..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, May 11, 2010

෴100෴

 
මේ මගේ 100 වෙනි ලිපිය............ 

මගේ පස්සෙන් එන 117 දෙනාටමත්
 පස්සෙන් එන්නෙ නැතිව, හැමදාම මම ලියන දේවල් බලන දන්නා, නොදන්නා සියලු දෙනාටමත් මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනව.
ඒ වගේම මේ දේවල් රටටම ,ලෝකෙටම කියවන්න ඉඩ සලසන මහ ගෙදර සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයටත් ... ලාංකීය සිතුවිලි වලටත් මගේ හදපිරි ස්තූතිය...

Glitter Graphics

කාලයක් මම මගේ හිතින් වැටිල ඉන්න කොට තමයි මම මේ සයිබර් අකුරු කෙරිල්ල පටන් ගත්තේ... ඒ ලිවිල්ල ගොඩක් පරිණාමය වෙලා කියල පලවෙනි පෝස්ටි එකත් අන්තිම පෝස්ට් එකත් බැලුවම මට තේරෙනව.......

නම් වශයෙන් කියන්න ගියොත් නම් ,බැරිවෙලා හරි එක නමක් හරි හැලුනොත්, ඒක ඒ හිත් වලට කරන පුංචි හරි අසාධාරණයක් නිසා, මම නම් වශයෙන් කියන්න යන්නෙ නැහැ... හැබැයි මට බ්ලොග් එකක් ලියන්න කියල වදකරල මාව ඒ වෙත යොමු කරපු කෙනාව නම් අමතක කරන්න බැහැ නේ... ඒ තමයි Nuwan's lane ලියන අපේ කෘෂිකර්ම මහත්තයා...... 
ඒ දවස් වල නුවනුත් අනිවාර්යයෙන් සතියට එක බ්ලොග් එකක් නම් ලියනව මයි. ඒත් දැන් නුවන් යුගල වෙලා නිසා ලිවිල්ල නම් අඩු වෙලා... මාත් යුගල වුනොත් මේ ලිවිල්ල අඩු වෙයිද දන්නෙ නැහැ.....  

මම නැතත් ඇස් දෙක වගේ මගේ බ්ලොග් එක බලා ගන්න, බිගොල් එකේ අකුරක් එහා මෙහා වුනත් විමසිල්ලෙන් ඉන්න දිලිසෙන ස් දෙකටත් පිං................

දුකින් පිරුණ මගේ බ්ලොග් එකට ආලෝකය ගෙනාව ,සොදුරු සිත තවත් සොඳුරු කරන්න උදවු වුන විහඟ ගීතයටත් විශේෂ ස්තූතිය ( අනිත් අය තරහ වෙන්න එපා හොඳද)

හැමදාම කවි සිතුවිල්ලක් ලියන මට, මගේ 100 වෙනි පෝස්ටි එකට කවි සිතුවිල්ලක් ගලපගන්නම බැහැ නේ.............

කතා ඇති එහෙනම් කේක් කෑල්ලක් කන්න කටිටිය කිට්ටු වුනානම් ........... 


​බොන්න තියෙන්නෙ නම් හොට් හොට් ප්ලේන්ටී තමයි (ඉගුරු ප්ලේන්ටි)... සැර ජාති නම් නැහැ ඔන්න......

එහෙනම් කට්ටියටම ආයෙත් සැරයක් කියන්නේ..... මාත් එක්ක මෙතුවක් දුර ආවට මගේ උණුසුම් ප්‍රණාමය........ තව දුරටත් මම වටින යමක් ලීවොත් ඔබලා මා සමඟ ඉදිවී කියල විස්වාස කරනව....
 Glitter Graphics
( හ්ම් හ්ම් ..... කට්ටිය ගෙනාපු තෑගි එහෙම කියනව නම් අර අතන තියෙන මෙසේ උඩින් තියල යනව හොඳයි... හරි හරි ගේන්න එපා කියල කීව තමයි.. ඒත් අපරාදෙනේ ආයෙත් උස්සන් යන්න මහන්සිවෙන්නෙ... )

 සියය ලීව  
මම
෴වත්෴

62 ප්‍රතිචාර:

Ansh Lucky Sri Jay said...

