..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, May 4, 2010

෴ මල සොයන බඹරු ... නැතිව මම නොයමි ෴


බොළඳ පෙම් කුසුම
අර්ථවත් කෙරුව
ඔබ නේද බඹරු
මලට තනි රකින

එකට එක් විම ඉඩ නොහෙන ලොවක
හිත් වලින් ළංව එක්ව හිනහෙමුද
ගවු ගණන් දුරද , අත පොවන ළගඳ
මේ බලන් දැන්ම නුඹ ළගින් මමය

කුටුම්භය අපට සිහිනයක් වේද
කැකුළු කිරි සිනහ ලොවක් නලවයිද
නුඹගෙ මුදු සුවඳ නිතර දැවටෙයි ද
සෙනෙහෙ රස ගඟුල කෙදින උතුරයි ද

එක්ව විසුමකට ඉඩක් නොම දේද ?
තනිකඩව සිටිමි නුඔට පෙම් කරමි

වෙන් කෙරුමටම ඔවුන් සැරසෙයිද ?
පෙර මඟම බලමි නුඹ නැතිව නොයමි

බඔරු නැතිව නොයන
 මම
෴වත්෴

22 comments:

  1. Akke,
    oyaa godak sathutin.
    eka hodai.
    eth sathutata karanawa?????
    eka narakai.
    mokakdo podi parahak danenawa.

    dilum

    ReplyDelete
  2. ඒ බඹරා නුඹ ලඟට එන්නට
    මං සොයනවා ඇති තවම...
    ඉවසුවෝතින් තව ටික කාලයක්
    ඒ බඹරු සමඟම
    යන්න හැකිය නුඹට...

    ReplyDelete
  3. @ Anonymous
    Dear Dilum
    ඔයා කවුද කියල මම දන්නෙ නැහැ. මගේ සතුටට හේතුව ඔයා දන්නෙ කොහොමද.
    නිර්මානයක් කියන්නේ ලියන පුද්ගලයාගේ අත්දැකිම් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියල දන්නවද.
    කොහොම වුනත් comment කරාට ගොඩක් ස්තූතියි. කවුරු උනත් ඔයා මගෙ යහපත ගැන හිතන කෙනෙක් වෙන්න ඇති .
    පෙනෙන දේට වඩා නොපෙනෙන දේ ගැනත් කල්පනා කරල බලන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව...

    ReplyDelete
  4. @ චමිදේවා
    හැබෑටම ... එයා මඟ එනවා කියල ඔයා දන්නෙ කොහොමද .....
    චමී මල්ලියා දැන් මොක ද ' වාසලගේ සටහන් " ගොළු වෙලා...

    ReplyDelete
  5. අක්කෙ,

    පතන්නම් ඔබට
    මලට තනි රකින
    බමරු හා එක්ව
    බැ‍ඳෙන සුබ සිහින
    සැබෑවන දිනක
    අසිරිමත් සතුට..

    ReplyDelete
  6. @ චේජනා
    ජපානෙන් නැගෙන
    සොඳුරු හිරු මඪල
    ලෙසින් නිති දිලෙන
    පුංචි සමණලිය
    ඔබගේ මුදු පැතුම
    එලෙස ඉටු වෙන්න
    නැගණියෙනි නුඹට
    තුති පුදමි මෙලෙස

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඔහේ ගලාගෙන යන ජීවිතයකට අර්ථයක් දෙන්නෙ අපේ ජීවිත වල ඒ ඒ කාලවල / මුලු ජීවිත කාලෙටම අපි ලඟින් ඉන්න අය නේද කියලා මේක කියවලා ඉවර වුනාම හිතුනා....

    ඒත් එහෙම කොටස් දෙකක් නැතිව අපේ ජීවිතයට අර්ථයක් දෙන්න පුළුවන් හැම දෙනාටම හැමදාම අපිත් එක්ක ඉන්න පුළුවන්නම් අපේ ජීවිත තවත් කොච්ච්ර ලස්සන වේවිද...

    ඒත් ඒ අය අපි ගාව නැති උනත් අපි ගාව හැමදාම තියාගන්න පුළුවන් දේවල් දෙකකුත් තියෙනවා...

    මතකයන්... එයින් පීදිනු බලාපොරොත්තු...

    ඉතින් වෛජන්තිමාල... ඒ දෙක නැතිකරගන්න එපා. මොහොතකටවත්...

