..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, May 7, 2010

෴විසල් ලොවේ හුදකලාව෴



ලොවක් නලවන විටක හඬවන
ආදරය මනරම්
සොයා එන දින කවුරු දන්නෙද
අරුම විසිතුරුකම්

හදට ලංවන පැතුම ඔබ නම්
ඇයිද මේ ගැරහුම්
කවුරු දන්නෙද හඬන අරණට
පෑව ලෙංගතුකම්

යහළු මිතුරන් සහෝදර යන්
නොහදුනයි අපෙ සිත්
පටු ලොවක් තුල අහිංසක හිත්
සොයයි නිවෙනා මං

වැලඳ ගෙන සිප සනසවන අප හිත
රාගයෙන් තොර නම්
ඇයිද  ලොව නෙතු වපර වන්නේ
වරද කිව මැන පෙම්

විසල් ලොව තුල හුදකලා වු
මම
෴වත්෴

18 ප්‍රතිචාර:

චමිදේවා said...

කවුරු කීවත්...
කෙලෙස කීවත්...
මනරම් නුඹේ ප්‍රේමය...
වරදක් නොදකියි මා නම්...

Ravin Caldera said...

ආදරය සොදුරු ය
විඳින විට බාධක සරි ලෙස
ඒ දෙස බල මින් කළ හොත් ආදරය
ආදරය නොව ඒ අනදරය ය. . .

විහඟ ගීතය said...

බිඳුන හඳකට සොවින් වැළපෙන,
දෙයක් වේ නම් යම්
මිදෙන ඒ ළතවුලෙන්,සැනසෙන
ප්‍රේමයයි මනරම්....

පුරුදු අවි භාවිතා කරමින්
‍රැගෙන ප‍ටු කුල දම්
නපුරු ‍රැළ පාරවයි නිරතුරු
සිතක අසරනකම්.....

හිඳින ප‍ටු කල්පනා වන් ගෙන්
රිඳුන සිත නොපෙලන්
බැඳුන නුඹෙ වත,සිතත් දන්නා
කෙනෙකු ඒවි සොයන්......

රුදුරු ඇස් රකුසන්ට නුඹෙ වත
වුනා වත් නොතරම්
සිනාසී මඟ බලන් ඒ.... ප්‍රේමයයි
නුඹේ සුපසන්......

wath said...

@ චමිදේවා
ප්‍රේමය වරදක් නම්
නුඹත්
මමත්
ඔහුත්
ඇයත්
අප සියල්ලෝම
ප්‍රේමයේ අතිජාත වරදකරුවෝ මය.....

wath said...

@ Ravin Caldera

බාධක වලට බිය වෙමි
සිත් රිදවන්න බිය වෙමි
ඔහු නමින් දෙවි දෙමි
කිසිකෙනෙක් හට දොසක් නොකියමි

ඔහු මගේ වේ නම්
මගේ විජිතය මනරම්
ලං කර ගැනුම නම්
සිතා ගන්නට නොහැකි පැනයක්

ඔහු නමින් සිත දෙමි
දුකින් මා යලි නොතැවෙමි
දිරිය ගෙන ජය ගමි
සියල්ලන්ගෙන් සමා අයදිමි...

wath said...

@ විහඟ ගීතය

සුළගක් වෙලා ඇවිදින් නුඹෙ සිත ගාව
තනි රකින්න මා කරනා අයදීම
ලෝපුහු දනා රිදවන්නේ ඇයි මාව
සෙනෙහස මගේ අඩුවක් හෙම දැනුනාද

දැවටි දැවටි ආදරෙන් සිත ගාව
ඉන්න පෙරූ පිරුමන් බෝමයි නේද
ලෝකය නුඹේ මා සොරකම් කෙරුවාද
සමා යදින්ට වරදක් වූවාද

මගෙ සිත මත නුඹෙ සිත සිත්තම් කෙරුව
අරුමය කිසි කෙනෙක් හට තේරුමි යයිද
ප්‍රේමය නොදන්නා දන මා වට වෙසෙන
ගෙන ගොස් මාව සිරකෙරුවත් නැත වරද

සිටිනා බිමේ නුඹ සතුටින් සිටින්නයි
මා ගෙන් තැවුල් නුඹ හට සිදු නොවෙන්නයි
කෙදිනක හෝ අප නෙතු මුණ ගැසෙන්නයි
මගේ පැතුම ඔබ ලග මිය ඇදෙන්නයි

ඇය නුඹට කොතරම් ආදරේදැයි අනේ නුඹට වැටහේනම් ......

ඉලංදාරියා said...

හිරු එලියෙන් ලොව රුපය දකිනවිට
ඇත ඉදන් උන් රුපය දුටුවාට
හදවට කොහොම උන් කියවාගන්ට
උන්ට පෙනෙන්නේ උන්ගේ කන්නඩියේ පාට

චේජනා said...

අකුරු වූ ප්‍රේමය
සොඳුරු නම් මේ තරම්
හදවතේ ප්‍රේමය
සොඳුරුදැයි කෙතරම්
හිතන්නත් බැරි තරම්
ඉදින් ලොව ගැරහුම්
එවන් ප්‍රේමය
අභිමුවේ
හිරු දකින පිනි කැට වගේ
යාවි දිය වී.......
හිනැහෙන්න අක්කේ ඉතින්........:)

wath said...

