..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, April 28, 2010

෴ ඇමතුම ෴

 


තප්පර කටුව පැය කටුවක් වෙලා වගෙයි
ලෝකේ කැරකෙන්න අමතක වෙලා වගෙයි
දුරකතනය දවසෙම ගොළු වෙලා වගෙයි
නැතිනම් ඔබට මා අමතක වෙලා වගෙයි

ට්‍රීං ට්‍රීං ට්‍රීං .................................

හෙලෝව් ..........................

​මඟ බලන් ඉන්න 
මම
෴ වත් ෴


28 comments:

  1. ඉස්සර වෙලා පැය ක‍ටුවට ගොඩක් දුරින්
    තත්පර ක‍ටුව ගව් ගානක් දුරට ගිහින්
    නෙත්හැර බලනු නුඹේ සිත් ළඟ කවුද කියන්
    විස්තර කියන්නම් දවසක ළඟම ඉදන්

    ReplyDelete
  2. කෝල් එකක් දෙන්න බැරිනම් ඉන්න තැනක ඉදන් එස් එම් එස් එකක්වත් එවන්න බැරිද... මම බලගෙන ඉන්නවනේ...

    ReplyDelete
  3. වත්....එකනම් මාරු හලෝ....සැහෙන හොද නිර්මාණයක්. මම විචාරකයෙක් නම් නෙවෙයි එත් මට හැගෙන දේ කියන්න මැලි වෙන්නේ නැහැ. මේක ගොඩක් ලස්සනයි...ට්‍රීං ට්‍රීං ට්‍රීං කෑල්ල නොතිබුනානම් මීටත් වඩා වැඩි වටිනාකමක් එකතු වෙන්න තිබුණා කියලත් හිතෙනවා. කෝම වුනත් අගනා නිර්මාණයක්

    ReplyDelete
  4. අමතක වුනා නොවේ වැඩ වැඩ් උනා නගේ
    රාජකාරි අතරේ නුඹේ හිනා පිපේ
    හනිකට ඇවිත් මුව පොඩියක් බලා අගේ
    එන්නම හිතයි දුරකතනේ දමා ගඟේ

    ReplyDelete
  5. ඩිජිටල්කරණයවූ ලෝකයේ ඇනලොග් ඔරලෝසුවක් ගැන කතා කරනවා දැක්කෙ කාලෙකට පස්සෙ යි..

    ReplyDelete
  6. තත්පර කටුව පැය කටුවක් නොවනු ඇතේ
    ලෝකය නොකැරකී සිටිනු නැතේ
    දුරකතනය දවසෙම ගොලු වෙලා නැතේ
    මාහට ඔබ අමතක වෙලා නැතේ

    [ මේ මං කියපු එකක් නෙමෙයි ඔහු කියපු එකක් හරිද ]

    ReplyDelete
  7. මල්ලියෙ ඔහොම නොකරන් නුඹෙ අක්කාට...
    තැවුනේ නුඹ නිසයි ගොලුවී සිටියාට...
    දෝරය ගලා යයි සෙනෙහස දස අතට...
    තේරුම් නොගියෙදෝ ඈ සිත තව නුඹට...

    ReplyDelete
  8. [තිස්ස අයියා කව්වේ මට නම් ---{ මං පැනලා දුන්නද දන්නේත් නැහැ }]


    අයියේ එසේ නොකරමි නු‍‍බේ නාගට
    තැවුණු ගොලුවුණු ඇගේ හදවත දෙසට
    මගේ සෙනහසත් ගලා යයි එක ලෙසට
    තේරම් ගියේ ඇය මගේ අක්කා ලෙසට

    ReplyDelete
  9. හ්ම් ..........
    ඒකෙත් හැටි
    අයියල මල්ලිල කවුරුත් කතා කරාට මට ඕන කෙනා තාමත් කතා කරේ නැහැ නෙ.....

    ReplyDelete
  10. සමහර වෙලාවට බැටරිය බැහැල ඇති
    දුර බැහැර ගොසින් සිග්නල් නැති වෙලා ඇති
    ක්‍රෙඩිට් ඉවර වී ඔහු ලතැවෙනව ඇතී
    නාඩන් අක්කෙ ඇමතුම මග එනව ඇතී

    ReplyDelete
  11. @ විහඟ ගීතය
    ඩිජිටල් ලෝකයේ ඈනලොග් විදිහට හිතල හිතල
    දහසක් වැඩ රාජකාරි මැද්දෙ මීටිව් වල කතා කරල කරල
    චුංචි නිදහසක් ගන්න කියෙන ඉසිඹුව ගැන මම හොදට දන්නව
    ඉතින් ඉඩ ලද විටක කතා කරන්න.... මගේ හිතේ තරහක් නැතිවාමත් නොවෙයි....

    සිත ළඟ ඉන්නව නම් තවත් මොනා ද....

    ReplyDelete
  12. @ මින්දද
    ආදරයත් ඩිජිටල්කරණය වෙලා වගේ
    ආදර SMS ....

    ReplyDelete
  13. @ ගීත්
    පුදුමයි මේ කොලුවට මේ කවිය හිතට ඈල්ලුව එක...

    @ දුකා
    ඒක නෙමෙයි .. මේ වැඩේ කරන්න බැරි හින්ද නේද අයිය සිය පවුල පිටින්ම ඉන්න දිහාට ආවෙ... දැන් ඉතින් ආදරණියන් ළඟ ඉන්න නිසා දුරකථනය ගැන ඈහැගහගෙන ඉන්න ඕනි නැහැ නේද?

