..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, April 27, 2010

෴ පමා වූ සෙනෙහස ෴



විහඟ තුඩ තුඩ ගයන ගි නද
නුඹ මගේ යැයි පවසනවා
පිපෙන කුසුමත් සුවඳ විදහා
ඔබ දකින්නට සැරසෙනවා

මගේ සිතුවිලි ඔබේ ලය මත
දළු දමා ලියලන යාමේ
ලොවේ කිසිවකු එපා එන්නට
නිහඬ මේ මොහොතයි සාමේ

මුවඟ උතුරන මිහිරි රස මධු
දොවා ගන්නට නැත ඉක්මන්
පෙරුම් පිරුවෙමි දකින්නට ඔබ
නෙතට නෙත හමුවන බැල්මන්

ඉතින් යන්නට එපා මා හැර
නුඔ මගේ මුළු ජිවයයි
පතන්නෙමි නුඔ සමඟ ඉන්නට
නුඹ මගේ දිවි හා සමයි


පමා වී සෙනෙහස ලැබූ
මම
෴වත්෴

25 ප්‍රතිචාර:

රවා said...

පමාව සෙනෙහස ලබන්න ඔයා පිං කරලා... සමහරු ඉන්නවා.. එ අය පමාවෙලා බොහො.. ආපහු හැරෙන්න බැරි තරමටම.. ලැබෙන්න තියන දෙට වඩා ලැබිලා තියන දෙ වටින්නෙ නැහැ නෙද අපිට.. එයට ස්තුතිවත් කරන්නෙ නැහැ නෙද... කවියකින් වත්.. හොයලා හොයලා නිමාවක් නැහැ.. ඔයා මගෙ කලින් පොස්ට් එකෙ තිබුන විඩියො දර්ශනය නැරඹුවද....

චමිදේවා said...

මොනවා හරි දෙයක් කාලාන්තරයක් නොලැබී තිබිලා අවසානයේ ලැබෙන එක ගොඩාක් හොඳ එකක් වෙනවා කියලා මම අහලා තියනවා...ඉතින් පමාවී හෝ ලැබුන එකට නම් මටත් ගොඩාක් සතුටුයි...

ගීත් said...

