..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, April 23, 2010

෴ මා / ඔබ කියවීම ෴


පද වැලක ගැට ගැසුන
ඔබේ සෝ දුක් කඳුළු
තුලින් ඔබ දකින්නෙමි
ළඟින් නොම රැදෙන්නෙමි

සොඳුරු බව පිරි හ‍‍‍දක්
තෙතමනය රැදි නෙතක්
දුරින් සිටියත් ඉතින්
දැනෙයි හිතවත් බවක්

සිහින වල හමුවනා
කණට කර කොඳුරනා
ඔබේ රස ගීතිකා
අසමි මම රෑ පුරා

නෙතු දකින ලෝකයෙන්
තුරන් වී සීරුවෙන්
කියවන්න මා ඉතින්
ඔබේ සිත් රඟහලෙන්


ඔබ කියවන්න වෙහෙස වන
 මම
෴ වත් ෴

24 ප්‍රතිචාර:

රවා said...

කියවිම අමුතු ම දෙයක් අක්කා.. වෙහෙසි කියවිම අවශ්‍ය දෙයක් නොවෙයි.. සැහැල්ලු වෙන් කියවන්න.. මිනිස්සුන්ගෙ හිත් කියවන්න.. බැහැ..තමයි උත්සහාවත් කරන්න.. මම හැමතිස්සෙම උත්සහා කරන්නෙ මට බැරි දෙවල් කරන්න.... එත් උත්සහාවත් කරමුනෙද වත්.. මොකද.. එපාවිම.. ඇත්විම.. ලංවිම.. අවශ්‍යවිම.. ලබාගැනිම.. ඉවත හෙලිම.. සියල්ලම ජිවිතෙම කොටස්.. කියවන්න හැමදාම මිනිස්සුන්ගෙ හිත්.. උත්සහා කරද්දි වරදිනවා.. වරදින මිනිස්සුන්ට අනිත් මිනිස්සු හිනාවෙනවා.. එක තමයි ලොකෙ හැටි..

මම ඔයාට අද පොතක දැකපු දෙයක් කියලා යන්නම්..
" හැම පිස්සෙක්ම සාර්ථක වුනාහම මිනිස්සු එ මනුස්සයට කියනවා ... අන්න අති විශිෂ්ඨයෙක් කියලා

හැබැයි හැම විශිෂ්ඨයෙක් ම අසාර්ථක වුනාහම මිනිස්සු එ මනුස්සයට කියන්නෙ අන්න පිස්සෙක් කියලා..

