..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, May 3, 2010

෴ ජිවිතය විදිමි ෴


ජීවිතය ........
සමහරු ජිවිතය ජීවත් වෙනව විතරයි. ඒත් ජිවිතය කියන්නේ ඊට ගොඩක් එහා ගිය දෙයක්.

වෙන කෙනෙක් ගේ සතුට වෙනුවෙන් ජිවත් වෙන්න පුළුවන් කියල ඔබ හිතල තියනවද? මම නම් හිතුවෙ මගේ සතුට තියෙන්නේ මා ළඟ කියල. ඒත් දැන් මට තේරෙනව ඇත්තටම තමන්ගෙ සතුට තියෙන්නේ තව කෙනෙක් මත රැදිල කියල.......

තව කෙනෙක්ගෙ ජිවිතේ සතුටින් තියන්න අපිට පුලුවන් නම් ඒ තමා සැබෑ ජිවත් විම.

ඒත් මම හිතුවෙ නැහැ මට කවදාවත් තව කෙනෙක් සතුටින් තියන්න පුළුවන් වෙයි කියල......

මහගමසේකර මහත්මයාගේ මේ ගිතය කොයි තරම් නම් අර්ථවත් ද සොඳුරුද කියල දැන් මට තේරෙනව....

 මම දැන් ජීවිතේ විදිනව............... ඔබට සැබවින්ම ස්තූතියි ..........

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවා ලන සුළං රැළක් වී
ඔබේ සිනා මට පවන් සලයි

අසරණ වි මා ජිවිත කතරේ
අන්දකාරයේ සැරි සැරුවා
ඔබේ නිහඩ නෙතු ඈත ක්ෂිතඡයෙන්
උදාවෙලා මට අත වැනුවා

දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුළේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුනා

මේ තියෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඩින්ම අහල බලන්න කෝ...


ජීවිතේ විදින
මම
෴ වත් ෴


17 comments:

  1. "ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
    ආදරයෙන් මා වෙත පිදුවා
    ඒ මොහොතෙම තව සිය දහසක් මල්
    මා වට කර හැමතැන පිපුනා"

    හිහ්...

    ReplyDelete
  2. ඔව් මා විශ්වාස කරනවා මිනිසුන්ට අන් අය උෙෙසා ජීවත් ෙෙන්න පුළුවන් බව. . .

    ReplyDelete
  3. අක්කත් සුනිල් එදිරිසිංහයන්ව සෑහෙන්න රසවිදිනවා වගේ. :) :) මමත් හරි ආස ගායකයෙක්...

    දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
    ඔබේ හදින් මා දෙස බැලුවා
    දෑසට නොපෙනෙන මා හද පතුළේ
    සුන්දරතාවය ඔබ දුටුවා

    ඔව් අක්කෙ. අපිට පුළුවන් නම් තව කෙනෙකුගෙන් අපිව දකින්න. තව කෙනෙකුගේ වචන වලින්.. ඇස් දෙකෙන්... එහෙම අපිව දකින්න පුළුවන් කෙනෙක් හම්බවෙනවා නම් කොච්චර වාසනාවක්ද...

    ReplyDelete
  4. නෑවිත් බොහෝ කල් මැදි වියද යා වුන
    මාවත් මගේ සිහිනත්, ඔහේ පාවුන
    ඈ විත් තනි රකියි, තනි හිතට පේවුන
    ජීවත් වෙන්න දැන් මට තිබේ කාරණ

    වතු සුදු මලක නිකැලැල් සුවඳ ඇරගෙන
    පැතුමකි සුපුන් ඒ ගුණ සුවඳ සපිරුන
    මතු මතුවටත්, මේ මල් සුවදේ සැනසෙන
    බිතුසිතුවමක් වෙමි,මඟ බලමි එන දින

    ReplyDelete
  5. සුනිල් එදිරිසිංහ ගායනා කරන මේ ගීය මගේ ප්‍රියතම ගීතයක් නමුත් අදයි දන්නේ මහගම සේකර ඒක ලිව්වේ කියලා . . .

