..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, April 25, 2010

෴ නොනිමි සිත්තම ෴




නෙත පෙනෙනා මායිමකවත් නුඹ නැහැ. ඇසෙනා මායිමක කටහඩවත් !! තවත් ඉතින් මම කොහොමද මෙහෙම ඉන්නේ.... මනසෙ ඇඳුන රුව සිත්තමක් කර ගන්න හිතුවෙ ඒ නිසාමයි.

ලෝකේ තියන පාට ඔක්කම අරන් සිත්තම ගෙත්තම් කරන්න ගත්ත මගේ දෑත් වෙව්ලනවා... හරියට ඉස්සලම දවසෙ නුඹ දුටුව වගේ.

හදේ තියන මෘදු ගුණයයි.... හැමදාම උදෑසන සුළඟ අරන් එන ඔබේ සුවඳයි එකට කැටි කරන්නම ඕනි... එතකොට අර මා දිහා බලන කොට කරුණාවෙන් දිලිසෙන ඈස්.

ආදරේ පිරුණම හීනියට හිනා වෙන තොල්..... මගේ දඟ කරන කෙස් රොද කණ පිටිපස්සට කරන කොට ඔබේ මුහුණට එන කියා ගන්න බැරි හැඟීම.... මගේ අතින් අල්ලන් පාර දිගේ යන කොට මට දැනුන උණුසුම. දෙනොදාහක් අතරෙ වුවත් කිසිකෙනෙකුන් නැති තැනක වුවත් ඔබෙ එක බැල්මකින් මට දැනුන රැකවරණය.අනේ මම කොහොමද ඒ ඔක්කම දේවල් මේ පින්තූරෙට එකතු කරන්නෙ....

ඒ දේවල් නැතිව ඔබව සිත්තම් කරන්නෙ කොහොමද.... ඔබව සිත්තම් කරන්න බැහැ.  මේ තරම් ලෝකෙ පාට තිබිලත් ඔබේ ආදරේට හරියන පාටක් මට හොයා ගන්න බැහැ.... 

ඒ නිසා ආයෙත් නුඹ මගේ හිතේම රුදිල ඉන්න.

හිතේ තියන සිත්තම කවදාවත් බොඳ වෙන්නෙ නැහැ. පරණ වෙන්නෙත් නැහැ. මගේ අවසන් හුස්ම පොඳ ගිලිහී යනවිටත් ඔබේ රූ සිත්තම මගේ හදවත පුරාම රැදිල තියෙවි....

සෙනෙහස සිත්තමක් කරන්න ගිය 
 මම
෴වත්෴

27 ප්‍රතිචාර:

wath said...

මම බොළඳයි කියල ඔබ හිතාවි. ඒත් මේ අකුරු අතර තියන මගෙ ආදරේ දකින්න ඍබට පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනව....

Anonymous said...

ප්‍රේමයට නිම් හිම් නැතී...උල්පත උනා ඒ ඔබම කී...
කවියාණනී..මා ඔබේ...ඔබගේ සදාදර පෙම්වතී

විසල් අහසට දුක දැනී..කිපුන විට වැළපෙනු හැකී...
සැඩ කුණාටුව වියරු වී..උණුසුම් සුසුම් වගුරනු ඇතී..
මට මඟේ ඇස් දෙක විතරමයි...නිලුපුල් වරදදැයි ඔබම කී..

රෑ දිවා ඔබ ගැන තැවී..විමසී දෙනෙත් රත් පැහැ වුනී..
මට මගේ ඇස් දෙක විතරමයි..නිලුපුල් වලට මා ණය නැතී..
මේ අළුත් කඳුළුත් ඔබටමයි..ඔබෙ කවි වලට ගන්නට හැකී..

සප්තස්වර හැඬවුම---දීපිකා ප්‍රියදර්ශනී පීරිස්..
(ගෙත්තම සහ ස්වර ප්‍රස්ථාර කාගේදැයි නොදනිමි...දහස්වාරයක් සමාවෙන්න..!)

බලන්න සොඳුරු ගද්‍යය කාව්‍යයට කෙතරම් සමීපද..කියා..

මේ..
සුලා..

රවා said...

wath ,සුලා

අපුරුයි.. අක්කා... හදවතෙ තියන සිතුවම ඇදපු ආකාරය.. හරිම අපුරුයි..

විහඟ ගීතය said...
This comment has been removed by a blog administrator.
Yasela Sumanasinghe said...

