..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, April 21, 2010

෴ හෙට දීගෙක යන ... ඇය මගේ නැගණියයි ෴

 

මේ ලිපිය දැන්ම ලියන්න හිටිය එකක් නෙමෙයි. ඒත් ඒ දිනය ආසන්න වෙන කොට මට හිතෙනව දැන්ම ලීවොත් හොඳයි කියල.මොකද ආසන්නයටම ආවම ලියන්න තරම් සවියක් සහ ලියන්න තරම් කාල වේලාවක් මට නැති වේවි. 
වෙන්වීමක්.. හැබැයි සතුටුදායක වෙන්වීමක්... සමුගැනීමක් නොවෙයි.අලුත් දිවියක ආරම්භයක්....

හෙට අනිද්දට පුංචි මනමාලියක් වෙලා දීග යන්න ඉන්න ඇය මගේම නැගණියයි. පුංචි කාලෙ මම ඈයව මගේ කකුළෙ තියල ආදරෙන් නැලෙවුව. මොකද ඇය මට වඩා වසර 05ක් බාල දැරිවියක්. අම්මට තියන වැඩ අස්සෙ මම හරිම ආසාවෙන් තමයි ඇයව මගේ කකුලෙ තියල නැලෙවුවෙ. ඇය ටික ටික ලොකු වුනා. ඒත් බැඳීම් වැඩි වුනා මිස අඩු වුනේ නැහැ.

අපේ පියා මිය යන විට ඇය උසස් පෙළ ශිෂ්‍යාවක් මම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. තාත්තා ලෙඩ ඈඳේ එකතැන ඉන්න කොට ඒ ගැන සොයල බලල වැඩි වැඩ කොටසක් සිද්ධ වුනේ ඇය අතින්.ඇයට ඇගේ උසස් පෙළ ඉලක්කයට යා නොහැකි වුවත් අද ඇය මගේ පියාවන් සිය දහස් ගණනකට උපස්ථාන කරන රජයේ හෙදියක්.

මම ගෙදර වැඩිමලා වුනත් මගේ වැඩ කටයුතු අම්මා කියන්නා වාගේ ගෙදර ඉන්න පොඩිම එකාටත් අන්තයි. වැඩ වලින් වගේම මනසිනුත් ඇය වැඩෙද්දි මම හිටියෙ බාල වියේ.

මට විවාහ සොයල සොයල අම්ම නිකම් හතිවැටුන විතරයි.දීග දෙන වයසෙ කෙල්ලො තුන්දෙනෙක් එක්ක තනි වුන මගේ අම්ම සිය දහස් වාරයක් සිතින් අඩනව මට බලා ඉන්න බැරි වුනා.

මගේ අනුමැතිය ඇතිව මගේ අම්ම අනිත් දියණියන් දෙදෙනාටත් සහකරුවන් සෙවුවෙ ඇඟේ සිතේ ඇති මහා මෙරක් බර නිදහස් කරන්නයි.

ඉතින් එයින් එක් ප්‍රාර්ථානාවක් එළබෙන වෙසක් මාසෙ මල් පල ගැන්වෙනව. ඇගේ පුංචි දෝණි, මගේ පුංචි නංගා දීගෙක යනව. 

"අනේ මගේ තාත්තා හිටියනම්... " මට සිය දහස් වාරයක් මතක් වෙනව. අද හිටියනම් මගේ තාත්තාගෙ ඇස් වල දිලිසෙන කඳුළු කැට මට මැවිල පේනව. මගේ තාත්තා කොහේහරි ඉදල අපි දිහා බලන් ඇති. ඒකයි අදටත් අපි මේ වගේ ලස්සනට ඉන්නේ....
(දුවේ නුබ මගෙ ප්‍රාණයයි.. 
සැබෑ වුන සුබ සිහිනයයි... 
සෙනෙහසින් කුළ ගෙට පිය මනින්නේ.... 
සනුහරේ අභිමානයයි)

අලුත් ජීවිතයක් පටන් ගන්න යන ඈයව ඒ මල්ලි අපිටත් වඩා හොඳින් සහ ආදරයෙන් රැකබලා ගනිවි කියල මම ප්‍රාර්ථනා කරනව.
ඉතින් මගේ නංගට සුබ මංගල්‍යක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න ඔයාල හැමෝම එකතු වෙනව නම් ඒක මගේ සිතටත් කියන්න බැරි තරමේ හයියක්.....

