොඳ මිනිස්සුන් වගේම අන්තිම නරක අයත් මට මුණ ගැසුන. මිනිසුන් ගැන හඳුනා ගන්නත් ජංජාලෙ තරම් වටින තැනක් නැතිව ඇති.අනන්න්‍යතාවය සඟවන මිනිසුන් හිතේ තියෙන කුණු කන්දල් වමාරන හැටි අහන් හිටියම මිනිසුන් ගේ හිත් දුෂ්‍ය තරම වටහා ගන්න පුලුවන්.

මිස් .. බහින්නෙ නැද්ද....?
ත්‍රීවිල් රථාචාර්ය මගෙන් හුවම තමයි අතීතෙන් මිදිල වර්තමානයට ආවේ...
දන්නෙම නැතිව දොස්තර ගාවටම ඈවිත්.....
දොස්තරමහත්තයත් දන්න කියන වයස 21ක විතර පොඩි දරුවෙක්. විශ්ව විද්‍යාල මානවකයෙක්.

ගොඩක් වයසද?
කීපාරක් ලෙඩ වුනාද?
කොච්චර කල්ද ලෙඩ වෙලා?

ප්‍රශ්ණ ගොඩක් අන්තිමේ ලොඩාව සනීප කරල දුන්න.... ලෙඩා බැලුවට සල්ලි ගත්තෙ නැහැ....

"ඕක මොකක්ද අක්කේ.., මෙයාට ඈති ලෙඩක් නැහැ... සල්ලි ඕනි නැහැ.."
ඩොකා කීව... අදුරන දරුවෙක් නිසා සල්ලි ගත්තේත් නැහැ... ඇයි ඉතින් කාර්යාලයට ආවම මාත් උදවු කරනව නේ...
කොහොම වුනත් මෙයා නැති වුනාම මට හරිම පාළුයි කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.....

ඒයා තමයි මගේ කොම්පීටරේ.... මේ සැන්තෑසිය දන්න මට ගොඩක් ආදරේ කරන කෙනෙක් අළුත් එකක් අරන් දෙන්න ඇහුවත් මම ආදරේ මෙයාටම තමයි. හරියට සමහර අයගෙ ප්‍රථම ආදරේ වගේ.....(මගේ නෙමෙයි හොඳේ..........)

ඉතින් ආයෙත් මම ජංජාලගත වෙලා ලියන්න පටන් ගත්තා..........

 මේ මල් මිට කතා කරන්න බැරි වුනත් මගේ හිත අඳුරන මගේ කොමිපීටරේටයි .......

ජංජාලගත වුන 
මම
෴වත්෴

26 comments:

  1. sinhala naehae phone eken enne.. kiyawanna puLuwan opera mini hindhaa..
    computer ekata pana naehae.. eth godaak hodhayi.. mokadha apita pana thiyanawaa ne.. api amathaka karanna hodha naehae... apita pana thiyanawaa kiyalaa.. mama nam mula idhalama kiwwe oka gaghata dhaanna kiyalaa.. hiks..

    ReplyDelete
  2. @ Anonymous
    කැම්පස් ගිහිල්ලත් සිහිය මෙහෙ නේද... මුල ඉදලම මේක නිල්වලා ගඟට දාන්න කියල කීනේ නම් රවා මලයා තමයි........

    ReplyDelete
  3. ඉක්මනට ලෙඩෙ හොඳ කරගත්ත එක හොදයි... නැත්නම් හවසට හවසට කියවන්න තියෙන දේවල් අඩු වෙන්න තිබුනා...

    යාලුවට දිර්ඝායූ පතනවා !

    ReplyDelete
  4. හැබැයි ලෙඩක් නැතුවමත් නෙමෙයි වගෙ...
    ඒ වගේම දොස්තරට බැරිඋන දේ ලෙඩාගේ අයිතිකාරයම හොයා ගත්තා කියලා ආරංචියකුත් පැතිර යනවා...