සෙන්චරියට මගෙන් උනුසුම් සුභ පැතුම්..!
:D

Ansh Lucky Sri Jay said...

ජය වේවා, මම නේද අද කමෙන්ටුව දාපු පළවෙනියා..

බොහෝ කල් යෙහෙන් මේ බ්ලොගේ වැජඹේවා..
හැමදාමත් වගේ කවියක් නැති එක තමයි මේ පෝස්ට් එකේ අඩුව.

wath said...

@ Ansh Lucky Sri Jay
තැන්කූ තැන්කූ....
කේක් පුස් කාල එහෙම නැහැ නෙව නේද....

හසිත ජයසූරිය said...

අප්පේ සියයට මගෙනුත් උනුසුම් සුබ පැතුම්......:D

අකුර අකුර ගලපාලා පදවැල් ගොතලා
වත් අක්කා අදට පෝස්ට් සියයක් ලියලා

roylyfernando said...

ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්. !!!!

.::පිස්සා::. said...

සුබ පැතුම්!!
ආහ්.. විහඟේ, අපිත් ඔන්න ඔයාට ස්තූති කරනවා, අපේ වත්ව සතුටින් තිබ්බාට..

සිතට දැනෙන දේ said...

මගේ දෙවනි comment එකෙන් සොඳුරු සිතට සුභ පතන්න ලැබෙන එකට මම ගොඩාක් සතුටු වෙනවා..
සියයට මගේ උණුසුම් සුභ පැතුම!

කේක් කෑල්ලනම් මාර රසයි. ඒකෙ රසටද මන්දා මට පද කීපයක් ගලපන්න සිතුනා.. පළමු වතාවටයි මම මේ පද ටිකක් ගලපන්නේ. අනේ අඩු පාඩු තියනවා නම් සමාව දෙන්න. කේක් කෑල්ල කාලා ප්ලෙන්ටී එක බිව්වට පස්සේ සිතට දැනෙන දේ ගලපන් නැතුව ඉන්න බෑ....

එක සියයක් ලියවී ඇත
තව දහසක් සිතෙහි ඇත
එම දහසත් ලියවීමට
සොඳුරු සිතට හැකිවනු ඇත

වත් තව තවත් සොඳුරු දේවල් ඉදිරියටත් ලියන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙවායි ප්‍රාර්ථනා කරනවා!
ඔබට ජය!

ගල්මල්-Coral said...

රටඉඳි මල් රෑනක් වත් හොයගන්න බැරි වුනානේ,
ඒනිසා හිස් අතින් ආවත්...

ඔන්න ශතකයට අපෙන් සුබ පැතුම්.

Anonymous said...

හිතන හිතිවිල්ලට...
ලියන අත් දෙකටම...
සොඳුරු හද මඬළට...
ආයුබෝ වේවා...වේවා...

සුභ පැතුම් මගෙන්...

සුලා..

nimanthi said...

තව තවත් හොඳින්
ඉදිරියට යන්නට
සිත තොසින්
පිරෙන්නට
මගෙනුත්
උණුසුම් සුභ පැතුම්..!!!!!!
ඔන්න ඔබේ ශතකයට..

Yasela Sumanasinghe said...

congratz..keep up your good works

wath said...

@ හසිත ජයසූරිය
තැන්කූ මලේ ෴

wath said...

@ .::පිස්සා::.
මෙන්න වැඩක් . මේ ඒක නෙමෙයි. ඈයි මාත් එක්ක ඉස්සර තරහ. ඈයි මාව ඉස්සර පේන්න බැරි. කීවනම් බලන්න෴

wath said...

@ roylyfernando
අනේ තැන්කූ තැන්කූ෴

wath said...

@ සිතට දැනෙන දේ
තැන්කූ ෴ සිතට දැනෙන දේ අපිත් එක්ක බෙදා ගන්න ඔයාටත් සුබ ගමන්෴

wath said...

@ ගල්මල්-Coral
තැන්කූ අයියා෴

wath said...

@ Anonymous
සුළඟ වගේ ඈවිත් යන සුලා .... තැන්කූ෴

wath said...

