..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, May 6, 2010

෴ පවුලක් ගැන මගේ හැඟීම෴


මේ පින්තූරය දැන් වයස 25-30 ​අතරෙ ඉන්න ගොඩක් තරුණ තරුණියන්ගේ සිත් වල තියෙන හිනයක් සිතුවම් කරපු චිත්‍රයක් කියල මට හිතෙනවා.
ඒත් මේ වෙනුවෙන් කරන්න තියෙන කැපවීම් ගැන හිතුවම තනිකඩ ජීවිතය හරිම සරළ නිදහස් ජිවිතයක් .
අපේ අම්ම තාත්තා අපි වෙනුවෙන් කරපු කැපවීම් කොයිතරම්ද කියල දැන් තමයි මට නම් හිතාගන්න පුලුවන්.  
මම මිට කලින් ලීව දෙයක් ආයෙත් මෙතනට පොදු වෙනව.... 
තමන්ගේ සතුට රුදිල තියෙන්නෙ තමන් හා ඉතාම සමීප ආදරණීය ජීවිතත් එක්ක. සියලු බැදීමි වලින් නිදහස් වෙලා සසරෙන් එතෙර වෙනකම්ම මනුසත්වයන් හැමදෙනාටම මේක පොදු ධර්මතාවයක්.  
ඒත් ඒ ජීවිතේට මුහුණ දෙන්න මම මේ තරම් බය ඇයි. 
  • මගේ හිත හයිය මදිද? 
  • බොළඳ වැඩිද? 
  • වගකීම් දරන්න අකමැතිද? 
  • එහෙමත් නැත්තම් නිදහසේ බැඳීම් නැතිව ඉන්න තියෙන කැමත්තද?                                                             
ඒත් මම මෙහෙම පවුලකට හරිම කැමතියි...............  
මේ තියෙන්නේ මම පුංචි කාලේ ආසාවෙන් බලපු ආසාවෙන් කියවපු කතාවක නිසල සිතුවමක් ....
little house on the prairie - තැනිතලාවේ පිහිටි කුඩා නිවස
නිවස කුඩා වුනාට ආදරේ කොයි තරම් පිරුණ නිවසක් ද කියල කතාව බලපු අය නම් දන්නව ඇති .........
                                 
 ඒ ගැන සෝමතිලක ජයමහ මහත්මයා මෙහෙම කියල තියෙනව..........



තැනිතලාවේ පිහිටි කුඩා නිවස හොයන 
මම 
෴වත්෴

17 comments:

  1. පවුලක් තුල පවතින ආදරයත්, අභියොගත්,මත ගට්ට්නයත්,කැපකිරීමුත් ආදී එකී නොකී සියලු දේ තුලින් පවුලක සුන්දරත්වය උපදින බවයි මාගේ හැගීම..එකිනෙකාට තියෙන ගරුත්වය මේ සියලු දේම බැද තබන රැහැනයි..

    ReplyDelete
  2. මම මෙහෙම අහලා තියනවා
    "Mid pleasure and palaces
    Through we may roam
    Be it ever so humble
    There is no place
    Like home.. Sweet HOME"
    ඒ වගේම මෙහෙම කියමනකුත් තියනවා
    "මිනිස්සු ගොඩක් එකතුවෙලා හදන ගෙදරක් නිවසක් කරන්නේ එක ගැහැනියක් "ය කියලා
    ඇත්තටම සොඳුරු නිවසක් කියන්නේ (යහපත් පවුලක්) කගෙත් හිත්වල තියන සොඳුරු සිහිනයක් ම තමා.

    ReplyDelete
  3. පවුලක් කියන තැන සොඳුරු තැනක් වෙන්න නම් ශක්තිමත් බැඳීමක් තියෙන්න ඕනෙ කියලයි මම හිතන්නේ.බැඳිමක් තුල ඉන්න මිනිස්සු හරිම ශක්තිමත්...ඔවුන් නිතරම සුන්දරව සිතනවා පතනවා...තමන්ගෙ පවුල වෙනුවෙන් ඕනෙම කැපකිරීමක් කරන්න පුළුවන්...

    ReplyDelete
  4. අක්කේ,මම නම් හිතන විදියට අක්කා අහන ප්‍රශ්න වල ඇති වැරැද්දක් නෑ.ඒ උනාට ඒ ප්‍රශ්න ඒ ඒ වෙලාවේ දි එන පොඩි පොඩි සිතුවිලි විතරක් වගෙයි මට නම් පේන්නේ.(මම හිතන්නේ.)මොකද අපි කාට උනත් ඔය අවස්ථා වලට මූණ දෙන්න වෙනවා,අපි කැමති උනත් ,නැතත්.( අපි ඔය ප්‍රශ්න වලින් පලා ගියේ නැති නම්.)මොකද ඔය ප්‍රශ්න ආවහම නිදහසේ ඉන්න ඕනෑයි කියලා හිතාගෙන හිටියත් ඒක කරන්න බෑ.ඒ ඒ වෙලාවේ ඒ ඒ විදියට...........
    මේ දවස් වල කැම්පස් නිසා කමෙන්ට් එකක් වත් දාන්න පුලුවන් උනේ අද තමයි .ඒ ගැන තරහා වෙන්න එපා.

    ReplyDelete
  5. @ Yasela Sumanasinghe
    හරිම ප්‍රායෝගික විදිහට විවාහ ජිවිතය ගැන බලන්න පුල්වන් විදිහ. ළමයි ගොඩක් ඉන්නව නම් පවුලක් ගොඩක් ලස්සනයි නේද. අඩු වයසින්ම දරැවන් ඉන්න එකත් ලොකු වාසනාවක්.