    ReplyDelete
  9. සුලඹ මල් දැකත් නිති
    ගුණ සුවඳ නොපිරූ
    නුඹය, ඒ සොඳුරු මල
    ගුණ සුවඳ සපිරූ
    සැනෙහෙමින්, කිමි‍ඳෙමින්
    සෙනෙහසෙහි මහරූ
    මමය ඒ මලට නිති
    තනි රකින බඹරූ,

    ReplyDelete
  10. බය වෙන්න එපා වත්. .
    කාලයා හැමදේටම හොඳම විසඳුම් දෙනවා . . .
    බොරු නෙමේ . .

    ReplyDelete
  11. නගේ...මට දැන් ඔය කතාකරන බඹරා කවුද කියලා තෙරේනවා...(මම අමරසිරි පීරිස් ගායකයගෙන් ඒක අහගත්තා)...

    ReplyDelete
  12. ඈතට වෙලා හිටියත් නොපෙනන දුරක.....
    ඔය රුව සොඳුරු පාරනවා මා මතක....
    දුර ගොස් රැඳී ඇතිමුත් ඔබෙ සිත වෙනාතක....
    මතකය තාම රැව්දෙනවා හද කොනක.......

    ReplyDelete
  13. අනේ! අක්ක පින්තූරෙ මාරැ කරලනෙ. මගෙ යාළුවෙක් ඉන්නව ඔයා වගේම, ඉතින් ඒකට මං හරි ආසයි..
    ඒත් මේකත් හොදයි...

    "ගතින් ඉන්නට නැතත් ළං වී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔ‍බෙන් තොරවූ ලෝකයක් - සිතා ගන්නට බෑ"

    ReplyDelete
  14. වත් අක්කේ බය වෙන්න එපා අක්කේ ඔයාට කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.උනත් ඔයාට බයවෙන්න දෙයක් නෑ...තිස්ස අයියා ඉන්නකම්. ඔයා දැක්කා නේ අක්කේ sansarasidu අයියට තිස්ස අයියා කියලා තිබුනු දේ..මට නම් sure ඔයාට ප්‍රශ්නයක් උනත් තිස්ස අයියා කියන්නේ ඒක..
    ඉතින් අක්කේ ඇයි ඒ ගැන හිතන්නේ කොච්චර යාලුවො ඉන්නවද අක්කට..ඒ ගොල්ලො හැමෝම උදව් කරනවා ඔයාට.

    ReplyDelete
  15. ආ වත් අක්කා...මාත් ඒක කියන්න හිටියේ මටනම් මේ පින්තූරෙට වඩා අක්කගේ පින්තූරේ ගොඩාක් ලස්සනයි.ඒත් මේකත් කමක් නෑ .අක්කාගෙ කැමැත්තනේ..

    ReplyDelete
  16. බඹරු හිඟ වේ ද?
    සුවදැති මල් වෙත
    රොන් ඇති
    ලස්සන මලකි ඔබ
    කිමද නගේ
    දුක් සිතට අර ගන්නේ. . .

    ReplyDelete
  17. මලක මෙලක පෙති අතරේ
    පියඹා යයි නිරන්තරේ
    රොන් දුන්නට හොර රහසේ
    පෙම් කලෙ ඈයි මේ විලසේ

    මලකින් ඹබරෙක් ගියාම
    එපා සිතත් පුදල ඉන්න
    තව ලස්සන වී පිපෙන්න
    ඹබරුන් එයි අරන් යන්න

    ReplyDelete
  18. සුන්දර මිහිරි කතාවක් නේද අක්කා මේ ගලපන්නේ.... සමනලීට හරිම සතුටුයි දැක්කාම... අද සමනලීට හරිම මහන්සියි.... දැනුයි ආවේ.... ඒනිසා කවියකින් උත්තර බදින්න ඕනා උනත් මහන්සිය ඊටත් එහා.....

    ReplyDelete
  19. කාලය අවසන්ලු තිබු හදවත රිද්දී
    ආවලු බමරු මල වෙත හෙමිහිට පැද්දී
    සැඟවී තිබූ පෙම් බිජුවට දළුලද්දී
    රස කවි ලියනවලු දැන් මේ වතු සුද්දී!!!!

    ජය වේවා!

    ReplyDelete
  20. (Your old picture is better than current one)

    ReplyDelete
  21. Dan dan akka happy mode eke kawi katha liyanawa,,eka hondai,,

    parana post okkoma Dunbara ewa nawa,,,

    mama paba
    (kalin mathara kenek kiyala comment kale,,lol)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...