..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, April 20, 2010

~~ ඔසුව ~~ ( අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි)


                                      එදා

                          නෙතු පිනවන රස දනවන
                  හදවත නිති කුළුගන්වන                    ආදරය
                  සකල රෝග නිවාරණය
                  අමරණීය මධුර ඔසුව


                              අද

                දවස දවස හිත රිදුනා
                අඳුරු අගාධෙට වැටුනා
                නෙතු වැලි අහුරකි දසුනා                  වේදනාව
                පළිගනිමිද අතහරිමි ද
                උගුරට රහසේ ගිලුනා


                               හෙට

                 තුවාල සුවවීයන්නේ
                 ප්ලාස්ටරේ ගැලවෙන්නේ
                 යළි පිපිදුන නැවුම් ලොවට               කාලය
                 ඇය සමඟින් පිය මැන්නේ

සිත සුවපත් කරන ඔසුව
කාලය වෙයි මිනිසුන්නේ


ඔසුවේ ගුණදත්
මම
 ~ වත්~

20 comments:

  1. මම එකයි කියන්නෙ..

    time is hero time moves on
    time dont wait for enyone...

    .. හරිම පුදුම දෙයක් තමයි කාලය.. හැම තුවාලයක්ම සුව කරනවා.. හැම කිව්වට හැම එකක්ම නෙමෙ.. සුවවෙන තුවාල වල කැලැල් දිහැ බල බල තුවලෙ වෙදනාව මෙනෙහි කර කර ජිවත් වෙනවද, නැත්නම් අත්දැකිම් මෙනෙහි කර කර සැනසීමෙන් යුක්තව මනස සමබරව තියාගන්න උත්සහා කරනවද නැද්ද කියන එක තමුන්ට අයිති වැඩක්..

    ReplyDelete
  2. අපූරු නිර්මාණයක් නොවැ අක්කෙ කරල තියෙන්නෙ........මරු මරු

    ReplyDelete
  3. නියමයි වත්...
    කාලය නම් දිව ඔසුවක්..

    ReplyDelete
  4. හරිම අරුත් බර කවිපෙලක්, ජය.

    උදාවෙන නව හිරු දිනෙන් දින නැවුම් ලෙස ඒ "කාළය" ගෙන එන්න පතුම්.

    ReplyDelete
  5. ඔව්. කාලය හරි පුදුම ඔසුවක් තමයි...

    ReplyDelete
  6. හරිම ලස්සන සිතුවිල්ලක් අක්කේ...

    (අවසාන ඔසුව බොමින් ඉන්නවා....
    හොඳවෙයි නේද?)

    ReplyDelete
  7. අපූරුම අපූරු නිර්මාණයක්.... මගේ සුභපැතුම් ඔබට සොයුරිය.....

    ReplyDelete
  8. හැම දේම අමුතුවට බලනවා .............

    ReplyDelete
  9. ඔව් වත්... අපිට උත්තර හොයාගන්න බැරි හුඟක් ප්‍රශ්න වලට කාලය උත්තර හොයලා දෙනවා. ඒක මම ඕනෙ තරම් අත්දැකලා තියෙනවා. නමුත් ඒ විදිහටම කාලයෙන් උත්තර ලබාගන්න නම් අපිත් අනිවාර්‍යන්ම පුරුදු පුහුණු කරන්න ඕනෙ දෙයකුත් තියෙනවා. ඒ තමයි ඉවසීම...

    අර්ථවත් නිර්මානයක් වත්....

    ReplyDelete
  10. හරිම ලස්සනයි අක්කේ.., මට නම් හිතෙන්නේ මේක ගණිත සමීකරණයක් වගේ..? ඔය තියෙන කොටස් ටික උඩට පහලට කරලා බැලුවොත් එන්නේ අමුතුම උත්තර..!!!
    හොඳ උත්සහයක්..!
    ජයෙන් ජය ම පතනවා...!!!

