..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, May 5, 2010

෴මටත් ඉඩක් ඉක්මනින්ම හදා දෙනව දෝ෴


දිලිසෙන තරු නෙතු අතරින්
දකිනා ලෝකය මනරම්
මන්දස්මිත මුව පුරවන්  
නුඹ සිටිනා හැටි සුරතල්

අහිංසකද නුඹ කොතරම්
අගෙයි නුඹේ රුව ​ගෙත්තම්
අනේ මටත් නුඹ වාගේ
වෙන්නට ඇත්තම්

මේ තරමින් හැඩ බලන්න
මා නුඹ ගේ කවුරුවත් ද
නුඹේ සිතේ මැකී ඇඳෙන
පෙර භව​යේ හීනයක් ද

නුඹේ නෙතේ කතා වලයි
නුඹේ මුවේ සිනා වලයි
නුඹේ හදේ හැඟීමකයි
මටත් ඉඩක් ඉක්මනින්ම හදා දෙනව දෝ


පුංචි සිතේ ලැඟුම් ගන්න බලන් ඉන්න 
මම 
෴වත්෴ 

පින්තූර අනුග්‍රහය : චමී දේවා......( බොහොම ස්තූතියි ෴)

12 comments:

  1. මං පොඩි කාලෙත් සුරතල්
    උබ පොඩි කාලෙත් සුරතල්
    ලොකුවෙන කොට මුන් හැම හුරතල්
    මේහෙමයි ලොකේ මිනිසා පවතිනකල්

    ReplyDelete
  2. නිමක් නැති ලොවක් දෙස
    පහන් සිතෙන් බලන නුඹට
    වාසනා අනාගතයකට
    පතන්නෙමි සුබ පැතුමන්. . .

    ReplyDelete
  3. අවිහිංසක දෑස දුර ඈතක රැඳුනී
    මේ සටහන සමග මා තිරයට පැමිණී
    දුටු විට මෙරුව පිතු සෙනෙහෙන් හද සැලුනී
    මේ මුදු කැකුළ වාගෙයි මගෙ පොඩි දියණී

    ReplyDelete
  4. @ වැප්
    හ්ම්.. ඉස්සරට වඩා ටිකක් හොඳයි. තව ප්‍රැක්ටිස් කරන්න වෙයි..

    @ Ravin Caldera
    සුබ පැතුම් පිළි ගන්නෙමි... අයියා ආයෙත් ලියන එක ගැන මට සතුටුයි...

    ReplyDelete
  5. @ SRI MANJULA
    මල් කැකුළුයි ලෝකය එළි කරන්නේ
    එහි සුවඳින්ය ජීවය නිති රුදෙන්නේ
    පොඩි දියණියයි අප්පචිචියි දකින්නේ
    සඳ හාවයි සඳ මාමයි ලෙසින්නේ

    ReplyDelete
  6. අනේ මටනම් තෙරෙන්නේ නැ...මම දන්නැ.. :-D
    හැබැටම මොකද මේ මට ඔයාගෙ කවි තෙරෙන්නෙ නැත්තෙ ?

    ReplyDelete
  7. යන්තම් සිනාවක සේයාවන් ඇඳුනූ
    රන්කම් මලක් මෙන් මට මොහොතක හැඟුනූ
    විස්කම් දැක ගන්න පුතු දෑතෙහි ‍රැඳුනු
    දැන්නම් ඉතිං ජීවත්වන්නෙමි, පුතනූ

    ReplyDelete
  8. මන් පැය බාගයක් විතර කවිය දිහා බලාගෙන කල්පනා කලා මන් දැන් මොනවද මේකට ලියන්නෙ කියලා. වැඩේ කියන්නෙ කිසිම දෙයක් ඔලුවට ආවෙ නෑනෙ. මට ඔය වැඩේ වෙනවා. කියවන නිර්මාණයෙ ලස්සන වැඩි උනොත් මට ඒ ගැන මොකුත් කියාගන්න බැරුව යනවා. සමහර විට මන් වර්ණනා කරන්න ඒ හැටි ජගතෙක් නොවෙන නිසා වෙන්න ඇති. ඒ නිසා මන් ඔන්න මොකුත්ම කියන්නෙ නෑ. ඕන් තරහා වෙන්න එහෙම ඔට්ටු නෑ හොඳේ.

    ReplyDelete
  9. අපට ඉතින් කවි ලියන්න බැනේ...එත් ලියපුවා බලලා රස විදිනවා

    ReplyDelete
  10. හිනාවෙන්න පුළුවන්නම් පුංචි එකෙක් වගේ...
    - සමහරවිට පුළුවන් වේවී.

    අඩන්න ඇත්නම් පොඩි එකෙක් වගේ...
    - බැරි වෙන එකක් නැහැ.

    හිතන්න ඇත්නම් පොඩි එකෙක් වගේ...
    - ඔය සමහර වෙලාවට කරන්නෙ

    වැඩ කරන්න පොඩි එකෙක් වගේ...
    - උඹට පිස්සුද යකෝ !

    ReplyDelete
  11. පින්තුරයයි, අදහසයි, කවියයි හරිම ලස්සනයි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...