    @ මිත්‍රයා
    නියම අදහසක්

    @ වැප්
    @ තිස්ස දොඩන්ගොඩ
    දෙන්නටම දැන් කවි ලියන්න පුළුවන් වෙලා වගේ ....

    ReplyDelete
  14. @ Raven
    රාජකාරි ඈත දේවකාරි ලෙස
    ඉටු කරනා වෙනු බව සත්තයි
    ඔහුද අදත් මීටිමක හිර වෙලා
    එය නම් මට සහසුදෙන් තේරෙයි
    තරහක් නොගනිමි
    වරදක් නොකියම්
    නොහඪමි
    නොතැවෙමි
    මේ හින්දා
    කවදා හො යළි
    ඔහුගේ හඪ මගෙ
    සවන වැකෙනු දන්නා හින්දා

    ReplyDelete
  15. නාඩන් අක්කෙ නාඩන් ඇමතුම එනවා......
    ටිකකින් ඔබේ දුරකථනය රින් වෙනවා.....

    ReplyDelete
  16. @ හසිත කොල්ල
    මොනවද මල්ලියේ නුඹ මේ පවසන්නේ
    ඔහු නිතරෝම මා ළඟ නොව දැවටෙන්නේ

    ReplyDelete
  17. අක්කෙ මම දැම්ම කමෙන්ට් එක පළ වෙලා නැහැ... මතක නැහැ දිග එකක්...

    ReplyDelete
  18. ප්‍රමාදයිනෙ මම අනේ කමෙන්ට් කරන්නට.....
    දැන්නම් ඇමතුම ඇවිත් ඇති වත් අක්කාට.....
    නොසිතන් අක්කේ ඔහු ගැන ඔය ලෙස ඉක්මණට.....
    බැටරි බැසීමයි හේතුව ප්‍රමාදෙ ඇමතුමට.......

    ReplyDelete
  19. එල හොදේ...මටම කිව්වා වගේ....හැගීම හරියටම විස්තර වෙනවා,,,,

    ReplyDelete
  20. වත්..හෙලොව්

    ආ වත් අක්කෙ මෙ මම මම
    මෙ Bunny යා..!!

    ReplyDelete
  21. @ Bunny !
    ආහ් ​හෙලෝව් හා පැටිය.. කොයබ ගියාද? මෙන්න වැඩේ දැන් හාවුන්ටත් mobile........ හා මොබයිල්... හා ටෙල් ද?

    ReplyDelete
  22. මම කැමති ඔය හැම කවියකම තියෙන අනන්‍යතාවයට
    "​මඟ බලන් ඉන්න
    මම
    ෴ වත් ෴ " වගේ ඉවර කිරීමට.

    ReplyDelete
  23. කෙහෙවත් ගියෙ නැ අනෙ.. මෙ ඉන්නෙ ! :D

    මෙ ලොකය කියන නපුරු වනන්තරෙ ජිව්ත් වෙන මට mobile 1ක් නැත්නම් වෙන කට තියෙන්නද ?

    මෙක හා ටෙල් තමයි :D

    මෙ mobile කෙරුවවනම් හරිම් කරදරයක් තමා !!

    ReplyDelete
  24. ඔන්න ප්‍රේමයේ නූතන පරෙවියාට තව තවත් වැඩ එනවා වගේ???
    ඔහොම යමු ඔහොම යමු වත් අක්කා..... තව ටික කලකින් "එයා ඉන්නේ මේ ෆෝන් එක ඇතුලේ" කියලාත් අක්කණ්ඩිට හිතේවි... ඔන්න බලන්නකෝ බොරුද කියලා.....
    හැබැයි අනේ කෝල් කරන්න බැරි නම් මිස්ඩ් කෝල් එකක්වත් දෙන්න වටිනවා නේද ඒ අයියට හැබෑට??? නැත්නම් අපේ වත් අක්කා ගෙදර ඔරලෝසුවේ කටු ටිකත් ගලවලා තියේවි ඕං.....

    ReplyDelete
  25. @punchisamanalee : "ඔන්න ප්‍රේමයේ නූතන පරෙවියාට ..... " ශහ් මාර යෙදුමක් නේ ඒක...

    ReplyDelete
  26. @තිස්ස අයියා: හී හී ඇයි ඒක එහෙම නේද? ඉස්සර දූත පරෙවියාගේ කකුලේ ආදර හසුන පටලවලා එනකම් මඟ බලා හිටියලුනේ නේද? දැන් ඒ රස්සාව කරන්නේ ජංගම දුරකතනයනේ? ඉස්සර පරෙවියා වාගේද නූතන පරෙවියා? කෝල්, මිස්ඩ් කෝල්, දිග කතා මදිවට කෙටි පණිවුඩත් ගේනවනේ..... :D

    ReplyDelete
  27. ඔව්.. ඔව්...
    හරිම රසවත් යෙදුමක්... සමනලී නිර්මාණශීලියි....

    ReplyDelete
  28. දවස පුරා මඟ බලමින් නුඹ නාඩන් අක්කේ
    කෝල් මොටද වයර් කෑලි අස්සෙන් එන සද්දේ
    තප්පර කටු පැය කටු අමතක කරන්න අක්කේ
    හැම මොහොතෙම ඔහුගේ හදවත ඔබ ලඟ ඇත්තේ

    ඔන්න මම කිව්ව වගේ පැය කටු තත්පර කටු අමතක කරල පරක්කු වෙලා ඇවිත් කමෙන්ට් කරනව..... :D

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...