වෙනද වගේම සුනිල් එදිරිසිංහ මහත්තයා මට මෙහෙම කියාවි...................

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා
 

මා සිටියත් ඉවසාගෙන නෙතේ කඳුළු නොසලා

අප දෙන්නා ( තිදෙනා) දිහා බලා වුන් අම්මා දැකලා

ඈඟේ නෙතින් කඩා හැලුනු කඳුළු මතක් වීලා

කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනි වීලා 

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

 

 හෙට දීගෙක යන නැගණියට සුබ පතන 

මම
෴ වත්

54 comments:

  1. විවාහය කියන්නෙ ජීවිත ගමනේ විශේෂ කඩඉමක්.. වත්.. ඔයාගෙ නංගියාත් ඒ කඩඉමට දිනෙන් දින ලං වෙනවා. මමත් ගෙදර පොඩි එකා උනාට අක්කා කෙනෙක් විදිහට ඔයා විදින සතුටත් දුකත් එකතු වෙච්චි ඒ හැඟීම මට ටිකක් විතර තේරුම් ගන්න පුළුවන්..

    මමත් එකතු වෙනවා ඔයා එක්ක ඔයාගෙ නංගියාට සුබ පතන්න. ඔයා දිරියක් වෙන්න එයාට අලුත් ජීවිතයේ වගකීම් බාරගන්න...

    එහෙනම්... ඒ සොයුරියට සුබාසිරි !

    ReplyDelete
  2. වත් හෙට දීගෙක යන ඔයාගෙ පුංචි නැගණියට මගෙනුත් සුබ පැතුම්....

    ඒ වගෙම නොකිය නොකිය ගොඩක් කල් ඉඳපු මේ දේත් මට අද ලියල යන්න හිතෙනව...
    ඔයාගෙ පින්තූරයක් දකින තුරුම මම හිතාගෙන හිටියෙ ඔයා නම නොකිය ඉඳියට ඔයා මගෙ තරු අක්ක කියල...
    ඒ තරමට ම ඔයාල අතරෙ සමානකම්... තියෙනව...
    අද දැක්කෙත් තරු අක්කගෙයි ඔයාගෙයි සමාන කමක්... ඉතින් ඒ නිසා අද මම ලියල යනව ඒක....

    මම ලංකාවෙ දාල ආව..............ඒත් ආපහු ගියාම එදා වගෙම බාරගත්ත.........................

    කිසිම සොහොයුරියක් නැති මට ගොඩක් ආදරේ කරන තරු අක්කව ඔයාගෙන් දකින එක නතර කරගන්න බැරි මම චේජනා...

    ReplyDelete
  3. ඔබේ නංගිට මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  4. ලිපියෙ මාතෘකාව දුටු විගසම මගෙ මුවෙ නැගුනෙ..

    " හෙට දිගෙක ගිය පසු උඹ බුලත් අතක් දීලා
    යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
    එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
    නෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා "

    ඔබගෙ මාතෘකාව මගෙ ගිතය විකෘති කරත්.. අවසානයෙ ගිතය නිවැරදිව දැනගත්තා..

    ඉතින් අක්කා නංගිට කියන්න මමත් සුභ පැතුවා කියලා.. මම ගැහැණු කෙනෙක් කරනවා දකින්න ආසම කරන රස්සාව තමයි හෙද සේවය..

    මෙ ටිකෙ වැඩ වැඩි ඇති.. ඔයාව දැක්කෙ කිප පොලක විතරයි..

    නංගිට කියන්න මමත් සුභ පැතුවා කියලා..

    නංගිව බඳින මල්ලිට කියන්න.. "උඹට දෙයියන්ගෙම පිහිටයි කියලා..."
    :D හා......

    ReplyDelete
  5. ඔබේ නංගිට මගේ උනුසුම් සුබ පැතුම් . මේ ලිපියත් කියවන්න.

    http://dukaa.blogspot.com/2009/09/blog-post_20.html

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. "ඉතින් මගේ නංගට සුබ මංගල්‍යක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න ඔයාල හැමෝම එකතු වෙනව නම්"

    සුබ ප්‍රාර්ථනා කරන්න එක්වෙනවදත් කියලා අහනවා....!!!