විශේෂත්වයක් දැක්කේ නැහැ. මට නම් තවත් එක නිර්මාණයක්

``` Outsider``` said...

පමාවෙලා කියන හැඟීම දැනෙන්නෙ අ‍නුන්ට සාපේක්ෂව හිතන නිසයි. ඒත් සුදුසු දේ සුදුසු වෙලාවට මිස ඊට පෙර හෝ පසු නෙවෙයි ලැබෙන්නෙ.

RanDil said...

AGREE WITH OUTSIDER.

තිස්ස දොඩන්ගොඩ said...

රන්දිල් එක්ක නෙවෙයි '''Outsider''' එක්ක එකඟ වෙන්න වෙනවා...

Bunny ! said...

හුම් හුම්... තෙරුම් ගන්න උත්සාහ කරමි...!!

මම said...

මාත් එකග වෙනවා "outsider"එක්ක
කාලයක් තිස්සෙ වත් අක්ක සොයපු සෙනෙහේ දැන් හරි ලැබුනනම් ගොඩක් සතුටු වෙනවා.

punchisamanalee said...

පමා වෙලා හරි දෙයක් ලැබෙන්නේ ඒක අයිති හිමිවිය යුතු කෙනාටමයි කියලා සමනලී අත්දැකීමෙන්ම දන්නවා වත් අක්කා....
ඉතින් පමා වෙලා ලැබුනයි කියලා කිසිද දෙයක වටිනාකම අඩුවෙන්නේ නෑ......
අක්කාටත් එහෙම වටිනා දෙයක් ලැබීම ගැන සමනලීගෙන් සුබපැතුම්!!!

freedom said...

මං වැරදිද මන්ද, ඒක පර්ශ්වික ගතියක් දැනුන කියවද්දි. එහෙම නොවේවා කියල පතනවා!
"ආදරය සම්බන්ධයෙන් නිරපේක්ශව හිතන්න හැමවිට" කියල තමා මටත් කියන්න තියෙන්නෙ.

leks' world said...

අක්කේ:
අද නම් කවිය තේරුනා.වචනයක් වචනයක් ගානේම.(ඒකෙන් කියවෙන්නේ නෑ කවියේ රස අඩුයි කියලා.)මම කොහොමත් ඔය love සම්බන්ධයෙන් Xපර්ට් කෙනෙක් නෙවෙයි.ඒ උනාට මට කලින් තියෙන කමෙන්ට් එකේ නම් පොඩ්ඩක් අඩුවක් දැනුනා.මට නම් හිතෙන්නේ ඕනම දෙයක් සාපේක්ෂයි කියලා.අනික අක්කා අහලා නැද්ද "පමාවී... පිපුණු මල් සුවදයි......": කසුන් කල්හාර.

Raven said...

outsider කියල තියන කතාව එක්ක මම සෑහෙන එකඟයි. පමාවී හෝ ජීවිතයට වටිනා විඳීමක් ලැබීම තමයි වැදගත්.

විහඟ ගීතය said...

තුඩින් තුඩ ගී කව් කියා
බොහෝ දුර පියඹා ගියා
ත‍ටුත් රිදුනා.. හිතුත් බිඳුනා
විහඟ සිතුවිලි ගොලු වුනා...
බොහෝ කාලය ගතවුනා

ඒත් ඒ නිශ්ශබ්දතාවය
ගෙවූ ගිම්හානය පියා
සොඳුරු වතකට, නැවුම් සිතකට
වසන්තය යළි පුබුඳුවා.
බොහෝ දේ සඟවා ගියා...

මිහිරි කව් ගී නොවියැකී
සොඳුරු වතටම සවියකී
පිපී එලැබෙන වසන්තය සකි
තවත් සුන්දර කවියකී
‍රැහන් පොටකින් බැඳියැකී..

හසිත ජයසූරිය said...

පමා වී ආ මේ වසන්තේ......යලිත් නොම වෙයි කිසි දිනේ.......

DJ Slash (ස්ලෑෂ්) said...

පමාවී හෝ ලැබුනේ නම් පැතූ සෙනෙහස ...
අගෙයි එය ..

මින්දද said...

ආදරයට කොහෙද කළක් වයසක්... ඒවා ඔක්කොම සමාජය දමගත්තු මායිම් විතරයි.. යම්තාක් දුරකට අපිටත් එවාත් එක්ක අනුගත වෙන්න සිද්ද වුනත් ඒවා බාධාවක් කරගන්න ඕනෙ නැහැ කියලයි මම හිතන්නෙ...

Ansh Lucky Sri Jay said...

"Outsider" එක්ක එකඟයි.

Anonymous said...

උදැහැනැක්කෙම..
ආවෙමි..මේ ඉසව්වට..
සොඳුරු සිත සතුටින්...
ඉදින්....
මමත් හරි සතුටින්..

මේ..
සුලා..

ගල්මල්-Coral said...

සොඳුරු සිත සතුටින් නම්
ප්‍රිය කැල ද තුටිනා...

වාසනා වේවා!

wath said...

@ රවා
ඔවු මම බැලුව ඔයාගේ පෝස්ටි එක....

@ චමිදේවා
ඇත්ත මල්ලි.."පමා වී පිපුන මල සුවඳයි" කසුන් කල්හාර

@ ගීත්
හැමදේම හැමෝටම විශේෂ වෙන්නෙ නැහැ.

@ ``` Outsider```
ඈත්ත තමයි. ගොඩක් දේවල් සාපේක්ෂයි.... සුදුසු දේ සුදුසු වෙලාවට.ඒත් මල්ලි සමහර දේවල් පරක්කු වෙලා ලැබුනට වැඩක් නැහැ..
උදා : ගැහැණු වයසට ගියහම ළමයි හදන්න බැහැ වගේ දේවල්

@ RanDil
@ තිස්ස දොඩන්ගොඩ
දෙන්නටම
ඈත්ත තමයි. ගොඩක් දේවල් සාපේක්ෂයි.... සුදුසු දේ සුදුසු වෙලාවට.ඒත් මල්ලි සමහර දේවල් පරක්කු වෙලා ලැබුනට වැඩක් නැහැ..
උදා : ගැහැණු වයසට ගියහම ළමයි හදන්න බැහැ වගේ දේවල්

wath said...

@ Bunny !
හා පැටියෝ හැමදාම ඔයා පැටියෙක් වෙලා ඉන්නෙ නැහැ නෙව...

@ මම
ඈත්ත තමයි. ගොඩක් දේවල් සාපේක්ෂයි.... සුදුසු දේ සුදුසු වෙලාවට.ඒත් මල්ලි සමහර දේවල් පරක්කු වෙලා ලැබුනට වැඩක් නැහැ..
උදා : ගැහැණු වයසට ගියහම ළමයි හදන්න බැහැ වගේ දේවල්

@ freedom
නිරපේක්ෂ දේවල් හරිම අඩුයි නේද? ආදරේ සංකල්පයක් ලු

@ leks' world
ඇත්ත. පමා වී පිපුන මල් සුවඳයි සින්දුවත් ලස්සනයි...
නිරපේක්ෂ දේවල් අඩුයි තමයි මල්ලියා

@ Raven
සුදුසු දේ සුදුසු වෙලාවට.ඒත් මල්ලි සමහර දේවල් පරක්කු වෙලා ලැබුනට වැඩක් නැහැ..
උදා : ගැහැණු වයසට ගියහම ළමයි හදන්න බැහැ වගේ දේවල්

wath said...

@ හසිත ජයසූරිය
හා හා මෙන්න කවි කාරයෙක් වෙලා

@ DJ Slash (ස්ලෑෂ්)
ඇත්ත. හිතෙන් දුක් විදිනවට වඩා කොයි තරම් අගේද එය.

@ මින්දද
හරිම විවෘත මනසක් තියෙන්නෙ මින්දද මල්ලිට... අගේ කරනව ඔබව. හැමෝම එහෙම හිතනව නම් ප්‍රශ්ණ ගොඩක් අඩු වෙනව.

@ Ansh Lucky Sri Jay
සමහර දේවල් වෙලාවට වෙන්න ඕන . මම කළින් කීව වගේ ....
@ Anonymous
සුලා ... සුළඟ වගේ ආයෙත් ඈවිත් ගිහින්

@ගල්මල්-Coral
යාළුවො එහෙම තමයි. සතුටෙදි සතුටු වෙන්නත් දුකේදි දුක බෙදා ගන්නත් යාළුවො ඕනෙමයි අයියා

Grey said...

haha...thawa cake kellak kanna lebei wage lagadima ;)
congrats!!!

අනුරාධ said...

අනේ වාසනාවන්. ඔන්න දැන් එහෙනම් අද ඉඳන් විරහා ගීත බෑ හොඳේ.

වැප් said...

සුබ පැතුම්
[සමාවේනඩ ඔනා පමා උනාමට මං]

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...