@ nimanthi
තැන්කූ නිම්........

wath said...

@ Yasela Sumanasinghe
Thank You Yasela ෴

හා පැටික්කි (MS) said...

මං නම් අක්කව අඳුරගත්තෙ ලඟදි නේ.......

100ක්ම ලියපු එකේ ඉතුරුව මොනවද.......

සොදුරු සිත පිරෙන්නට
තව තවත් පද බඳින්නට
හැකිවෙන්න ඔබ හට
පතමි මා මුළු හා හදින්ම.............

මං ඉතින් කැරට් අල දෙක තුනක් තමා ගෙනාවේ.......
මං කේක් කන්නේත් නේ නොවැ...... :D
නැවත්තත් සුභ පැතුම් කියනවා........

ඕන් මං ගියා......

wath said...

@ හා පැටික්කි (MS)
හා පැටික්කියෝ ෴ අලුත් පරණ කියල නැහැ. අපි කවුරුත් යාළුවො නේ නේද? තැන්කූ තැන්කූ ... කවියටත් ගොඩක් තැන්කූ

මැණික්(සුළඟ) said...

සුභ පැතුම්!!, දිගටම ලියන්න.
මැණික්(සුළඟ)

Praසන්ன said...

උණුසුම් සුභ පැතුම්..! දිගටම ලියමු.

දිල් said...

මගෙනුත් මුළු හදවතින්ම සුබ පැතුම් !
දිගටම ලියමු

චමිදේවා said...
This comment has been removed by the author.
චමිදේවා said...

ම්ම්ම්...මාස නමයට 100යි.
ඊලඟ 100ට කොච්ච්ර කාලයක්ද?
ලඟදිම ඒක බලාපොරොත්තු වෙනවා අපි...
උණුසුම් සුභ පැතුම් මගෙන් අක්කේ...

SRI MANJULA said...

තනිවම ආව මුත් මේ BLOG සෙන්චුරිය
ජීවන ගමන තනිවම යන්නට බැරිය
විඳ ගනු මැනවි ජීවන මග මුලු සිරිය
තනිවම නොගහන්න ජීවිත සෙන්චුරිය

විහඟ ගීතය said...

පැමිනි මඟ සිහිවී
දෙපතුල් රිදුම් දේවී
බොහෝ දුර යාවි
ඊට නිති ශක්තියක් වේවී

සියය නොම ඉමවේ
තව තව බොහෝ ලියවේ
සොඳුරු සිත හමුවේ
විහඟ ගී තුඩ තුඩින් මතුවේ

ඉම සොයන දහසේ
බාදා ඒවි බොහොසේ
සිඳ බිඳ නිදහසේ
ගලනු මැන නිල්වලා ගඟ සේ

මාතලන් said...

ඩබල් සෙන්චරියකට යන්න...
මගෙ සුබ පැතුම් ගන්න...
වැඩි වැඩි යෙන් ලැබෙන්න....
සියලු දෙවියෝ බලා ගන්න.....

මාරයාගේ හෝරාව said...

සිතුවිලි නැගෙන මුත් සහසක් සිත මත්තේ..
ඒ සැම කියා දැමුමට මා සිත් නැත්තේ..
ලියු ලිපි සියය කියවූ මා සිත් ගත්තේ..
එන්නේ කවදාද ඔබ කවි මඩු පැත්තේ..

සැමදා ළගින් හිඳ සිත සුවපත් කෙරුව..
වත් නුඹ සොදුරු සිහිනෙකි අළුයම දුටුව..
පාටයි සුවඳ දෙක බොඳවී යනු නැතිව..
සැමදා රැකෙවා සිහිනයෙ මිහිරි සුව..

Pasan said...

මගේ ගොඩාක් උනුසුම් සුභපැතුම් එක පාර අල්ලන්න එපා අත පිච්චෙයි හොදද තව ගොඩක් ලස්සන ඒවා දාන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව
ගෙනාපු තෑග්ග මේස උඩ තිබ්බා ටිකක් බරයි පරිස්සමින් අරන් තියන්න බිදෙන සුලුයි ඒක හරිද

එහෙනන් මම ගියාවෙ
තුණුරුවන් සරණයි
දළදා සමිදු පිහිටයි

මීට
ආදරණීය
මගේ සද

V said...

suba pathu

මම said...

