..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, May 2, 2010

෴ නුඹේ වෙන්න සිහින දකින මම ෴


වස ඇරඹෙන්නේ නුඹ ගේ සුවඳ දිගේ
කටහඬ ඇසෙනවා ජංගම වයර් දිගේ
ඩෙස්ක් ටොප් එකේ රුව දිලුනත් රුවට රුවේ
මගෙ හිමි ලඟින් සිටියෝතින් නේද අගේ

නුඹෙ සිත ලඟින් ඉන්නට  පිං කෙරුවාට
ලොව ඉඩ දෙයිද මා සිත රිදවයි නිතර
අද දවසේ මේ ගැනම සිතලද කොහෙද
මගෙ හිස පැලෙන්නට මෙන් කකියයි නිතර

දවසින් වැඩි කොටස මම අද නිදි කිරුවා
ඔබ ගැන සිතල සිතලා හදවත හැඬුවා
ලෝකය දවා හලු කරනට මා සිතුවා
ඒ ලෝකයේ නුඹ ඇති බව අමතක වුවා

විඩා බර නුවන් තුල මා රුව දුටුමි
කොතරම් ආද​රේදැයි මම නම් දනිමි
උකුලේ සතපවා නුඹෙ හිස පිරිමදිමි
බඳේ නෙරිය නුඹෙ නමටම මා තබමි

නුඹේ වෙන්න සිහින දකින 
මම
෴වත්෴

20 ප්‍රතිචාර:

චමිදේවා said...

නුඹේ සිහිනය ඉටුවන්නට ම්ගේ සිතින් ලොකු පැතුමක්...!

වැප් said...

"ලෝකය දවා හලු කරනට මා සිතුවා"

හ්ම්

මාරයාගේ හෝරාව said...

සිහින දකින විට නම් එය බොහොම අගේ..
කඩා හැළුනු පසු විට නම් සිතට රිදේ..
සිහින මාළිගා නොතනා සොදුරු සිතේ..
පිස්සු නැතිව ඉන්නවනම් බොහොම අගේ..

මින්දද said...

ආදරයෙන් පිරිලා, ඉතිරිලා, දෝරේ ගලලා, ඕවර්ෆ්ලෝ වෙලා, පිටාර ගලලා යන හිතක ස්වාත්ම විස්තරයක්...

තිස්ස දොඩන්ගොඩ said...

නංගියේ මාරයා ගේ අන්තිම දෙපදයට මට පැලෙන්න හිනා....
"සිහින මාළිගා නොතනා සොදුරු සිතේ..
පිස්සු නැතිව ඉන්නවනම් බොහොම අගේ.."
සබන් බෝලයක් නම් කල්පනාවෙන්...
පැලැස්තර ලංකරගෙනම සිහින දකින්න...
සොඳුරු සිතක් පැලැස්තර දාගෙන ඉන්නවා බලන්න කවුද කැමති....
හැබැයි ඉතින් බය වෙලත් බෑනේ...?
පැනලම බලමු දියට....

කතන්දරකාරයා said...

/* කටහඬ ඇසෙනවා ජංගම වයර් දිගේ
*/

කොහෙද බොලේ ඒ ජංගම වයර් තියෙන්නේ? මාතර අහ ද?

කමක් නෑ, කවියන්ට නීති නෑනේ!

කතන්දර

විහඟ ගීතය said...
This comment has been removed by the author.
විහඟ ගීතය said...

විඩාබර දෙනෙත් වල එළියක් වෙමින
හදේ පතුලටම ඒ සෙනෙහස දැනෙන
උදේ හවා නිරතුරු නුඹ ළඟ ‍රැදෙන
ළඳේ මමයි ඒ නෙරියට හැඩ තියන

හැඩකොට බඳවටේ නෙරියට ‍රැළි තියලා
උඩරට ඔසරියක් සරිකොට අන්දාලා
ගෙලවට හත් මාල පොටකට ඉඩදීලා
මල වට මමයි බඹරා,ඉමි අතපාලා

.::පිස්සා::. said...

නියමයි, වත්...
මේ කවිකාර අදහස් කොහෙන්ද එන්නේ අප්පා..

Ansh Lucky Sri Jay said...

පුරුදු පරිදි අදත් ආවා..
:)
නියමයි...!

roylyfernando said...

හ්ම්ම්ම්....

රවා said...

if there's way you will find one..
if there's none you will make one..
don't give up ,don't hesitate
try to go with your 64 tricks..best of luck .. nice compose..