මෙ ටිකෙ වැඩ ගොඩක් වැඩි ඇති ..

``` Outsider``` said...

ඇත්ත..

Bunny ! said...

හැමදාම කියන්න වගේ වත් අක්කෙ ඔයාගේ කවි මට තෙරෙන්නෑ :D

වත් අක්කගෙ කවී තෙරුම් ගන්න උත්සාහ කරන මම
~Bunny~

:D :D

wath said...

@ රවා
ඔයා කියන විදිහට නම් "කාටවත් කාවවත් තේරුම්ගත නොහැක"

@ ``` Outsider```
රවා කියපු එකද ඈත්ත. මම ලීව දේද ඈත්ත.

@ Bunny !
සුදු හාවෝ.. එක දෙයක් නම් මට හොඳටම පැහැදිලියි. නොතේරුම් කමට වුනත් මම ගියන දේ බලන්න හා පැටිය එන්නේ මට තියන හිතවත් කම නිසා කියල. ඉතින් හාවෝ... ගොඩක් ස්තූතියි...

මිත්‍රයා said...

නෙතු දකින ලෝකයෙන්
තුරන් නොම ව සීරුවෙන්
කියවන්න මා ඉතින්
ඔබේ සිත් රඟහලෙන්

එහෙම කීවොතින්?

රවා said...

wath අක්කට

ඔයා කියන විදිහට නම් "කාටවත් කාවවත් තේරුම්ගත නොහැක"

හැකිද .. නොහැකිද... යන්නට වඩා ඔබ කරනා උත්සහය ගැනයි.. මම කිව්වෙ.

Yasela Sumanasinghe said...

හා එහෙන්ම් මම දාර්ශනිකයෙක් කියපු කෙල්ල...ආදරේ කරන්න පටන් අරගෙනවත්ද??...හීන වලින් ඇවිදින් ඒ ගයන රස ගීතිකා තව තවත් රසවත් වෙවා ....ඔන්න මගෙනුත් සුබ පැතුම්...

බිඟුවා...! said...

ලස්සන පිංතූරක්....
අකුරු කිරීම මනරම්...

හැබැයි වත් ඔයා ස්වප්නා අතහැරලා පැනලා ආවා නේද???

wath said...

@ Yasela Sumanasinghe
මොනාද මේ කතා ... තාම හිතලවත් නැහැ.

@ බිඟුවා...!
කවුද මේ සප්නා... හින්දි නිළියක් ද?

චමිල said...

රෑ පුරා දුටු සිහින
අකුරු වී, ඇමිණිලා
එයින් ඔබ දකින්නෙමු
සිත ලඟින් රැඳෙන්නෙමු

ලස්සනයි අක්කේ කවි ටික...ඔබේ සුන්දර කියවීම සාර්ථක වේවායි පතමි...!!!

wath said...

@ මිත්‍රයා
නෙතු දකින ලෝකයෙන්
තුරන් නොම ව සීරුවෙන්
කියවන්න මා ඉතින්
ඔබේ සිත් රඟහලෙන්

එහෙම කීවොතින්?
එහෙම කීවොත් ගොඩක් හොඳයි මිත්‍රයා

wath said...

@ චමිල
බොහොම ස්තූතියි චමිල .......

තිස්ස දොඩන්ගොඩ said...

ආදරයේ... ඔබ ඔබ මයි...
මා ඔබ නොව...
ඔබ මා නොව...
දවසක් දා...
.......... .... ...

ගල්මල්-Coral said...

කෙතරම් "ඔබ" ගැන කියවීමට සමත් දැයි නොදනිමි... ඒත් සුන්දර සිහිනයකි... ඒ සඳහා ගත් උත්සාහය...

ලස්සන මුතුවැලක් සොයුරියේ, ගුප්ත බව උපරිමයි.

නිර්මාණයක ඒ ගුණයට මා ඉතා ඇලුම් කරන්නේ ඉන් නිර්මාණයට විවිධ අර්ථකථනයන් ලැබෙන අතර එය නිර්මාණ සිත අලෝකමත් කරන නිසාය.

ජය!

ගල්මල්-Coral said...

@රවා:
අපේ දාර්ශණික මල්ලියාගේ අදහස අගේය.

අවුරුදු ගානකට පෙර මෙහෙම දෙයක් කියෙව්වා මතකයි:

Expressing is risk
Affection is a risk
Bond is a risk
Speech is a risk
Silence is a risk

But person who do not take a risk Risk his life

Wise calculate and take risk to over come the Risk
Because nothing achieved without Risk

විහඟ ගීතය said...

නුඹ මෙන්ම මා
මෙහෙත්,
සිහිනයක් දකිනවා
ඒ සොදුරු සිහිනයේ
නුඹ කොනක ඉන්නවා.....

පාලු සීතල ‍රැයේ..
නුඹේ උනුසුම දැනේ
සොඳුරු වත පෑ සෙනේ
ගඟ වියැලිලා නොයේ

නෙතු දකින ලෝකයම
නොවූවත් සිහින ලොව
සිහිනෙකම නො‍රැඳිලා
