..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, April 30, 2010

෴ තරුව ෴




අහස කොනක පායා විත්
සැමඟෙ නෙතින් වසන් වෙලා
මගේ පුංචි ආලෝකය 
දුන්න තරුව මං 

ආලෝකය මදි වුනාද
මා නොපෙනී ගිය නිසාද
අහස් ගවුවෙ අනන්තයට 
තල්ලු වුනා මං

එක දවසක් අමාවකයි
නුඹ මා දුටුවේ එදිනයි
 නුඹට පාර පෙන්නන්නට 
එළිය වුනා මං 

හදවත් වල සහන් එළිය
එළිය කරයි අපේ පැතුම
සඳ ඇති පුන් පෝදාටත්
නුඹට පේනේ මං

  • මම මේ කීවේ ඉඳල හිටල හරි කාට කාටත් පේන තරු ගැන නෙ​මෙයි....  
  • රූපවාහිනි නාලිකා වල නිතර බිහිවෙන සුපිරි තරු ගැනත් නෙමෙයි.
  • ලෝකෙටම අමතක වෙලා තිබිච්ච ඒත් හැමදාමත් අහසෙ ඉඳන් තමන්ට පුළුවන් විදිහට ලොකෙට එළිය දීපු පුංචි තරුවක් ගැනයි....
  • ඒ තරුව දැන් ඉන්නෙ හරිම සතුටින් ... ඒ ඇයි කියල ඔයාලට හිතාගන්න පුළුවන් නේද...........

තරු පිරුන මන්දාකිණියෙ සතුටින්ම ඉන්න පුංචි තරුව
මම
෴ වත්෴

17 comments:

  1. කියවගෙන ගිහිල්ලා..අන්තිමට ලියලා තියෙන වාක්යත් කියවලා නැවත පාරක් මුල ඉදලා කියවගෙන ගියාම...ඔන්න කවිය තේරුනා...

    ReplyDelete
  2. ඔව් ඔයා ගොඩාක් සතුටින් කියලා දැනෙනවා....කවියේ අකුරක් ගානෙම ඒක මනාවට පැහැදිලිවෙනවා...

    ReplyDelete
  3. කවිය නම් සිත් ගත්තා අපූරුයි...

    ReplyDelete
  4. මෙ මුතුවැලේ හැම මුතුකැටයම ලස්සන කාන්තියක් විහිඳුවනවා...

    සුබපැතුම්!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔබත් ඔහොම ඔතැන ඉන්න...
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

    ReplyDelete
  7. දහසක් තරු නෙත් අතරින්
    ඈත කෙලවරක සිටියද
    පහන් තරුව සේ මං පෙත
    සදා දුන්න නං


    කනාමැදිරි එළි අතරට
    ඈත සිතිජයෙන් මෙතරට
    රිදී රුවක් ලෙසින් මදෙස
    එබී බැලුව නං

    හිරු දහසක් පෑවූසේ
    සඳු සහසක් පෑවූසේ
    මගේ සිතම ඒ තරුවෙන්
    එළිය කලා නං

    හිරු එළියෙන් පිබිදෙන්නෙමි
    සඳ එළියේ සැතපෙන්නෙමි
    තරු එළියෙන් පාර අසා
    ගෙන එන්නම් මං

    ReplyDelete
  8. අන්න අන්න වත් අක්කා දැන් හරිම සතුටින් නේද? සමනලීට මැවිලා පේනවා තරු කැට වගේ සතුටින් දිලිසෙන ඇස් දෙකයි අක්කාගේ පුර හඳ වගේ මූණයි.....
    හැමදාම ඔය සතුට අක්කා ලඟම අඩුවක් නැතිව තියෙන්න ඕනා.... අහිමි දේවල් බලෙන් ගන්න කවුරුවත් මැද්දට නොයෙන්න ඕනා..... ඒ තමයි සමනලීගේ පැතුම!!!!!

    ReplyDelete
  9. වත් අක්කේ පද බැදුම ලස්සනයි.ඔයාගේ කවිය තරම්ම ලස්සනයිනේ විහග ගීතය comment එකට දාලා තියෙන කවියත් නේ....

    ReplyDelete
  10. @ Yasela Sumanasinghe
    අන්තිමට හරි තේරුනා නම් ඒ ඇති.....

    @ දිල්
    අගේ කිරීම අගේ කරමි.

    @ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    අගේ කිරීම අගේ කරමි.

    @ ගල්මල්-Coral
    ස්තුතියි අයිය....

    @ තිස්ස දොඩන්ගොඩ
    හා හා ඔය එන්නෙ සින්දු මහත්තයා... හැබැයි මම තනි තරුවේ නෙමෙයි...හරිද?

    @ punchisamanalee
    තැන්කුයූ මගෙ සමණළියෝ...

    @ මම
    ඔවු විහඟ ගීතය ලස්සනට කවි ලියනව...
    http://wihagageethaya.blogspot.com/

    ReplyDelete
  11. සතුටින් ඉන්න එක ගැන සතුටුයි..!!

    ReplyDelete
  12. "ඒ තරුව දැන් ඉන්නෙ හරිම සතුටින් ... ඒ ඇයි කියල ඔයාලට හිතාගන්න පුළුවන් නේද..."

    බෑ...මටනම් නිවැරදිම හේතුව හිතාගන්න බෑ...

    ReplyDelete
  13. ෂා..! හරිම ලස්සනයි වත් අක්කේ.

    ReplyDelete
  14. අක්කේ ඔයාගේ ජීවිතයම කවියක්...

    ReplyDelete
  15. @ මින්දද
    එහෙම වෙනව නම් කොච්චර හොඳද......

    @ Ansh Lucky Sri Jay
    තැන්කු යූ නගෝ

    @ චමිදේවා
    දවසක ඔයාටත් තේරේවි මල්ලියො.......

    @ Naya

    බොහොම ස්තූතියි නයා..

    ReplyDelete
  16. හරිම.. හරිම ලස්සන කවි පෙලක් වත්.. !!

    ReplyDelete
  17. සඳ ඇති පුන් පෝදාටත් පෙනෙන තරුවක් වගේ කවියක් අක්කේ....මාර ලස්සනයි...
    චමිදේවා සහෝදරයට වගේ මටත්නන් හිතාගන්ඩ බෑ හේතුව.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...