    ඔබට ස්තූතියි යසේල සහෝ...

    ReplyDelete
  6. @ දිල්
    බැඳීම් කියන්නේ දුක් ගොඩක් කියල හිතෙන්නෙ නැද්ද. මේ හැම බැඳිමකින්ම නිදහස් වෙන දවසයි මනුස්සයේකගෙ දුක කෙළවර...

    ඒත් පෘතග්ජන අපිට බැදීම් කියන්නේ මහ මෙරක් තරම්

    ReplyDelete
  7. පවුලක් වෙලා අවුලක් වෙනවාට වඩා..
    අවුලක් නොකර මෙහෙමම ඉන්නවා හොදා..

    ReplyDelete
  8. ඒ කතා පොත් ටික සමනලීත් හරිම ආසාවෙන් කියෙව්වේ.... ඒ වාගේ හැමදේම බෙදාගෙන පවුලක් තුල තියෙන ආදර බැම්මෙන් බැදිලා එකට ඉන්න තියේ නම් හරිම අපූරුයි....

    අක්කා බය නෑ.... අක්කා බොලදත් නෑ.... අක්කාට වගකීම් දරන්න බැරිත් නෑ.....
    විස්වාස කරන්න

    ReplyDelete
  9. මම නම් හුඟක්ම ආසා දරුවො 3ක් වත් හදාගන්න පුළුවන් කමක් තියෙනවනම්... හැබැයි මගේ අදහසට අනුව නම්, අපි දරුවො හදනවානම්, ඒ අයට හොඳ ජීවිතයක් ගත කරන්න ප්‍රමාණවත් මුදල් හදල් තියෙනවානම් ඒක පහසුවක් වෙනවා. පවුල් වල ගොඩක් වියවුල් වෙනවනෙ සමහර වෙලාවට ආර්ථිකය අයහපත් වුණාම. අනිත් එක තමයි, දෙමවුපියෝ රැකියාවටම කැපවෙලා ඉන්න අය නම් දරුවො අයාලේ යන්න ඉඩ තියෙනවා හරියට හෙවිල්ලක් බැලිල්ලක් නැති වුණාම. ඒත් මවුපියො දෙන්නත්, දරුවොත් හොඳ අවබෝධයකින්, බැඳීමකින් ජීවත් වෙනවානම් ඔය ප්‍රශ්න ඇතිවෙන එකක් නෑ. ඉස්සර කාලෙ පවුල් වල ළමයි කීයක් හිටියද...

    දරුවො හුඟක් ඉන්න පවුලක් කොයි තරම් ලස්සනද.. වැඩිහිටියන් වුණාම, එකිනෙකාට උදවු අවශ්‍ය වන වෙලාවට, සහෝදරයෙක් ඉන්නවා කියන එක මොන තරම් හිතට හයියක්ද...

    ReplyDelete
  10. @ leks' world
    ම් ම් මේ තරම් දැනමුතු කමක් දෙන්න... මේ පොඩි වයසට... lek ඔයා විවාහකයෙක් ද ? හා හා හා...

    ReplyDelete
  11. @ මාරයාගේ හෝරාව
    අවුලක් නැතිව පවුලක් මට තිබේනම්
    සොඳුරුඳ ජීවිතේ මල සේ පිපේ නම්

    ReplyDelete
  12. @ punchisamanalee
    සමණළියා පුංචි වුනාට වත් අක්කගෙ හිත හදන්න හරි දස්සි නේද...

    ReplyDelete
  13. @ msenarath
    මාත් ආසයි දරුවන් 3ක් වත්. ඒත් ඉතින් වයසත් එක්ක කොහොමද ... දැනටම මගේ හොද වයස පහු වෙලා නෙව..

    ReplyDelete
  14. @ විහඟ ගීතය
    සොඳුරු සිතේ සොඳුරු හැඟුම් නම් අනන්තයි අප්‍රමාණයි. සොඳුරු කැඳැල්ලත් ඒ වගේම සොඳුරු බලාපොරොත්තුවක්...

    ReplyDelete
  15. ඔයා දුකා අයියගෙන් අහලා තිබුන ප්‍රශ්නය...

    ඔව් අක්කේ.විවාහය කියන්නෙ කැප කිරීමක් තමයි. නමුත් අප හැම කළ යුතු කැප කිරීමක්. හොදම උදාහරණය අපේ අම්මලා තාත්තලා. ඒ අය අද දවසේ අපි කරන කියන දෙයක් දැකලා සතුටු වෙනවා . නමුත් ඒ අය අද දවස වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරන්න ඇතිද...

    ඒ හින්දා මමනම් කැමතියි ඒ කැප කිරීම කරන්න.

    ReplyDelete
  16. අනෙක් එක අක්කේ අම්මා තාත්තා නැති කාලෙක කවුද අපේ කියලා ඉන්නෙ. ඒ කාලෙකට අපේ ලඟින් ඉන්න කෙනෙක් ඕනේ.

    මම හරිම ගතානුගතික කෙනෙක් කියලා අක්කට හිතෙනවා ඇති. එහෙම හිතුවට කමක් නැහැ. මම සමහර දේවල් වලදි එහෙම තමයි. මොකද මම ඒ දේවල් වලදි සම්ප්‍රදායෙන් වෙනසක් වෙන්න ඕනේ කියලා හිතන්නෙ නැහැ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...