    අන්න අර බිඟුවාගේ වාගේ සතුට පිරිලා ඉතිරිලා යන ජීවිතයක් එයාට ලැබෙන්න මේක බලන හැමෝම ප්‍රාර්ථනා කරනවා...!!!

    ඒවගේම නංගටත් මේවගේම ලිපියක් අක්කා ගැන ඉක්මනින්ම ලියන්න ලැබෙන්න ඕනා..

    ReplyDelete
  8. ඔයාගේ නංගිගේ විවාහ ජීවිතය බොහොම ප්‍රීතිමත් එකක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    ඔයාටත් එකක් ඉක්මනටම කරගන්න පුලුවන් වේවා කියලා පතනවා.

    පුංචි දෙයක් කියන්නද:
    මගුලක් කියන්නේ සතුටු වෙන දවසක්. එදාට මනමාලිව අඩවන්න නම් එපා ඔය ඇඩෙන සිංදු දාලා. මනමාලි විතරක් නෙවේ අන්තිමට ඔක්කොම අඩලා තමා ඉවර වෙන්නේ.

    ReplyDelete
  9. හිතින් හඬා නෙතු කඳුලැලි පිසදාන
    සියල් සිරිත් මැද කුලගෙට අතපාන
    නුඹේ නැගනියගෙ මංගල්ලෙට ගේන
    මගේ සුභ පතුම් ඇගේ අතටම දෙන්න

    මග දන්නා කෙනෙක් දැන හඳුනා බනවා
    ළඟ පාතක වුනා නම් ඇවිදින් යනවා
    එව්වොතින් නැකත කල් අතැතිව දන්වා
    නුඹ අත ගන්න දා කල් ඇතුවම එනවා

    සි.එස් බණ්ඩාරනායක

    ReplyDelete
  10. ඔබගේ නංගිට සුබම සුබ අනාගතයකට මගෙනුත් සුබ පැතුම් එකතු කරන්න.

    ReplyDelete
  11. "මංගල නැකතේ චූටි නංගි මගෙ පෝරුව මත රැඳිලා..
    ලැජ්ජා හිතිලද තරහ වෙලා වගෙ අහක බලා ඉන්නේ..
    බලන්න ලස්සන හොරෙන් බලන හැටි ආදර සිත් බැඳිලා..
    පුංචි සිනා ඇගෙ මල් වැහි වස්සනවා..."

    ඔයාගේ නංගිට වාසනාවන්ත ප්‍රීතිමත් විවාහ ජීවිතයකට සුභ පතනවා.....!!!

    http://www.youtube.com/watch?v=WjPzuzMXKfM&feature=related

    ReplyDelete
  12. ඔබේ නංගිට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....

    ReplyDelete
  13. මගේ හා හදවතින්ම සුභ පැතුම් !!! :-D

    ඉතින් නංගි වගේම අක්කත් ගොඩ යන දවස මේ ලග ලග ම ඒවායි ප්‍රර්ථනා කරනවා :-D

    ReplyDelete
  14. වත් ගෙ ගැගීම් හදවතින්ම මට දැනෙනවා. මොකද මාත් මගෙ මිනූ නංගා ගැන හිතන විදිය දන්න නිසා...

    ඔයාගෙ නංගට මගෙනුත් උණුසුම් සුබ පැතුම් වත් !

    ReplyDelete
  15. ප්‍රමාද උනාට තරහා වෙන්න එපා. දන්නවනේ හේතුව..

    මාත් හදවතින්ම සුභ පතනවා නංගිට

    කොහෙද කළින් කිවුවනම් නැකත් ටික සේරම මං ගානේ හදලා දෙනවානේ..
    හැබැයි ඉතින් මම නැකත් හදන කොට තව අවුරුද්දක් විතර ඔනනම් බලන් ඉන්න වෙයි...

    බලමු ඉතින් අක්කාගේ කටයුතුවලටවත්.. නැකැත් ටික හදලා දෙන්න...