කලාව කියන්නෙ, වචන වලින් කියා ගන්න බැරි හැගීමක් , ස0වේදි දෙයක් ප්‍රකාශ කරන විදිහක්,,,එත් සමහර වෙලාවට කලාවටත් එලි දක්වන්න බැරි හැගිම් තියෙන බව තේරෙනවා...

wath said...

@ Anonymous
සුළඟක් වගේ තිස්ස අයියගේ හද ගී පොතේ පිටු අතරට ඈවිල්ල යන්න "සුලා" අද සොඳුරු සිතේ නොනිමි සිත්තම බලන්න ඈවිත් උන්න දැක්කම මගේ හිතේ මල් පිපුනා. තොල් පෙති අතරට හීන් හීනාවක් ආවා.මම අද උදේම සොඳුරු සිතට ගොඩ වුනේ ඊයෙ රෑ හීනෙනුත් සිත්තම මට පෙනුන නිසයි...
රෑ නිදියන කොට රෑ 2ත් පහු වෙලා ලස්සන පොතක් හමුවුනා කියවන්න...
"නික්ම නොයන්නෙමි" දර්ශනා ශම්මි විජේතිලක.
කියවල ඉවර වෙලාම තමයි නිදා ගත්තේ. පොතේ චරිතතත් එක්ක පැහැදිලි සිතුවමක් හිතේ ඈදුන....
මෙන්න උදේ බලන කොට "සුලා"ත් ඈවිල්ල....
ඈත්තටම සුලා කවියෙක් වෙන්න ලියන්න පන්හිඳ අතට ගන්න විරහව තනිකම උදවු වෙනව නේද?
"සුලා" ස්තූතියි කියන්න මට බයයි . ඒ මොකද දන්නවද? ඊට පස්සෙ ඔයා එන්නෙ නැති වෙයි මේ පැත්තෙ...
ස්තූතියි කිවම ගනු දෙනු ඉවරයි වගේ .. අමුත්තන් වගේ... තමන්ගෙ අයට ස්තූතියි කියන්නෙ වචන වලින් නෙමෙයි හදවතින්.....

wath said...

@ රවා
වෙනදට මගේ දොස් දකින, මාව දැනුවත් කරන, රවා... අද බොහොම කෙටියෙන්.....
මාත් එක්ක අමනාපද.. එහෙම නැත්තම් .. මම අද වැරදි කරල නැද්ද.. එහෙමත් නැත්තම් .....

wath said...

@ විහඟ ගීතය
තරහ වෙන්න එපා.cidney දැන් නම් නට කවි ලියන්න තියා හිතන්නවත් බැහැ. මොකද දන්නවද.. "නොනිමි සිත්තම" කියල මම ලියන්න හැදුවෙ කවියක්.. ලියා ගන්න බැරි වුනා.. ඊට පස්සෙ හිතුව නිසදැසැක් ලියන්න.. ගලපගන්නම බැරි වුනා.. අන්තිමට "නොනිමි සිත්තම" වාක්‍ය රචනාවක් වුනා...
මට ඔබ වගේ ලියන්න පුලුවන්නම් කියල හිතුන. මම , ඔබ වෙන්න හැදුව.. එහෙම වෙන්න ගිහින් කවි ලියන්න බැරි වුනා.. මට මාව නැති වුනා... ඒකටත් එක්ක අඩුව සපුරන්න මෙන්න කවි ගොඩක් ... ඔන්න ඉතින් ස්තූති දෙන්නෙ නම් නැහැ.. මගේ හිතට එබිල ස්තූතයෙ තරම බලන්න...
නොහදුනනා , නොඈසෙනා කෙනෙක් ගැන හිතේ මැවෙන රූපෙ හරිම සුන්දරයි...
මම මේ අහන්නෙ ඈත්තටමයි...

"විපතක මහත නුඹ තාමත් තනියෙන්ද
තිනිකම කොහෙද නුඹෙ පුන්සඳ මම නේද?
අහස තරම් නු​​ඹෙ දුක් ගිනි පිසලන්න
තිනියට ළඟ ඉන්න මට අවසර දෙන්න"

wath said...

@ විහඟ ගීතය
කෙනෙක් ළඟ තියන වටිනාම දේ මම වැරදියට ලියල පේනව නේද? මේ බලන්න ...cidney....

wath said...