ඔන්න වත් අක්කේ ටිකක් පරක්කු වෙලා හරි මාත් 100ට සුභ පතනවා.ලියන එකනම් අඩු කරන්න එපා ඔන්න.ප්‍රාර්තනා කරනවා ඔයාටත් ඉක්මනින්ම හැකි ඉක්මනිම යුගල වෙන්න ලැබෙන්න කියලා....

``` Outsider``` said...

1000 ක් වෙනකම් ලියන්න දිගටම.. ඊට පස්සෙ ආයෙමත් ලියන්න.. සුබ පැතුම්...

Ravin Caldera said...

අසිරිමත් පබාලොග් අවකාශයේ අනාගතයකට මගේ හෘදයාංගම සුබ පැතුම්෴

wath said...

@ මැණික්(සුළඟ)
බොහොම ස්තූතියි. ඔය‍ටෙන්ද මේ ලගදි නම වෙනස් කරේ.....

wath said...

@ Praසන්ன
@ දිල්
දෙන්නටම බොහොම ස්තූතියි෴

wath said...

@ SRI MANJULA
ජීවන ගමන රුදුරුයි
තනිකම හොඳයි සොඳුරුයි
තව වසර දහයයි
හිටියොතින් මට වැඩිත් එක්කයි

wath said...

@ Ravin Caldera
ස්තූතියි අයියා.........

@ ``` Outsider```
ම් ම් ලියමු ලියමු. ස්තුතියි ෴

@ මම
ම් ම් යුගල වෙන්න බැහැ කියල හිතෙනව෴ ස්තූතියි෴

wath said...

@ මාතලන්
bohoma athuthie''''' den kawiyenma neda .....

wath said...

@ V
thank u......

wath said...

@ V
thank u......

wath said...

@ මාරයාගේ හෝරාව
Ah'''''''''' Suba Upandinayak wewa......

හසී said...

උණුසුම් සුබ පැතුම්. !!!

Kathandarakaraya said...

මෙන්න මගෙන් එක පදයේ කවියක්:

වත්සලා ඔබට මගෙ සුබ පැතුම් පොදී....

චමිල said...
This comment has been removed by the author.
චමිල said...

මගෙනුත් සොඳුරු හිතට hot hot සුබපැතුම්...දිගටම අපි ඉන්නව ඔයත් එක්ක..

මින්දද said...

සුබ පැතුම් අක්කෙ...

ඔෆිස් එකේ මැරිලා ඇවිල්ලා පොඩ්ඩක් මහන්සි ඇරගන්නෙ අක්කලගේ බ්ලොග් කියවලා තමයි..

අක්කලට පින් !

punchisamanalee said...

අපේ වත් අක්කාට ජය වේවා!!!
අපේ වත් අක්කාට ජය වේවා!!!

තව තවත් ලස්සන දේවල් ඔය සොදුරු සිතේ තියෙනවා අක්කා... ඒවත් එළියට ගන්න වත් අක්කා.... අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා හොදේ...........

Anonymous said...

මාසයක කාලයක සිට ඔබේ සොදුරු සිතේ සැරිසරනවා.සොයුරිය මගෙන් ඔබට උනුසුම් සුබ පැතුම්.නිහඩව ඔබ ලියු සෑම දෙයක්ම රසවින්ද මම.

ප්‍රියංගි

රවා said...

සොඳුරු සිතැත්තියෙ ඔන්න මමත් උබෙ පොස්ට් 100 යටම නැති උනත් 80 වකට විතර හිටියා.. සුභපැතුම් මෙන්න... ඔන් අපි ගියා...බායි

ඉලංදාරියා said...

හදවත පිරුන ලෙන්ගතු කම පිරිවරලා
අදහන දෙවිවරුන් මොහොතක් සිහිකරලා
හදවත පිරුන උනුසුම හා එක්කරලා
100 වෙනි එකට සුබ පතමි මගෙහිත කවිකරලා