    නංගීට සහ වෙන්න මස්සිනාට කියන්න මාත් ඇතුළු මෙ සයිබර් අවකාශයේ හුගාක් අයගේ ආශිර්වාදය එයාලට ලැඛෙනවා කියලා...
    (රවා කිවුව දේම මාත් කිවුවා කියලා මස්සිනා පොඩ්ඩට කියන්න අමතක කරන්නත් එපා හොඳේ...)
    අපිට මගුලට ආරාධනා නැතෙයි..?

    ReplyDelete
  16. පෙරඹරෙහි හිරු රැසින්
    පිපෙන කුසුමන් තුළින්
    රැයේ සඳ සිසිලසින්
    ගෙනේවා සුව දසුන්..

    උදාවෙන වසන්තේ
    සුබ පැතුම් ගෙනේවා!
    සදාකල් දිවිමගේ...

    ReplyDelete
  17. සොයුරියේ ඔබේ පුංචි නංගියාට අපෙන් සුබපැතුම්!

    පවුලක වැඩිමලා හා බාලයින් අතර අත්තේ ලොකු බැඳීමක්, එය මෙතකැයි කියන්න වචන නැහැ. මගේ අත්දැකීමෙන් හිතෙන් ලං වුනොත් එවන් යාහළු යෙහෙළියන් තවත් නැත. එනිසාම දෙමාපියන් ගෙන් වැඩිමලා බැනුම් ඇහන එකේ අඩුවක් නැහැ නේද?

    ඔබේ වදන් වලින් තේරුණා ඔබ දෙදෙනා කෙතරම් කුලුපඟ ද කියන එක. ඉතින් සොයුරියේ එදාට "වත්" සිනාමුසු මුහුනින් ඇයට සුබපතන්න දහිරිය ලැබේවා!

    ReplyDelete
  18. ඔයාගේ නංගිට මගෙනුත් වාසනාවන්ත ජිවිතයකට සුබ පැතුම්.....!

    ReplyDelete
  19. නැගණියට ලස්සන අනාගතයකට ආසිරි පතන්නම් අක්කා.... ඒ දෙදෙනාට සුභ අනාගතයක් !

    ReplyDelete
  20. නංගිට මගෙනුත් සුභ පැතුම්..!

    ReplyDelete
  21. මගේ ත් අක්කයි විවාහ වෙලා යන මොහොතේ මම දුක් වුනු තරම අඬපු තරම සිහි කරන මස්සිනා කියන්නේ එයා ගේ ලොකු දුව විවාහ කරල දෙන එක ගන හිතකොටත් හිත වාවන්නේ නෑ කියලා ඇයි ලොකු කෙල්ලයි බාලම කොල්ලයි ඉඳි කට්ටයි නූලයි වගේ ඌ පුංචිම කාලෙත් අක්කගෙන් කිරි බීල ඉක්මනට පනින්නේ ලොකු දුවගේ අතට. අඩන්නේත් ලොකු දුවගේ නම කිය කිය. ලොකු දුවත් ඒ වගේ ඉස්කෝලේ ගිහින් ආ ගමන් ඇඳුම් මාරු කරන්න ත් කලින් කරන්නේ මල්ලීව හුරතල් කරන එක. ඔයා නංගීව හුරතල් කරපු හැටි ගැන ලියපු එක දැක්ක ගමන් මට මතක් වුනේ ඒක.

    මගේ නංගී විවාහ වෙලා රට යන දවසේ මම එයාපෝර්ට් එකට වත් ගියේ නෑ ගියා නම් මාව පිස්සෙක් වෙන්න තිබුනා. දවස් ගානක් යන කම් මට කතා කරන්න බැරිව හිටියා එයා මාව දාල ගිය දුකට. උගුරේ ලොවි ගෙඩියක් හිරවෙලා වගේ. වචන එන්නේ නෑ.
    ඔයාට කොයි තරම් දුකක් දැනෙයිද කියලා මට තේරෙනවා. ඒත් දුක් වෙන්න එපා එයලා ව එයාලගේ සෙනෙහස අපිට නැති කොහොමට වත් නැති වෙන්නේ නෑ. ළමයි හදයි ගෙවල් වල වැස තියෙයි ඒ මොනා වුනත් අපිට උන්ගේ අදරේ ඕන වෙලාවාල් ඕනවටත් වඩා ලැබෙයි. අපිව දාල ගියාම කලින් තිබුනාටත් වැඩියෙන් ලැබෙනවා සත්තයි.