@ Yasela Sumanasinghe
ඉංජිනේරු මහත්තයා එහෙම මෙහෙම කියන්නේ..."කලාවටත් එලි දක්වන්න බැරි හැගිම් තියෙන බව තේරෙනවා..."
එහෙම කීවෙ?

"නොනිමි සිත්තම" ගැන මම ලීව අසාර්ථකද?
සිත්තමට සෙනෙහස පින්තාරු කරන්න බැරි වුන නිසාද?

අපට හිතන්නවත් බැරි ගොඩක් දේවල් ඉංජිනේරු මහත්තය නම් අගේට නිර්මාණය කරනව... පාලම් , බෝක්කු, ගොඩනැගිලි..
ඒවට සෙනෙහෙස දෙන්නෙ මිනිස්සු වුන අපි...

ඉංජිනේරු මහත්තරුන්ගෙ විශ්මිත වැඩ බලන්න කියවන්න .

http://civilenginner.blogspot.com/

තිස්ස දොඩන්ගොඩ said...

ඇන්ද රතු වලා සිතුවම් හකුලුවා තියා...
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා...
සීත සඳ නැගෙයි පෙරඹර කව්ලු දොර අයා..
ඔබ තාම නෑ දයාවියේ ඔහු හට ආදරෙයි කියා...

wath said...

@ තිස්ස දොඩන්ගොඩ
ඔන්න ඉතින්... අද දවසම මටත් හොරෙන් මම මුමුණ මුමුණ ඉදිවි මේ ගීතය... දවසේ ගීතය.. එහෙම ඒව තියනව..අද ඉතින් මේ ගීතය තමයි...

ස්තූති!!! නැහැ නැහැ.. ස්තූති දෙන්නෙ නැහැ....

උදේ පාන්දරම ගොඩ වුනාට තේකක් වත්... දෙන්න විදිහක් නැහැ නෙ...

අප්පොච්චියේ මට වැඩට යන්න පරක්කු වෙනවෝ... අද නම් ඕන... හද ගී ලොතට ගීතයක්...

Yasela Sumanasinghe said...

නගේ..මම කථා කලේ නොනිමි සිතුවම ගැනයි..ඒක ඉවර කරන්න බැරි උනේ..හිත තුල තිබ්බ හැගීම් එකෙන් එලියට දා ගන්න බැ කියලා හිතුන නිසා කියලයි මට හිතෙන්නෙ...

රවා said...

මැරතන් එකට වතුර ඇදලා.. එහෙම්මම ගෙදර වැඩ , දහම් පාසලෙ වැඩ කරා.. හවස අයියගෙ වැඩ.... නිදි මතෙ සිටියෙ ඉතින් පොඩ්ඩක් මහන්සියෙ හිටියෙ...

චමිදේවා said...