මගෙ ලොවෙහි ‍රැදෙනවද?

එවිට.......

පොතක් වෙමි මම නුඹට
දැස් පහදාලනා
සිතක් වෙන්නෙමිය නිති
යෝධ ශකිතිය ගෙනා
දුකක් නොමදී නිතින්
සසර ගමනෙහි මනා
නොවක් කල් ‍රැදෙන්නට
වේ හේතු වාසනා

මාරයාගේ හෝරාව said...

කිසිදා කියවිය නොහැකි කවකි ඔබ...

හසිත ජයසූරිය said...

@මාරයා
කතාවනම් ඇත්ත

වත් අක්කෙ අර හා පැටිය කිව්ව වගේ මටත් මේව තේරෙන් නෑ අප්පා

wath said...

ඔන්න ඉතින් මගෙ අයියල ටික පරක්කු වෙලා හරි ඈවිත්
@ තිස්ස දොඩන්ගොඩ
අයියට ලැබිල තියෙනව අයියටත් වඩා හොඳට අයියව කියවන කෙනෙක්. ඒක තමයි අයියෙ සැබෑ වාසනාව.වැඩ කන්දරාවක් මැද්දෙ ඈවිත් බලල කියවල විතරක් නෙමෙයි comment එකකුත් ලියල යන එක නම් කියා ගන්න බැරි සතුටක්.

@ ගල්මල්-Coral
ගුප්තබව උනත් කියවන්න පුළුවන් කෙනෙක් ලැබුනොත්...
අයියා ඔයත් වැඩ කන්දරාවක් මැද්දෙ ඈවිත් බලල කියවල විතරක් නෙමෙයි comment එකකුත් ලියල යන එක නම් කියා ගන්න බැරි සතුටක්.

wath said...

@ මාරයාගේ හෝරාව
හ්ම් හ්ම් මට තේරේනව. කියාගන්න ලියාගන්න කෙලින් ඉන්න බැරි වෙනව තමයි පදමට වෙරි වුනාම

@ හසිත ජයසූරිය;
හසිත මල්ලියා... ඔයත් හා පැටියට වඩා ඕන නම් අවුරුදු 3ක් බාල ඈති. ඉතින් ඔය දෙන්නටම තව කල් තියනව. නොතේරුනත් මේ පැත්තෙ ඈවිත් විතරක් නෙ​මෛයි comment ලියල යන එකත් මගේ හිතට සතුටක් මල්ලියා..

wath said...

@ විහඟ ගීතය
ඔබතුමා ලියන කවි වලට කියන්න වචන නැහැ මට

මම දකින්න ආස කරන කෙනෙක් මේ වචන වල ඉන්නව
පොතක් වෙමි මම නුඹට
දැස් පහදාලනා
සිතක් වෙන්නෙමිය නිති
යෝධ ශකිතිය ගෙනා

ඉතින් ඔබ මා කියවල....

leks' world said...

වත් අක්කේ,

නෙතු දකින ලෝකයෙන්
තුරන් වී සීරුවෙන්
කියවන්න මා ඉතින්
ඔබේ සිත් රඟහලෙන්

ටික නම් තේරෙන්නේ නෑ.මේ කියන්න හදන්නේ ඇහැට පෙනුනේ නැති උනත් හිතින් දකින්න කියල වෙන්න ඕනේ.ඒ උනාට මේ රගහල කියන වචනය නිසා අපි හොල්මන් වෙලා යනවා. මොකද රගහලකින් දකිනව මිසක් කියවන්නේ නැති නිසා.ඒ මොකක් උනත් ලස්සන කවියක්.වැරැද්දක් කිව්වා කියල හිතන්න එපා පළවෙනි කමෙන්ට් එකෙන්ම.මට දැනුනු හැටියටයි කිව්වේ.

wath said...

@ leks' world
නැහැ මල්ලියා ..ඔයා හරි. මම අදහස් කරේ මේකයි. අපි අපි ආදරේ කරන අපි කැමති අයව හිතින් ගොඩක් ළං කර ගන්නව.

නෙතු දකින ලෝකයෙන්
තුරන් වී සීරුවෙන්
කියවන්න මා ඉතින්
ඔබේ සිත් රඟහලෙන්

කියල මම කීවේ. ලෝකේ කාටවත් අපි හිතන දේ පේන්නෙ නැහැ. හිතින් අපි කොයි තරම් කතන්දර රගපානවද ඒවගේ චරිත වලට අපි දාගන්නෙ අපි ආදරේ කරන අපිට ගැලපෙනව කියල හිතන අය. ඉතින් මම ගැන එහෙම හිතන කෙනෙක් ඉන්නව නම් එයාගේ හිතේ තියන කතාවට මාවත් චරිතයක් කරල දාලා මාව කියවන්න කියලයි මම කීවෙ. මට ගැලපෙන චරිතය මට වඩා වෙනකෙනෙක් හරියටම දන්නව ඈති.

ඒ කියන්නේ හොඳ Director කෙනෙක් .

රගපෑම කියල මම අදහස් කරේ බොරුව නෙමෙයි. අපි ආදරේ කරන අය අපි ළඟ නැති වුනාම හිතින් හරි ළංකර ගන්න අපි කැමතියි නේද?

leks' world said...

මගේ අම්මෝ ඕවා හිතන්නේ කොහොමද අක්කේ???

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...