    මගේත් සුභ පැතුම් ඔයාගේ නංගීට . . .

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. වත්සුනු සුවඳින් සුවඳ කෙරේයා..
    පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා..
    ආසිරි මංගල ගී පැතිරේයා..
    පතිනිය පති තුලයට පිවිසේයා...

    ඉතිං .. වත්..ඔයාගේ නංගට වාසනාවන්ත යුග දිවියකට මගෙනුත්..සුවහසක් පැතුම්...

    ReplyDelete
  24. නංගිට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....

    ReplyDelete
  25. මමත් සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ඔය සින්දුව නිතරම මුමුණනවා. මොකද මටත් නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම එයාලට ගොඩක් ආදරෙයි..එයාල බැදලා යන දවසට මට ගොඩක් දුක හිතෙයි . මට හරිම සංවේදී සින්දුවක් ඕක.

    ඔයාගේ නංගිටත් මම සුබ පතනවා සුබම සුබ අනාගතයක් වේවා කියල.

    අහ් ඔයා අර මල් පාත්තිය පත්තේ ආයේම ගිහින් නැහැ වගේ. :D

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. අපේ නගා ගැන මට මුකුත් කියන්න දෙයක් ඉතිරි වෙන එකක් නැති එක ගැන මට කණගාටුයි...අපේ අම්ම පිලිකාවකින් නැති වෙන කොට එයාට අවුරුදු 19ය්...මට තව අය්යල දෙන්නෙක් විතරයි ඉන්නෙ....මම කොලඹ,, ගෙදර නOගිය් තාත්තය් විතරයි

    ReplyDelete
  28. වාසනාවන්ත විවාහ දිවියකට වත් අක්කගේ නංගිට මමත් සුබ පතනවා........

    ReplyDelete
  29. ෴෴෴෴෴ මොනව කියන්නද කියල හිතාගන්න බැරිවුනා යාළුවන්ගෙ comments දැක්කම...෴෴

    @ මින්දද
    @ nadeesthoughts
    @ රවා
    @ හසිත මදුශංක
    @ චමිදේවා
    @ Grey
    @ roylyfernando
    @ නිශාචරයා Nishacharaya
    @ හසිත ජයසූරිය
    @ Bunny
    @ දිල්
    @ වැප්
    @ මාරයාගේ හෝරාව
    @``` Outsider```
    @ ගල්මල්-Coral
    @ හසී
    @ ජීවිතේමල්
    @ Ansh Lucky Sri Jay
    @ දුකා
    @ - නිල් අහස -
    @දිlee
    @ ගීත්
    @ indi
    @ විශ්මි

    ෴෴෴෴ සියළු දෙනාටම මගේ ස්තූතිට ෴෴෴෴

    මම වෙන මොනා කියල දෙන්නද? වචනයෙන් හරි මා ළඟ ඉන්න ඔබ සියලු දෙනාම මගේ සහෝදර සහොදරියො වගේ

    මගෙ හිත පිරිල සතුටින් .... ​

    ReplyDelete
  30. @ චේජනා
    ඔයාගේ තරු අක්ක මට වඩා ගොඩාක් හොඳ කෙනෙක් වෙන්න ඈති නංගියො....

    ReplyDelete
  31. @ විහඟ ගීතය
    මා අතගන්න කුමරෙක් මඟ එනවාලු
    මා නෙතු නිතර ඒ ගැන විමසනවාලු
    මා සිත ඔහුට එදිනට කැප වෙනවාලු
    මා මතු දවස මනමාලිය වනවාලු

    මා මනමාලි වන ඒ සුන්දර දවස
    ඔබ මා ළඟින් නම් මට සවියකි සිතට
    නන්නාඳුනන ඔබහට එය දන්වන්න
    ඈමතිය හැකි මඟක් හැකිනමි පවසන්න

    ReplyDelete
  32. @ තිස්ස දොඩන්ගොඩ
    පරක්කු වෙලා මඟුල් ගෙවල් වල ආවොත් ඉතින් දන්නවනෙ වෙන දේ... හරි හරි කමක් නැහැ පරක්කු වෙලා හරි මඟුල් ගෙදර සිරියාව වැඩි කරන්න හිනාකටත් අරන් ආපු ඒකට නම් කියන්න වචන මදි.
    ඒක නෙමෙයි අයියා... දුන්න තෑග්ග නම් තේරැන්නේ නැහැ...
    33.34% Completed.... 66.66% to go....
    66.66% විවාහයෙන් පසුසෙද ?