    ReplyDelete
  11. මං
    වත්
    නොදත්
    බෝහෝ දේ

    "වත්"
    අත් දකීමෙන්
    දත් නිසවෙන්

    සිත්
    සන්තොසින්
    අත්සන් කරමි
    නෙත් අයන්

    සි. එස් බණ්ඩරනයක

    ReplyDelete
  12. කාලය කියන දේ අරථ දක්වන්න හරිම අමාරුයි...එත් කාලය නැමැති ස0කල්පයේ, එකතරා ගුනයක් , ඔයා හොදට ලියලා තියෙනවා...බලන් ගියාම ඔයත් හරිම දාර්ශනිකයෙක් තමයි...

    ReplyDelete
  13. අක්කා මොකද සද්දයක් බද්දයක් නැත්තෙ.. "පිරුණු කලෙ දිය නොසැලෙ " කියන හින්දද.. නැත්නම්.. මොකද කරන්නෙ.. අපිත් එක්ක තරහා වෙලාවත්ද... මදවසකින් දෙකකින් දැක්කෙ නැහැ වගෙ දැනුනා එකයි සටහනක් තිබ්බෙ..

    ReplyDelete
  14. කාලය ෙතාතරම් නපුරුද

    ReplyDelete
  15. සඳ"වත්" එපා වෙන තරමට හඩනවද ?
    නැතු"වත්" හුරු හිනා වන් දුක හිතෙනවද?
    පෙරු "වත්" පෙරුම් පැතුමන් ජය ලබනවද?
    නුඹ "වත්" ඉතින් මට මෙහෙ තනි රකිනවද?

    සි.එස් බණ්ඩාරනායක

    ReplyDelete
  16. @ රවා
    හරිම අගෙයි රවෝ....

    @ හසිත ජයසූරිය
    හසිත මල්ලියා... අගය කිරිම අගය කරමි....

    @ චේජනා
    කාලයක ඉඳලා චේජනා ඔයාට මම කියන්නමයි හිටියෙ... දැන් වත් කියන්නම්.. ඔයාගෙ නම හරි ලස්සනයි...

    @ ගල්මල්-Coral
    ඔවු ඔවු අයියා ... කාලයට ඉඩ දීල බලමු කො...

    @ මිත්‍රයා
    ම්ත්‍රයා හරි... කාලය ආපහු ගන්නත් බැහැ .ඒත් ඒක තමයි ඔසුව..

    @ චමිදේවා
    වාසල මල්ලි නිසා තමයි මට මෙහෙම කිවියක් ලියන්න හිතුනෙ... අපි මොකට නිකම් ගිය දේ ගැන හිත හිත දුක් වෙනවද? ඩීවිතේ ටික කාලයයි නේ මල්ලි... සතුට්න් ඉන්න

    ReplyDelete
  17. @ තිස්ස දොඩන්ගොඩ
    අයියා හැමදාම හොඳ විතරයි නෙ හැමදාම කියන්නෙ. නරකත් කියනවනම් මම ගොඩක් කැමති අයියා...

    @ වැප්
    අමුතුවට බලනව? මේ මම? අමුතුවට බලන්න ඕනි වැප් ගෙ blog එක නෙව.හරිම creative.

    @මින්දද
    හ්ම් ඈත්ත තමයි. මට මතක් වුනේ නැහැනෙ ඒක. කාලය කොච්චර තිබ්බත් ඉවසීම නැත්තම් වැඩක් නැහැ තමයි...

    ReplyDelete
  18. @ LishWish
    හැබෑටම ඔවු නේන්නම්. ගණිත ඈසින් ලෝකය දකින්නා..

    @Yasela Sumanasinghe
    මම දාර්ශනිකයෙක්? අප්පේච්යෝ...

    @ කුමාරගේ පන්හිඳ
    සොඳුරිය....
    කාලය කෙතරම් නපුරුද
    දිවිහිමියෙන් කඳුලැල් පුරවාගෙන
    රැකගත් ආලය උදුරා ගෙන ගිය
    කාලය කෙතරම් නපුරුද?

    @විහඟ ගීතය
    ඔබතුමා හරි ලස්සනට ලියනව.... මගේ blog එකේ comment එකක් ලීව එකත් වාසනාවක් වගේ මට

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...