    ReplyDelete
  5. හොඳදා ළඟ ඉදන් බැරිදා අතහරින
    කළ හොඳ මිනිස් හිත්වල වත් නොම ‍රැ‍ඳෙන
    යුගයක, නිතින් ළඟ ඉඳ දුක සැප බලන
    දු‍ටුවෙමි කෙනෙක් කොම්පුටරේ ළඟ හඬන

    කල ගුණ පණ ඇතිව හෝ පන නැතිව ඉදන්
    සිහිපත් කරන එක යහ ගුණයක් ය නිතින්
    සළකන විටදි පෙරළා හිත් පෙර‍ටු කරන්
    තනියට ළඟ ඉදී බෝ කල් නොවී ලෙඩින්

    ආවත් අලුත් වී නෙක රූ අන්දාන
    නෑ සිත්, තවත් ඒකකට නම් බන්දාන
    තාමත් පරණ මිතු පණ නල රන්දාන
    ආයෙත් තනි රකී, "සිත නැති මිණි පාන"

    ReplyDelete
  6. @ මින්දද
    බොහෙමෙ ස්තූතියි මින්දද.. මේ පණ නැති යාළුව තමයි මට තව පණ තියෙන යාළුවො ගොඩක් හොයල දුන්නේ...

    ReplyDelete
  7. @ චමිදේවා
    කවුද අප්පා මේ අදුෂ්‍යමාන ආරංචි පතුරවන්නේ... මේ දවස් වල නොම්බර වගයකින් කෝල්ස් ආවාම මැරිල වැටෙනව කියලත් ආරංචි යනව.
    අපිනම් මාරිල වැටෙන්නේ අපි දන්න කියන නොම්බර වලින් කෝල් ආවේ නැති වුනාම....
    කතාව ඈත්ත.. ලෙඩේ හොයා ගත්තෙ නම් මමම තමයි...

    ReplyDelete
  8. @ විහඟ ගීතය

    මේ සැන්තෑසිය දන්න මට ගොඩක් ආදරේ කරන කෙනෙක් අළුත් එකක් අරන් දෙන්න ඇහුවත් මම ආදරේ මෙයාටම තමයි. හරියට සමහර අයගෙ ප්‍රථම ආදරේ වගේ.....(මගේ නෙමෙයි හොඳේ..........)

    කවි ලියල හිත් හොරකම් කරන්න එපා... ම් ම් ම්

    කවියෙන්ම උත්තර දෙන්න නම් මට ටිකක් වෙලාවක් ඕනි හොඳඳ?

    ReplyDelete
  9. ඕක නැතුව නම් ඉන්නම බැහැ තමයි අනේ, ඒ තරමට ඇබ්බැහි වෙලා.
    :)
    හදා ගත්ත එකට බොහොම සතුටුයි, යාලුවට දීර්ඝායු..!

    ReplyDelete
  10. කොටත් ආයි චැක් කොරගන්ට

    [ සිද්ධාලේප ටිකක් වරු තුනක් ගෑවානම් ඉවරයිනේ කේස් එක ...... හි හි හි ]

    ReplyDelete
  11. ඇති යන්තම් ගොඩ දා ගෙන. දැන් කෙලින් කරලා තියා ගත්තැකිද? මම නම් ඊයේ කියන්නමයි ගියේ ගඟට දාන්න කාලෙ හරි කියලා. :)

    ප.ලි.
    මෙය මුදල් ගෙවීම පිණිස ණයට කළ දැන්වීමකි. අඩුවෙන්ම උදව් කළ මගෙ නම මුලට දාලා අන්තිමෙ අනික් උන් තරහ උනොත් ඔන්න මම දන්නෙ නෑ. :P

    ReplyDelete
  12. එයා ලෙඩ උනාම නම් ඉතින් කියල වැඩක් නෑ......

    මං වැඩකර පරන එයාව අපේ අයිය හදල දෙන්නැති හැටි.......
    ඒකේ කවුද VGA ආන් එයා ගමේ ගිහින්...... :( :(

    ReplyDelete
  13. රොයිලි අයියා

    අපි ගැන හරියටම දන්නෙ නැහැ එහෙනම්.. කියවන්නෙ නැහැ වගෙ අපි ලියන එවා.. අපෙ නම් බොර්ඩ් එකෙ උඩින් කවදාවත් තිබුනෙත් නැහැ.. තියන්නෙත් නැහැ.. බොර්ඩ් එකෙ තිබුනත් නැතත් අපි හිනාවෙන්.. නැද්ද ච මි දෙ වා.. අයියා..
    ඔයගෙලගෙ ෆිල්ම් සයිට් එකට මම නිතරම යනවා එනවා..