@ ඉලංදාරියා
ඉලංදාරි සිතේ
විසඳුම හරි අගේ
අනිත් අයක් මලේ
සිතුවොත් මෙසේ
කොයි තරම් හොඳඳ.....

wath said...

@ චේජනා
පැතුමට ගොඩක් පිං නංගියෝ.........

punchisamanalee said...

දනියි නම් හද උතුම් හැඟුම්
දැනෙයි නම් ආල සිත මනරම්
ඇදෙයි හද සොදුරු සිතුවම්
කිමද සලකනු ලෝකයාගේ ගැරහුම්

Bunny ! said...

දැන් මෙකට කවියෙන්ම කෙමෙන්ට් කරන්න ඔනෙද ? O_o

ඔන්න එහෙනම් මන් කිවා. අනෙ මටනම් බැ :-D

රවා said...

කවි හැගිම් 255, 293 , බස් වලදිත්... මුතු කුමාරි දුම්රියෙදිම දිය වෙලා ගිහින් දාහඩියත් එක්ක.. ච මි දෙවා කියන්නා වගෙ මමත් ඔබෙ සිතුවිලි වල වැරැද්දක් දකින්නෙ නැහැ.. මිනිස්සු හොයන්නෙ මිනිස්සුන්ට නැති දෙවල්, ඔයා ඔයගෙ දුක කවි කරනවා,,, මම මගෙ දුක වචනවලට හරවනවා.. අපි ඔයාව පිළිගන්නවා .. ඔයා අපිව පිළිගන්නවා.. කාලයත් එක්ක හැගිම්, සම්භන්දකම් වල තිවුරතාවය දියවෙනවා.. අපිත් හැමදාම ජිවත්වෙනවා.. ඉතින් අක්ක කවිවල අපි ඔක සරලව සුන්දරව තෙරුම් අරගෙන පුංචි වෙදනාවත් එක්කා සතුටකුත් විදිනගමන් මෙ බ්ලොග් එකෙ ඇවිදිමු..

Anonymous said...

හිතවත් වත්සලා.....

අපේ හිත් ගොඩාක් සංවේදියි සොයුරියේ.....එනිසයි අපි අපවටා ඉන්නවුන් ගැන කරදර වෙන්නේ..හිතන්නේ..තැවෙන්නේ...යමක් කරන්න,කියන්න පෙර දෙවරක් හිතන්නෙ...නමුත්
ඔබගේ ඔය අදහස ඉතාමත් අලන්කාරව ගීතයක් ලෙසින් මා රසවින්දා...ගයන්නේ විශාරද මාලනී බුලත්සිංහල...බලන්න මා නිවැරදිද කියා....

සඳ මෝරා උඩු ගුවනට එන කලට
ඔබෙ රුව පෙනෙනවා කවුළුව තුලින් මට

ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට..

පහන් දොරින් හිරු එබිකම් කරන සඳ..
මා අසලින් නුඹ නැතුවා දුකකී

සීත නිය තුඩින් මා ගත රිදෙන සඳ
ඔබෙ මුදු පහස මට නැතිවා දුකකී..

ජය..
සුලා..

හසිත ජයසූරිය said...

අහෝ දුකකි.ඉරකි.තිතකි....:D

අනේ මට මේව තේරෙන් නෑ අප්පා...:(

leks' world said...

අක්කේ මම මෙතනට සින්දු කෑලි ටිකක් දාන්නම්

.1)ආදරයට කොහෙදෝ බාධා නැත්තේ.....
2)හඩන ඇසට හසරැල් පළදයි ....ආදරයේ සුන්දර සක්මන්......
3)ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි....පාරීශුද්ධයි......සුරම්‍යයි.....

අක්කා කියපු එක හරි මට තාම ඕවා ගැන කියන්න තරම් අත්දැකීම් නැහැ.ඒ උනාට මට නම් දැනෙන විදියට තමන් හරි කියලා විශ්වාස නම් ලෝකේ අනික් හැමෝම වැරදි කියන විශ්වාසේ ඉදලා වැඩ කලාට කමක් නැහැ.මොකද මම කලිනුත් කිව්වා වගේ ප්‍රංශ කාරයින් කෝටි පහටම වරදින්න පුළුවන්.( ගොඩ කාලෙකට කලින් කියපු එකක් වෙන්න ඕනි.)

ගල්මල්-Coral said...

අපේ සොයුරු සුලා කී දේ ම තමා මටත් කියන්න ඇත්තේ.

චමිල said...

රාග මුසු වූ ප්‍රේමයක් වුව
එය ප්‍රේමයක් මැයි
වපරැහින් ඒ දෙස බැලීමද
නොයුතු බව මා සිත කියයි

උපරිමයි අක්කේ කවිය....!!!

"ලොවක් නලවන විටක හඬවන
ආදරය මනරම්
සොයා එන දින කවුරු දන්නෙද
අරුම විසිතුරුකම්"
සහතික ඇත්ත.. :D

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...