..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, April 24, 2010

,෴ හදේ පහන ෴


සෙවනක් සේ මා පසු පසු ඇවිදින්න
කළුවර ඇවැසි වෙයි ඔබ රදවා ගන්න
අඳුරෙන් එළිය ලැබ මා ඉන් මුදවන්න
ආලෝකයක් වු නුඹ මට බැහැ හැරයන්න

දැවෙනා දිවිය සනසා මා සිත නිවපු
දිලෙනා සිළුව සේ ආලෝකය දීපු
පලවා අඳුර මා දිවියේ රජ කරපු
ඔබ මිස කවුද මා සිත සුවපත් කරපු

හිරුගේ ලොවේ මා හෙට දින සැනසෙන්නම්
දිරියෙන් මුහුණ දී ලෝකය ජය ගන්නම්
පසු පස ඔබ එතැයි සිත රඳවා ගන්නම්
අවසර දෙන්න ඔබගෙන් මම සමුගන්නම්

ඔබගෙන් සමුගන්නා 
මම
෴ වත්෴ 

11 comments:

  1. සොයුරියේ, එකිනෙක ගෙන එකම හූයකින් යාකරන මුතුවැලක්...

    ලස්සන පදවැල. බලාපොරොත්තූන් උතුරන නිමාව අතිවිශිෂ්ඨයි. සුබ පැතුම්!

    ReplyDelete
  2. ම්ම්ම් මේකනම් ටිකක් මට තෙරෙනවා තෙරෙනවා වගේ වත් අක්කෙ :-D

    වත් අක්කගේ කවී තේරුම් ගන්න දගලන මම
    ~Bunny~

    :D

    ReplyDelete
  3. සෙවනැල්ලක් නොවී සෙවනක් සදාවී
    අඳුරෙන් මිඳුනදා කලුවර මැකේවී
    ඒ අරුනැල්ල නුඹෙ ගත සිත සදාවී
    සේ සෙවනැල්ල මා හැරදා නොයාවී

    සරතැස නිවා හදකට සිසිලසක්වී
    පැහැබර ලොව දකින තුන්වන නෙතක් වී
    අත්වැල අත නොහැර මඟ සලකුනක් වී
    සිත සනසවාලයි නිති සැනසුමක් වී

    බන්දා විසල් කොඩි සේසත් මගදෙපස
    රන්දා සිනා මල් කල් යල් වූ දවස
    මන්දාකිනිය සේ එළිගන්වා නිවස
    මන්දා තව පමා, පැමිනෙන්නට මෙදෙස

    ඔබ ඒනතුරු සිටින මම
    ...

    ReplyDelete
  4. සෙවනැල්ලයි, කලුවරයි..ආලොකයයි...ඒක නම් මටත් තෙරුනෙ නැ නගෙ..

    ReplyDelete
  5. මුල කවිය නම් ගොඩාක් ලස්සනයි.තේරුම හිතන්න පැය ගානක් යනවා.අක්කා කියන්නේ හෙවණැල්ල වගේ එක්කෙනෙක් ගෙන් මිදෙන්න ආලෝකය දෙන්න කියලා නේද?කොහොම උනත් මේ කවි දැක්කහම මට ලOකාවේ සුභ සිද්දිය උදෙසා වටිනා තීරණයක් ගන්න හිතුනා.ආයෙත් කවි(කියලා මම හිතා ගෙන හිටපු ඒවා) නොලියා ඉන්න....

    ReplyDelete
  6. @ ගල්මල්-Coral
    බොහොම ස්තූතියි අයියා.

    @ Bunny !
    මෙන්න හා පැටියටත් මේව තේරෙනව ලු. හ්ම් හ්ම් මට හිතුනා කවදහරි හාවටත් මේව තෙරෙයි කියල. ඒත් මෙච්චර ඉක්මනට තේරෙවි කියල හිතුනෙ නම් නැහැ.

    @ Yasela Sumanasinghe
    අනේ මන්ද දැන් නම් මටත් මම ලීවෙ මොනාද කියල තේරෙන්නෙ නැහැ. අනිත් අයට තේරුම් ගන්න බැරි වෙන තරමට තමයි ලු කවිය හොඳ.... හේ හේ

    @ leks' world
    අනේ මන්ද දැන් නම් මටත් මම ලීවෙ මොනාද කියල තේරෙන්නෙ නැහැ. අනිත් අයට තේරුම් ගන්න බැරි වෙන තරමට තමයි ලු කවිය හොඳ.... හේ හේ

    පුදුමෙ කියන්නෙ මල්ලි අපි දෙන්නටම එකම වාසගම තිබිලත් මම ලියන ඒව ඔයාට නොතේරෙන එක...

    ReplyDelete
  7. අක්කේ මේ පාර මම තේරුනේ නැහැ කිව්වේ නෑනේ.ඒ උනාට මම හිතා ගත්ත තේරුම වැරදිද දන්නේ නෑනේ.

    ReplyDelete
  8. මටනම් ඔන්න තේරුනා අක්කේ....

    ReplyDelete
  9. අද තාම දවාලට කෑවෙත් නැහැ. ඒ නිසා ම කවියෙ මුල් පද ටික තේරැම් ගන්න මටත් ටිකක් අමාරු උනා.. පොඩි වැරැද්දකුත් අහු උනා.. "නුබ" කියන්නෙ අහසට.."නුඔ" කියන්නෙ උඹට.. ආයෙත් පාරක් හෙමින් සැරේ කියවල කමෙන්ටුවක් දාන්නම් නංගා..!!

    ReplyDelete
  10. @ චමිදේවා
    මම දන්නව...

    @ Indranatha Thenuwara
    කාලා එන්න එතකොට තේරේවි. වැරුද්ද නිවරදි කළෙමි. ස්තුතියි.

    ReplyDelete
  11. වලා යහනින්,,,,
    ගලාගෙන ඇවිත්,,,
    සලා නෙතුපියන්,,
    කලා වක් බිහිකල...
    ...ඔබෙ සොඳුරු ප්‍රේමය.....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...