    ReplyDelete
  14. @රවා,

    ඔන්න ඔන්න ඉතින් තව කතාවක් කිව්වා. බයිස්කෝප් එකේ මම ඔයාට උත්තර දීලා තියෙනවා නොවැ. ඔයා ආපහු ඒවා කියවලා නෑ වගේ :)

    මම කිව්වෙ මට වැඩියෙ ඔයාලා උදව් කරනවා කියලා මම දන්න නිසයි. :D

    ReplyDelete
  15. අපිට නැගිටින්න උදවු කරපු අය අමතක කරන්න හොද නැහැනේ කවමදාවත්......මගේ තනියටත්...ඔය යාලුවාගේ .....යාලුවෙක් තාමා....ඉන්නේ...

    ReplyDelete
  16. රොයිලි අයියා..
    මම එවා කියවනවා.. හරි හරි.. අපි ඔක්කොම කරන්නෙ කාට කාට හරි උදව් තමයි.. දැන් බලන්න ඔයා එකතුකරන සමහර චිත්‍රපටි තියනවා එ වා බලපු ගමන් හිතෙ එකතුවෙලා තියන ගොඩාක් ආතතින් නැතිවෙලා යනවා.. පුළුවන්නම් last song කියන චිත්‍රපටියෙ හොද පිටපතක් හොයලා දාන්න.. නියම කතාව මම උත්සහායක් ගත්තා ගිය මාසෙ වැඩක් උනෙ නැහැ.. හොර බල්ලන්ගෙ කොපි බලන්න යද්දි සල්ලි ඉල්ලනවා..

    ReplyDelete
  17. හැබෑටම මේ තනිවෙලා ඉන්න අපට ඕක කැඩුනහම නම් උන්මාද චිත්‍රාගේ ජනේලේ වැහුවා වාගේ... අපූරු සටහන... නැතිවුනහම නොවෑ කොයි දේත් අගේ....

    ReplyDelete
  18. බඹරු වෙත මලෙහි සුවද ගෙන ගියෙත් මේ මිතුරා නේද??

    ReplyDelete
  19. @ Yasela Sumanasinghe
    හ්ම්... ඔවු ඔවු
    බඹරු වෙත මලේ සුවඳයි
    යාළුවන්ට යාළු සුවඳයි
    ඔක්කම ගෙනිච්චෙ මොයා තමයි......

    ReplyDelete
  20. @ තිස්ස දොඩන්ගොඩ
    අප්‍රමෘණ සංතෝශයි.........

    ReplyDelete
  21. @ ඉලංදාරියා
    ම් ම් ...... අනුමාන කරන්නද මම... ම් ම් ඈන්ත්‍රාක්ස් ද?

    ReplyDelete
  22. @ හා පැටික්කි (MS)
    අයියල නම් මොනාටද හා පැටික්කියෝ... මම නම් ගියා හදාගත්ත ආවා... VGA ගේ ගම කොහෙද?

    ReplyDelete
  23. @ වැප්
    චැක් කොරන්න දෙයක් නැහැ. පෙනඩෝල් දීලා තියෙන්නේ........

    ReplyDelete
  24. @ Ansh Lucky Sri Jay
    බොහොම ස්තූතියි නංගියා ....

    ReplyDelete
  25. තිස්ස අයියත් මාර උපමා තමයි ඔබන්නෙ... උන්මාද චිත්‍රාගෙ ජනෙලෙ වැහැව්වා වගෙ.. කදිමයි..

    ReplyDelete
  26. හේ හේ එළ එළ..කොහොම හරි කොල්ලා ගොඩගියානේ..!! එළ :D ම්ම්ම්ම් මටනම් අලුත් ප්‍රියාවි ලැබුනම, පරන කෙනා මල්ලිට දුන්නා :D :P

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...