    ReplyDelete
  33. නෑ නෑ අම්මගේ හිතේ බර...

    ReplyDelete
  34. වාසනාවන්ත විවාහයකට උණුසුම් සුබ පැතුම් එක් කරමි....

    ReplyDelete
  35. @ තිස්ස දොඩන්ගොඩ
    ඇත්ත නේන්නම්.100/3 නේද? 100 කොච්චර 3න් බෙදුවත් අම්මට කීයක් හරි ඉතිරි වෙනව හිතේ බර.අම්මල වුනාම එහෙම තමයි...
    ඉතිරි 66.66% ත් ඉක්මනින් විසඳෙයි අයියා...

    ReplyDelete
  36. @ හෙළයා
    ඔයත් පර්ක්කු වෙලා හරි ආවනේ... පොඩි කේක් කෑල්ලෑක් තියනව දෙන්නම්... බො​හොම තැන්කූ හෙළයො..

    ReplyDelete
  37. අක්කෙ,
    ඔයාව හොඳට ම නොදන්න නිසා මම ඔයාලව compare කරන්නෙ නෑ..
    ඒත් දෙන්නම මාතර... දෙන්න ම government වැඩ කරන ඒත් රස්සාවට කැපවුනු දෙන්නෙක්...
    ඔයා වගෙම තමයි කර අරිනව බඳින්න කිව්වම...
    (මල්ලි එයාට කලින් බඳින්න ඇරල හිටිය, ඔයා වගෙම..)
    ඔන්න ඕව තමයි මම අර සටහන් තියන්න සිද්ද කළ සමාන කම්.

    ඒත් ජීවිතේ දවසක් ඔයාව මුණ ගැහෙන්න තරම් අපි වාසනාවන්ත වුනොත්
    "ඔයාගේ තරු අක්ක මට වඩා ගොඩාක් හොඳ කෙනෙක් වෙන්න ඈති නංගියො...."

    කියල ඔයා මට දුන්න පිළිතුර විමසන්නම්..

    ReplyDelete
  38. ජීවිතයේ අලුත් වෙනසකට පියවර ඔසවන්න සූදානම් වත් අක්කාගෙ නංගීට එය සුන්දර ගමනක්ම වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

    වාසනාවන්ත විවාහ දිවියක්ම උරුම වේවා සොයුරියේ.

    (වෙඩින් එකේ බොන්න එහෙම දෙනවනම් අපිටත් ඉන්වයිට් කරන්ඩෝ ;))

    ReplyDelete
  39. වත් අක්කාගේ නංගීට සමනලීගෙනුත් උණුසුම් සුබපැතුම්...... සුභ මංගලම්!!!!!!

    "රන් දුනුකේ මල සේ
    රන් මැණිකේ සැරසී
    පති කුලයේ කුමරා
    ඇය කැන්දා යනවා...."

    ReplyDelete
  40. මම ආවා පරක්කු වැඩිද ?. වත් අක්කා.

    සාර්ථකම, සතුටින් පිරැණු ජීවිතයකට සුභාශිංසන මේ සමඟ....

    ReplyDelete
  41. අක්කේ,
    මට සහොදරියෝ නෑ...ඉන්නේත් සහොදරයෝ දෙන්නෙක්.ඒ දෙන්න අතරින් මං වඩාත් ලංඋනේ මගෙ පොඩි අයියට.දැනට අවුරුදු 10කට කලින් එයා විවාහ උනා.මගේ ජිවිතේ මං වැඩියෙන්ම දුක් වුනු දෙවනි දවස එදා.මං එතකොට ගොඩාක් පුන්චියි.විවාහ වෙනවා කියන්නෙ මොකක්ද කියලාවත් තේරෙන්නෙ නෑ.මට ඒ වෙලාවෙ හිතුනෙ මෙච්චරකල් මගෙ වෙලා හිටපු මං මේ ලොකේ කාටත් වඩා ගොඩාක් ආදරේ කරපු මගේ පොඩී මට සදහටම නැතිඋනා කියලා.මං ගොඩාක් ඇඩුවා.හෙතුව අම්මටයි,තාත්තාටයි,අයියටයි,හැම දේටම මට හිටපු එකම නෑයා නැතිඋනා කියලයි පුන්ච් මට ඒදා හිතුනේ..
    ඉතින් අද මේ පොස්ට් එක කියවද්දි හෙතුවක් නැතිවම මගේ ඇස් බොද උනා.
    වත් අක්කාගේ නංගීගේ ජිවිතය ගොඩාක් ලස්සන,හද පුරා ආදරය පිරුනු,මුව පුරා සිනහව පිරුනු,වසනාවන්ත ජිවිතයක් වේවායි පතනවා.
    ඒ අක්කාට සුභ මංගලම් කිව්වා කියන්න.