වෙනදට කවියකින් කියන ඔයාගේ සිත්තම අද මෙහෙම ලිව්වාම හොඳටෝම තේරෙනවා ඔයාගේ හිතේ තියන ආදරය...
ඔය කවුරු කවුරුත් ආදරය ඉස්සරහා කොහොමත් බොලඳයිනෙ...
ඔය සිත්තම දියවෙලා යන්න දෙන්න එපා.හැබැයි හිත ඉස්සරහින්ම තියාගන්නත් එපා කවදා හරි තව එකක් අඳින්න වෙනවනම්.එතකොට ඒ සිතුවම් දෙකටම පව්...
(හිහ් මට උපදෙස් දෙන කෙනාට මෙන්න මම අද පන්ඩිත කියවලා...හිහ්..)

``` Outsider``` said...

අපුරුයි....

හසිත ජයසූරිය said...

මෙච්චර කලක් මම කවි ලිව්වේ නැතිය
මෙය දැක එසේ නොලියා ඉන්නට බැරිය
ආදරෙ නම් වචනය හරි ගැඹුරුයි ය
ඒ ගැන සිත සිතා මම දැන් යන්නේ ය

රොකියා | Udara said...

ලත්තනයි වත් අක්කේ !

ගල්මල්-Coral said...

නොනිමි සිතුවමේ රචනය මෙතරම් ලස්සනයි, නිමවුනාම මොනතරම් ලස්සන ඇත්ද...

අපූරුයි. අපෙන් සුබ පැතුම්!

විහඟ ගීතය said...

විපත දවා, නුඹෙ සෙනෙහින් සැනසෙන්න
උපත මා ලදොත් ඒයමයි සැනසිල්ල
පිපෙත නොවක් මල් ,රුව, ගුණ සුවඳින්න
අපට ඉතිං කොහෙදෝ පිං පළදෙන්න

සූරිය උදාවී ගව් ගන දුර ආ වත්
වීරිය ඇරන් මහගිරි කඳු නැග ආ වත්
පේවිය සිතුමතේ කම් පළ දී මුඳු සිත්
කාරිය කෙරුණෙ නැහ මං තනියම තාමත්

මින්දද said...

ආදරය කියන්නෙ බොළද දෙයක් තමයි වත්සලා..(නම හරිද දන්නෙ නැහැ..). අයින්ස්ටයින්ගේ වගේම හිට්ලර්ගෙත් ආදරය බොළදයි... එහෙම නැත්නම් ඒක ආදරයක් නෙවෙයි. ගණන් හදලා සමීකරන ගලපලා ආදරය කරන්න බැහැ. තමන්ගෙ හිතේ තියෙන ආදරයක දිග පළල මනින්න අනෙක් අයට ඉඩ දෙන්න එපා... තමන්ගෙ හිතේ ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඒක ඇත්තටම මහ මෙරක් වගේ...

හෙළයා said...

සොඳුරැම සිත්තමකි එය

අනුරාධ said...

මොනම පණ්ඩිතයෙක් උනත් ආදරේ ඉස්සරහ හරිම බොලඳ වෙනවා අක්කෙ. ඒ ආදරෙ හැටි. කවියෙන් කිව්වත්, නිසදැසෙන් කිව්වත්, රචනාවකින් කිව්වත්, සොඳුරු සිතකින් එලියට එන දේවල් කව්දත් සොඳුරුයි. ඔයා කියන හැම වචනයක්ම මගේ හිතේ අපූරු රූ සිත්තමක් මැව්වා. හරිම අපුරුයි අක්කෙ. මේ නිර්මාණය විතරක් නෙවෙයි. ඔයගේ හිතේ තියෙන ආදරෙත්............

Raven said...

සහතික ඇත්ත.
මතකයන් සහ සැමරුම් ඡායාරූපයක සටහන් කොට විදිනවට වඩා හිතේ තබාගෙන විදින්න කැමති කෙනෙක් මමත්. නිර්මාණයකට උනත් යා හැකි දුරක් තියනව. අපේ හිත් සම්පූර්ණයෙන් හිස් කරන්න වචන වලට හෝ පාට ටිකකට බැහැ.
මේ සටහන හිත් ගත්තා.

wath said...

@ මින්දද
නම හරි මල්ලියා මම වත්සලා තමයි...මින්දද කියන්නෙත් ආදරේට සම්බන්ධ නමක්.වත්සලා කියන්නෙත් එහෙමයි.

ඈත්ත මල්ලියා.ආදරේ කවුරු කරත් බොළඳයි . මොන වයසෙදි කරත් බොළඳයි.මම දැක්ක දවසක් විදාඥ්ඥයෙක් කියල තිබ්බ "මිනිස්සු හැම බැඳිමකින්ම හැම වගකීමකින්ම නිදහස් වෙලා ආදරේ කරන කොට පුංචි දරුවෙක් තරම් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න මිනිස්සුන්ට පුළුවන්" කියල..

ඈත්තටම ආදරේ බොළඳයි තමයි.ඒත් සමහර වෙලාවට අපි අතරමජ වෙනව..

wath said...

@ හෙළයා
@ අනුරාධ
මොනව කියන්නද... ඔය දෙන්නටම ගොඩක් ස්තූතියි...

wath said...

@ චමිදේවා
ඒන නේන්නම්.. මම දුන්න බෙහෙත් (කාලය) බීලා මෙයාට සනීප වෙලා. දැන් මට බෙහෙත් දෙන්න එනව...

@ ``` Outsider```
තැන්කූ මල්ලියා

@ හසිත ජයසූරිය
මෙන්න මෙයත් බැරි බැරි ගාතේ කවි ලියනව... ලියමු ලියමු ලියලම තමයි පුරුදු වෙන්නෙ...

@ Raven
අපේ හිත් සම්පූර්ණයෙන් හිස් කරන්න වචන වලට හෝ පාට ටිකකට බැහැ. ඈත්ත..

@ ගල්මල්-Coral
අයියා .. ශයා හැමදාම හොඳ විතරයි නෙ කියන්නෙ...

@ රොකියා | Udara
හ්ම් හ්ම් තැන්කූ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...