    ඔව් වත් . . ජීවිතය හැම වර්ස්ට් කේස් එකක දීම විඳින්න පුලුවන් නම් ඒක කොයි තරම් සුන්දරද කියලා ඒ විදිහට විඳින කෙනෙක්ට විතරයි තේරෙන්නේ . . .

    මට ඔයා ගන හරි සතුටුයි . .

    ReplyDelete
  6. මාත් මේ ගීතය අහලා තියෙනවා.හරිම ලස්සනයි තමයි අක්කේ.
    අක්කා ජිවිතය විදිනවා කිව්වාම සතුටු හිතුනා.දැන් නම් ටික ටික හිතෙනවා අක්කා ඇත්තටම සතුටින් තමා ඉන්නේ කියලා.
    ජිවිතේ පුරාමඅක්කාට ඔයතරම්ම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  7. හරිම සුන්දර අත්දෑකීමක් වත් අක්කා ඔය විදින්නේ... සමනලීත් ඕක උපරිමෙන් විදිනවා ඒ නිසා ඒකේ වටිනාකම උපරිමෙන් දන්නවා....
    සමනලීත් හරිම ආසා ගීයක්...
    ඔය හිතේ සතුට හැමදාමත් අක්කා ලඟම රැදෙන්න සුබපැතුම් අක්කා....

    ReplyDelete
  8. එක වෙලාවකට විඳින එක වෙලාවකට විඳවන ජීවිතේ අපිට මතක් කරල සතුටු වෙන්න පුලුවන් අනුන් වෙනුවෙන් අපි කරපු කැපකිරීම් විතරමයි.....

    ReplyDelete
  9. ප්‍රථමයෙන්ම මගේ blog පිටුව හැඩ කර ගන්නට අඩු වැඩිය සපයා දුන් දයාබර චමින්ද වාසල මල්ලීට මගේ හද පිරි ස්තූතිය පිරි නමන්න ඔනි....

    divshare වලින් ගිතයක් එකතු කරන්න කියා දුන්නට ගොඩක් ස්තූතියි....

    ReplyDelete
  10. @ Ravin Caldera
    රවීන් සරි කාලෙකින් නේද... කාර්ය බහුල නිසා ලියන එක අඩු කරලද... ඉඳල හිටල හරි ලියන්න. කියවන අය මඟ බලන් ඉන්නව නෙ ...

    @ මින්දද
    ඈත්ත මින්දද... මම මගේ ලස්සන දැක්කෙ ඒ ඈස් දෙකෙන් ඉතින් තවත් මොනවද....

    @ දුකා
    ලොඩක් අය දන්නෙ නැහැ මේ ගීය මහගමසේකර මහත්මයගෙ කියල.... කෙනෙක් මාත් එක්ක රණ්ඩුත් වුනා මේ ගීතය වෙන කෙනකෙ ගෙ කියල ....

    @ මම
    ඔවු සහොදරී .. මේ සතුට ඔහු මගේ ජීවිතයේ ඉන්නකම් හැමදාම මා ළඟ තියේවි...

    @ punchisamanalee
    පුංචි සමණළියො ඔයාගේ ලස්සන අත්තටු වල තියෙන ලස්සන පාට ලස්සනට දකින්න ඔයා මට උදවු කරනව....

    @ indi
    මම හිතුවෙ ඉන්දි කියන්නෙ මේ වගේ දේවල් ගැන වැඩිය හිතන්නෙ නැති කෙනෙක් කියල... ඈත්තටම වෙන කෙනෙක් ගෙ සතුට තමන්ගේ සතුට වගේ හිතන්න පුලුවන් අය හරිම අඩුයි...

    ReplyDelete
  11. @ විහඟ ගීතය
    නුඹ තනි වේද මේ ලොව මා සිටින තුරු
    නුඹ මගේ නේද මේ ලොව මා මියෙන තුරු
    නුඹ සුවඳින්ම මා වත සරසනා තුරු
    නුඹ ගෙම වෙලා මා සසරේ සරන තුරු

    ReplyDelete
  12. සොඳුරු සිත සහ ඔහු.......