නිශාචරයා Nishacharaya said...

පමා වෙලා මුත් ආවෙමි අරුමැක්කේ
හද පිරි සුභ පැතුම් ඔබටයි වත් අක්කේ
මේ වගෙ පාර්ටියක් නෑ කොහෙවත් දැක්කේ
පුස් කෑ කේක් වෙඩි වගෙ දඟලයි බොක්කේ...
:D :D

සුදු මහත්තයා said...

අනේ ඔයාගෙ සෙන්චරි පාටියට එන්න මට පරක්කු උනානෙ. කේක් ඉවර ද ?

සුභ පැතුම් අක්කේ. යුගල උනා කියල බ්ලොග් එක නවත්තන්න එපා. බ්ලොග් කලාවේ දීර්ග ගමනක් යන්න ඔයාට සුභ පතන්නම්.

wath said...

@ සුදු මහත්තයා
හා හා තරහ නැහැ. පරක්කු වෙලා ආවත් වැඩ තියෙනව නෙ. කෝප්ප , පිගන් ටික හෝදගන්නෙ කොහොමද කියල මම මේ හිත හිත හිටියෙ......තැන්කූ අනේ ආවට෴

wath said...

@ නිශාචරයා Nishacharaya
පමා වෙලා ආ නුඔහට පරණ කේක් දුන්නේ
දොස්තර ලග ලගම ඇතිය විග විගහින් යන්නේ
නිශාචරය පමා ව පසු තැවිල්ල වෙයි දන්නේ
මින් මතුවට පමා වෙලා දුක් නොගනින්නේ

ඒත් කියනව නේ "නොපැණිමට වඩා පමා වී හෝ පැමිණිම හොඳයි" කියල. තැන්කූ අනේ ආවට.

wath said...

@ හසී
තැන්කූ අනේ෴

@ Kathandarakaraya
සේම් ටු යූ ෴ හිහ්

@ චමිල
Hot hot නේද? පිච්චි෴ කමක් නැහැ තැන්කූ

@ මින්දද;
පින් දෙන්න එපා මලේ෴ පින් දෙන්න ඕන මේව කියවන ඔයාලටයි.

wath said...

@ ප්‍රියංගි
ම් ම් මම දන්නෙත් නැහැ.... ඔයාටත් ගොඩක් ස්තූතියි යාළු.

@ punchisamanalee
මේ මේ උත්ඝෝසන බැහැ.... කමක් නැහැ ඔන්න ඔහේ ජය වේවා මට෴

@ රවා
හ්ම් හ්ම් පාඩම් කරන්න. .. මේවා කියෙව්වා කියල විභාග පාස් කරන්න බැහැ෴

@ ඉලංදාරියා
කවි හිත පිලිගනිම්
හෙටත් මම මග බලමි

මේ ... I can't comment your blog post ඇයි ඒ ???

NUWAN"s lane said...

අප්පේ කේක් නම් ඉවරයි වගේ......ඔන්න මමත් ආවා සුභ පතන්න.......සොදුරු සිතින් දිගු ගමනක් යන්නට මමත් හදවතින්ම සුභ පතනවා ඔබට.

Bunny ! said...

අනෙ ඉතින් අන්තිමයට හරි ඇවිල්ලා ඔන්න සුභ පැතුවා...!! කෙක් රොඩු ටික හරි ඔන්න මම කටේ හලා ගන්නවා :D

සුභ පැතුම් අක්කෙ සෙන්චරියට !! :-)
චිරාත්කාලයක් සයිබර් අවකාශයේ මෙම බ්ලොග් අඩවිය වැජබේවා !!

wath said...

@ NUWAN"s lane
බ්ලොග් ලියන්න මුල පුරල දුන්න කෙනා එන්නෙ අන්කිමට...
සාදරයෙන් පිළිගන්නව...
ආරාධිත අමුත්ත අන්තිමට ආව පාටිය...
කේක් නම් ඉවරයි.........

wath said...

@ Bunny !
හා හා හරි හාවා
පරක්කු වෙලා ආවා
කේක් කුඩුත් කෑවා
සුබ පතලා දිවුවා

හා පැටියෝ පරක්කු වෙලා හරි මේ පැත්තෙ ආවාට තැන්කූ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...