    ReplyDelete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. @ Raven
    @ punchisamanalee
    @ මිස්සක
    @ මම

    ඔයාල 4 දෙනටෙත් ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  44. සිහිනෙක පෙරුම් පුරමින් දකිමින් ඉන්න
    ඒ පින්වත් කුමරු විගහට හමුවෙන්න
    එපවත් මතුදිනෙක අපටත් දන්වන්න
    සිටියොත් මෙලොව ඇවිදින් යනවා ඔන්න

    නැගගෙන රුහුණු කුමරියකින් පිටත්වෙන
    ඇවිදින් බසින්නම් මාතර නවත්වන
    කීවොත් මඟ ලකුණු, ගෙදරට සැපත්වන
    මාවිත් සිටින්නම් සේසත් අතින් ගෙන

    සිතකට උරුමපා ඒ අත ඇරගන්න
    විකසිත කුසුමකට වෙර වීරිය දෙන්න
    නොරටක ඉදන් වුව ඉද හිට අමතන්න
    ලංවිය හැකි මඟක් හෙමිහිට පවසන්න

    ReplyDelete
  45. @ විහඟ ගීත

    sodurusitha@gmail.com

    ReplyDelete
  46. ඔබේ නංගිට සුභ පැතුම්!
    නංගිගේ අක්කටත් ලගදිම එසේම වේවා! :)

    මගේ කමෙන්ට් එක දාද්දි නගා බැදලා ළමයිනුත් හම්බවෙලාද දන්නේ නැ :D

    ප:ලි: මීට පෙර දුකා එයාගේ සහෝදරින් වෙන්වීම ලියලා තිබුනා. සංවේදි ලිපි දෙකක්.

    ReplyDelete
  47. ඔබේ නංගිට සුභ පැතුම්!
    නංගිගේ අක්කටත් ලගදිම එසේම වේවා! :)

    මගේ කමෙන්ට් එක දාද්දි නගා බැදලා ළමයිනුත් හම්බවෙලාද දන්නේ නැ :D

    ප:ලි: මීට පෙර දුකා එයාගේ සහෝදරින් වෙන්වීම ලියලා තිබුනා. සංවේදි ලිපි දෙකක්.

    ReplyDelete
  48. මම නන් හොඳටම පරකුයි... මම මේ පොස්ට් එක කියෙව්වෙ අදනෙ. මට මේක මිස් උනා.... සමාවෙන්ඩ ඕනේ..
    ඉතින් ඔයාගෙ නංගිට සතුටින් පිරි යුග දිවියකට සහ අනාගතයකට ආසිරි පතනව....!!!

    ReplyDelete
  49. @ ඩනිෂ්ක
    @ චමිල

    නේ නැහැ.ඔය දෙන්නම පරක්කු නැහැ අනේ.. මගේ වෙඩිමට හරි එන්න පුලුවන්නේ...

    දෙන්නගෙම තෑගි (comments) වලට බොහොස ස්තූතියි ....

    ReplyDelete
  50. ඇත්තටම මම නම් පරක්කුයි. ගනන් ගන්න එපා. මගෙත් උනුසුම් සුබ පැතුම්. ඔයාගේ නංගට සුබ මංගල්‍යක් වේවා !! මාතර පැත්තේ ආවොත් මමත් එන්නම් ඉතුරු උන කේක් කෑල්ලක්වත් තියෙනවද බලන්න ....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...