    මගෙ සිත පිරී තිබෙන්නේ...ඔබගැන සිතිවිල්ලෙන්...
    වෙන කිසිවෙක් ගැන හිතන්න..හදවතට ඉඩක් නැහැනේ...
    මගෙ නෙත රැඳී තිබෙන්නේ...ඔබගේ සඳ මුහුණයි..
    වෙන කිසිවෙකු හෝ දකින්න...දෙනුවනට ඉඩක් නැහැනේ...

    අප ළන් කරවා..කාළය පියඹයි..ආලය ගැන විමසයි...
    කවුරුන් වේවා හමු වූ මොහොතේ...මට ඔබ ගැන පවසයි.


    කඳුළැල් මැදුරේ..හසරැල් නැවතී...සෙනෙහස ගැන පවසයි...
    පීදෙන පියුමන්..දළු ලන තරුවැල්..මට ඔබගැන පවසයි...
    වසන්තය කියන්නේ ඔබටයි..මටයි..

    ගයන්නේ..නිරන්ජලා සමඟ අබේවර්ධන...

    මේ දිනවල සොඳුරු සිත ජීවිතය විඳිමින් සිටින බව හැඟේ...
    සොයුරියේ...මගේ සුපැතුම්....!

    සුලා..

    ReplyDelete
  13. අහන්නත් සතුටුයි අක්කේ. අක්ක ජීවිතේ විඳිනවා කියන එක ඇහෙද්දිත් අමුතුම සතුටකින් හදවත පිරිලා යනවා. නෑ අක්කේ. ඔයාට වරදින්නෙ නෑ. හොඳ අයට වරදින්න විදියක් නෑ. එහෙම වෙනවනම් බුදු බණ බොරු. කන්නදක් නැග්ගොත් පල්ලමක් තියෙනවමයි. මේ ඔයාගේ පල්ලම. විඳින්න. සතුටු වෙන්න. සතුට දැන් මුලුමනින්ම ඔයාගේ.

    ReplyDelete
  14. අත්හදා බැලීම ලස්සනයි, සාර්ථකයි.

    ඔබේ නිර්මාණයන් තුලින් දුටු ධනාත්මක වෙනසත්, රටා පිරි ඒ කුළුණු උසින් උසට නැග විහිදන කාන්තිය දකින්න හරිම ලස්සනයි. අපෙන් සුබ පැතුම්!

    පසුගිය දින කිහිපයේදී ද ඔබේ නිර්මාණ කියෙව්වත් පමනක් වෙලාවට සටහනක් නොතියාම යන්නවුනා (වෙලාව පිලිබඳව ප්‍රශ්නයක්).

    මෙය මා ගොඩාක් ආස කරන ගීයක්.

    ReplyDelete
  15. තව කෙනෙක් වෙනුවෙන් ජීවත්වීම සොඳුරු පරිත්‍යාගයක්. ඒත් තව කෙනෙක් මත රඳා පැවැතීම නොවේ.

    ReplyDelete
  16. අක්කට හරි ගිය නිසා
    මට සතුටුයි බෝ හිනා

    ReplyDelete
  17. @ සුලා
    අනේ හැබෑට සුලෝ....මම සතුටින් නම් තමයි.. සුළඟක් වගේ මගේ සතුටත් ඇවිත් යාවිද දන්නේ නැහැ.. එහෙම හිතෙන කොටත් බයයි. ඒ නිසා වැඩිය සතුටු නොවී ඉන්නම් මම...

    @ අනුරාධ
    සත්තකින්ම .. එහෙම වෙනව නම් කොච්චර හොඳද...

    @ ගල්මල්-Coral
    සටහනක් නොලීවට තරහක් නැහැ අයියා.... කියවන එකම ඇති නේ...

    @ ``` Outsider```
    ඔවු ... රදා පැවතීම කියන්නේ වැරදි වචනයක්... නිවරදි කිරිමට තුති...සොඳුරු පරිත්‍යාගයක්... හැබෑටම මට ඒ සොඳුරු වචනෙ මඟ ඇරුන හැටි..

    @ හසිත කොල්ල
    හ්ම් හ්ම්... කොහොමද දැන් ඉගෙනිම එහෙම....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...