Yasela Sumanasinghe said...

උතුරා යන ආදරේ...

අරුණ සර් said...

වෙනකෙක් කවදාවත් මැදට එන්න එපා.

මම said...

බයවෙන්න එපා වත් අක්කා.ඔයා හීන දකින්න.ඒ හීනවල ඇත්තටම ජිවත් වෙන්න පුලුවන් දවසක් ඉක්මනටම එවී.ඔයාගේ ඔය සොදුරු සිතෙන් දකින, විදින්න අසාකරන හීන බිදලා දාන්න උත්සහ කරන කෙනෙක් ඉදීවී කියලා මං නම් හිතන් නෑ.ඒත් එහෙම කෙනෙක් හිටියත් ඔයා පසුබහින්න එපා.ඔයාගේ මේ සුන්දර ජීවිතය ඔයා කොහොමහරි ලබාගන්න.ඒ දවස එනකම් අපිත් බලාගෙන ඉන්නවා ඔයත් එක්ක හිනා වෙන්න.

Anonymous said...

mama hamadama Sonduru sitha blog eka kawi katha kiyamawana..Harima lassanai akka,,,

mamath matara kenek,,

wath said...

@ Anonymous
අනේ ඉතින් නම කීව නම් නේද හොඳ.. මාතර කෙනෙක් නම් නම නොකිය ඉන්නේ නැහැ නෙව. මාතර කිවම ඉතින් රටක් හොල්ලපු මිනිස්සු ඉන්න තැනක් නෙ...
ඊළඟ පාර නම කියනව නම් බොහොම වටිනව...
කොහොම වුනත් ඔයාට ගොඩක් ස්තූතියි...

wath said...

@ Blogger චමිදේවා
හ්ම් බොහොම ස්තූතියි.. හැමදේකම පසුපස ඉදන් මට උදවු කරනවට....

@ වැප්
දවා හලු කරන්න හිතුවට බැහැනෙ. එයත් ඉන්නෙ මේ ලෝකෙ , මමත් ඉන්නෙ මේ ලෝකෙ.ඔයත් ඉන්නෙ මේ ලෝකෙ. ඉතින් අපි හැමෝම ඉන්න ලෝකෙ දවා හලු කරල කොහොමද ...

@ මාරයාගේ හෝරාව
මෙන්න මෙයා... ක්‍රිකට් පිස්සුව හොදද එතකොට ආහ්...

@ මින්දද
සත්තකින්ම මල්ලියෝ
ඒක තමයි ඈත්ත කතාව.. මින්දද කියන නම නම් හරියටම හරි

@ තිස්ස දොඩන්ගොඩ
බලන්න දෙයක් නැහැ අයිය. දැන් පැනල ඉවරයි...

@ කතන්දරකාරයා
මම මාතර තමයි. මක්ක කියනවද මන්ද . මාතර ඈවිත්ම බලන්නකෝ... මේ දෑස මක්කටද කියල හිතේවි ..කතන්දරට..

@ .::පිස්සා::.
එතකොට ඔයාගේ පිස්සු මොළේට එන අදහස් ඒවත් ඒ වගේම ලස්සනයි...

@ Ansh Lucky Sri Jay
ගොඩක් සුතූතියි නංගියා

wath said...

@ roylyfernando
මේ ඉන්නෙ මට තවත් ගොඩක් උදවු කරපු කරන ඒ වගේම ඉදිරියටත් උදවු කරයි කියල හිතන හිත හොඳ කොලු පැටියෙක් තමයි...

@ රවා
අප්පේ රවා මට හොඳක් කීවමයි මේ .. තැන්ක්යූ

@ Yasela Sumanasinghe
සත්තකින්ම ඔවු...........

@ අරුණ සර්
කවදාවත් කිසි කෙනෙක් අපි දෙන්න මැද්දට එන්නෙ නැහැ. එන්න දෙන්නෙත් නැහැ... මම එයාට ඒ තරම් ආදරෙයි..
ගොඩක් ස්තූතියි සර් comment එකට

@ මම
මම දන්නව මම නංගියෝ... වචනෙටත් ගොඩක් ස්තූතියි

wath said...

@ විහඟ ගීතය
ඔබ හැඩ කරපු ඔසරිය මම අදින්නෙමි
සෙනෙහේ මාල හත ගෙල වට දමන්නෙමි
ආඩම්බර කමට කොණ්ඩය බදින්නෙමි
ඔබ එන තෙක්ම මඟ බලමින් සිටින්නෙමි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...